ට්‍රේලර්වීඩියෝසියල්ල

Edge of Tomorrow (2014) – හෙට දිනයේ ඉරණම්කාර යුද්ධය….

Edge of Tomorrow යනු ජූනි මස 06 වනදා ලොව වටා තිරගත වීම ඇරඹුණු තවත් සුපිරි ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයක් . මේ වනවිට 55වන වියේ පසු වූවත් තවමත් සිනමා රසිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වන ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පියෙක් වන Tom Cruise විසින් මෙම චිත්රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය ලබාදී තිබෙනවා .ඒ සමගම Emily Blunt සහ Bill Paxton ද මෙහි තවත් චරිත සඳහා දායක වී තිබෙනවා .මෙම චිත්රපටය සඳහා පාදක වී තිබෙන්නේ Hiroshi Sakurazaka විසින් රචනා කරන ලද All You Need Is Kill නම් කෘතියයි . සුපිරි ගණයේ ක්‍රියාදාම සහිත චිත්‍රපටයක් වන මෙය නිකුත් වන තුරු ලොව පුරා සිනමා රසිකයන් ඇඟිලි ගනිමින් සිටියා.

edge-of-tomorrow_banner

Doug Limon විසින් මෙහි අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා .Chistopher McQuarrie , Jez Butterworth හා Jhon Henry Butterworth යන අය විසින් තිරරචනය සිදුකර තිබෙනවා. මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Warner Bros. , Village Roadshow සහ 3Arts Entertainment යන සමාගම් ඒකාබද්ධයෙන් . Leavesden Studio , Leavesden ,Hertfordshire සහ එංගලන්තයේත් මෙහි දර්ශන රූගත කර තිබෙනවා. මේ සඳහා PG-13 වර්ගීකරණය හිමිවී තිබෙනවා. ඒ වගේම අති විශාල ප්‍රේහක්ෂක සංඛ්‍යාවකගේ මනාපයෙන් IMDb hi 8.1 ක් වැනි ඉහළ අගයක් ලබා ගෙන තිබෙනවා .

පිට සක්වල සමග කෙරෙන දරුණු යුද්ධයකට මුහුණ දෙන්නට සිදුවන Major William Cage (Cruise) හට අත්විඳින්නට සිදුවන විස්මයජනක අත්දැකීම් අතරේ තමයි මිනිත්තු 113 ක් පුරා මෙම කතාව දිග හැරෙන්නේ . සිනමා විචාරකයන්ට අනුව ටොම් කෲස්ගේ චිත්‍රතපට අතරින් මෙය ඉතාම විශිෂ්ට ගණයේ චිත්‍රටපටක් බවයි පැවසෙන්නේ . ඒ වගේම අපේක්ෂිත Box Office ආදායම ඇමරිකානු ඩොලර් 178,000,000 ක්. මෙම චිත්‍රණපටය මේ වනවිටත් සම්මාන කිහිපයක් සඳහා නාම යෝජනා වීමට තරම් වාසනාවන්ත වී තිබෙනවා . මේ වන විට නිකුත් වී ඇති මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමග නැරඹීමට ඉඩ සලසා දීමට අපේ බයිස්කෝප් කණ්ඩායම නුදුරු දිනයකදී කටයුතු කරාවී .

 

Author

8 thoughts on “Edge of Tomorrow (2014) – හෙට දිනයේ ඉරණම්කාර යුද්ධය….

  • edge of tomorrow film ekata sub eka denne kawadada?

    Reply
  • Tom Cruise Ge Wayasa 51y ban

    Reply
    • ඒක තමයි බන් .
      වැරදීමක් වෙලා කිවුවේ .

      Reply
  • කරන්ට් එක ගිය වෙලාවක UPS පිහිටෙන් තමයි ලිවුවේ .
    පොඩි පොඩි වැරදීම් ඇති .සමාව ඉල්ලනවා ඒ වෙනුවෙන් .

    Reply
  • කාලෙක ඉඳන් බලන්න හිතන් ඉන්න ෆිල්ම් එකක් තමයි මේ. br කොපියක් එනකල් ආසාවෙන් බලන් ඉන්නේ

    ස්තූතියි සහෝ දැනුවත් කිරීමට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *