කොමික්දැනුමටපුවත්වගතුගසියල්ල

DC සිනමා විශ්වයේ පැතිකඩක ඇවිද යමු

මේක පොඩ්ඩක් වෙනස් විදියේ ලිපියක් වෙයි. කට්ටිය දැනගත්තොත් හොඳයි කියලා හිතෙන විස්තර ටිකක් සහ බලන්න වටින වීඩියෝ ටිකකුත් අරගෙනයි ආවේ. මුලින්ම කියන්න ඕන මම අංක එකේ DC රසිකයෙක්. ඒකෙන් කියවෙන්නේ නෑ මම Marvel එකට කැමති නැහැ කියලා. ඒත් DC Comics Characters ටික තමයි සුපිරිම!

DCEU එකේ ගමන Man of Steel (2013) චිත්‍රපටියත් එක්ක සුපිරියටම පටන් ගත්තා. ගොඩක්ම පැහැදිලි විස්තරාත්මක කතා පුවතක් එක්ක පරිපූර්ණයි කියලා කියන්න පුළුවන් විදියේ ලස්සන Superman Movie එකක් නිර්මාණය කරා. ඒත් එක්කම 2013 දී Zack Snyder, San Diego Comic-Con 2013 (at Hall H) එකේදී Man of Steel Sequal එකක්, එහෙමත් තවත් සුපර්මෑන් සලරුවක් ගැන නිවේදනය කරා. ඒකත් කරේ හරි අපූරු විදියකට. මම හිතන්නේ කට්ටිය Batman: The Dark Knight Returns Part 2 එහෙම බලලා ඇති. ඒකේ බැට්මෑන් සහ සුපර්මෑන් අතර සටනේදී බැට්මෑන් ස්පර්මෑන්ව පරාජයට පත්කරන ගමන් මෙන්න මෙහෙම දෙබසක් කියනවා. මේ වැකිය Frank Miller කියන ලේඛකයාගේ නිර්මාණයක්.

“I want you to remember, Clark, in all the years to come, in your most private moments, I want you to remember, my hand, at your throat. I want you to remember, the one man who beat you!”

ඉතින් ඔන්න ඔය වැකියෙන් තමයි එදා Announcement එකේදී ඉඟිය දුන්නේ. ඊට පස්සේ Movie එකේ Logo එක පෙන්නුවා. බලන් හිටිය කට්ටියගෙන් පිස්සු හැදෙන Reactions ටිකක් තමයි ලැබුණේ. අදටත් ඒක බලද්දී මටත් මාර ගැම්මක් එනවා. ඒත් මේ වෙනකොට වැඩේ ටිකක් අනාගෙන ඉන්න බව මතකයට එනකොට කළකිරෙනවා. ඉතින් බලන්නකෝ ඒ වීඩියෝ එක.

කොහොමින් හරි Batman V Superman (2016) චිත්‍රපටය නිකුත් වුණා. නරකමත් නෑ. හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ගොඩක් ලැබුණා. ඒත් රසිකයන්ට DC Comics ගැන ඉදිරියට හොඳ JL සලරූ පෙළක් එයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන් මට්ටමෙන් චිත්‍රපටය තිබුණා. ඒ වගේම අධ්‍යක්ෂක Zack SnyderDC Characters සමග ඉදිරි ගමනකට ලොකු දැක්මක් තිබුණු බව නම් සත්‍යයක්.

මේ අතරේ එක්තරා නාලිකාවක Batman නළු Ben Affleck  සමග තිබුණු වැඩසටහනකදී BvS Film එකේ දක්නට නොලැබුණු අමුතු දර්ශන පෙළක් හෙලිදරවු කරා. ඇත්තටම කිව්වොත් ඒක විනෝදාත්මක වීඩියෝවක් වශයෙන් නිර්මාණය කරපු එකක්. මේ සිදුවීම වෙන්නේ Lex Luthor ගේ උත්සවයේදී බෘස් වේන් සහ ක්ලාර්ක් කෙන්ට් මුණගැහෙන අවස්තාවෙදී.
මෙන්න ඒ වීඩියෝව. ඒකත් බලලාම ඉන්නකෝ.

Batman v Superman: Dawn of Justice (2016) න් පස්සේ DC Comics රසිකයන්ට Wonder Woman (2017) සලරුව දැකබලාගන්න ලැබෙනවා. ඒකත් ගොඩක් සාර්ථක වුණු ලස්සන චිත්‍රපටියක්. ඊට පස්සේ තමයි ඔන්න වැඩේ චොර කරගන්න තැනට එන්නේ, Justice League (2017). හැබැයි පස්සේ ආපු Aquaman (2018) සහ Shazam (2019) නම් නොසිතූ මට්ටමින් සාර්ථක වුණා. Netflix එකේ වැඩ නිසාද කොහෙද Henri Cavil (Superman) ට ශසෑම් එකේ අර අන්තිම කොටස රඟදක්වන්න නොහැකි වෙලා තියනවා. ඒත් ඒක එච්චර අවුලක් වුණේ නැහැ. ඒ වගේම WW 2 (Wonder Woman 1984) ත් නිසැකවම සාර්ථකයි. මේ දවස්වල Joker (2019) ත් වාර්තා පිට වාර්තා තියාගෙන යනවා. හැබැයි ඒක නම් මේ අපි කතාකරන Justice League කතාපෙළට අදාලත්වයක් නැහැ.

DC Animation Movies හැම එකක්ම වගේ මම බලලා තියනවා. ආයේ කියන්න දෙයක් නැහැ, සුපිරිම තමයි. බයිස්කෝප් වෙබ් අඩවියේ ඒවාට සිංහල උපසිරැසිත් දීලා තියනවා. JL එකේ නියම සිදුවීම් රැසක් එක්ක සුපිරි ඇනිමේශන් ෆිල්ම් සෙට් එකක්. ඒත් දැන් DC Extended Universe එකේ Justice League (2017) සිනමාපටය ගැන කතාකරොත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ මුලින් ඒක කොටස් දෙකකට තමයි එන්න තිබුණේ. දෙවැනි කොටස 2019 තමයි තිරගත වෙන්න තිබුණේ. ඒත් දේවල් හිතුව තරම් හොඳට සිද්ධ වුණේ නැහැ. අධ්‍යක්ෂක Zack Snyder ට වැඩේ අවසන් කරන්න වුණේ නැහැ. ඒ වෙනුවට WB එකේ මහත්තුරු කරපු වැඩේ Joss Whedon කියලා කෙනෙක්ට වැඩේ බාරදුන්නු එක. ඉතින් මේ සිදුවීම ගැන මීට කලිනුත් ලිපි පළවෙලා තියන නිසා මම වැඩිය ඒ ගැන විස්තර කරන්න යන්නේ නෑ. කොහොමවුණත් ඒකෙන් චිත්‍රපටයේ අසතුටුදායක විදියට වෙනස්කම් ගොඩක් සිද්ධවෙලා තිබුණා.

ඉතින් ඒ අතරින් සුවිශේෂී වගේම වැදගත් දේවල් කිහිපයක් ගැන මම සඳහන් කරන්නම්.

* I am Entropy. I am Death. I am Darkseid. ආ.. හම්මෝ… වූහ්…හු.. හූ… Darkseid අයියව ඉතින් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. Thanos ටත් හොම්බෙන් යන්න දෙන්න පුළුවන් මෙයාට. මේ යකාගේ  Omega Beams පාරක් එහෙම වැදුනොතින් පැවෙත්මෙන් මැකිලාම යනවා කියලත් කියනවා Justice League Original Snyder Cut එකේ දී යුක්ති එකමුතුවේ අතිශය ප්‍රබලතම සතුරා වන ඩාර්ක්සයිඩ්ගේ දර්ශන පෙළක් තිබිලා තියනවා. ඒක නිළ වශයෙන්ම තහවුරු වෙලා ඉවරයි. Zack Snyder ඒක Vero කියන Website එකේ තමන්ගේම ගිණුම හරහා හෙළිදරව් කරලා තියනවා. ඒකත් හරියටම පියවරුන්ගේ දිනයේදී. පහළින් තියෙන්නේ ඒ පිංතූරය. අපි හැමෝම බැලුව චිත්‍රපටයේ නම් එතන හිටියේ Steppenwolf. Joss Whedon ගේ වැඩනේ ඉතින්…

මේ පිංතූරයේ ඉන්නේ Darkseid කිව්වට ඇත්තටම තරුණ Darkseid. එතකොට එයාගේ නම Uxas.

කොහොමවුණත් හරියට නිගමනය කරන්න බැරි ලොකු කතාවක් මෙතන තියනවා. BvS එකේ බැට්මෑන් දැක්ක හීනය ගැනත් අමතක කරන්න බැහැ. ඒකටත් මේකේ සම්බන්ධයක් තියනවා. ලුයිස් ලේන්ගේ මරණයෙන් පස්සේ දරුණු විදියට වෙනස්වුණු සුපර්මෑන් කෙනෙක් තමයි එතන දකින්න ලැබුණේ. ඒ හැමදෙයක්ම පිටිපස්සේ ඩාක්සයිඩ් තමයි ඉන්නේ.

Darkseid ගේ ග්‍රහලෝකය Apokolips නේ. ඉතින් ඒ පැත්තේ වෙන දේවල් ගැන බොහොමයක් විස්තර New Gods චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙයි.

* ඒ වගේම Steppenwolf ව දැක්කට වඩා වෙනස් විදියකට තමයි නිර්මාණය කරන්න ඉඳලා තියෙන්නේ.

මතක ඇතිනේ  Batman v Superman: Dawn of Justice (2016) එකේ අවසාන හරියේ ලෙක්ස් ලූතර් යානාව ඇතුළෙ හිටපු ටික. Zack Snyder විසින් Doomsday වගේම, දරුණු පෙණුමක් තියන Steppenwolf කෙනෙක්ව තමයි ඉදිරිපත් කරන්න ඉඳලා තියෙන්නේ.

* Snyder Cut එකේදී Cyborg ටත් වැඩි අවධානයක් දීලා තියෙනවා. සයිබෝර්ග්ගේ අපි නොදැකපු ඒ වගේ දර්ශන කිහිපයක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

* ඒ වගේම Justice League Trailer එකකත් අපිට දැකගන්න ලැබුණා Alfred සුපර්මෑන් එක්ක කතාකරන කොටසක්. ඒත් එක්කම Original Version එකේ Superman ගේ Black Suite එක ඇතුළුව තවත් සිදුවීම් කිහිපයක් තිබිලා තියනවා. මේ වීඩියෝ එකෙන් මගහැරුණු ඒ වගේ දේවල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි.

* Batman v Superman එකේදී බෘස් දකින Flash ගේ අනතුරු ඇඟවීම ගැන බෘස්, බැරී ඇලන්ට කියන කොටසක් වගේම අයිරිස් වෙස්ට්තුත් අපි නොදැකපු ස්නයිඩර් මහත්මයාගේ සලරුවේ ඉඳලා තියනවා. ඒවයින් ටිකක් Trailer එකකත් පෙන්නුවානේ. Green Lanterns ලගෙත් අපි දැක්කට වඩා දර්ශන පෙලක් එක් කරන්නයි Snyder-Cut එකේ සැලසුම් කරලා තිබුණේ.

හරි ඉතින් ඔය කිව්වේ අන්තර්ජාලයෙන් මට දැනගන්න ලැබුණු දේවල් ටිකක්. ඉවර නෑ, තවත් කියන්න දේවල් ටිකක් තියනවා.

#ReleaseTheSnyderCut කියලා හෑෂ් ටැග් එකකුත් සයිබර් අවකාශය පුරා පහුගිය ටිකේ ඉඳන්ම බහුලව භාවිතා වෙනවා. ඒ වගේම DC රසිකයෝ එකතුවෙලා Snyder Cut එක වෙනුවෙන් ලොකු Campaign එකක් පවා වෙනම කරගෙන යනවා. වැඩේ කියන්නේ WB එකට ලියුමකුත් යවලා. ඒ වගේම සමහර තැන්වල ලොකු බැනර්/පෝස්ටර් එහෙමත් ගහලා තියනවා. Zack Snyder මහත්මයත් මේ වැඩේ කරගෙන යන එක ගැන සතුට පළකරලා තියනවා. Deadpool නිර්මාතෘවරයෙක් වන Rob Liefeld පවා “Just Release the Cut” කියලා මේ වැඩේට සහයෝගයක් වශයෙන් ප්‍රකාශයක් කරලා WB එකට ස්නයිඩර් කට් එක එළියට දාන්න කියලා මාධ්‍ය හමුවේ සඳහනක් කරලා තියනවා.

මේ පිංතූර ටිකත් පොඩ්ඩක් බලන්නකෝ එහෙනම්. මේවගේ ගොඩක් තියනවා. ඒත් ඉතින් ඔක්කොම මෙතන දාන්න බෑනේ. කැමති නම් Internet එකේ Search පාරක් දාලා බලන්න. ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.

කියන්න තවත් ආරංචියක් තියනවා. The Dark Knight කියන්නේ DC එකේ ප්‍රබලම චරිතයනේ. කට්ටිය Batman Arkham Origins, Arkham Knight වගේ ගේම් එහෙමත් ගහලා ඇතිනේ. ඇත්තටම කිව්වොත් ප්‍රේක්ෂකයෝ තෘප්තිමත් වෙන විදියේ බැට්මෑන් කෙනෙක් තවමත් සජීවී සිනමාපටයකින් බිහි වුණේ නැහැ. Ben Affleck, Batman චරිතයෙන් ඉවත් වෙලා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති. අලුත් කෙනා Robert Pattinson කියලා තමයි ආරංචිය. අර Twilight එකේ ඉන්නේ මෙයා තමයි.

ඒ කියන්නේ කතාව තරුණ බෘස් වේන් කෙනෙක් වටා ගෙතෙන්නයි යන්නේ. වෙනම Film Series එකක් විදියට ගෙනියයිද, නැත්තං කොහොමහරි JL එකට ගැටගහයිද කියල නම් හරියට දැන්ම කියන්න දන්නෑ. කොහොමවුණත් මැදිවියත් පහුකරගෙන යන බැට්මෑන් චරිතයක් එක්ක League එක ඉස්සරහට ගෙනියනවට වඩා තරුණ චරිතයක් එක්ක කතාව ගොඩනගාගෙන යන එක හොඳ වෙයි කියලයි මගේ අදහස.

ලෝකේ හොඳම සුපිරි වීර චරිත ටිකත් (ඒ වගේම සුපිරි දුෂ්ට චරිත ටිකත්) තියාගෙන DC එක WB එකත් එක්ක ඉස්සරහට තමන්ගේ රසිකයන්ට මොනවගේ නිර්මාණ ටිකක් තිළිණ කරයිද කියලා අපි බලාගෙන ඉමුකෝ එහෙනම්.

කට්ටියටම ජය වේවා! බයිස්කෝප් අඩවියත් ජයෙන් ජයම පතනවා! පුළුවන් වුණොත් පස්සේ තවත් ලිපි වලින් හම්බවෙමු.
හැමෝටම බුදුසරණයි..!

මගේ Instagram එක… https://www.instagram.com/mastercyberbloke/
Youtube Channel එක… https://www.youtube.com/channel/UCTav8Uaae_Fyg3LRbUlHGZg/

Author

6 thoughts on “DC සිනමා විශ්වයේ පැතිකඩක ඇවිද යමු

  • DC thama supiri.Batman begins,The Dark Knight ,The Dark Knight Rises ai kiyala vadak na.Eke ragapapu Christian Bale eyath elama thama.Anagathayedi thavath hoda dc movie ekak balaporoththu vemu.

    Reply
  • Meayat tv searious wala inn charith film ekt gnn bid arrow flashl ehem

    Reply
  • TANUKA, kalanawasala,
    ස්තූතියි Comments වලට. 🙂 ඔයගොල්ලෝ කිව්වත් වගේ නළු නිළියෝ තෝරද්දී බොසාලා ටික ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඉතින් එතන වරද්දගත්තොත් කතාවත් එපා වෙනවනේ. ඒ වගේම ඉතින් මෙච්චර පුළුල් කොමික් කතා විශ්වයක් තියාගෙන ඒ කට්ටිය මොනාද මේ කරලා තියෙන්නේ කියන එක ගැන නුදුරු අනාගතයේදීවත් අපිට සතුටුවෙන්න පුළුවන් විදියේ දේවල් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන බලා ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දේකුත් නෑ.

    මං හිතන්නේ ඉක්මනටම හරිපාරට වැටෙයි.

    Reply
  • charactors walata naluwo thoraddi super man aqva man flash wonder women maru eth bat manta ganna tibune transfomer the last knigh ekeinna pora wage kenek
    cyborg ta black panther eke villen ta inna naluwa
    arrow ehema gannawanan stepn amel ara hariyanne na

    Reply
  • supiri bro sirama maru thawa dannati dewal hoyaladanna bn math jl witharamai

    Reply
  • සිරාම මාවර්ල්ලාට වඩා හොන්ද කොමික් පසුබිමක් ඩිසීලට තියනවා මොකක්ද කරුමෙට එකෙන් උන් වැඩක් ගන්නෙ නෑ….ඉස්සරහට වෙනස් වෙයි අනිවා….ඇවෙම්ජස්ලට ඉන්න හතුරෝ ටික ටික අඩු වෙනවනේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *