ට්‍රේලර්දැනුමටපුවත්වගතුගවීඩියෝසියල්ල

Dunkirk Official Trailer 1 (2017) | බලන්න කලින් දැනගන්න : චිත්‍රපටයේ සියළු විස්තර හා පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග |

15578957_1174611559300741_1266876128063498313_n

Interstellar (2014), The Dark Knight (2008), Inception (2010), The Dark Knight Rises (2012), The Prestige (2006), Batman Begins (2005), Man of Steel (2013), Dunkirk (1958) වගේ නොයෙකුත් චිත්‍රපට වලට අධ්‍යක්ෂණයෙන් හෝ තිර රචනයෙන් දායක වුනු “Christopher Nolan” ව නොදන්න කෙනෙක් ඇත්තෙම නැති තරම්. නොදන්නවා නම් එක්කෝ මේ චිත්‍රපට බලලා නැති කෙනෙක්. එහෙමත් නැත්තම් චිත්‍රපටවල පසුබිම ගැන හොයා බලපු නැති කෙනෙක්. මේ වගේ සුපිරි චිත්‍රපට ගණනාවකටම දායක වූ ඔහු 2017 වසරේදී තවත් අපුරු චිත්‍රපටයක් අපිට තිළිණ කරන්න මේ වෙද්දී සුදානම් කරමින් යනවා. ඒ තමයි Dunkirk (2017). දින දෙකකට පෙර පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුණා. පුද්ගලිකවම මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන් ඉන්න මට හිතුනා පූර්ව ප්‍රචාරක පටය වගේම මේ චිත්‍රපටය ගැන විස්තර කිහිපයක් මංසල හරහා දුන්නොත් හොදයි කියලා.

මීට පෙරත් මේ නමින්ම 1958 වර්ෂයේ Christopher Nolan විසින්ම කළුසුදු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා ප්‍රදර්ශණය කළා. 2017 ජූලි මාසයේ 21 වැනිදා ඉදන් මේ අලුත්ම අලුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතයි. Christopher Nolan අතින්ම ලියවුනු වගේම අධ්‍යක්ෂණය වූ මේ චිත්‍රපටය Action, Drama, History කැටගරි වලට තමයි අයත් වෙන්නේ.

රංගනයෙන් දායක වන නළුවන් ගැන කතා කලොත්.. . .

Mad Max: Fury Road (2015), Legend (2015), The Revenant (2015), The Dark Knight Rises (2012), Inception (2010) යන චිත්‍රපට වගේම, Band of Brothers යන රුපවාහිනි කතාමාලාව හරහා දැකගන්න ලැබුණු “Tom Hardy.”

Anthropoid (2016), Inception (2010), Batman Begins (2005), The Dark Knight (2008) වගේ නොයෙකුත් චිත්‍රපට වලට දායක වූ “Cillian Murphy.”

The BFG (2016), Dunkirk (1958) හා තවත් චිත්‍රපට ගණනාවකටම දායක වූ “Mark Rylance.”

Thor (2011), Cinderella (2015) යන චිත්‍රපට සදහා “අධ්‍යක්ෂණයෙන්” දායක වූ “Kenneth Branagh.”

Agent Carter කතාමාලාවෙහි එඩ්වින්ගේ චරිතයට දායක වූ, Let’s Be Cops (2014), Jupiter Ascending (2015) යන චිත්‍රපට සදහා රංගනයෙන් දායක වූ “James D’Arcy.”

අවුරුදු ගාණක් එකම බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක ගායකයෙක් මෙන්ම එම සංගීත කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කරලා අවසානයේ 2016 මුල සිට කණ්ඩායමෙන් සියලුම සාමාජිකයන් සමග විසිර ගිය ONE  DIRECTION කියූ පමණින් බොහෝ දෙනාගේ සිහියට එන්නේ “Harry Edward Styles.” බොහොදනා ආදරය කලේ හැරීගේ කොන්ඩේටයි. නමුත් ඩන්කර්ක් චිත්‍රපටය සදහා ඔහුට කොන්ඩේ කැපීමට සිදුවුණා. මේ කොන්ඩේ කැපුවා කියලා ආරංචිය අන්තර්ජාලය පුරාම පැතිර ගිහින් බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.

“twitter” හරහා මේ ගැන ප්‍රචාරය වූ ආකාරය

harry-hair-460x480

33FB722D00000578-3580975-image-a-13_1462800083910

හැරී චිත්‍රපටයකට දායක වෙනවා කියලා දැනගත් දා ඉදන් තවමත් කිසිදු සෝලෝ ට්‍රැක් එකක්වත් නිකුත් නොවුන නිසා ඔහුගේ රසික/ රසිකාවියන් බොහෝදෙනා මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන්  බලාගෙනයි ඉන්නේ. සදහන් කරනවානම් චරිත ගණනාවක්ම ඉන්නවා. නමුත් ඉතින් ඔක්කොම සදහන් කරන්න යන්නේ නැහැ. 

ඩන්කර්ක්හී යුද්ධය.. . .

මොකක්ද ඇත්තටම මේ “ඩන්කර්ක්” කියන්නේ?

ඩන්කර්ක් කියන්නේ ප්‍රංශයේ මිත්‍ර පාර්ශ්වික හා ජර්මනියේ නාසි වරුන් අතර  1940 දෙවැනි ලෝක යුද්ධයක් වූ තැනක්. මේකත් “Battle of France” එහෙමත් නැත්තම් ප්‍රංශයේ ඇති වූ යුද්ධයේ කොටසක්. ප්‍රංශ යුද්ධය එහෙමත් නැත්තම් ප්‍රංශයේ බිදවැටීම කියලත් හදුන්වනවා. 1940 මැයි 10 වැනිදා ඉදන් සති හයක් පුරාවටම, ජර්මානු බලකාය මිත්‍ර බලකායන් ජංගම මෙහෙයුම් දියත් කරලා ප්‍රංශය, බෙල්ජියම, ලක්සම්බර්ග් දිනාගෙන තියෙනවා. 1944 ජුනි 06 වැනිදා දක්වා ගොඩබිම් මෙහෙයුමේ යෙදිලා තියෙනවා බටහිර පෙරමුණේ. පසු කාලීනව ඉතාලිය, ප්‍රංශය ආක්‍රමණය කරගන්න 1940 ජුනි 10 වැනිදා ඉදිරිපත් වෙලා තියෙනවා.

ඩන්කර්ක් යුද්ධය කියන්නේ බ්‍රිතාන්‍ය හා මිත්‍ර පාර්ශව ආරක්ෂා කිරීම හා ඔවුන්ව 1940 මැයි 26 වැනිදා සිට ජුනි 4 වැනිදා දක්වා සිදු වූ ඉවත් කිරීමේ මෙහෙයුමයි.  “Dunkirk evacuation – ඩන්කර්ක් ඉවත්කිරීමේ මෙහෙයුම” කේත නාමයෙන් හදුන්වලා තියෙන්නේ “Operation Dynamo” (ඩයිනමෝ මෙහෙයුම) එහෙමත් නැත්තම් “Miracle of Dunkirk” (ඩන්කර්ක්හී ප්‍රාතිහාර්ය) කියලත් හදුන්වනවා. ප්‍රංශයේ ඩන්කර්ක් මුහුදු වෙරළේ හා වරාය දක්වා මේ ඉවත් කිරීමේ කාර්යය සිදුකරලා තියෙනවා. මුහුදු තිරයට එහායින් තියෙන නැව් වලට යාම අතරේ මෙන්ම නැව් වලට නැග්ගට පස්සෙත් අහස් යාත්‍රා වලින් ඇවිත් පැහැර දීමක් සිදුවෙනවා.

1940 කාලයේ බ්‍රිතාන්‍ය බටයන් විසින් ඩන්කර්ක් මුහුදු තිරයේ ඉවත්කිරීමේ මෙහෙයුම කරන අයුරු

DUNKIRK1940

ඩන්කර්ක් (2017) චිත්‍රපටයේ ඉවත් කිරීමේ මෙහෙයුම සිදුවන අයුරු.. . .

Untitled

ඉතින් ඔන්න ඔහොමයි මේ අමානුෂික යුද්ධයක තවත් පැතිකඩක් ප්‍රේක්ෂකයා වෙතට ඉදිරිපත් කරන්න ලෑස්තිය. එහෙනම් ඉතින් චිත්‍රපටය ආවහම බලාගමුකෝ කොහොම වෙයිද කියලා.

ගිහින් එන්නම්.!! ජය!

සිංහල උපසිරැසි ගන්වන ලද පූර්ව ප්‍රචාරක පටය 👇👇

[youtube]https://www.youtube.com/watch?v=WZrz9mcmQ5Y&feature[/youtube]

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *