Condormanට හුස්ම පිඹින්ඩ Disney ලෑස්තියි!
ලෝකයේ තිබෙන සුපිරි වීර චරිත බොහොමයකම අයිතිය තිබෙන්නේ Marvel Comics සහ DC Comics කියන සමාගම් දෙකට. මේ ඇරුණහම, තවත් මීට පරිබාහිර සුපිරි වීරයෝ ඉන්නවා තමයි. ඒ වුණත් මුළු ලොකයේම ජනහද බැඳ ගත් කිරුළු පළන් සුපිරි වීරයන්ගෙන් 90%ක් විතර උපන්නෙ මේ දෙගොල්ලන්ගෙ තුරුළේ බව නොරහසක්.
ඉස්සෙල්ලාම චිත්‍රකතා, ඊළඟට සැකිලි-රූ, මේ වෙනකොට තිබෙන අලුත්ම ප්‍රවණතාව තමයි මේවා වෘත්තාන්ත චිත්‍රපට ලෙස නිර්මාණය කිරීම. Marvel කට්ටියගේ ‘Iron Man, Thor, Captain America, Hulk, Ant Man, Spider Man, Fantastic 4, X-Men සහ Kick-Ass’ ඇතුළු අනෙකුත් සුපිරි වීර කතා/ DC කට්ටියගේ ‘Bat Man, Super Man, Cat Woman, Green Lantern, Jonah Hex, Wonder Woman, Watchmen’ ඇතුළු සෙසු සුපිරි වීර චරිත කොච්චර වැඩ පෙන්නුවත් වැඩවල ඉවරයක් නෑ. ඒ නිසාම මේ චරිත චිත්‍රපට ඔස්සේ ලද ජනප්‍රියත්වය හේතුවෙන්ම, තව තව දුරකට ඒවායේ විහිදීම සිදුවෙමින් වර්ධනය වෙමිනුයි පවතින්නේ.
මේ හැම වීරයෙකුටම මිනිස් ලොවට සමීප වෙන්ඩ, ලෝකෙම ආදරය දිනන්ඩ මෙතෙක් ඉඩ හැදුවේ Warner Bros/ Legendary Pictures/ 20th Century Fox/ Universal Pictures/ New World Pictures/ 21st Century FIlm Corporation/ New Horizon/ New Line CInema/ Columbia Pictures/ Lionsgate Entertainment වගේ සිනමා නිෂ්පාදන සහ බෙදාහැරීම් සමාගම්. ඒ කොච්චර වුණත් මෙච්චර කාලෙකට “Disney” කට්ටිය මේ වැඩේට අත තිබ්බෙ නෑ. බාගවිට තමුන් සතු මහා තොගයක් වන සුවිශේෂී චරිත ගොන්න නිසා මේ කෙරෙහි වැඩිය වුවමනාවක් ඔවුන්ට නොතිබෙන්නට ඇති. නමුත් මෑතක සුපිරිම වීරවරු, ලබාපු අති සාර්ථකත්වයෙන් පස්සෙ ඔවුන්ට තවත්නම් ඒ විදිහට පැත්ත ගහල ඉන්ඩ බැරුවා වගෙයි. ඒ නිසා ඔන්න Marvelලගෙ චරිතයකට පණ පොවන්ඩ ඒ අයත් සූදානම් වෙනවලු.
මේක අනික් සුපිරි වීරයන්ට වඩා වෙනස්ම විදිහක වීරයෙක් ගැන කතාවක්. අනික් හැම වීරයෙක්ම වගේ විශේෂ හැකියාවක් තිබෙන නැතිනම් විශේෂ දක්ෂතාවයක් වර්ධනය කළ වීරයෝ. එහෙමත් නැතිනම් ඉතිං පිට ලෝකෙකින් ආපු අය හරි අහම්බෙන් නොසිතුව විදිහට වීරයෙක් වුණ අයනෙ. මෙයා එහෙම නෙමෙයි මෙයාගෙ කතාව මෙහෙමයි. එක්තරා සැකිලි-සිත්තරෙක් පුරුදු විදිහට කිව්වොත් Comic Cartoonist කෙනෙක් සුපිරි වීර චරිතයක් නිර්මාණය කරනවා. මේ චරිතයේ නම ‘Condorman’ ඒ කියන්නේ රාජාලි-මිනිසා (Condor කියන්නෙ ඇමෙරිකාවෙ ඉන්න රාජාලි විශේෂයක නම). පස්සෙ බැලින්නම් මේ සැකිලි-සිත්තරා අර තමුන් ඇඳපු චරිතෙ බවට පත් වෙලා.
මේ චරිතය ඇසුරින් 1981 වසරේ මේ නමින්ම චිත්‍රපටයක් හැදිල තියෙනවා. මේ පාර Disney සමාගම මේ චරිතෙ අරගෙන කරන්ඩ බලාපොරොත්තු වෙන චිත්‍රපටයේ අඩංගු කරන්නෙත් ඒ අදහසමයි කියලයි කියැවෙන්නේ. මේකට විශාල දිරිගැන්වීමක් ලබාදෙන කෙනෙක් විදිහට ‘Amazing Spider-Man (2012)’ හි සංස්කරණ ශිල්පියෙක් වන Stephen Wackler’ව ඔවුන් හඳුන්වා දෙනවා. ඔහු සහ තවත් කිහිප දෙනෙකුගේ අදහස වෙලා තියෙන්නේ දැන් Marvel-Disney සුසංයෝගයෙන් පස්සෙ Disney’ලා තනි සුපිරිවීර චිත්‍රපටියකින් වැඩ ඇරඹුවොත් හොඳයි කියල ලු.
අර කිවූ කලින් කරපු ‘Condorman’ චිත්‍රපටිය එච්චර සාර්ථක එකක් නොවුණට; මේ වෙනකොට ඒක බොහොම ආක්ර්ශනීයව සහ ඇගයීම් සහිතව හොඳ ප්‍රතිචාර ලබන නිසා එයට යළි පණ දෙන්ඩ මේ දිනවල සාකච්ඡා සිදු කෙරෙන බවයි දැනගන්ඩ ලැබෙන්නේ. ඒක නිසා අනිකුත් සුපිරි වීරයන්ට වඩා අමුතු විදිහකට සම්භවය ලබපු මේ වීරයාත් නුදුරේදීම අපිට දැක ගන්ඩ ලැබෙයි වගේ.