Season 08 Episode 05 Hard Review
#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi05 #GOT08
අද මගේ රිවීව් එක කොටස් කිහිපයකින් යුක්තයි.හුඟ දෙනෙක් තමන් කතාව දන්න බව කියලා තිබුණත්, කිහිප දෙනෙක් හරි වෙනුවෙන් ලිවීම තමා සතුට.පළමු කොටසෙදි මං එපිය ටිකක් විස්තාරණය කරලා බලන්න ලෑස්ති වෙනවා. දැන් අපි කතා කරන්නෙ, කතාන්දරය ගැන.
ඉතිහාසය නැවත නැවත සිදු වෙමින් පවතිනවා යන්නට තියෙන හොඳම උදාහරණයක් තමයි කතාව ආරම්භයේ සිදු වූ වේරිස් ගේ මරණය.
පළමු සීසන් එකේදි නෙඩ් මරණයට පත්වෙන්නෙ රාජ්‍යත්වයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට, චෝදනාවන් සමඟ. එතනදි නෙඩ් පිළිගන්නවා, තමන් ජොෆ්රි වෙනුවෙන් කුමන්ත්රණයන් කරලා කළේ රාජද්‍රෝහී ක්‍රියාවක් බව.මුළු කින්ග්ස්ලෑන්ඩිං පුරවරය ම ඔහුට පහර දෙද්දි, ද්‍රෝහියා කියද්දි ඔහුට ජොෆ්රිගෙ අණින් මැරුම් කන්න වුණා. ඇත්තටම නෙඩ් ට රාජ ද්‍රෝහී බව පිළිගන්න ඕනෙ කමක් තිබුණෙ නෑ. ඒකට පාර කැපුවෙ වේරිස්. වේරිස් ගෙ බලපෑමෙන්, තමන් ගෙ දූවරු රැක ගන්නයි නෙඩ් එහෙම කළේ.. වේරිස් නෙඩ් ව උසි ගැන්නුවා. බොරු රජෙක්, නරක අමන බාල රජෙක් නියම උරුමකරුවා , අනුප්‍රාප්තිකයා ලෙස සෙනඟ ඉදිරියේ පිළි ගන්න. අන්තිමේ නෙඩ් ට තබා සන්සාටවත් ඉන් වුණ යහපතක් නෑ. අන්තිමේ, නෙඩ් බොරු වරදක් පිළි අරන් ද්‍රෝහියෙක් ලෙස මිය ගියා.
වේරිස් නියම උරුමක්කාරයා ගැනයි ලියුම් ලිව්වෙ. නෙඩ් කළ දේ ම කළ ඔහුටත්..අවසානෙ නෙඩ් වගේම ද්‍රෝහියෙක් ලෙස මැරෙන්න වුණා.. හැබැයි, ඔහු සෙනඟගෙන් අපහාස නම් වින්දෙ නෑ…ඒත් ඒ සෙනඟ නම් තමන්ගෙ පසු පරම්පරාවන් සමඟම නෙඩ් ට කුමන්ත්‍රණ කරුවා ද්‍රෝහියා කී අපරාධයට දඬුවම් වැඩියත් එක්ක ලැබුවා.
වේරිස්, අලුතෙන් තමන්ටම කියලා තොරතුරු සපයන්නන් හා උදව් කරුවන් හොයාගනිමින් ඉඳලාතියෙනවා ..වින්ටර්ෆෙල් ක්රිප්ට් එකේ සැඟවී හිටි අනාථ දැරියක් ඔහු ඩ්‍රැගන්ස්ටෝන් මන්දිරයේ කුස්සියට යොදවන්නෙ, ඒ හරහා තොරතුරු හොයා ගන්නත්, ඩැනීගෙ ආහාර වලට වස මිශ්‍ර කරන්නත්. කොහොම වුණත් ඩැනී ආහාර නොගත් නිසා ඈට එය බලපෑවෙ නෑ.
ඩැනී තුළ මං 4 වෙනි හාර්ඩ් රිවීව් එකේ කිව්වා වගේ දරුණු මානසික කම්පනයක් ඇති වෙලා තිබෙනවා, මිසන්ඩේ සහ ජෝරා ගෙත්, රේගාල් ගෙ මරණයත් එක්ක. ඊටත් වඩා ජොන් ගෙ උරුමය ඈට බලපෑම් කරලා තියෙනවා. ඩැනීගෙ චරිතය තුළ සිද්ධ වෙන පළමු ඝාතනය වෙන්නෙ ආත්මාරක්ෂාව වෙනුවෙන්, විසේරිස් ගෙ බලපෑම් හා පීඩන දරන්න බැරුව. ඉන් පස්සෙ ඩැනේරිස් දරුණු වුණු හැම වෙලාවකම එතැන තිබ්බෙ, දුර්ගා, හෝ කන්නගී (පත්තිනි) ස්වරූපය. අසාධාරණ කරන උන් මැරීම, වහලුන් නිදහස් කිරීම, පාලක පක්ෂය විනාශ කරන පැත්ත ආදිය ඇගේ ඒසොස් ක්‍රියා කලාපය වුණා. එහෙත් වෙස්ටරෝස් ගොඩ බැස්සට පස්සෙ, ඈ ටිකක් දරුණු ලෙස හැසිරුණත්, ඈ මුළු වෙස්ටරෝස් පුරයේම මිනිස්සු බේරන්න වින්ටර්ෆෙල් ආවා. ඈ එහි ගෞරවය සම්පූර්ණයෙන් කෙළසමින් දස දහසක් ජනතාව අලු කළා.. ඈ මෑඩ් කුවීන් ම නම් තමා. ඇගේ පියා වගේම..
ටිරියන් තමන්ගෙ සහෝදරයාට සමු දුන්නා. ජේමි ලැනිස්ටර් තමන් ප්‍රාර්ථනා කරපු විදිහට ම සර්සි එක්කම මිය ගියා. හුඟක් අයට ඈ දුක් වින්දා මදි..ඒත් හිතන්න තමන් ආශා කළ සියල්ල නැතිවෙලා, පලා යන රැජිණක් ගැන. ඒ සියල්ලම ශාරීරික වද පීඩා වලට එහා ගිය දුකක්. ඇගේ අවසානය හා ඒ මොහොතේ ඇගේ ඇස්, ඈ වින්ද අප්‍රමාණ වේදනාවට සාක්ෂි දරනවා. ඉතිං ඈගෙ මරණෙ ගැන තව හිතන්න එපා. ඩැනී තරම් සර්සි නරක රැජිණක් නෙවෙයි. ඈ වයිල්ඩ් ෆයර් ගෙනාවෙ ඩැනී සමඟ යුද්ධෙට මිසක්, තමන්ගෙ මිනිස්සු මරන්න නෙවෙයි. නමුත් ඩැනී මුළු පුරවරයක්ම අලු කළා..
හුඟ දෙනෙක් මකරු එනකල් බලා හිටියා. මං කපුටො එනකල් බලා හිටියා.ඒත් මේ පාර යුද්ධයේ යුධ උපක්‍රමය නරක නෑ. ඩ්‍රෝගෝන් එක පහරක්වත් කන්න කලින්, සියලු දුනු ගිනිබත් කිරීම බොහොම දක්ෂ කමක්. ඒවාගෙම පැත්තෙන් ඇවිත් නැව් වලට පහර යූරෝන් ගෙ නැව ඇතුළු නැව් සියල්ලම එක මකරෙක් අවසන් කළා. ඉන් පස්සෙ පැත්තකින් කින්ග්ස් ලැන්ඩිංවලට ඇතුළු වෙලා, මඩ ගේට්ටුව බින්දා. එතැනදි යුද්ධයක් නොදැකම ගෝල්ඩන් ආමි එකේ සෑහෙන දෙනෙක් මිය ගියා. බෙල්ස් වාදනය කරන්නෙ නගරය යටත් වූ බව කියන්න. ඒත්, නගරය යටත් වුණාට පස්සෙයි, ඩැනී මානව සංහාරය පටන් ගත්තෙ ඇය යුධ නීති අමු අමුවේ උල්ලංඝණය කළා. හැබැයි , එය ඇය මෙන්ම ග්‍රේ වෝර්ම් මුල සිට දැන හිටියා. එපිය බලද්දි, බෙල් ගහන එක ගැන ටිරියන් කියනකොට, ඩැනීගෙ මුහුණ බලන්න. ග්රේවෝර්ම් ගෙ මුහුණ සමඟ.
ග්‍රේ වෝර්ම් සියල්ල නැති වූ වේදනාවෙන්, සියල්ල විනාශ කිරීමේ කෲර හැඟීමෙන් පෙලෙනවා. යටත් වුණු සෙබලුන්ට ඔහු හෙළි පාර දමා ගැසුවෙ, අන්සලීඩ් භටයන්ට නොගැලපෙන ලෙස. ග්‍රේ වෝර්ම් ගෙ යුධ විනය පවා කෙළසිලා.. ප්‍රේමයේ අහිමි වීමෙන්.
නමුත් ජොන් ට එහෙම වුණේ නැස්. ඔහු තමන්ගෙ හමුදා නවත්තන්න උත්සාහ කළා. අවසානයේ, කින්ග්ස්ලෑන්ඩිං නුවර බේරා ගන්න, තමන්ගෙම උතුරු භටයො මරන්න ත් ඔහුට සිද්ධ වුණා. උතුර කින්ග්ස්ලෑන්ඩිං සදා වෛරය භටයන්ගෙ කැලෑ මානසිකත්වය ට බල පෑවා. කොහොම වුණත් වැඩුණු මකරෙක් ලෝකෙ කොයි ආමි එකටත් වඩා බලවත් කියන වැකිය ඔප්පු වුණා.
ටිරියන් ඉන්නෙ පුදුම වේදනාවෙන්. එය පෙනෙනවා.ඔහුගෙ අවශ්‍යතාව වුණේ, රාජධානියට සමෘද්ධිමත් බව ගෙනෙන රැජිණක්. ඒත් ඩැනී ගෙනාවෙ භීතිය හා වේදනාව පමණයි. ජොන් වුණත් දැන් ඉන්නෙ ඩැනී ගැන පිළිකුළෙන්. ඔහු සීසන් 7 මැද්දක ඉඳලා, හිස නවාගෙන සියල්ල ඉවසුවත්, දැන් ඔහු කෙලින් හිට ගනී කියලා හිතෙනවා. බිය නැතිව, තමන්ගෙ උරුමය කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් යම් තීරණයක් ගනී කියලා හිතෙනවා. නැත්තම් ඔහු මහා ජීවිත සඛ්‍යාවක් පරදුවට තියලා, මිය ගිය උන් මරාදමා, ජීවත් වන අය බේරුව කියලා ඇති සෙත මොකක්ද? ඩැනී ට මේ කළ අපරාධයට සමාවක් තියෙන්න බෑ.
ඉන් අනතුරුව වුණු ප්‍රධාන සිදුවීම තමයි ආර්යා සහ හවුන්ඩ් ගේ සමුගැනීම. සැන්ඩෝ ක්ලේගන් ගැන කාටත් ලොකු ආදරයක් ඇති වෙන ලෙස, එය රූගත කිරීම ඇත්තටම සුන්දරයි. මොකද ක්ලේගන් එක්ක ප්‍රේමය තිබ්බා නම්, ඒ ස්ටාර්ක් දුවලා විතරයි. ඔහු බල්ලෙක් වගේ හුඟක් තැන් වලදි දෙන්නවම රැක්කා..ආර්යා ගැන විතරයි ඔහුගෙ හිතේ බියක් තිබ්බෙ. ආර්යාට හානියක් වෙනවාට ඔහු ආස කළේම නෑ.. කොහොම වුණත්, මේ ගිනි ජාලාවෙන් ආර්යාව පිට කළෙත්, ඒකයි..ඒත් ආර්යාගෙ ලිස්ට් එකේ හිටපු මවුන්ටන්ම සැන්ඩෝ ගේ එකම අභිප්‍රාය වුණා.. ඒත් මවුන්ටන් ව සැන්ඩෝ මරා දැම්මෙ, අර්යාගෙ බලාපොරොත්තුව විදිහට. ඇහැට පිහියක් බස්සලා. එහෙමයි, ඇගේ මවුන්ටන් මරණ සිහිනය තිබ්බෙ.
ඉතින් අද එපිය ගැන කතාව විග්රහ කරනවා නම් මේ වගේ තමයි… මහා දිගක් නොවෙන්නෙ, යුද්ධයම තිබ්බ නිසයි.
-එක් එක් අවසානයන් ළඟා කළ හැකි සංකූලතා-
මෙහි අනුමාන කිසිවක් නැත. ඇත්තේ
ලැනිස්ටර් රාජ්‍ය බිඳ දැමීමෙන් පසු,
ඩැනී ගේ රාජ්‍යත්වය –
ඩැනී සහෝදරයා ගේ මරණයට පෙර සිටම තම උරුමය ඇති භූමිය දැකීම පිළිබඳ ආශාවෙන් පෙළුණා. ඈ මෙතෙක් කළ හැම දේම කළේ, රාජ්‍ය උදෙසා. මකරුන් බිහිවුණ තැන සිට, රාජ්‍ය දිනා ගැනීමේ ආශාවෙන් ඈ ඉදිරියට ම ගියා. අන්සලීඩ් භටයන්, ඩොත්රැකි හමුදා, සෙකන්ඩ් සන්ස් ආදීන් දිනා ගත්තා. මෙරීන් ආදී නගර පාලනය කළා..අවසානයේ ඒසෝස් නුවරට හොඳ පාඩමක් ඉගැන්නුවා බලය ගැන. ඩ්‍රැගන්ස්ටෝන් ඇවිත් මුල්ම සටනෙදි, තමන්ගෙ අයන්, හයිගාර්ඩන්, ඩෝන් සම්බන්ධතාවන් පරාජය වුණාම, තනිවම සටනට ගියා… ඈ සටනින් දින්නා..දින්නට පස්සෙ ඈ යටත් වන්නන්ට සමාව දුන්නා. තමන් ආවෙ නගර විනාශ කරන්නට, මිනිස්සු මරන්නට නොවන බවත්, ඒවා සර්සි ගෙ බොරු බවත් කියා හිටියා. නයිට් කිං සමඟ සටනෙදි ජොන්ට නොසෑහෙන්න උදව් කළා, සෑහෙන සෙනඟක් මිය ගියත්, ඉතිරි සෙනඟ ඉතා හොඳින් රැකගනිමින්, කින්ග්ස්ලෑන්ඩිං යටත් කරගත්තා. හැබැයි කින්ග්ස් ලෑන්ඩිං පුරය මූලුමනින් විනාශ වුණා. දැවී ගියා. හැබැයි දැන් ඩැනී සටන දිනලා ඉවරයි.
සටනින් දිනීම යනු රාජ්‍ය දිනීමද? කොහොමවත් නෑ. ඈ මේ වෙද්දි, ජීවත් වී සිටින ජනතාවගේ භීතිය , වෛරය, ක්‍රෝධය දිනා ගෙන ඉවරයි. කින්ග්ස්ලෑන්ඩිං වල ජනතාව, උතුරු කරයේ ජනතාව වගේ නෙවෙයි.ඔවුන් සටන් කාමී නෑ.ඒත් හරි ප්රකෝපකාරී..ඒ බව හොඳින්ම පෙනුණා, ඔවුන් ජොෆ්රි ට විරුද්ධව කැරලි ගහපු විදිහෙන්. ඉන්පස්සෙ මේ රාජ්‍ය ඉහ ගහගෙන හිටියෙ, ටයිරෙල් වරු, ලැනිස්ටර් වරුන්ට (නාමිකව බ්‍රැතියන් ) සම්බන්ධ වූ නිසා. ඔවුන් සතු වස්තුව ජනතාව වෙනුවෙන් වැය කරන්නට, අනාථ වූවන්ට සහන සලසන්න කුවීන් මාජරී කැප වුණු නිසා, ඉතිං මේ කින්ග්ස් ලෑන්ඩිං ප්රකෝපකාරී ජනයා, තමන්ගෙ සුළු දරිද්‍රතාව දරා ගත්තෙ, එච්චර ප්‍රහාරයක් දීලා නම්, හිතන්න තමන්ගෙ ගම් බිම් ගෙවල් පුපුරුවා හැරපු, ජීවිත නැති කරපු කෙනාට කොහොම සලකයි ද කියලා..
අනිවාර්යයෙන්ම ඔවුන් ඈට බියයි. මකරෙක් ඉස්සරහ ඔවුන්ට කෙළින්ම කළ හැක්කක් නෑ. ඒත්, වෙන කෙනෙක්ගෙ කුමන්ත්රණයන් ට ඕනැතරම් සහය වේවි. නගර හැර යාවී. නගරය paper town එකක් වුණොත් ඩැනීට සාර්ථක පාලනයක් කින්ග්ස්ලෑන්ඩිං වල ගෙනියන්න බෑ, අවුරුදු 100ක් වත් යනකල්. මිනිස්සු හා ඔවුන්ගෙ පසු පරම්පරා මේ ජන සංහාරය අමතක කරනකල්. මෙතනදි හොඳට මතක තබා ගන්න, එක පුංචි ගැහැණු ළමයෙක් මරපු වරදට, තමන්ගෙ මකරු හිර කළා වගේ සීනී කතා ජනප්‍රවාද මේ කාට හරි කවුරු හරි කිව්වොත්, ඒ මනුස්සයාව පණ පිටින් ගිලින කේන්තියෙන් ඔවුන් ඉන්නෙ.. අඩුම, මකරා පිටිපස්සෙන් නැතිව, ඈට මේ නුවර එළියට වත් බහින්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. ඈ රකින්න දැන් සෙබළුන්ටත් අමාරුයි ..ඒකයි ඇත්ත. ඉතිං ඩැනී පාලනය කරනවාට වඩා මැරිලා යන එක, මරා දමන එක, නැවත සියල්ල අත හැර කොහේ හෝ යන එක හොඳ වෙයි..
වෙනත් අයෙක් ට රාජ්‍ය යාමට –
ඩැනී සටනින් දිනා ගත් රාජ්‍ය ජොන් හෝ වෙනත් කිසිවෙකුට පහසුවෙන් ලබාගත හැක්කක් නොවේ. යම් විදිහකින් ඩැනී මිය යෑම හෝ ඝාතනය සිදුවිය යුතුයි. නැතිනම් ඩැනීම රාජ්‍යත්වය අතහැර පිටව යා යුතුයි. ඩැනී මිය ගියහොත්, ඉන් අනතුරුව ඩැනී ප්‍රිය මනාපව සිටි යම් අයෙකුට, ඩැනීගෙ හමුදා නම්ය වේවි. එහෙත් ඩැනී ඝාතනය වුවහොත්, එය ඩොත්රැකි හා අන්සලීඩ් වරු කෙසේ භාරගනීවිද? මුලින්ම හමුදා නායකයන් මරා ඩැනී ඝාතනය කිරීම, එහිදී හොඳම විකල්පය වුවත්, තම හමුදා ප්‍රධානීන් යමෙක් ඝාතනය කර පැමිණෙන තුරු ඩැනී බලා නොසිටීවි. කෙසේ හෝ ඩැනී මරා දැමුවත්, ඉන්පසු ඝාතකයා ගේ ඉරණම කුමක් වේවිද?
මේ වන විට වේරිස් ලියූ ලියුම් නිවාස ප්‍රධානීන්ට ගොස් ඇත්නම්, ඔවුන් කාගේ පැත්ත ගනීවිද? නමුත් ඔවුන්, ඒසෝස් හී හැදී වැඩුණු කෙනෙක්ට වඩා, වෙස්ටරෝස් හී හැදුණු කෙනාට කැමති වේවිද?
ජොන් ගේ රාජ්‍යත්වය –
ඔහු නීත්‍යානුකූලව උරුම රජු වුණත්, ඔහු තුළ හොඳ රාජ්‍යත්වයක් තියෙයි කියන්න අමාරුයි. නියම රජෙක් ට බොහෝ දේවල් ඕනෙ..ඒත්, ජොන් ළඟ රජෙක්ට ඕනෙ අන්ධකාර පැත්ත නෑ.. රජෙක් ට තීරණ ගනිද්දි නැවෙන්න බෑ.. ජනතාව ගැන වුණත් හැම වෙලේම හිතන්න බෑ. උපරිම මානව ප්‍රේමය තිබිලාත් බෑ.. යම් තරමක් නොතිබිත් බෑ .ජොන් හොඳ නායකයෙක්. හැබැයි දුර්වල රජෙක්. ඩැනී ඉස්සරහ රජ කම අතෑරියා කියන්නෙ, හොඳ ගුණයක් නෙවෙයි. මිනිස්සු ගැන හිතුවා තමයි..ඒත් මිනිස්සු සමහර වෙලාවට, ජීවිතයට වඩා කැමතියී ස්වෛරී භාවයට. ජොන් හොඳ රජෙක් වෙන්න නම්, ඔහුට හොඳ උපදේශකයන් ඉන්න ඕනෙ. සෑම් , බ්‍රැන් දෙන්නා වගේම සර් ඩාවෝස් එයට හොඳයි. සන්සා ව විවාහ කරගන, උතුර දකුණ සාධාරණ එකතුවකින්, ඔහුට ගෙනියන්න පුළුවන් වේවි.
සන්සා ගේ රාජ්‍යත්වය –
ඈට කුමන ක්‍රමෙන් හෝ සිහසුන ලැබුණොත්, හොඳ පාලිකාවක් වේවි. උතුර දකුණ බොහොම ඉක්මනින් යා වේවි, දියුණු වේවි. කැඩුණු නගරය යළි හදන්න , සංවර්ධනය ආදිය වුණත් ඈ බලලා කරාවි. මිනිස්සු හුරතල් නොකර, තදින් එහෙත් හොඳ පාලනයක් ගෙන යාවි.
ආර්යා ගේ රාජ්‍යත්වය –
මිනිසුන්ට කරුණාවන්ත වේවි. හැබැයි ඈ රාජ්‍යක් භාරගනී කියලා හිතෙන්නෙ නෑ. සටන් කාමි වැඩි නිසා. ඈ හොඳ නයිට් වරියක් නම් වෙයි.
ටිරියන් ගේ රාජ්‍යත්වය –
මොළේ, තියෙනවා , මානව ප්‍රේමය තියෙනවා, හොඳට කතා පවත්වන්න පුළුවන් , රටත් ගොඩ නගයි. බ්‍රොන් ට මාලිගාවක් ලැබේවි. සන්සාට උතුර ලැබේවි. හොඳ පාලකයෙක් වෙයි. ඒත් ඒ හා සමානවම හොඳ අන්තප්පුරයක් දාගෙන හොඳම බ්‍රෑන්ඩ් බොයි..😃
බ්‍රැන් ගෙ රාජ්‍යත්වය –
බ්‍රැන් කියන්නෙ ඉතිං රූපෙ විතරයි. ඇස් තුනෙ කපුටා තමයි , බ්‍රැන් තුළ ඉන්නෙ. සාන්ත මුහුණෙන් හිටියා ට බ්‍රැන් කියන්නෙ කපටියෙක්. ඒක රජෙකුට ඕනෙ. ඒත් බ්‍රැන් ක්රිපල් කෙනෙක් නිසා, බ්‍රැන්ට සීමා තියේවි. කොටින්ම අයන් ත්රෝන් එකෙත් කාට හරි ඔහුව උස්සලා තියන්න වේවි. ඔහු වෙස්ටරෝස් වල පාලකයා වුණොත්, සමහර විට නපුර රජයන්නත් ඉඩ තියෙනවා .. ඔහු මේ කාටත් වඩා දරුණුයි. ඔහුට අමතක වෙන්නෙ නෑ. ඔහු නොදන්නා දෙයක් නැහැ.
deni… thama throne… ekata… best kena…
මේ මොකක්ද අනේ මේ කරලා තියෙන්නේ???
එක්කෝ මම කලින් එක ටිකයිද කියවලා තියෙන්නේ???
Watch : 18.00 to 20.00
කොටස බලන්න ඩැනීරිස් ගේ war knowledge එක දැනගන්න. නියම පාලකයෙකුට කෲර වෙන්නත් සිදු වෙනවා අනාගතය වෙනුවෙන්…
Nadun, I agree with you. ..
ඩැනීරිස් ගත්තෙ මිලැසැන්ඩේ ගෙ පලිය, එයා drakraris කියල කියනව මැරෙන වෙලාවේ. ලංකාවෙ ගොඩක් අය ඩැනීරිස් එක්ක අවුල්,
youtube reviews බලන්න වෙන රටවල අය GOT ගැන කරපු. සර්සී කියන්නේ දුෂ්ට කෙනෙක්. ඩැනීරිස් කියන්නේ හිත උනු වෙන කෙනෙක්. හැම කෙනාම එයාව පාව දෙනවා, tirion විසින් jamy නිදහස් කරනවා ,කාවද විස්වාස කරන්නේ, ඒක නිසයි එයාට mad queen කෙනෙක් වෙන්න සිදු උනේ. හරිම සාධාරණයි.
We hope deanerys will rules westorose well with jhon.
වේරිස් ලියුම් යැව්ව ප්‍රධානින් කවුද? හවුස් ඔක්කොගෙම ලෝඩ්ල මැරිල, දැන් ඉන්නෙ අලුත් පරම්පරාවනෙ… එයාලට මොනාද කරන්න පුළුවන්?
Thanks akke..niyamayi review eka..jaya wewa ..digatama karagena yanna..!!
ammoooooooooooo thank you akke review ekata..
මම හිතන්නෙත් ජෝන්ව මරාවි කියල..සන්සා යන්න කලින් කියනවනේ අගනුවර මගේ පවුලෙ අයට යහපත් තැනක් නෙවෙයි කියල….
අන්තිම වෙනකං hound,stark දුවලට protection ekk දුන්නේ ඇයි කියල හේතුව highlite කරේ නෑ…….
Sometime ජෝන් ඩැනී ව betrayed කරා කියල කිව්ව හින්ද final episode වල superscenes තියෙන්න පුලුවන්…….
ඒත් first season 8 එකේ ඉදන් ඩැනී ව demand කරපු විදියට එකපාරටම mad queen කරපු එකත් ටිකක් විතර අවුල් ……
ඒකත් single episode එකකින්
ඩැනී මැරුණෙ එගෝන් ටාගේරියන් ඉපදෙන කොටමයි(literally 8.2). ඊට පස්සෙ ඉතුරු වුණේ බලයට අභියෝග එයි කියල බයෙන් මිරිකිලා ඉන්න මෑඩ් ක්වීන් කෙනෙක් විතරයි. අන්තිම එපියෙදි ජෝන් ස්නොව්ව මරාගෙන එගොන් ටාගේරියන් එලියට එයි නියම රජෙක් විදිහට. ජෝන් ඩැනීට දණ නැමුවට, එගෝන් අතින් මෑඩ් ක්වීන් මැරෙයි.
ගින්නෙන් හා හිමෙන් ( රේගාර්, ලියානා) උපන් ගීතය (එගෝන්) වීර කාව්‍යක් වෙයි.
Dissappointed akki
Dany queen wenna ona kapu katte tharamata….eth plot eka jonwai starkla wai demand krnna wage ynne…..unuth katu kala hadichcha lamai thamai ……eth dany wa mad queen krnna ona una nm viserys ge wage character ekk mula idnma denna thibba..ane manda…..dany ta best ending ekk denna thibba
Thx akke review ekata.
kohoma unath dear…
api inne Denige pethte… deni karapude hariyatama hari.. oya kiyanawa sarsi hondailu denita wada, misendege bella kapaddi oya yudanithi koheda tibune… ne oita wada kuriru maranayak sarsita urumai.. aengilla aengilla kapala hemihita maranna thibbe… tamage arakshawata minissu palihak vidiyata bavitha karapu nayakayo kiyala hitagatta tirisannu, meruna heti api sajiviwa dekka 2009.. itin sarsita wada siya dahasgunayak Deni hondai… Nedge bella kapaddi hina una clap karapu udapanapu minissunta oita wada monawa lebennada? Denita kawadawath oya minissu garu karavida palanaya karanna devida ne… othanata kauru balayata awath ketikalina maranayat munadenna wenawamai, kumanthrana wedi.. hondam visanduma Deni dunne..
Denita adarei ahasa taram…..
Thanq akke review ekata..
අහ් හා…
මම දැම්මා නේද කොටස් දෙක වුණාට ලිපි ඊට වඩා වැඩියෙන් එයි වගේ දැනෙන කතාවක්…
හෙහේ…
නෙඩ් පාපොච්චාරණයක් කරලා මැරුණේ වේරිස් නිසා කියන එක හැබෑවටම අමතක වෙලානේ තිබුණේ… ඒ දවස් වල පට්ට තරහකින් හිටියේ ඌ ගැන… දැන් තමයි මතක් වෙන්නෙත්…
ඇත්තටම මේක බලන ගමන් හෝ බලලා ඉවර වුණ ගමන්ම වගේ හතර වෙනි කොටසේ ලිපිය මතක් වුණා…
ඩැනීගේ වේදනාව ගැන ඔයා දාලා තිබුණා නේද කියලා…
කොච්චර කිව්වත් සර්සි මැරුණේ හැම දේම නැති වෙලා වුණත් මැරෙන්ට තිබුණේ ආර්යාගේ අතින් අප්පා…
අපරාදේ…
ආහ්…
මට මතකයි මම අදහස් දාන්ට පටන් ගත්ත අවස්ථාව…
ඔයා ඩැනීගේ ලස්සනට ඉරිසියා කරන වගක් කවුදෝ දාලා තිබුණානේ…
එතැනින් තමයි මම පටන් ගත්තේ…
දැන් ඒ ඒ විදිහට කියපු අයට නම් ටිකක් රිදෙයි ඈ…
ඩැනී වෙනස් වෙච්ච එකට මම නම් අකමැතියි…
සීනු ගහපු වෙලාවේ ඔක්කොම නතර කරන්ට තිබුණේ…
තව මකරෙක් ගැන නම් මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ…
සීනු කතාව කියපු තැනදී මම හිතුවේ ඇත්තටම ඩැනී වගේම ගෝලයා නිවිලා හිටියේ කියලා…
ආයේ බලන්ට ඕනි දෙන්නාගේ මූණු දෙක…
ප්‍රේමය අහිමි වුණාම නම් අමුතු ගැම්මක් එනවා තමයි ඉතින් අමුතු විදිහට…
හෙහ්…
ජොන් නම් පට්ට…
ළුුණු ආදිපාදවරයාත් පට්ට…
පොර සටන් කරන්ට දන්නේ නැතුව කඩුවක් උස්සන් එන විදිහ ඉබේම මතක් වෙනවා…
එතකොට හිනාව නතර කර ගන්ටත් බෑ…
සැන්ඩෝ කොහොමත් සන්සාට වුණත් ලැදි වෙලානේ හිටියේ…
හැමදේම දාලා උතුරට යන වෙලාවේ සන්සාව අරන් යන්ටත් ලැස්ති වුණා…
අනික හොල්මන් එක්ක සටනේදී ගින්දරට බයේ හැන්ගිලා ඉඳලා හොල්මන් මරන්ට ආවේ ආර්යා නිසා…
ඒත් අන්තිමට නම් මට එතැනත් හිතුණා ආර්යා හිත වෙනස් කර ගෙන ඇවිත් සැන්ඩෝ ගේ අයියාව මරයි කියලා…
මම දකින විදිහට අට වෙනි කතාමාලාව පටන් ගන්න කොට ලෝකයේ හිටපු දක්ෂම තනි සටන් කරුවා ආර්යා…
අනික ලැයිස්තුවේ හිටිය තව එකෙක් ගැන කිසිම වගක් නෑ…
නෙඩ් ව මරපු එකා.
මට අමතකයි ඒ පොරට වෙච්ච දේ ගැන…
කයිබර්න් මැරෙන්ට තිබුණේ ඊට වඩා දරුණුවට…
හරි හරි…
එහෙම නම් තව කොටස් කිහිපයකින් අදහස් හුවමාරුව නතර වෙයි නේද???
Jon wa maranna try karai drogon ta kiyala,
eth pichchenne nathi wei,
ehema naththan Drogon Jon ge paththa gani samahara wita
Dany marennama one, naththan kathawa iwara wenna baa ne
Yep… Deni.. Merenava nam jon… Merennama oni..
Thanks ……………….good luck ………….
ජොන්වයි ටිරියන්වයි මරයි ද්‍රෝහී උනා කියල
අම්මෝ… ඇති යන්තම් 😮 ටැංකූ අක්කෙ රිවීව් එකට