කොමික්වගතුගවිචාරසියල්ල

Comic Based TV Series 003 – Gotham

• කවද්ද බැටා ගෝතම් වලට එන්නේ?
• ගේනවා කිය කියා හිටපු ජෝකර් කෝ තාම?

ඉදිරියට එන්න තියන සහ මේ දක්වා නිකුත් වෙලා තියන ටීවී සිරිස් ගැන කතා කරන ලිපි මාලාවේ තුන්වෙනි කොටස තමයි මේ. මිට කලින් අපි ඇරෝ සහ ෆ්ලෑෂ් ගැන කතා කෙරුවා.

Comic Based TV Series 001 – Arrow
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1598639483752391/?type=1&permPage=1

Comic Based TV Series 002 – The Flash (2014)
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1598965310386475/?type=1&permPage=1

අද අපි කතා කරන්නේ ගෝතම් කතාව ගැන. ගෝතම් කතාව බලපු අයට මම මුලින් අහපු ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න ඕන ඇති කියලා හිතනවා. මේ ප්‍රශ්නත් කතා කරන ගමන් අපි බලමු ගෝතම් කතාවේ සීසන් 2 මොන වගේ වෙයිද කියන එක. හැබයි ඊට කලින් මේ කතාව ගැන මුලික තොරතුරු ටික බලලා ඉමු.

• DC කොමික් වල එන Gotham කියන මනකල්පිත නගරය වටා ගොඩ නැගී ඇත
• නිෂ්පාදන සමාගම – DC Entertainment, Primrose Hill Productions, Warner Bros. Television
• බෙදා හැරීමේ අයිතිය – Warner Bros. Television Distribution
• විකාශය වෙන නාලිකාව – Fox
• විකාශය ආරම්භ වූ දිනය – 2014 සැප්තැම්බර් 22
• නිර්මාණකරණය – Danny Cannon, Bruno Heller, John Stephens, Ben Edlund, Scott White
• විකාශය වී ඇති සීසන් ගණන – 1
• විකාශය වී ඇති කොටස් ගණන – 22
• සීසන් 2 නිකුත් කිරීම තහවුරු වී ඇත (දිනය ප්‍රකාශයට පත් කර නොමැත)
• ප්‍රතිචාර – IMDB 8.0 , TV.com 7.7

පලවෙනි සීසන් එක ඉවර වෙද්දී ගෝතම් නගරය වසා ගෙන හිටපු විවිධ මට්ටමේ අපරාධ කල්ලි විනාශ වෙලා පෙන්ගුවින් තමන්ගේ ආධිපත්‍ය පතුරුවන්න පටන් ගත්තා. ඇත්තම ගෝතම් කියන්නේ වීදී තක්කඩියෝ රස්තියාදු ගහන තැනක් නෙවේ. ඊට වඩා මොලේ කචල් අපරාධ කාරයෝ සැරිසරන තැනක්. ඒකට අවශ්‍ය පසුබිම ගෝතම් පලවෙනි සීසන් එකෙන් අපිට ලබා දුන්නා. අපි කොච්චර ආස කෙරුවත් ෆිෂ් මුනිට පවා ගෝතම් වලින් ඉවත් වෙන්න උනේ මේ හින්දා. දැන් ගෝතම් වල ඉන්නේ පෙන්ගුවින්. එයාගේ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ.

ඇත්තම කියනවා නම් පෙන්ගුවින් කියන්නේ එක්තරා විදිහකින් ගෝතම් නගරයේ සංවර්ධනය ට දායක උණු කෙනෙක්. වේන් පවුල දුප්පත් කෙනා ගේ ඉදලා දියුණුව ඇතිකරන්න කටයුතු කරද්දී පෙන්ගුවින් ඕනෑම ක්‍රමයකින් හරි සල්ලි හොයන්න බැලුවා. ඒ සල්ලි එයා නගරයේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කෙරුවා. යොදා ගත්තේ කළු සල්ලි උණාට ගෝතම් නගරය යම් තැනකට ගේන්න ඒක උදව් උනා.

ගෝතම් කතාවේ දී මේ දක්වා අපිට දුෂ්ටයෝ කිහිප දෙනක් ගැනම ඉඟි දුන්නාට ලොකුවට මතුවෙලා ආවේ පෙන්ගුවින් සහ නිග්මා. හැබැයි තාම නිග්මා ගේ චරිතය සම්පුර්ණයෙන්ම එලියට දැම්මේ නෑ. එයා ගැන වැඩි විස්තර බලා ගන්න අපිට පුළුවන් වෙනවා ඉස්සරහට. ඒ වගේම මේ දක්වා පොඩි විස්තර ලබා දුන්නු ස්කෙයාක්‍රෝ ගැනත් අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. හාර්වි ඩෙන්ට් ප්‍රබල නිරුපනයක් කෙරුවට දැන්මම එයා ටූ ෆේස් වෙයිද කියන්නත් බෑ. (සැල් මැරෝනි නැති හින්දා වෙන විකල්පයක් තියෙන්නත් ඕන නේ මෙයා ටූ ෆේස් කරන්න). එතනින් ගිහාම වික්ටර් සාස් එහෙමත් අමතක කරන්න බෑ. හැබයි අපේ ලොකුම අවධානය මේ කවුරුත් නෙවේ, ජෝකර්. දැනට ආරංචි තොරතුරු අනුව බැට් මෑන් ගේ ලොකු විලන් කෙනෙක් සීසන් 2 වල දී හඳුන්වා දෙනවා. මෙහෙම කියද්දී මතක් වෙන්නේ අපිට ජෝකර් වනේ. ඔයලාට මතක නම් සීසන් 1 පුරාම ලබා දුන්නු ජෝකර් ඊස්ටර් එග් වලින් වැදගත්ම එක ජෙරොම් කියන ලමයා ගැන කියලා. එයා සීසන් 2 වලට එකතු වෙනවා කියන්නේ මේ මතය තවත් තහවුරු වෙනවා. මීට අමතරව සීසන් 2 වලට Mr. Freeze, Clayface සහ Mad Hatter කියන චරිත එකතු වෙන්න නියමිතයි කියලා තොරතුරු ඇවිත් තියනවා. ඒත් අන්තිම මොහොතේ වෙනස් වෙන්නත් ඉඩ තියනවා.

නරක අය ගැන කතා කරද්දී සෙලිනා ගැන කතා නොකරම බෑනේ. කතාව අවසානේ දී සෙලිනා ට උනේ මොකක්ද කියන එක හැමෝටම අවුලක් උනා. කොහොමත් සෙලිනා කියන්නේ මුල් කාලේ දී බැට් මෑන් ගේ දුෂ්ටයෙක් නේ. එයා ගේ ඒ චරිතය ඉස්සරහට ගෙනියන්න වෙනවා. ඒ හින්දා දෙවෙනි සීසන් එකේ දී හොදටම නරක් උණු සෙලිනා කෙනෙක් දකින්න පුළුවන් වෙයි අපිට. අමතක කරන්න එපා පොයිසන් අයිවී ඉන්නෙත් මෙයා එක්කම කියන එක. හැබයි ඩොක්ටර් ලෙස්ලිව මරන්න හදපු බාබරා ගේ චරිතය මොන පැත්තකට ගෙනියනවාද කියන එක නම් කියන්න අමාරුයි දැන්ම.

නරක අය වගේම හොඳ අය ගැනත් කියන්න වෙනවා නේ. ගෝර්ඩන් වටා ඉන්න මිතුරු පිරිස දිගටම කතාවේ ඉන්නවා. කතාවේ මුල් කොටස් වල අපිට මුණ ගැහුණු Renee Montoya සහ Crispus Allen දෙන්නා අමතක කරන්න බෑ අපිට. මේ දෙන්නා ගොඩක් වැදගත් දෙන්නෙක් කියලා අපි කිව්වා මතක ඇතිනේ. ඒකට හේතුව තමයි අනාගතයේ මේ දෙන්නා The Question සහ Spectre වෙනවනේ. හැබයි මේ සිද්දිය සීසන් 2 දී නම් වෙන්නේ නැතිවෙයි. හැබයි මෙයාලට කලින් මේ තනතුර දරපු Vic Sage සහ Jim Corrigan ගැන නම් අපිට බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් කියලා හිතනවා.

අන්තිමට තමයි බ්රුස් වේන් ගැන. කතාව ඉවර උනේ එයා බැට් කේව් එක හොයා ගන්න තැනින් නේ. හරියටම අර්ත් 2 වල තෝමස් වේන් බැට් මෑන් වෙනවා වගේ තත්ත්වයක් ද කියලත් හිතෙනවා. හැබයි බ්රුස් වේන් බැට් මෑන් වෙයිද කියන ප්‍රශ්නයට නම් පිළිතුර නෑ කියන එක. මොකද තවමත් Fox ආයතනයට බැට් මෑන් කියන නම කතාවට යොදා ගන්න අවසර නෑ. ඒ හින්දා සීසන් 2 වල දී ත් බැට් මෑන් නම් එන්නේ නැති වෙයි.

අපි ගෝතම් කතාවේ හැම කොටසක් ගැනම විස්තර ඔයලාට ගෙනත් තියනවා. ඒ වගේම සීසන් 2 නිකුත් වෙනකොටත් ඒ තොරතුරු ගේන්න හිතාගෙන ඉන්නේ. අපේ ලිපි මාලාව බලපු නැති අයට මෙතනින් ඒ තොරතුරු බලා ගන්න පුළුවන්.
‪#‎attila_THE_hun‬

https://www.facebook.com/slcomicscript

11391240_1603898629893143_7317488035386473297_n

Author

2 thoughts on “Comic Based TV Series 003 – Gotham

  • Ela.. Constantine, smallville ganath Danna. #dc_fans

    Reply
  • අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *