ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 episode 02 කියවීම.

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi02 #GOT08


ඉස්සර තරම්ම සතුටක් කාගෙවත් හිත් වල නෑ..මේ වගේ දවස් වල..ඒත් කිහිපදෙනෙක්ගෙම ඉල්ලීම ට ගරු කරන්නයි, මේ ලිපිය ලියන්නෙ.. ඒ වගේම තවත් විශේෂයක්. මේ බයිස්කෝප් මංසලට මං ලියන 50වෙනි ලිපිය. ඒත්, මංසලේ රසිකයො නම් මගෙ ලිපි වලට ඒ හැටි කැමති නෑ. මං පක්ෂග්‍රාහී සහ මට විචාර කරන්න බෑ කියලා එයාලා කියනවා. ඩැනී ලස්සන නිසාත්, මං කැත නිසාත්,මං ඩැනීට අකමැතිලු. ඒත් ඉතිං ඇඩ්මින් මණ්ඩලය මගෙ ලිපි නවත්වන තුරු, කැත වුණත් මට ලිපි ලියන්න වෙනවා… හරි.. ඒ ටික ඉවරයි. අපි හැරෙමු කතාවට.

කතාව ආරම්භ වන්නෙම නඩුවකින්.මේ කතාවේදී පළවෙනි වතාවට අපිට පේනවා එමිලියා වෙනුවට ඩැනේරිස් ටාගේරියන් ව. මා කතාවේ කැමතිම කොටස තමයි ඒ … පහුගිය එපිසෝඩ් එකේදි කට්ටිය මට කොච්චර බැන්නත් ඩැනේරිස් තමන්ගේ චරිතය කළා සෑහෙන්නම මදි. ඩැනේරිස් වෙනුවට අපිට නිරන්තරයෙන් ම පෙනුනේ එමිලියා ක්ලාර්ක්ව. සමහර විට මගේ මතයට එකඟ වෙන අයත් ඇති. එකඟ නොවෙන අයත් ඉන්න පුළුවන්.. අපි නැවතත් කතාවට හැරෙමු. මෙ නඩු විසඳන්නෙ වින්ටර්ෆෙල වල ප්‍රධාන කාමරයේ දී .. අපිට තියෙනවා එතන ප්‍රධාන වශයෙන් මේස තුනක් තියෙනවා.. ඒ මේස තුනේ, එක් පැත්තක ප්‍රධාන මේසය අපිට දැක ගන්න පුළුවන් .පස්සේ අපිට පුළුවන් දැකගන්න , උතුරට පක්ෂ අයගේ මේසය, ඒ මේසයෙ ඉඳගෙන ඉන්නවා බ්‍රියැන්. සහ උතුරු හිතවතුන්. ටාගේරියන් පක්ෂය එක මේසෙක, එහි ටිරියන් ජෝරා ආදීන් ඉන්නවා. ප්‍රධාන මේසෙ ඉන්නෙ ඩැනේරිස්. ඈ මෙවර මුල් අසුන ලබාගෙන සිටිනවා…ජොන් ඇගේ , එක් පසෙකත්, සන්සා එක පසෙකත් ඉන්නවා. සන්සා සහ ඩැනී දෙන්නාම, තද මතේක හිටියත් ජෙමී ගැන, ජේමී වෙනුවෙන් ටිරියන් ඉදිරිපත් වෙනවා.. ජේමි, ටිරියන් කෙරෙහිත්, ටිරියන් ජේමි කෙරෙහිත් තියෙන්නෙ පුදුම සහෝදර බැඳීමක්. ඒත්, තමන්ට සර්සි විරුද්ධ වීම ගැන ඩැනීට තියෙන්නෙ තරහක්. ඒ තරහ ටිරියන් වෙතිනුත් පිට වෙනවා. කොහොම වුණත්, බ්‍රියෑන් පෙනී ඉන්නවා, තම සුමිතුරා වෙනුවෙන්.. මේ කතාවෙදි, හුඟක් දෙනෙක්ට හිතෙන්න පුළුවන්, මේ කතාව වෙන් වෙන්නෙ , බ්‍රියෑන් වෙනුවෙන් කියලා.

ඔබ එහෙම හිතුවා නම් ඒක වැරදියි. මේ කතාව, ඇත්තටම බ්‍රියෑන් වෙනුවෙන් වෙන් කරපු කතාවක් නෙවෙයි …නමුත් බ්‍රියෑන් ගෙ චරිතය හරහා තවත් චරිත කීපයක් එක්ක, මේ නම සම්බන්ධ වෙනවා.

ජෙමී නිදහස් කරන්න ජොන් කැමති වෙන්නෙ, හැම මනුස්සයෙක් ම මේ වෙලාවෙ වැදගත් නිසා. ජොන් ගෙ මුහුණෙ බොහොම විප්‍රයෝග බවක් පේනවා. ඈ සෑම මොහොතක ම පාහෙ ඩැනීව මඟ හරිනවා. ඩැනී තමන් ගැන දැන් ගත් විට, කුමක් වේද කියන බියද? ඩැනී තමුන්ට නෑකමින්, නැන්දා වෙන අවුලද? සියල්ලෝම සිටින මරණය පිළිබඳ ඇති, බියද කියලා නම් පැහැදිළි වෙන්න නම්, ඒ මුඩ්ස් මදි. හැබැයි ඒ තුනම වෙන්නත් පුළුවන්..

බ්‍රැන් විසින් හෙළි කරන, නයිට් කිංගෙ වුවමනාව ගැන අපි කතා කරමු… නයිට් කිං ට ඕනෙ, නිමා නොවන අන්ධකාරයක්…නයිට් කිං මරන්න හොයන්නෙ, ත්‍රී අයි රේවන් ව. නයිට් කිං මින් එර හිටිය ත්‍රී අයි රේවන් ලා ඇටෑක් කරලා තියෙනවා. දැන් කෙනා, බ්‍රැන්. බ්‍රැන් ව හොයා ගන්න පුළුවන් කම තියෙන්නෙ ඔහුගෙ අතේ සලකුණ නිසා.. අවසානයේ හිටපු ත්‍රී අයි රේවන්ව අහු වුණෙත්, බ්‍රැන් නිසා..නමුත් බ්‍රැන් බේරුණ නිසා..ත්‍රි අයි රේවන් පරපුර ඉදිරියට ආවා. බ්‍රැන්ව මැරුවොත්, නයිට් කිංට ඒ නිමා නොවන දිගු අන්ධකාරය ලබන්න පුළුවන්. හැබැයි, බ්‍රැන්ට පුළුවන් වුණොත්, වෙන කෙනෙක් ඊට කලින් ත්‍රී අයි රේවන් කරන්න, බ්‍රැන්ව මැරුවත් මුකුත් වෙන්නෙ නෑ.. හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑ. ත්‍රී අයි රේවන් කියන්නෙ the giver සංකල්පය. එයා තමයි, තුන් කාලේම මතකය. ඉතිං තියොන් තමයි, එයාගෙ කට්ටිය එක්ක, බ්‍රැන්ව රකින්නෙ.

ටිරියන් බ්‍රැන්ගෙ කතා බෙදා ගත්තා. පසුව සියලු දෙනාම තම තමන්ගෙ අවසාන මොහොතවල් සංවේදීව ගත කරන්න තීරණය කළා. තියොන් සහ සන්සා අතර, දැඩි බැඳීමක් මේ එපියෙ නිර්මාණය වුණා.. ඩැනීට, තියොන් දණ නමද්දි, සන්සා ගිහින් තියොන් ව වැළඳ ගත්තා..ඔහු කිව්වෙ, මං ආවෙ ලේඩි සන්සා වෙනුවෙන් කියලා.. එතනදි ඔහු ලේඩි සන්සා ලෙස හැඳින්නුවෙ ඔහුගෙ සමස්ත ස්ටාර්ක් පවුල. ඔහු ස්ටාර්ක් පවුල එක්ක හැදෙන්න පටන් ගත්තෙ, අවුරුද්දටත් අඩු ළදරු වියේ ඉඳන්. තියොන් ගෙ පවුල හරියටම බැලුවොත් ස්ටාර්ක්වරු. ජොන් හරි. ජොන් වුණත් දවසක ටාගේරියන් කෙනෙක් වීමට වඩා, ස්ටාර්ක් කෙනෙක් වීම තෝරාගනීවි.

ඉතිං මේ මොහොතෙ හරිම අනුවේදනීය දේවල් වෙනවා.. හරියටම ඒවා තම තමන්ගෙ අන්තිම කැමැත්තවල් වගේ… බ්‍රියැන් නයිට් පදවිය ලබනවා. ජේමි අතින්. ටිරියන් බොමින් විනෝද වෙනවා. ඔහුගෙ හොඳම මිතුරා පොඩ්‍රික් සහ ඔහුගෙ සහෝදරයා එහා පැත්තෙ ඉන්නවා. බ්‍රියැන් දෙපැත්තෙ, ජේමි..අනෙක් පැත්තෙ ටෝමුන්ඩ් …ටෝමුන්ඩ් ආසාම ඉතිං බිග් වුමන් එක්ක ළමයි හදන්න..ඒත්, දැන් අවසානයේ මෙහෙම ළඟින් හිටියත් ඇති, කියන හැඟීම ඔවුන් එක්ක තියෙනවා …

ජෝරා, ලියානා ගෙ ආරක්ෂාව ගැන වද වුණත්, ලියානා නම් සටනට යනවා.. මේ පාර නම් ලියානාගෙ සේනාව විශාලයි. මොකද බාස්ටර්ඩ් යුද්දෙට 62ක් දුන්නාට, ලියානා පුළුවන් උපරිමයෙන් මේ වැඩේට කට්ටිය දෙයි…

ජෝරා තමයි සෑම් ගෙ කඩුව ලබන්න හොඳම සුදුස්සා. ඔහු තමන්ට ජොන් දුන්නු කඩුවත්, පියාගෙ නමට කැළලක් වෙයි කියලා ප්‍රතික්ෂේප කළා. ජෝරා සටනෙහිත් අති දක්ෂයෙක්. මකරාව මරන්න පුළුවන් හොඳම හෙල්ල කාරයා ජෝරා. ඒවාගේම දුන්නකින් මකරා මරනවා නම් ඒකට සුදුස්සා බ්‍රොන්.. එත් බ්‍රොන් තාම උතුරට ඇවිත් නෑ..

හරියටම මේ කතාවෙ මේ යුද්ධෙට ඉන්නෙ නයිට් පදවිය ලබපු දෙන්නයි… එක්කෙනෙක් ජේමි ලැනිස්ටර් ඔහු නයිට් වරයෙක්. ඒ වගේම හවුන්ඩ්.. ඔහු නයිට්වරයෙක්. දැන් බ්‍රියෑන් නයිට්වරියක්…ඒත් මේ සත් රාජධානිය රැකීමෙහි ලා, බොහෝමයක් නිල නොලත් නයිට් වරු මෙතැන පෙරට ඇවිත්. මොනාද නයිට් වරයෙක් ට ඕනෙ,
වීරයාගේ නමින් නීර්භීත බව
පීතෲ වරයාගේ නමින් සාධාරණත්වය
මෑණියන්ගේ නමින් අහිංසකයන් බේරා ගැනීම…

හිතන්න..මෙතන අය හැමෝම එහෙමයි..පුංචි ලියානාගෙ ඉඳන්, ජෝන් – ඩැනී ඔක්කොම නයිට් වරු…මේ කතාව හැමෝගෙම කතාව.

ඉතින් පොඩ්‍රික් ගයන ගීතයත්, ඒ වගේ වීර මිනිස්සු වෙනුවෙන් ගැයෙන්නක්. සමුගැනීම ට අකමැති අය ගැනයි ඉන් දැනෙන්නෙ.. හැබැයි, මේ ගීය මින් පෙර ගායනා වුණේ සමර්හෝල් විනාශය ගැන.. ඒ විදිහට වින්ටර්ෆෙල් විනාශ වෙයිද? ඇත්තටම මොන වගේ දෙයක් වෙයිද? අපි බලමු ඊළඟ එපියෙන්…

ඔබ හැමටම ආරක්ෂාකාරී සතියක් ලැබේවා!!

Author

17 thoughts on “Season 08 episode 02 කියවීම.

  • අර්ධ ශතකය…
    වාව්…
    පට්ට…

    ඔයා කැතයි කියලා මට නම් හිතෙන්නේ නෑනේ…
    මම ආසම විදිහේ රූපයක් ඔයාට තියෙන්නේ…

    තව රේවන් කෙනෙක් වෙන්ට පුලුවන් කෙනෙක් ගැන කිසිම තොරතුරක් නෑ නේද???

    ජොන් ස්ටාර්ක් වීම තෝරා ගත්තා වුණත් එයා ඇත්තටම ටාගේරියන් කෙනෙක් නිසා වැඩක් නෑ නේද???

    එතකොට අන්තිම කැමැත්තවල්…
    ඇයි ආර්යා ගේ අන්තිම කැමැත්ත ඉටු කර ගත්ත විදිහ දාන්ට අමතක වුණාද???

    බ්‍රොන් දුන්නත් අරන් උතුරට එයිද???

    Reply
  • හවුන්ඩ් කියන්නේ නයිට් කෙනෙක් නෙවෙයි නේ. එයාගේ අයියා මවුන්ටන් නම් නයිට් කෙනෙක්.

    Reply
  • හවුන්ඩ් කියන්නේ නයිට් කෙනෙක් නෙමෙයි නේද? ඒ වගේම සර් ඩාවෝස් සහ සර් ජෝරා කියන්නේ නයිට්ලා නෙමෙයිද?

    Reply
  • නෙඩ්ගෙ හැම වචනයක්ම වගේ කතාවෙ කොහෙන් හරි ආයෙත් මතුවෙන හින්ද, ෆස්ට් එපියෙ බ්‍රෑන් ඊතල විදින කොට keep practicing bran කියපු එකත් කොහෙන් හරි කැරකිලා එන්න බැරිද? බ්‍රෑන්ට අයිස් ඩ්‍රැගන්ව වට්ටන්න විදියක් නැද්ද?

    Reply
  • අක්කගෙ ලිපි සුපිරියි… ඒ අනුමාන එහෙම හරියන හැටි

    Reply
  • අක්කේ ඩනීගේ සමහර තැන් වල acting මදි ගතියක් තියනවා.නමුත් මම හිතනවා එයා චරිතයට යම් තාක් දුරට හොඳ සාධාරනයකුත් ඉෂ්ට කරනවා,අපිට ඒක නැහැ කියලම කියන්න බැහැ.මොකද නැත්නම් අධ්‍යක්ෂ වරු එයාව තොර ගන්නේ නැහැනේ නේද.අනික අක්කේ ඔහොම කියන්න එපා,අපි හැමදාම වගේ ඔයාගේ ලිපි බලනවා.ගොඩක් අය කියන ඔය ලස්සන කැත කන්නද?ඕවා එක කණකින් අහලා අනික් කනින් පිට කරන්න .ඒ වගේම ජෙමි කියන්නේ මමත් ආසම චරිතයක්.හැබැයි අත නැති වුනාට පස්සේ තමයි මම කැමති වුනේ.ඒ වගේම අනිවාර්යෙන් කියන්න පුළුවන් වින්ටෙර්ෆෙල් ඇද වැටෙනවා කියලා.වයිට් walkers ලාට වතුරෙන් එන්න බැහැ,හැබැයි දැන් අයිස් dragon කෙනෙක් ඉන්න එක නිසා ඒ ගැන කියන්නත් බැහැ.මෙතනදී පොරොන්දු වූ කුමාරයා අනිවා ජෙමි හරි ජෝන් හරි වෙන්නම ඕනේ.ඒ වගේම බ්‍රැන් කියන ආකාරයට ජෙමිව වරද කරපු බවට කිව්වා නම් එයාට මේ යුද්දෙට සහභාගී වෙන්න බැහැ.රිවෙර්ලන්ඩ්ස් වල දැන් අධිකාරිය තියෙන්නේ lannisters ලට.ඒ නිසා බොහෝ විට යුද්ධය ගොඩක් වෙලාවට එහෙදි ජය ගන්න හැකියාවක් තියනවා.අනික අපිට කියන්න පුළුවන් කොහොමත නයිට් king කොහොමත් මේ කතාවේ වීරයා වෙන්නේ නැහැ කියලා.කතාවේ හැටියට මිනිස්සු දිනන්නේ නැත්නම් කතාවෙන් වැඩකුත් නැහැ නේ නේද?

    Reply
  • Thanks …………..good luck ……………..

    Reply
  • ඩැනිගේ කැත ලස්සන් නම් අනේ මන්දා කොහොම හරි acting nature මදි ගතියක් මටත් පේනවා තරහා එහෙම පෙන්නන්කොට නිකන් කුජිතම වෙලා යනවා

    Reply
  • ඔයා ඒක ලස්සනට කරල තියනව අක්කෙ. සුබ පතනව. පරිස්සමට ඉන්න.

    Reply
  • වැදගත් ලිපි නිසා තමයි අපිට මේ කතාව මේතරම් දැනිලා තියෙන්නේ.ඒ නිසා කවුරු මොනව කිවුවත් අපි හැමදාම මේ ලිපි බලනවා .බොහොම ස්තූති ඔබට.

    Reply
  • y… sir Dawos sewarth

    Reply
  • yes.. oyage.. lipi..valatay…
    api aaasama…
    elanga… ekath ikmanatama oni…

    Reply
  • කියවන්න ආසම ලිපි ඔයාගෙ ඒවා තමයි !!!!

    Reply
  • නියමයි අක්කේ.. දිගටම ලියන්න…ජය වේවා..!!

    Reply
  • hound is not a knight as i think

    Reply
  • විදිලි ගැන කතා කලොත් තියොනුත් හොඳ විදිලි කාරයෙක්. අවශ්‍ය උපකරණය තිබ්බොත් තියොනිත් අයිස් ඩැග්‍රන්ව බිම දායි. මමනම් සාපොර්ට් කරන්නෙ නයිට් කින්ග්ට බ්‍රෑන්ට එහා ගිය ගේම ප්ලෑන් එකක් තියෙයි කියන තියරි එකට. රෙඩිට් යුසර් කෙන්ව්ක් කිව්ව විදිහට නයිට් කින්ග් වයිට්ලාව වින්ටෆෙල් එවලා පොර කින්ස්ලැන්ඩින් යන එකම නොවුනත්, මම හිතන් නෑ නයිට් කින්ග් ගෙඩි පිටින් ඇවිත් බ්‍රැන්ගේ ඇමට අහුවෙයි කියලා. පොර වෙන ගේම එකක් සෙල්ලම් කරයි. ඔය සිල්ලරවැඩකට නම් අර සලකුණු තිය තිය එන්න ඕනේ නෑනේ…

    Reply
  • ජයවේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *