Force 2 (2016) | [සොඳුරු ජීවිත අහිමි මිනිස්සු 2] | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග
ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් තවත් අතිශය ජනප්‍රිය වීමට නියමිත චිත්‍රපටයක පුර්ව ප්‍රචාරක පටය ගැන ඔයාලට හැඳින්වීමක් කරන්න මම ආව. මේක ඉතින් ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒවගේම හින්දි චිත්‍රපටයක්. ඒත් ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටයක දක්නට තියන තත්වයේ සටන් ජවනිකා දකින්නට පුළුවන්. කොටින්ම වින් ඩිසල්, ජේසන් සතම් වැනි නළුවන් රඟපාන චිත්‍රපට මට්ටමට මේ චිත්‍රපටය සමාන කරන්න පුළුවන්.
මේ චිත්‍රපටය 2011 තිරගත වෙච්ච Force චිත්‍රපටයේ දෙවැන්න ලෙස තමා නිර්මාණය වෙන්නේ. තවම මෙහි කතාව ගැන නිර්මාපකයන් හෙළිදරව් කරලා නැ. මේ ප්‍රචාරක පටය පවා මාද්‍යට නිකුත් උනේ මේ ඔක්තෝම්බර් පළමු වෙනිදා. 2016 නොවැම්බර් 18 වනදා තමා තිරගත වෙන්න තියෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය මෙන්ම රඟපෑමෙන් එකතුවෙනවා ජෝන් එබ්‍රහිම් සමග සොනකිෂි සිංහා. චිත්‍රපටය බෙදා හැරීම Viacom 18 Motion Pictures ආයතනය.
චිත්‍රපටයේ කතාව තාම නිල වශයෙන් හෙළිදරව් කරලා නැ මම කලින් කියපු විදියට. ඒත් ඔයාලට මා දැනට සොයා ගන්නා ආකාරයට කතාව කියන්නම්. ඔයාලට Force පලවෙනි කොටසේ හිටිය යශ්වර්ධන් පොලිස් නිලදාරියා මේකෙත් මුණගැසෙනවා. කතාව යන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ නියෝජිතයන් සමුල ඝාතනය කරන්න අදිටන් කරගන්නා ත්‍රස්තවාදියෙක් එක්ක රෝ ඔත්තු සේවයේ කාන්තා නියෝජිත වරියක් සටන් කිරීම එක්ක. එකට උදව්වට එන්නේ මේ මුම්බායි පොලිස් නිලදාරියා. හේතුව එයාගේ පුද්ගලික පලි ගැනීමක් එයාගේ බිරිඳ මරා දැමීම හින්ද. ඉතින් සටන් ජවනිකා පිරුණු චිත්‍රපටයක් කියල ඔයාල මේ ප්‍රචාරක පටය බැලුවත් තේරුම් ගනීවි.
තව දෙයක් Force පලවෙනි කොටසේ ඔයාල දැක්ක ජෝන් මෝටර් සයිකලයක් උස්සනවා. ඔයාලට මේකේ දකින්න පුළුවන් ජෝන් බෙන්ස් කාර් එකක් උස්සනවා. ඒ දුෂ්‍ය ප්‍රයෝග භාවිතා නොකර. ඉතින් කමක් නැ තව මාස එකහමාරයි නේ ඔයාලට මේ චිත්‍රපටය එතකොට රස විඳින්න පුළුවන් බයිස්කෝප් එකේ සිංහල උපසිරසි එක්කම.
පූර්ව ප්‍රචාරක පටය සදහා උපසිරැසි ගැන්වීම – සිසිල ප්‍රසාද්
[youtube]https://www.youtube.com/watch?v=a7mvAY7fPxE[/youtube]