Season 08 Episode 03 ( The Long Night) නිම් නොවූ නිශාව
#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi03 #GOT08
හෝරාවකට වැඩි කාලයක් පුරා, බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නැරඹු කතාංගයක නිමාව අද උදේ සනිටුහන් වුණා. ඇත්තටම තවමත් බොහෝ දෙනෙක්, කුමක්ද වුණේ කියලා හිතමින් පසු වෙන බවයි පෙනෙන්නෙ ..සමහර දෙනෙක් ගෙ බලාපොරොත්තු දැල්වීම ට මෙන්ම තවත් අයගෙ බලාපොරොත්තු මිලින කිරීමටත් ඒ හෝරා එකහමාර හේතු වුණා. සිනමා රසවින්දනයට ප්‍රිය කෙනෙක් ලෙස, මං ඉතාම ආශා කරන එපියක් තමයි..පුද්ගලිකව මට දකින්න ලැබුණෙ…කැමරාව, සංගීතය සහ දර්ශන ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණා. සංගීතය යොදා ගනිමින්, දෙබස් වලට දුන් මූලිකත්වය අඩු කරලා තිබ්බා..සිනෙමා පටයක් ගුවන් විදුලි නාට්‍යකින් වෙන් වෙන්නෙ, අන්න එහෙමයි.
හිත දෙගිඩියාවෙන් පෙළෙන, මරණය අනපේක්ෂිත ලෙස, එකම අපේක්ෂාව බවට පත් වූ ඔවුන් තමන්ගෙ අවසන් මොහොත ගැන ඉන්නෙ, හරිම චකිතයෙන්. මරණයට කවුරුත් අකමැතියි. ඒත් මේ වගේ ශාප ලත් මරණයක් කියන්නෙම ලොකු විනාශයක්…මේ ගැන නියතවම දන්න හැමෝටම උරුම තැති ගැන්මයි. අපිට කතාව චරිතෙන් චරිතය ට කැමරාව පාස් කරනවා. බියට පත් සෑම්, කලබලය පත් ලියනා මෝමන්ට්, ටිරියන් ලැනිස්ටර්, මේ හැමෝම කතාව තව තවත් රත් කළා.. ඒ මූණු හැම එකකම අවිනිශ්චිත බව හා බය තිබ්බා.
අවසානෙ, නයිට් කිං විනාශ වෙන මොහොත දක්වා, කථාව පුරා සිනමාත්මකව පීක් එකක් රැඳුණා. මං දන්නවා ඔබට ප්‍රශ්න තිබෙන බව. ඒත්, ෆැන්ටසි කතාවකට කරන්න පුළුවන් උපරිම සාධාරණය එතැන තිබ්බා.
මිය ගිය චරිත අතර ජොරා හා ලියානා දෙන්නා අති විශේෂයි. ඒ මුළු නිවාසයම, මිනිස් ජීවිත වෙනුවෙන් සටන් කළා.. ලියානා, ඉටු කරපු කාර්ය භාරය, ඉතාම වටිනවා. ඈ මුළු බලකොටුවම මුර කළා. පලා යන්නන් ඇතුළට ගත්තා. අවසානයේ යෝධයෙක්ව මරාගෙන මියගියා.. ජෝරා තමා වැඩියෙන්ම ආදරය කළ්, පොරොන්දු කළ ජීවිතය වෙනුවෙන් ජීවිතේ දුන්නා. බොහොම ගෞරවණීය විදිහට. තියොන් උපරිම ගෞරවණීය විදිහට පිරිමියෙක් ලෙස මිය ගියා. තියොන් ඔප්පු කළා, පිරිමියා යනු පුරුෂලිංගයම නොවෙන වග.
මිනිහා තුළ පැවතිය යුතු වීරත්වය, ශක්තිය, සාමූහික බව ගැන නැවත නැවත හිතන්න, මේ යුද්ධය වෙස්ටරෝස් ජනයාට උදව් දෙනවා. බෙරික් සහ හවුන්ඩ් ආර්යා වෙනුවෙන් දිවි පරදුවට තියෙනවා .. හවුන්ඩ් බේරුණත් , බෙරික්ට ඊට ඉඩක් නෑ.. ඔහු 19 වතාවක් දිවි ගලවාගත් හේතුව දැන් අපිට පැහැදිළියි. ඒ ආර්යාව , අදාළ තැනට යවන තෙක් ආරක්ෂා කරන්න.
අපි යුද්ධය දෙසට හැරුණොත්, ඕපන් ෆීල්ඩ් එකකදි වඩාත්ම වාසි දායක, ඩොත්රැකි වරුන්ට කියලා තමයි, ඔවුන් වගේම අපිත් අහලා තියෙන්නෙ .. ඩෙඩ් ආමි එකක් කියන්නෙ, ඊට වෙනස් දෙයක් බව පළවෙනි යුධ අවස්ථාවෙන්ම පෙන්වන්න සමත් වෙන්නෙ, රෙඩ් වුමන් දුන්නු බලාපොරොත්තු එක්ක ඉස්සරහට ගිය ඩොත්රැකීන් අන්ධකාරයේ ගිල්වමින්. ඉදිරියට ජෝරා සමඟ දිව ගිය අපේ ගෝෂ්ට් ට මොනා වුණාද දන්නෙ නෑ.. සමහර විට මැරෙන්න ඇති. ඒත් ඔහු නොමැරුණොත් තමා කථාව ලස්සන.
ක්රිප්ට් එක, තුළ ඉන්න අයට මිනී නැගිටීම නිසා, ටිකක් අපහසු අඩියකට මුහුණ දෙන්න වෙනවා. ඒත් වගකිවයුතු අය නම් බේරුණා. ඒ වගේම, අපිට මකර ෆයිට් වලදි, ඩැනීට වඩා, ශක්තිමත්ව ඉදිරියෙන්, අලුත්ම රයිඩර් කෙනෙක් වුණු ජොන් ඉන්න බව නම් හිතුණා නේද? ඔහු දක්ෂ ටාගේරියන් බව ඉන් ඔප්පු වුණා.. නයිට් කිං ටාගේරියන් කෙනෙක් වගෙයි නේද? ගින්නෙන් මැරුණෙ නැති නිසා මට එහෙමත් හිතුණා.. ජොන් උත්සාහ කළා, ඩැනී උත්සාහ කළා, තියොන් උත්සාහ කළා..අවසානෙ, ආර්යා ස්ටාර්ක් තමයි සියල්ල නවත්තන්න සමත්වුණේ..
ඇත්තටම ආර්යා අසෝර් අහායි ද? ඈ ගැන රෙඩ් වුමන් කිව්ව දේ නිසා, blue eyes නයිට් කිං ලෙස අපි හිතුවාත්, ඈට අනාවැකියෙ අංග තිබ්බාද? සරලවම තිබ්බා. අපිට මඟ හැරුණා. ආර්යා ගෙ නියම උපත සිද්ධ වෙන්නෙ, පියාගේ මරණයෙන්.. ලේ ගලන තරුවෙන්, උණු කඳුලු මැදින්.. ජොෆ්රි බ්‍රැතියන් වංශය, සප්ත තරු සලකුණ දරාගෙනයි නෙඩ් ව මැරුවෙ. ඈ ජලයෙන් භෞතීස්ම වුණා, බ්‍රාවෝස් වලදි, ඈ මරණයෙන් බේරුණා.. ඈ ෆ්රේ පරපුර විනාශ කරලා, සිංහයාගෙ හදවත විනාශ කළා ( ලැනිස්ටර් වරුන්) එතකොට ඇය විනාශ කළ ප්‍රේමය මොකක්ද? අන්න ඒක නම් ප්‍රශ්නයක් තමයි.. ඒ ගැන හොයන්නම් හාර්ඩ් රිවීව් එකේදි..
කොහොම වුණත්, දෙවරක්ම උතුර ට ආ වැලේරියන් කිණිස්ස , අවසානයේ මරණය පරාද කළා. ආර්යා ඉගෙන ගත්ත හැම දෙයම ආර්යා මෙතන ට අරන් ආවා.. කථාව ඉතා සාර්ථක යි.. මට අනුව හෙමින් හාර්ඩ් රිවීව් දෙන්නම්..
ප.ලි
වෙලාවකට මට හිතෙනවා, ආර්යා ගෙන්ඩ්‍රි sex seen එකෙන් හද පැලුණු අපේ boys ලා ඔක්කොම ටික Nissa Nissa ද කියලා..
Daenirys VS Sansa
DAENIRYS:
1. Risked her life on the battlefield like true queen.
2. Sacrificed 90% of army.
3. Save Agon Targerion’s life Several times. (season 7 and season 8)
4. Killed a whole bunch of wights.
5. Fight as a real warrior on the battlefield.
SANSA:
1. Sat on the crypt doing nothing.
2. Talked shit about Daenerys.
RIP Bran and Dany
මෙන්න මෙහෙම දාලා තිබුණා එක බූරුවෙක්…
මම HBO සජීවී දර්ශන බලන්ට උත්සාහ කරපු වෙලාවේ අහම්බයෙන් දැකපු මේ අදහස නිසා පට්ට අවුලෙන් තමයි මේ පාර බලන්ට පටන් ගත්තේ…
අර දෙන්නා මැරෙයි කියලා නෙමෙයි…
කලින් දැන ගත්තානේ කියලා…
පස්සේ තමයි තේරුම් ගත්තේ ඒ අදහස දාපු පොරත් බලන අතර මගදී දාපු එකක් බව…
ඔව්…
මෝමන්ට්ලා අති විශිෂ්ට විදිහට ඉවර වුණා… දැන් ඒ පැත්තේ පාලනය කාට යයිද දන්නේ නෑ…
බෙරික් දහ නව පාරක් ආවා කියලා නෙමෙයි මට නම් මතක තිබුණේ…
නව පාරක් ආවා වගේ…
හෙහ්…
මතකය නම් දුර්වලයි මගේ…
ඩෝරා එක්ක දුව ගෙන ගියපු කෙනා හතර වැනි කොටසේ ඉන්නවා නේද?
යාන්තම් වගේ දැක්කා මිනිස්සු අතරේ ඉන්න “ගෝශ්ට්” ව…
ටිකක් හොඳට බලන්ට හතර වැනි කොටස ගැන දාපු වීඩියෝව දිහා…
සමහර විට මම වැරදිද දන්නේ නෑනේ…
මට ප්‍රශ්නයක් වුණේ ජොන් ගින්නට මුහුණ නොදීපු එක ගැන…
මම හිතුවේ අහම්බයෙන් හරි පොරව ගිනි ගන්න තැනක් තිබිලා ටාගේරියන් කෙනෙක් බව හැමෝටම ඔප්පු වෙයි මෙතැනදීම කියලා…
අනික් දේ තමයි ආර්යා සන්සාට දුන්නේ මොකක්ද???
බලා ගෙන ඉන්නවා අනික් ලිපිය එනකම්…
නියමයි හොඳේ…
බ්‍රැන් ආර්යාට කිනිස්ස දෙන්නෙ අවසානය දැනගෙන වෙන්න පුළුවන් නේද…
Thank u akke.. episode ekanm niyamai
Thank u akke..
Ghost innwa neda? Next episode preview eke innwa neda eya.
BOHOMA STHUTHI
බොහොම ස්තූතියි අක්කේ..ජයවේවා!
ආර්යා ගේ පොඩි කාලේ blonde කොණ්ඩේ black උනේ කොහොමද? ඇත්තම ආර්යා මැරිලද?
ahhhh…apset…ithuru army eka poadiy neda…
bohoma sthuthiy lipiyata.. hard review ekak enakan balan innawa.. mata nam tikak me epiye bara poddak madi una wage hithune..
meka ikmanata dei kiyalamai balan hitiye ikmanata hard review eken enna jaya wewa
Maru akke..hard review ekath ikmanata denna..jaya wewa..!
me epiye mama hithuwata wada ikmanata war eka iwara una but mage hite tibuna night kingwa maranne arya kiyana eka ekata hetuwa anit hamotama wada arya kiyanne daksha wagema tiyunu buddiyak tyena charitayak aryage tawa wada isarahata ena war walin balanna puluwan wei