කොමික්පුවත්වගතුගසියල්ල

Deadpool vs. Gambit | ඩෙඩ්පූල්ට එරෙහිව ගැම්බිට්

මාර්වල්හි “කට කැඩිච්ච කුලී හේවායා” සහ ඔවුන්ගේ තවත් හැඩකාර චරිතයක් මේ ග්‍රීෂ්ම සෘතුවේ එකට ගැටීමට සූදානම් වන බවක් අන්තර්ජාල තොරතුරු වලින් වාර්ථා වෙනවා. මේ ඝට්ටනය Deadpool vs. Gambit නමින් නව මිනි සීරියස් (Miniseries) ලෙසින් එලි දැක්වෙන්නයි සූදානම. මේ කතාව පදනම් වනුයේ වේඩ් විල්සන් සහ රෙමී ලෙබිය්‍යූ අතර ඇති රහසිගතව පැවතුනු ඉතිහාස පාදක කතාවක් බවටයි දැනට කෙටියෙන් තොරතුරු හෙලිදරව් කර ඇත්තේ.deadpool-vs-gambit

ලේඛක බෙන් ඇකර් සහ බෙන් බ්ලැකර් (Thunderbolts) සහ කලාකරු ඩැනීලෝ බෙයිරූත් (Gwenpool) සූදානමින් ඉන්නවා මේ ඩෙඩ්පූල් සහ ගැම්බිට් දෙදෙනා රැවටිල්ලෙන් ජීවත්වුනු ඒ අතීත කාලය පිලිබඳ කතාව රසික අපට ඉදිරිපත් කරන්නට. මේ දෙදෙනා දිගු කාලීනව මිනිස්සු රැවටීමෙන් ජීවත් වෙන අතරතුර දෙදෙනා අතර ඇතිවෙන එදිරිවාදිකම් වලින් කතාව ආරම්භ වන බවයි තවදුරටත් දැනගන්නට ලැබෙන්නේ. කතාව පිලිබඳ වැඩි විස්තර තවමත් අප්‍රසිද්ධව ගෙතෙමින් පවතින අතර, මේ කතාව අනුව වේඩ් විල්සන් සහ රෙමී ලෙබිය්‍යූ දෙදෙනා අතර ලොකු ඉතිහාසයක් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.deadpool-vs-gambit-170675

මෙම කතාව කොටස් 5ක් ලෙසින් නිකුත් කිරීමට සූදානම් බවයි සඳහන් වෙන්නේ.

රයන් රෙනෝල්ඩ් ගේ රංගන දායකත්වයෙන් රූගත වුනු ‍Deadpool චිත්‍රපටය දැනට ඇති වාර්ථාගත Box Office වාර්ථා බිඳහෙලමින් ඉදිරියට යන අතර, චැනින්ග් ටැටම් (Channing Tatum) ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් ඉදිරියට පැමිණීමට නියමිත Gambit චිත්‍රපටයත් සමග මෙම කතා සංකල්පයන් හොඳින් මුසු වීමට ඉඩ තිබෙනවා. දැනට මෙම චරිත දෙක අතර ඇතිවෙන ආරවුල් පරණ විදියටම කොමික් රසිකයින්ට කොමික් පොත් හරහා රසවිඳින්න පුළුවන් වෙන නමුත්, මේ කතාව පාදක කොටගෙන ඉදිරියට චිත්‍රපට නිර්මාණය කිරීමට සූදානමක් පිලිබඳ තවමත් කිසිම පුවතක් දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් දැනට යන කොමික් රැල්ල සහ ඩෙඩ්පූල් චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමග අපට මේ කතාව පාදකව චිත්‍රපටයක් දැක බලාගන්නට හැකිවේය යන බලාපොරොත්තුවෙන් සිටියාට පාඩුවක් වෙන එකක් නෑ.  🙂 GambitWallv2-768x480

ඩෙඩ්පූල්ට එරෙහිව ගැම්බිට් #1 පොත මේ වසරේ ජූනි මාසය තුල ඔබට වෙලඳසැල් තුලින් මිලදී ගන්නට හැකිවේවි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *