Dracula Untold (2014) – [අන්ධකාරයේ කුමාරයා…]
අද ඔයාලට මම අරගෙන ආවේ ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ් කියන සලරුව ගැන පොඩි විස්තරයක්. හැබැයි ඉතින් පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුනාට චිත්‍රපටය තුල ගලා යන කතාව නම් තවම සඳහන් වෙන්නෙ නෑ. මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Gary Shore කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මේ සලරුවට පාදක වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න බ්‍රෑම් ස්ටෝකර් නම් අයර්ලන්ත ජාතික නවකතාකරුවා විසින් ලියන ලද ඩ්‍රැකියුලා නම් නවකතාවයි.නමුත් පොතේ තියෙන විදිහටම කතාව ගලාගෙන යයි කියලත් හිතන්න අමාරුයි. චිත්‍රපටය බෙදා හැරීම සිදුකරන්නේ යුනිවර්සල් සමාගම විසිනුයි.

නිකුත්වෙන්න තියෙන්නෙ මේ වසරේ ඔක්තෝබර් මාසයේ 17 වෙනිදා. මේ සලරුවේ එන ප්‍රධාන චරිතය වන Vlad III Tepes, එහෙමත් නැත්නම් ඩ්‍රැකියුලාගේ චරිතයට පන පොවන්නෙ Clash of the Titans, Immortals, The hobbit, Fast and Furious 6 වැනි චිත්‍රපටවල ඉතා දක්ෂ රංඟනයක යෙදුනු Luke Evans විසිනුයි. Vlad ගේ බිරිඳ විදිහට රංඟනයෙන් දායක වෙන්නේ Sarah Gadon. Sultan ලෙස Captain America: The first avenger,Abraham Lincoln: Vampire Hunter, Dead Man Down, Need for Speed වැනි චිත්‍රපට හරහා අප අතරට ආ Dominic Cooper රංඟනයෙන් දායක වෙනවා. ඊට අමතරව Baba Yaga නම් නපුරු මායාකාරිය ලෙසින් Samantha Barks ද, Van Helsen ලෙසින් Josh Kervarec ද රංඟනයෙන් දායක වෙනවා.
කොහොම නමුත් මේ චිත්‍රපටයේ ඩ්‍රැකියුලා සිටුවරයාගේ චරිතය රඟපාන්න නියමිත වුනේ Clash of the Titans, Wrath of the Titans සහ Avatar යන චිත්‍රපට වලට රංඟනයෙන් දායක වූ Sam Worthington. නමුත් ඔහුගේ මිල වැඩි නිසා යුනිවර්සල් සමාගම ඔහුව මේකෙන් ඉවත්කළා. ඊට පස්සෙ තමා Luke Evans ට මේ චරිතය සඳහා අවස්ථාව උදා වුණේ. ඇත්තම කිවුවොත් මමත් පෞද්ගලිකවම කැමතියි මේ චරිතෙ Luke ට දුන්න එක ගැන. මොකද ඔහුගේ මුහුනුවර Sam ට වඩා හොදින් මේ චරිතෙට ගැලපෙනවා. සලරුව බලද්දි ඔයාලට තේරෙයි. ඇත්තම කිවුවොත් ඩ්‍රැකියුලා පොත කියවද්දිත් මට මැවුනේ Luke ගේ රූපයට සමාන රූපයක් තමයි. මේ සලරුවේ රූපගත කිරීම නිල වශයෙන් ආරම්භ වුණේ2013 අගෝස්තු 5 වෙනිදා. ඒත් ඉතින් ඔයාලට මේ සලරුව බලන්න තව ටික කාලයක් ඉවසාගෙන ඉන්න වෙනවා. 🙂
thank you
elz
me katawa nm lassanata karala tiyanawa wage…
ow matat hitenne sam Worthington wada Luke Evans me charitheta gelapenawa kiyala…
ට්රේලරේ බැලුවම ෆිල්ම් ඒක බලන්න අසාවක් ආවා.. එනකල් ඉඅවසිල්ලක් නැතුව ඉන්නේ