ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

සිහසුනේ සැබෑ උරුමය සහ සිහසුනට ගැළපෙන්නා

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo


ජේමි මේ අයන් ත්‍රොන් එක උරුම නැතිවම තියෙද්දිත් එක පාරක් ඉඳගත්තා. ඒ මෑඩ් කිං මරලා ඔහුගේ මිනිය පසෙක තියෙද්දි. නෙඩ් රෙඩ් කීප් එකට ඇතුළු වෙද්දි, ඔහු ජේමි යකඩ සිහසුනේ ඉන්න බව දකිනවා. නෙඩ් ජේමි වරදකරු ලෙස නම් කළත්, රොබට් සර්සිව විවාහ කරන් ඔහුට සමාව දෙනවා. එතැනින් තමයි, ජේමි සහ නෙඩ් ගෙ නොනවතොන ආරෝව පටන් ගන්නෙ. දුටු තැන අනං මනං කියාගන්න ගතිය එන්නෙ එතැනින්. හැබැයි අපි කාගෙත් හදවත් නතු කරගත්තු නෙඩ්, එදා එක මෝඩ වැඩක් කළා. නෙඩ්, මෑඩ් කිං මරා දාපු එක ගැන, ජේමි යකඩ සිහසුනේ හිඳ ගත්ත එක ගැන පැමිණිලි කළාට, එතැන සිද්ධ වුණේ මොකක් ද කියලා කියන්න, ජේමිට අවස්ථාවක් දුන්නෙ නෑ..

එතැන ඉඳන් ජේමි නිකම්ම කින්ග්ස් ස්ලේයර් හෙවත් රජුන් නසන්නෙක් වෙනවා. ඒ නම නිසා ඒ මනුස්සයා නවයොවුන් වියේ සිට, දැන් මැදි විය පහු කරමින් සිටියදී ඉන්නෙත්, දැඩි අපකීර්තියක කියල අපිට පේනවා. ජේමිට සිංහාසනයට ආසාවක් තිබෙනවා. බලයට ඕනෙ කෙනෙක් ආසයි. ඒත්, ජේමි ගෙ චරිත පරමාර්ථය සිංහාසනය නෙවෙයි.. ජේමිගෙ චරිතයට අවශ්‍ය අපකීර්තිමත් ඉතිහාසයෙන් ගැලවෙන්න.

ජොෆ්‍රි තමන්ගෙ පුතා බව ජේමි දන්නවා. ඒත් ඒ පුතා නීත්‍යානුකූලව තමන්ගෙ බෑණා විදිහට සැකකුවත්, ජේමි කෙරෙහි කිසිම ගෞරවයක් පෙන්වන්නෙ නෑ..ඔබට මතක නම්, ඔහු කින්ග්ස්ගාර්ඩ් එකේ පොත පෙරළමින් ජේමිට කරපු අපහාසෙ සිහි කැඳවන්න. එහි පිටු කාලක පමණ, ඔහුගේ අපකීර්තිමත් ක්‍රියාව පමණක් රැඳී තිබ්බා.

ඔහුගෙ වටිනාකම තියෙන්නෙ මේ පොත යහපත් දෙයකින් පිරෙන තරමට. කතාව ආරම්භයේ අතිශය ප්‍රති වීරයාගේ චරිතය නිරූපණය කළ ඔහු, ක්‍රමයෙන් සීසන් 7අවසන් වන විට, වීරයාගේ මාවතේ ගමන් කරනවා. ඔහු හැම වෙලේම තෝර ගත්තෙ ජීවත් වෙන අයගෙ පැත්ත.

මෑඩ් කිං සියලු දෙ ගිනි බත් කරන්න කියද්දි..ඔහු රජු ව මර දැම්මෙ මුළු නුවරම වෙනුවෙන්..(මෑඩ් කං එහෙම කෑ ගැහුවෙ, බ්‍රෑන් වෝග් වුණ නිසා කියන එකයි දැන් මතය) ඒත් ඒක ජේමිදන්නෙ නෑ. ඔහු දන්නෙ, මිනිහෙක් පිස්සුවෙන් සියලු දෙනා පුච්චන්න කියනවා. ඒ මිනිහා රජා. පිච්චීමක් කරන්න දේවල් ඔහු ළඟ තියෙනවා.. ඔහු ඒ දේ කළොත්, නුවරම විනාශයි. ඉතින් මොළේ හොඳටම ඇති එකා කරන්නෙ, හානි අවම කර ගැනීම.. ඉතින්, ඒ වෙලාවෙ හොඳම දේ තමයි.. ජේමි කළේ..

අවස්ථාවෙ කරන්න පුළුවන් උපරිම දේ කරන එක ජේමිගෙ හැටි. ඒ නිසා ජේමි අනිවාර්‍යෙන් ඉතා විශාල කැපකිරීමක් කරන්න පුළුවන් ගුප්තම චරිතයක්..කොටින්ම තවමත් අසෝර් අහායි ලෙස නයිට් කිං ව මරන කෙනා ජේමි නොවේවිම කියන්න කාටවත් බෑ..ජේමි කීර්තිය උපයා ගන්න ඕනෙ..ඒකට රජෙක් වෙලා බෑ. පහු ගිය රජවරු, රැජිණියන් කිසි කෙනෙක් කීර්තිමත් නෑ…මං ආසයි, පුද්ගලිකව ජේමි වීරයෙක් ලෙස මිය යනවාට..

ගෙන්ඩ්‍රි ගැන කියනවා නම්, ගෙන්ඩ්‍රි තමන්ගෙ මවට කහ පැහැ හිසකෙස් තිබූ බව කියනවා. සර්සි තමන්ට ලැබුණු පළවෙනි පුතුට කලු හිසකෙස් තිබූ බව කියනවා. ඇත්තටම හුඟ දෙනෙක් ක්ස්තා කරන fan theory එකක් තමයි.. ගෙන්ඩ්‍රි ගෙ මව් සර්සි කියන තියරිය.. රොබට් ට උරුම කරුවන් නැති කරන්න..ටයිවින් ලැනිස්ටර් විසින් ලැනිස්ටර් ලේ රජ කරවන්න ගහපු ගැටයක් වෙන්නත් පුළුවන් මේක.ඒත්, ටයිවින්ට සර්සි සහ ජේමි එක්ව දරුවො වැදූ බව කියද්දි, යන තරහෙ හැටියට ඒක හිතන්න අමාරුයි. සමහර විට ගිල්ටි ෆ්‍ර්ර්ලිං එක නිසාම කුපිත වුණා වෙන්න පුළුවන් ..

ඒත් ගෙන්ඩ්‍රි කියන්නෙ, සර්සිගෙම පුතා නම්, ඔහු නොමළ බව ඔප්පු කරන්නත්, බ්‍රැතියන් බාස්ටර්ඩ් කෙනෙක් නොවන බව පෙන්වා දෙන්නත්, ලොකු වෙහෙසක් දරන්න වෙනවා.ඒක පහසු දෙයක් නම් නෙවෙයි. බ්‍රැන්ගෙ විෂන් එකක් වත් ඕනෙ, සමස්ත දර්ශනය ම නොදැක සර්සි ඒක පිළිගනීද? අනික ඒ ෆෑන් තියරිය ඇත්තක්ම වෙන්න මට නම් කල් මදි හා හේතු ත් මදි. ඒ පිළිබඳ නාටකය පුරා සංකේත භාවිතා වුණා මදි. කොහොම වුණත් සාමාන්‍ය ක්‍රමය යටතේ ගෙන්ඩ්‍රි තවමත් බාස්ටර්ඩ් කෙනෙක්…

දැන් මං මුලීක කතාවට එන්නම්..

සර්සි දැන් තනි වෙලා. යූරෝන් ගෝල්ඩන් කම්පැනිය එක්ක ආවාම සර්සි, කොයි වගේ තීරණයක් ගනීද දන්නෙ නෑ..යූරෝන්ගෙ ප්‍රතිචාරය අපි දන්නෙත් නෑ.. වින්ටර්ෆෙල් සටන පැරදුණාම, පසුබහින මිත්‍ර පාර්ශව වලට, සර්සි කොහොම දකුණේ සිට ප්‍රතිචාර දක්වයිද? ඒක යහපත් එකක් වෙන්න බෑ..

මා මිත්‍ර තාරක කල්දේරා ට අනුව, නපුරු කුඩම්මා සහ නිදි කුමාරි කතාන්දර තියරිය මෙතෙන්ට ආදේශ කළොත්, සර්සි සන්සාව පැහැර ගැනීමක් ගැන හිතන්න පුළුවන්..ඒත් අතමානෙ ඩැනී ඉද්දි, මොකටද සන්සා? 
1.ඩැනී අහු නොවීම
2.ටිරියන්ට රිදවීම හෝ ටිරියන් ව නම්මා ගැනීම (සර්සිට අනුව ටිරියන් සන්සාට ආදරෙයි.)
3. ජොන් ව සටනකට පොළඹවා ගැනීම.

අපි ක්‍රිප්ට් ප්‍රොමෝ එකේදි, ජොන් ආර්‍යා දෙන්නම සන්සා රකින බව දුටුවා.ආර්‍යා ගෙ ලිස්ට් එකෙත් සර්සි ඉන්නවා. කොහොමත් ඇගේ අනාවැකියෙ තිබ්බ කොළ ඇස් ඈ මැරුවෙ නෑ තාම. වොලන්කා කියන්නෙ බල සහෝදරයා ( ඒ භාෂාවෙ ලිංග බේදයක් ඒ වචනෙට නෑ) සර්සි ව මරන්නෙ ආර්‍යා ද? සමහරවිට, ටිරියන් හෝ ජේමිද? ඈ තමන්ගේම කඳුලේ ගිලී යන්නට කුමක් සිදු වේවිද?

නූපන් දරුවා මිය යාමට වඩා දෙයක් වෙන්නම ඕනෙ. දැනට හරියටම ලේ පරම්පරා ව ගෙනියන්න පුළුවන් මහ වංශ දෙකක් ඉන්නවා. එකක් ලැනිස්ටර් අනික ටාගේරියන්.. අනෙක් ඔක්කොම සෝදාපාළු වෙලා.. ඒත් තවමත්, ඒ වංශ දෙක දුවන්නෙ, Cripples Basterds and Broken things වලින්..අනාගතයක් හිතන්න ම බෑ.. මේ සීසන් එක තමයි, එය එහෙම නොවෙන බව ඔප්පු කරන්න පුළුවන් තැන.

කොහොම වුණත්, ජීවත් වෙන පිරිස දින්නොත්, සිංහාසනේ කවුරු හරි ඉඳගනී. එහෙම නැත්තම් ඔවුන් වෙනත් පාලන ක්‍රමයක් ගේන්න එපෑ. සන්සා මේ වෙනකල් ආපු හමන නිසා, ඈ වගේ සෑහෙන කැඩුණු බිඳුණු කෙනෙක් තමයි, සිංහාසනය පැවතුණොත් ඊට සුදුසු.. ඒත් සිංහාසනේ ගොඩක් වෙලාවට සුදුසු කෙනා ඉඳගන්නෙ නෑ. ජොන් , ඩැනී ඉන්නෙ සිංහාසනේ ට ඉහළින්. ඔවුන් මේ සටනට කැප වෙන්න ඕන.. ආර්‍යා සිංහාසනය හෝ රාජ්‍ය රකින කෙනෙක් මිස, හිඳගන්නෙක් වෙන එකක් නෑ.

තව දවස් කීයද? අපි බලා ඉමු. කොහොමත් සිංහාසනේ ඉඳගන්නත් එය ඉතිරි වේවිද කියන්නත් තවම සංකාකූල හිතිවිල්ලක් නෙ.

Author

One thought on “සිහසුනේ සැබෑ උරුමය සහ සිහසුනට ගැළපෙන්නා

  • කට්ටිය වින්ටර්ෆෙල් වලදී පැරදිලා තව මකරෙකුත් මැරිලා ඩනීට ලමයව හම්මබ වෙලා, පස්සේ කට්ටියම රිවර් ලෑන්ඩ්ස් වලට පහු බහියි.ජේමි එන්න එතනදී සෙට් වෙයි.රිවර් ලැන්ඩස් වල පාලකයා ටලී කෙනා දැන් ඉන්නේ ලනිස්ටර් බාරයේ නිසා ජෙමි එයාව නිදහස් කරයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *