GoT අලුත් trailer එක ගැන නෙරංජි ගේ සත දෙක
#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk
ඒක ගැන කියන්න මහ දෙයක් නෑ.ඒ නිසාම මේක ගැන ලිපියක් ලියන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් inbox එකෙන් වෙන වෙනම උත්තර දෙන්න තියෙන කම්මැලි කම නිසාම එක පාරක් ලියන්න හිතුණා.
හරි… මෙහෙමයි. මට හිතෙන්නෙ, ඒක පළමුවැනි crypt trailer එක වගේම promo trailer එකක් පමණක් වීමේ ඉඩකඩ වැඩියි. එහෙම නැත්තම් ඇත්තටම වෙන දෙයක් හෝ හීනයක් වෙන්න ඕනෙ. නැත්තම් යම් vision එකක්.
හීනයක් නම්, ඒක පේන කෙනා, බොහෝ විට ජොන් ස්නෝ.. ඔහු තමයි මේ භීතිය ගැන වැඩිපුරම හිතන්නෙ. Vision එකක් නම් බ්‍රැන්ඩන් ස්ටාර්ක් වෙන්න පුළුවන්. හැබැයි මේ දේ ඇත්තටම වෙන්න අමාරුයි. වින්ටර්ෆෙල් කඩා වැටීම වෙන්න පුළුවන්. එහෙත්, ඒක hbo මේ වගේ සරලව පෙන්නාවියි හිතන්න බෑ.
Hbo කියන්නෙ ඉතා විශිෂ්ට මාකටිං ටීම් එකක් ඉන්න මාධ්‍ය ආයතනයක්. ඔවුන් අපිට කතාව වෙන විදිහ මුලින් කියලා, පස්සෙ episode එක පෙන්වන්න තරම් ත්‍යාග ශීලි නෑ. ඇත්තටම මේවා එහෙම මුලින් ඇවිත් වෙච්චි දේ කියලා, සිදුවූ කතාව මේකයි කියලා පෙන්වන්න, වේදිකා නාට්‍ය නෙවෙයිනෙ.
කොහොම වුණත්, මේක නිකම්ම promo එකක් වීමේ ඉඩ වැඩියි. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ මේක සම්පූර්ණයෙන් අපේ ප්‍රධාන කතා ධාරාවෙන් විනිර්මුක්තයි කියලා.
ඩැනීගෙ මාලය, ටිරියන් ගේ රාජ්‍ය මුද්‍රාව, ජේමිගෙ රන් ආලෙපිත හස්තය, ආර්යාගෙ නීඩ්ල් කඩුව, බ්‍රැන්ගෙ රෝද පුටුව සහ ජොන් ට මෝමන්ට් වරු දුන් කඩුව, විනාශ වූ වින්ටර්ෆෙල් හී හිමේ තියෙනවා අපිට පේනවා. ඒ එක්කම අපිට බ්‍රැතියන් දකුණෙන් ගෙනත් ලියානාගේ අත මත රැඳවූ පිහාටුව වගේම, ඩයර්වුල්ෆ් සලකුණු සහිත සොහොන් ගේ ද්වාරයත් මේ ට්‍රේලරය තුළ පෙන්වන වැදගත්ම දේවල්. වින්ටර්ෆෙල් විනාශ වෙලා තිබ්බට, ද්‍රව්‍යමය දේවල් විතරයි අපිට පේන්නෙ..
වයිට් වෝකර්ලා, මිය ගොස් පණ ගත් වයිට් ලා හෝ, මිය ගිය කාගෙවත් මිනී අපිට පේන්නෙ නෑ.කෝම වුණත්, හැබැයි..ඉන් ආරක්ෂිතව ඒ අය ඉන්නවා කියලා කියවෙන්නෙත් නැහැ.
වයිට් වෝකර්ලා ඇතුළු වෙන විට එන සුදු දුමාරය අවසානෙ එන නිසා, ඉන් කියවෙන්නෙම අනාරක්ෂිත බව.
මට හිතෙනවා මෙන්න මෙහෙම සංකේත රූප ටිකක්, මේ අපි දැකපු දේවල් වලින්..මං දන්නෙ නෑ මේවා හරි යයිද කියලා..නමුත් මට හිතෙන, මං දැනට හදාරලා තියෙන විදිහට මං කියන්නම්…
ඩැනීගෙ තවත් මකරු විනාශ වෙන්න ඉඩ තියෙනවා..එහෙම නැත්තම් ඩැනී තවදුරටත් රැජිණක් වීමේ මහා තෘෂ්ණාවේ අකම්පාල වෙලා නෑ. ඈ රාජ්‍යත්වයේ ආශාව අතහැරලා, ජීවත් වීම උදෙසා සටන පටන් අරන්..
ටිරියන් තමන්ට ගෞරවණීය ලෙස ඩැනී ලබා දුන්, පදක්කමට ද්‍රෝහි වෙලා.. ටිරියන් අවැඩක් කරලා..වෙන්න පුළුවන් ..ඒ නිසා එම ලකුණ විසි වෙලා..
ආර්යාට සටන සඳහා තව දුරටත් අවශ්‍ය කඩුව සිඟිති නීඩ්ල් නෙවෙයි..එයින් ආර්යාට සවයිව් වෙන්න බෑ..ඒක නිකම් වානේ කඩුවක්..ඒ නිසා එය අතෑරලා..
බ්‍රැන් ඇත්තෙ වෙයා වුඩ් ගහක් ළඟ බිමක..ඒ ගහේ කඳට පිට දීලා ..තවදුරටත් ඔහුට රෝද පුටුවෙ සැප ගන්න කාලයක් නෑ..
ජේමිගෙ ඒ අත, තව දුරටත් ජේමිව මහ සටනක් දිනවන්න ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්…ඔහු සර්සිට ද්‍රෝහි වුණ බවත් ඉන් සංකේතවත් වෙනවා. බ්‍රැන්ව තල්ලු කළ අත අහිමි වුණාට පස්සෙ, things i do for love..මතක ඇතිනෙ.. ඔහුට මෙ අත ලැබුණෙ.
පිහාටුව, තුළින් පේන්නෙ , එය කඩාවැටීමෙන් පේන්නෙ, ලියානා රේගාර් ජෝන් කතාව වින්ටර්ෆෙල් සතුටු නොකරාවි කියන එක..
කැඩුණු කොඩියෙන්,ඩයර් වුල්ෆ් ගෙන් තාම බලාපොරොත්තු සේයාවල් පේනවා..
එතකොට ලෝන්ග් ක්ලොව් එක..? මෙහෙමයි ඒකෙන් පේන්නෙ ඒක light bringer කඩුව නොවන බව කියලා මට හිතෙනවා. ජෝන් ලයිට් බ්‍රින්ගර් හොයා ගත්තා වෙන්නත් පුළුවන් සමහර විට ලයිට් බ්‍රින්ගර් කියන්නෙ මේ කඩුවම වෙන්නත් පුළුවන්…
සමහර විට මේ ඔක්කොම වැරදිලා..මේ තියෙන්නෙ කට්ටිය මැරෙන පිළිවෙල වෙන්නත් පුළුවන් …
කොහොම වුණත් තව දවස් කීපයයිනෙ..
අපි බලමු..
මම නම් කියන්නේ සහෝදරිය වින්ටර්ෆෙල් පරාද වෙයි.ඒ වගේම ඩනීගේ තව මකරෙකුත් මැරෙයි.ජෙමි යකා මොකක් කරයිද දන්නෙත් නැහැ.වින්ටර්ෆෙල් වැටුනොත් ඊළඟට හොඳටම සංවිධානය වෙන්න පුළුවන් ටලී බලකොටුව.ජෙමි එන පාරෙත් මිනිස්සු ඉන්න තැනකට තියෙන්නෙත් ඔතනම තමයි.බලමුකෝ නේද දැන් නම් ඉවසන්නත් බැහැ.මම නම් කියන්නේ ආර්යා ස්ර්සිව මරලා දායි කියලා.
Thanks