Season 08 Episode 02 Hard Review
#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi02 #GOT08
එපිසෝඩ් 03 බලන්න කලින්, අපි සූදානම් වෙන්නෙ, අපි බලපු සීසන් 08 දෙවෙනි එපිය ටිකක් ගැඹුරින් කතා කරන්න. මේ වෙද්දි, කිහිපදෙනෙක්ම ඒ ගැන කතා කරලා තිබුණා වගේම, හුඟක් ෆෑන් තියෙරිත් දැක්කා. මුල්ම වතාවට කළ අගනා සොයාගැනීම් පවා, මං ගෲප් එකේ දැක්කා. සතුටුයි..
අමතර –
මේ කාලෙ හැමෝටම අමාරු කාලයක්. ඔයාලා ඉන්නෙ හුඟක් හිත් අමාරුවෙන්..මේ වගේ කාලෙක මේවා ලිවීමේ අරමුණ දුකින් ඉන්න ඔයාව තවත් තරහකට පත් කිරීම නෙවෙයි. අපි අඩුම තරමෙ, වින්දනයක් එක්ක හිටියොත්, අපිට පුලුවන් , මැරෙන වෙලාවට මරණය එක්කත් පොඩි ෂොට් එකක් දාලාම මියයන්න. නැත්තම් ඇරියස් එක්ක මැරිලා ස්වර්ගයක් හෝ යහපත් පුනර්භවයක් නැතිව අපිට දුක් විඳින්න වෙයි. ඒ නිසා කැමති කෙනෙක් වෙතොත් මේවා කියවන්න.අකමැති කෙනෙක් නම් ස්කිප් කරන් යන්න…තරහ අරන් බනින්න එපා.(මමත් තාම ඉන්නෙ රෝහලේ ඇඳක් උඩ.ඒත් ලිවීම තමා සතුට.) පනස්වෙනි ලිපියට සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලාහෙ කමෙන්ට් වලට ස්තූතියි. මට ඒවාට වෙනම ස්තූතියි කියන්න බැරිවුණාට සමාවෙන්න. තිසර,රොයිලි, තරිඳු සොහොයුරන්ට විශේෂයෙන් ස්තූතියි.
නැවත ලිපිය ට –
දෙවැනි එපිය අඩු පාඩු රහිත, ඩයලොග්ස් නිසා ඉතා හොඳ වුණු එපියක්. සටන් වලට වඩා දෙබස් ඉතාමත් ප්‍රබලයි සමහර අවස්ථාවල… පළමු එපියෙ, හමුවීම්, මුණ ගැසීම්, නැවත හමුවීම් සහ තවත් හමුවීම් වලින්, පිරිලා තිබ්බා…දෙවැනි එපිය හමු වීම් වලට වඩා විශේෂ තැනක් දුන්නෙ, වෙන් වීමට සිටින අයට ආදරේ බෙදාගන්න. තනිකම නැති කරන්න. වුවමනා අයෙකුට මලවුන් සමඟ හෝ හුදෙකලා වෙන්න…
අපි මේ ලිපියෙ මුල ආර්යා වෙනුවෙන්වෙන් කරමු.
ආර්යා නෝ වන් කෙනෙක් කියලා, මට ඇත්තටම හිතෙන්නෙ නෑ. ආර්යා නෝවන් ගෙන් එහාට ගිහින්. Someone කියන කෙනාට වඩා noone වැදගත්.. Noone ට වඩා වටින්නේ Personality නේද? ඒ තමා “I” තමා නම් සංකල්පය. ආර්යා පත් වුණේ, නියම “තමා” බවට. මේ ලෝකෙ ඉතාම අමාරුම දේ ඒක. කෙනෙක්ට ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන්. නිකම්ම කවුරුත් නොවෙන කෙනෙක් වෙන්නත් පුළුවන්..ඒත් අමාරුම තමා බවට පත්වීම. ඉතින් තමා බවට පත් වුණු කෙනෙක්ට, තමාට අනුව තම ආශාවන් ඉටු කර ගන්න පුළුවන්.. sex කියන්නෙ ඉන් එකක්.
ආර්යාගෙ ආයුධය ආර්යා ඉස්සර noone කෙනෙක් වෙන්න පුහුණු කළ ආයුධය.. රිටි ආයුධය. මේක ආසියාතික ආයුධයක්. නමුත් එය වෙනස් කරලා තියෙන්නෙ, ඩ්‍රැගන් ග්ලාස් තුඩු දාලා.. ඒ වගේම එහි මැදත් ඩ්‍රැගන් ග්ලාස් තියෙනවා ..ඒ කියන්නෙ හදිසියේ වත් එය යම් පහරකින් දෙකට කැඩුණත් පාවිච්චි කිරීමට හැකියාව තියෙනවා. මොකද එය නැවත වරක් ඩ්‍රැගන් ග්ලාස් කුඩා හෙලි දෙකක් බවට පත් වෙන නිසා.. මං හිතනවා..එය සාර්ථක පහදා ගැනීමක් වෙයි කියලා. අනිවාර්යෙන් හෙට අනිද්දාට ඔබට එය බලාගන්න පුළුවන් වෙයිනෙ.
දැන් අපි යමු අපේ හිත් අලුතින් ආයෙ වරක් ඇදගත්ත ඩැනී වෙත.. ඩැනී ගෙ ලස්සන වගේම, ස්මාර්ට් කියලා ආර්යාත් හිතන සන්සා ව සිනා මුසු කතා බහකට අල්ල ගන්න ඩැනීට හැකි වුණා. එහෙම නේද? ඒත් ඩැනී සහ සන්සා ට ඉතාම තීරණාත්මක පැමිණීමක් වෙනුවෙන්, උතුර ගැන ඉතාම උච්චයට පැමිණි කතා බහ නවත්වන්න සිද්ධ වුණා. එය අවිනිශ්චිත අවසානයක්. උතුර ට මොකද වෙන්නෙ? හරි.. උතුර නොදී ඉන්න පුළුවන් ඩැනීට.. උතුර අමාරුවෙන් ලබපු දෙයක්…ඉතින් සන්සා තමන්ගෙ නිවස කාටවත් දෙන්න සූදානමකුත් නෑ. උතුර ඩැනීට අයිති කරගන්න හෝ දෙන්න පුළුවන් ඈ යකඩ සිහසුනට ගියොත් විතරයි .. ඉතින්..යකඩ සිංහාසනේ ඩැනීට ලැබෙයිද? ලබන්න පුළුවන් වෙයිද? ඒකට අපිට ප්‍රෙඩික්ෂන් දාං වද වෙන්න ඕනෙ නෑ.. මේ ඉදිරි එපිය ඉවර වෙනකල්. හැබැයි ඩැනී මේ හදිසියේ මැරෙන එකක් නෑ කියලා නම් මං අනිවාර්යයෙන්ම කියනවා. එහෙම වුණොත් ඒක ටිකක් අස්වාභාවිකයි. ඒ වගේම , ඩැනී මේ කතාවෙ වැදගත් ම චරිත දෙක තුනෙන් එකක්.
ඩැනී ජෝන් ට අනතුරක් කිරීමට ඉඩක් තියෙනවා ද කියන දේ, ගැන මගෙන් මේ අතරෙ, දෙන්නෙක් තුන්දෙනෙක් අහලා තිබ්බා. මං කැමතියි, හාර්ඩ් රිවීව් එකටම ඒ පිළිතුරක් එකතු කරන්න. ඇත්තටම ඩැනී කියන්නෙ, ජොන් ව මරන්න තරම් සැහැසි කෙනෙක් වෙන්න බෑ. තමන් ආදරේ කරපු, කරන පිරිමින්ට අවංකවම ආදරේ කරපු කතාවෙ ඉන්න අග්‍රගණ්‍ය ම ගැහැණිය ඇයයි. ඈ වාසි තකා ආදරේ කරන නීච ස්ත්‍රියක් නම් නෙවෙයි. ඈ කාල් ඩ්‍රෝගෝ ට ආදරේ කළේ බොහොම පවිත්‍රව. කොටින්ම ඈ තම ස්වාමියා ව උපරිමයෙන් විශ්වාස කරලා තම සොහොයුරා ගෙන් සමු ගත්තා. ඩැනේරිස් ඇත්තටම විසේරිස් තමන්ව වෙනත් ගෝත්‍රික මිනිහෙකුට, සේනාවක් වෙනුවෙන් විකුණා දැමීම ගැන හිටියෙ , තරහින්. ඒ තරහ සාධාරණ වෙන්නෙ, තම සොහොයුරා තමන්ව ආවාහ කර ගැනීම පිළිබඳ තියුණු ආශාවක් ඈ සිතේ පෙර සිට තිබ්බ නිසා. ඒත් කාල් සමඟ ඈ ගිය පසු විසේරිස් අනවශ්‍ය ලෙස ඈට බලපෑම් කළා. ඔහුට බලය උදෙසා හදිසි වියරුවක් තිබ්බා. එයින් ඩැනේරිස් සෑහෙන්න පිඩනයට පත් වුණා. ඉතින් ඈ තම ස්වාමියා කෙරෙහි විශ්වාසය තිබ්බා. ඩාරියෝ නහාරිස් එක්ක ඇඳට නැග්ගාට, ජෝරාට උපරිම හිතවත් කම් පෑවට, තමන්ගෙ ස්වාමියා ලෙස කිසිවෙක් ඇගේ පළමු ස්වාමියාගෙ සිට හමු වූ කිසිවෙක්, ඇගේ සිතෙහි පළමු ස්වාමියා ට වඩා නැති බව අපිට පැහැදිළියි. නමුත් සන්සා සමඟ කළ කතාවෙන් අපිට පේනවා, ඈ ජොන් ට දරුණු ලෙස ප්‍රේම කරමින් ඉන්න බව. ඒ වගේ ම ජෝන් ඈට ද්‍රෝහි වෙන්න තරම් කුරිරු බලකාමයක් තිබෙන මිනිහෙක් නොවෙන බව, අපි දන්න තරමටම ඩැනීත් දන්නවා.. ඉතිං ජෝන් ට සාධාරණයක් මිසක් අසාධාරණයක් කරන්න ඩැනී හිතයි කියලා හිතෙන්නෙ නෑ.. ඒත් එහෙම කළොත් නම්, ඒක බොහෝ විට ඇගේ අවසානයට කෙලින්ම බලපායි. මොකද ජෝන් කියන්නෙ, මේ කතාවෙ, ඉන්න වැරදි අඩුම පාලකයා…මානුෂිකම, බල ලෝභයක් නැතිම කෙනා. උතුර වෙනුවෙන්, රජ කම අත් හැරපු කෙනා. රාජධානි හතේම, නියමම ආරක්ෂකයා. ඔහුට අනුව, ජීවත් වෙන මිනිස්සු අසරණයි, මල හමුදාව ඉස්සරහ..එතකොට, අම්මාගෙ කරුණාව නිසා ඔහු ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න, බල පුළුවන් අයගෙ උදව් ඉල්ලනවා. වීරයා ගෙ නිර්භීත බව ඔහුට තියෙනවා …ඔහු සටනෙ ඉදිරියෙන්ම ඉන්නවා…පියාගෙන් සාධාරණත්වය..ජීවත් වෙන අය ට සාධාරණත්වය ලඟා වෙන්නෙ නොමැරී ඉන්න තරමට. ඉතින් එච්චර මානව සංහතිය ගැන හිතන මිනිහෙක්ට විරුද්ධව යමක් කරන්න ඩැනී සැහැසි වෙන්න තියෙන ඉඩ අඩුයි. ඈ බොහොම ආදරණීය කාන්තාවක්. තමන්ගෙ මකරු, අහිංසකයෙක්ගෙ බිළිඳියකගෙ මරණය වෙනුවෙන් හිර කළ කෙනෙක්. ඩැනීට රාජධානි හත ගැන උමතුව තිබ්බාට්, අඩුම තරමෙ, තමන්ගෙ අනුප්‍රාප්තිකයා ලෙස හෝ තම ආදරණීය පෙම්වතා ව නම් කරන්න දැන් ඈට හැකියිනෙ..
දැන් අපි යමු, තවත් දෙන්නෙක් තුන්දෙනෙක්ට ප්‍රශ්නයක් වෙච්චි, පොඩ්‍රික් ගෙ ගීතය දිහාට, ඒ හරහා ටිකක් වැඩි යමක් කතා කරන්න ඕනෙ. මේ පළවෙනි එපියෙ ඔබට අමතක නැතිව ඇති, මුහුණ ට මුහුණ සිදුවුණු බොහො හමුවීම්, ඒත් දෙවැනි එපිය පුරා ඒ චරිත තුළ ගුණාංග හමුවුණා. සමුගැනීමේ සාද ඒවගේ. බ්‍රියැන් සහ ජේමි අතර පවතින සුන්දර ගෞරවණීය ප්‍රේම වෘතාන්තය මෙන්ම, අන්සලීඩ් නායක ග්‍රේ වෝම් සහ මිසැන්ඩේගෙ සුන්දර ප්‍රේමයත්, අනාගත සිහින ත් අපි මේ පුංචි වෙලාව තුළ දුටුවා. ඒ වගේම ඔබ හුඟ දෙනෙක්ගෙ ඇස් කඳුලින් තෙත් කළ, ඔබ බොහෝ දෙනෙක් ඔබේ ක්‍රෂ් එකගෙන් බලාපොරොත්තු නොවෙන ආකාරයේ, සම්භෝග දර්ශනයකුත් ආර්යා අපිට දුන්නා..ගෙන්ඩ්‍රි එක්කම. එහි අර්ථය සහ යටි කියවීම නම්, කොහෙත්ම ඔබ ආර්යා කෙරේ බිඳවීම නම් නෙවෙයි. ආර්යා වෙයිෆ් ද , ජැකන් හෙගාර් ද ආදී ෆෑන් කයි කතන්දර වලට උත්තර දීම හා තරිඳු සහෝ කිව්ව ලෙසම hbo fan wish list එක fill කිරීම. ඒ විශ් ලිස්ට් එකේ බ්‍රියෑන් සහ ජේමිගෙ කිස් එකකුත් තියෙනවා.. ඒකට අපිට ගොඩ කාලයක් නම් ඉතිරි වෙලා නෑ කියලත්, එපිය දැක්කාම හිතෙනවා.. හරි.. අපි දැන් කතා කරන්න ගිය, පොඩ්‍රික් ගයන ගීයට හැරෙමු. සියල්ල අවසානයේ සමුගැනීමේ උච්චය ගීයකින් අවසන් කරන්න, ඕනෙ වෙන්නෙ ටිරියන්ට. ටිරියන්ගෙ ආරාධනේට කවුරුත් ඉදිරිපත් නොවුණෙ, සංගීත හැකියාව ගැන තිබ්බ doubt එක නිසා ම නෙවෙයි. කාගෙත් හිතේ තිබ්බ බය නිසා.. වින්ටර්ෆෙල් වලට විරුද්ධව යම් මොහොතක හිටපු මේ හැම කෙනෙක්ම, ටිරියන් කියන විදිහට අද වින්ටර්ෆෙල් රකින්න ඇවිත්. ඒක හරි අමුතුයි.. ඇත්තටම ටයිවින් ලැනිස්ටර් දැක්කා නම්, තම පුතුන් වන මේ සොහොයුරෝ දෙන්නාව දැකල පුදුම වෙයි. ඉතිං කවුරුත් බාර නොගත්ත අභියෝගය පොඩ්‍රික් නිහඬවම බාර ගන්නවා.. මේ ගීය වෙස්ටරෝස් පුරයට මින් පෙර පැමිණි ගීයක්. ප්‍රියයන්ගේ වෙන අභියෝගය පොඩ්‍රික් නිහඬවම බාර ගන්නවා.. මේ ගීය වෙස්ටරෝස් පුරයට මින් පෙර පැමිණි ගීයක්. ප්‍රියයන්ගේ වෙන්වීම ගැන එහිදී අන්තර්ගත වෙනවා.
සමර් හෝල් ඛේදවාචකය සිදු වෙන්නේ 259 AC වල. පස් වෙනි එගොන් රජ දවස. ඩෝර්නිෂ් වල තිබ්බ සමර් හෝල් එක ටාගේරියන් වංශයේ වටිනා මාලිගාවන්ගෙන් එකක්. මේ ශාලාව ගිනි ගන්නෙ, මකර බිත්තර වලට ජීවය දෙන්න, ගිහින්. මකරු උපද්දන්න ගිහින්. මෙහිදි පස්වෙනි එගොන් රජු මෙන්ම ඔහු ගේ පුතු වෙන ඔටුන්න හිමි ඩන්කන් ටාගේරියන් මියයනවා. ඒ වගේම, ඩන්කන් තෙ ටෝල් නම්, කින්ග්ස් ගාර්ඩ් එකේ ලෝර්ඩ් කමාන්ඩර් වරයාත් මියයනවා. පස්වෙනි එගොන් ගේ සහ සම්ප්රාප්තිකයා වන ඩන්කන් ටාගේරියන්ගේ මරණය ජේහාරිස් ටාගේරියන් ව රජ කරනවා. එදා තමා එයිරිස් ටාගේරියන් (අපි කවුරුත් දන්න, පසුව මෑඩ් කිංන්ග් වුණු දෙවෙනි ඒරිස් රජුට දාව) හා රේහ්ලා ටාගේරියන් හට තමන්ගෙ කුළුඳුල් පුත්‍රයා වන රෙගාර් ටාගේරියන් ඉපදෙන්නෙ.. දුම් සහ කඳුළු මැදින්, ගින්නෙන් බේරෙමින්. ඉතිං මේ කතාව ටාගේරියන් වරුන්ට සම්බන්ධයි, කෙලින්ම.. ඔය ඩන්කන් ටාගේරියන් හෙවත් ඔටුන්න හිමි කුමාරයා බැරතියන් කුමරියකට පොරොන්දු කරවලා ඉන්න අතරෙ, රිවර්ලෑන්ඩ් කලාපෙදි හමුවෙන, පළමු මිනිස්සුන්ගෙන් පැවතෙන ජෙනී කියලා තරුණියක් එක්ක ආදරෙන් බැඳිලා ඈ සරණ කර ගන්නවා. ඩන්කන් ටාගේරියන් හෙවත් ඩන්කන් ද ස්මෝල් ගෙ හා ඇගේ විවාහය නිසා එගොන් රජු කිපෙනවා..රජකම ඕනෙ නම් ජෙනී අත අරින්න කියනවා..ඒත් රජකමට වඩා ප්‍රේමය වටින නිසා ඩන්කන් කුමරු බිරිඳ සමඟ මාලිගය අත් හැර යනවා.. ජෙනී ඩන්කන් කුමරුගේ සමර්හෝල් පිළිස්සීමෙන් සිදු වුණ මරණය දරා ගන්න බැරිව ගීයක් ගැයූ බව සඳහන් වෙනවා. ඒ තමයි පොඩ්‍රික් පවා ගායනා කළ, අපිට ඇසුණු, ඔය ජෙනීගේ ශෝකාලාප ගීතය. මේ ගීය මෙතෙන්ට යෙදුවෙ ඇයි කියලා දැන් අපි ටිකක් හිතමු. මේ කතාවෙ සමර් හෝල් වෙනුවට වින්ටර්ෆෙල් ගිනි ගනීද? කොයි නයිට් වරයා කොයි රජු, කොයි අනුප්‍රාප්තිකයා මිය යාවිද? සොහොයුරෙක්ට නිකම්ම රජ කම පාස් වේවිද? මේ ගීතයට අනුව යමක් වුණොත්, මේ ගීය සිම්බල් එකක් නම් අපිට එහෙම දේවල් බලා පොරොත්තු වෙන්න වෙනවා.. ඒ ගැන අපි තව කතාව ඉදිරියට ගලද්දි කතා කරමු.
යුද්ධය තියෙන්නෙ , පරදින්න වැඩි ඉඩක් තියෙන අගයක..යුද්ධය කරන්න බලා ඉන්න උතුරු හමුදාවෙ වැඩි දෙනෙක්, ආයුධයක් එක්ක සටන් නොකළ සාමාන්‍ය අය. ඒත්, අන්සලීඩ් ආමි , ඩොත්රැකි ආමි විතරක් නෙවෙයි..හොඳ අයන් අයිලන්ඩ් සටන් කාමීන් ටිකකුත් ජොන් ඩැනී ටීම් එකේ ඉන්නවා. ඒත් සටන් කරන්න ඉන්න දහස් ගණනක නයිට් කිං ගෙ හමුදාව, බඩගිනි නොවෙන නිදා නොගන්න, නොනවතින අනනුකම්පීය හමුදාවක්.. ඉස්සරහට මොනා වෙයිද? මේ හමුඩ්ගාවෙ, ඩොත්රැකි ආයුධයක් වගේ එකකුත් දැක්කා. කෝම හරි..එන සෙට් එකේ ලීඩර්ස්ලා අතර ගිලී ගෙ අයියලා බරට ඇති.
ඩාවෝස් සීවර්ත් ට මුණ ගැසුණු ශිරීන් ගෙ හැඩ රුව ගත් අඩක් පිළිස්සුණු දරුවා, බොහෝ විට මේ කතාවෙ වැදගත් චරිතයක් වෙයි කියලා නම් මටත් හිතෙනවා. සමහර විට ඒ වෙස් වලා ගත් මැලිසැන්ඩ්රෙ වෙන්න පුළුවන්..කියලා ෆෑන් තියරි කීපයක් දැක්කා. ඉන්ටර්නැශනල් මට්ටමේ.. විශේෂයෙන්ම ඈ කුඩා සෑම් හා ගිලී ගෙ රැකවරණය ගැන, කතා කරමින්, ක්රිප්ට් එක මුර කරන්න බාරගැනීමෙදි. ඒත් ඒ ගැන හරියටම අපි දන්නෙ නැතත්, ක්‍රස්ටර් පොරොන්දු වී ඇති හැටියට, පොඩි සෑම් අයිතිත්, නයිට් කිං ට..
ඉතින් ජෝරාට හාර්ට්ස් බේන් ලැබුණා, තමන් කරපු පරිත්‍යාග හා මිත්‍රත්වයේ ය්හිළිණයක් හැටියට. අපි බලමු, ජොන් වගේ සෑම් ගෙ අතින් කඩු අරන් ගිහින් ජෝරා ත් නැවත ජීවිතේ බේරගන්න වාසනා වන්ත වෙයි ද කියලා. මෝමන්ට් නිවාසෙට කරපු ලැජ්ජාවට සමාවත් ලැබුණා වගේම, මෝමන්ට් නිවාසෙ වත්මන් පාලිකාවගෙන් ඉතාම තද වුණත්, හොඳ යමක් කතා කරන්නත් අවස්ථාව ඔහු ලැබුවා. ඔහු විසින් ඇය සිය නිවාසයේ අනාගතය බව පැවසුවෙත්, ආදරය මුසුව. ඈ ඔහුට සුබ පැතුවෙ බොහොම ඥාතිත්වය මුසු වදනකින්. ඔහු ඈට සුබ පැතුවෙ ගෞරවණීය ලෙස. මේ දේ ජොරා ට පොදු දෙයක් වගෙයි නේද? පුංචි කෙල්ලො ඉස්සරහා පහට නැවිලා ඉන්න එක.
ඉතිං කට්ටියම එකතු වෙලා ඉන්නෙ මේ උතුරු නිවස රකින්න. සමහරුන්ට මේක තමන්ගෙ නිවස. සමහරුන්ට තම නිවස වූ තැන, තවත් අය නිවස ලෙස සිතන තැන. තියොන් අන්තිමේ තමන් ස්ටාර්ක් වරයෙක් ලෙස නිවස හොයන් ආවා. ඒ වගේ තමා..අපි එහෙනම් ජීවත් වෙන සියල්ලන්ටම යහ වාසනාව හා ජීවිතාරක්ෂාව පතමින්, රිවීව් එක අවසන් කරමු..
මේ වගේ යුද්ද ටීවි එකේ මේ වගේ ටෙලිඩ්‍රාමා වල මිසක් අපේ රටේ, ආයෙ ඇති නොවේවා කියන පැතුමත්, රෝහලේ සිට අද නිවසට පැමිණි මේ මොහොත තෙක් මා ගැන සොයා බැලූ සොයුරන් වෙත ස්තූති පූර්වක කෘතවේදීත්වයත් සමගින්, රෝහලේ ඉඳන්ම ලියන්න පටන් ගත් ලිපිය නිවසේදී අවසන් කර අදට සමුගන්නම්.. තවත් ලිපියකින් හමු වෙමු.
GOT S08 03 බැලුවා. එච්චර එක්සයිට්මන්ට් එකකින් එපියක් බලුවමද කොහෙද.. එකටනම් ලොකුවටම හාඩ් රිවිව් එකක් ඕනේ. සමහර තැන් ටිකක් ඔඩ් ගතියක් තිබ්බා. එත්, බලන් හිටියා වගේම ලොකු ෆයිට් එකක් තිබ්බ නිසා ශේප්. ඉක්මනට රිවිව් එකක් දෙන්න එකටත්. මේ ලිපියට තෑන්ක්ස්. !!
බොහොම ස්තූති
Godak lassana lipiyak .thanks
Thanks for the review. Much appreciated your efforts.
Sending good, healthy vibes your way for a speedy recovery.
-Ruchira-
ඩැනී ත්රෝන් එකට ආවොත් (අනිත් අයත් ජීවත් වෙන අය උනොත්) ජෝන්, සන්සා, ජේමි, වාරිස්, යාරා වගේ කට්ටිය එක්ක එකතු වෙලා ලිච්චවී පාලනයක් – තනි රජෙක් වෙනුවට පාලක මණ්ඩලයක් විදියට පාලනය ගෙනියයිනෙ.. එතකොට නියම උරුමක්කාරයා කවුද කියන එක වැදගත් වෙන්නෙත් නෑ. පරම්පරාවෙන් උරුමය එන – ඉන්න රජතුමා මරල රජවෙන වීල් එකත් බිඳෙනව. යුද්ධෙට අකමැති ජෝන් වගේ අයට යුද්ධ ඇතිවෙන එක නවත්තන්නත් හොඳම ක්‍රමේ ඒක.
_අසනීපෙ මොකක් උනත් ඉක්මනින් හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කට_
අමතර –
ඔව්…
පට්ට දුකයි…
ඒත් වින්දනය තියෙන්ට ඕනේමයි නේ…
රෝහලේ ඉන්නේ බෝම්බයකට අහු වෙලා එහෙම නෙමෙයි නේ…
වෙනම ස්තූතියි කියන්ට බැරි වුණා නම් පුලුවන් වෙලාවක වෙනම ස්තුතියි කියන්ට. මමත් 50 ගැන දැම්මා. ඒත් සුබ පැතුවේ නෑ…
නැවත අදහසට –
කවුරු හරි කෙනෙක් ගෙන් කවුරුවත් නැති කෙනෙක් වෙලා තමන්වම බවට පත් වෙන එක පට්ට වගේ නේද?
මමත් උත්සහ කරන්ට ඕනේ…
මුල් කොටසේ පටන් මගේ ආසම චරිතය තමයි ආර්යා…
එයා කරපු දේ ගැන මම උඩින්ම සතුටු වෙනවා…
එයා අලුත් ආයුධයෙන් සටන් කරන පොඩී කෑල්ලක් දක්කා මම…
ඩැනීට කතා දෙකක්ම උච්චම අවස්ථා වල නතර කරන්ට වුනා…
එකක් සන්සා එක්ක…
අනික ජොන් එක්ක…
259 අවුරුද්දේ වෙන සිද්ධිය තියෙන්නේ පොත් වල නම් පොත් නොකියවන අයට පට්ට අසාධාරණයනේ අප්පා…
බොහෝම ස්තූතියි ඒ කොටස් සම්පූර්ණ කරලා දෙන එකට…
මේකේ ඉන්න අය ගෙන් උතුරේ අය තමයි පට්ට…
ඒ නිසා ඔක්කෝම එකතු වෙලා උතුර රැකලා දෙයිද???
මේකේ පට්ට අය ගොඩකටම කෙල වුණා හැබැයි මුලදී…
කමක් නෑ වෙන දෙයක් වෙයිනේ…
දෙන දෙයක් බලා ඉමු…
a good review after a long time..