Dwayne Johnson ට වැඩ ගොඩයි.
‘Journey 2: The Mysterious Island (2012)’ චිත්‍රපටයෙහි ඉදිරිපත් කළ චරිතයෙන් සුපිරි රංගනයක නිරත වීම නිසා The Rockහෙවත් Dwayne Johnsonට හෝ ගාලා චිත්‍රපට හම්බෙන්ඩ පරන් අරගෙනලු. ඒ හේතුව නිසා ඉදිරි කාලෙදි ඔහු සුපිරි තරුවක් ලෙසින් වැඩි වැඩියෙන් චිත්‍රපට රංගනය හරහා දැකගන්ඩ ලැබෙයි කියල තමයි හිතාගන්ඩ තියෙන්නේ.
ඒ අතරට මේ වසරේ ගිම්හාන සෘතුවේ නිකුත් වෙන්ඩ තියෙන ‘G.I. Joe: Retaliation’ සහ ඉදිරියේදී නිර්මාණය කරන්ඩ යන ‘Fast & Furious 6’ අඩංගු වෙනවා. ඒ ඇරුණම Brett Ratner අධ්‍යක්ෂණය කරන ‘Hercules’ චිත්‍රපටයටත්, Russo සහෝදරයින් අධ්‍යක්ෂණය කරන ‘Ciudad’ චිත්‍රපටයටත්, ‘Snitch’ සහ ‘Pain & Gain’ යන චිත්‍රපට යුගලයටත් ‘Empire State’ නමින් වන තවත් චිත්‍රපටයකටත් ඔහුගේ රංගන කෞශල්‍යය නොඅඩුවම හිමි වෙන බව නොඅනුමානයි.
‘Faster (2010)’ චිත්‍රපටය හරහා සිනමා ලෝකය තුළ වැඩි අවධානයක් නතු කරගන්නට සමත්කමක් ඔහුට ලැබීමෙන් පස්සෙයි මේ තරම් ඉහළ ඉල්ලුමක් ඔහුට හිමි වුණා කියන්නේ. ඒ අනුව එන වසර ඇතුළත මේ ජන හද බැඳි WWE ශූරයා ඉන් බැහැරව සිදු කරන රංගනයන් සහිතව දැකගන්නට ලැබෙන චිත්‍රපට සංඛ්‍යාව 5 කට වැඩි වුණොත් මිස අඩුනම් වෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට ඔහු සිය ජීවිතයේත් තව කඩ ඉමකට ළඟා වෙලා ඉන්න බවක් සැලයි. ඒ තමයි ඔහුට මේ වසරේ මැයි මාසයේදී හතළිස් ඇඳිරිය ලබාපු එක.
Supirima naluwek thamai..Expendabales filmekata gathanam maru.