Frozen (2013) – මිදුණු ලොවක…
Kristen Bell, Idina Menzel, Gad, Jonathan Groff, Santino Fontana වැනි හොලිවුඩ් නළු නිළියන්ගේ හඩ දායකත්වයෙන් හැඩගැන්වූ ‘Frozen’ සුන්දර කථාන්දරයන් ඔබ වෙත ගෙනඑන Disney සමාගමේ නවතම නිර්මාණයයි.November මස 27 වන ලොව පුරා සිනමාහල්හි තිරගතවීම් අරඹන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Chris Buck (Tarzan,Surf’s Up) ය.එසේම Robert Lopez (“The Book of Mormon,” “Avenue Q”) සහ Kristen Anderson-Lopez (“In Transit”) ගේ මියුරු සංගීතයෙන්ද මෙය අලංකාරවත් වී ඇතැයි සදහන් වේ.
පසුගිය කාලයේ Disney සමාගමේ නිෂ්පාදනයන් වන “Tangled” “Wreck-It Ralph,” වැනිම සොදුරු කතාන්දරයක් වැනිම වූ මෙහි ඔබ වෙත ගෙන එන්නේ අභීත සුබවාදී ආකල්ප වලින් පිරිපුන් සොදුරු Anna(voice of Kristen Bell) යෙදෙන වීර්යකාව්‍යක් වීමයි.
මෙය ඉදිරියට එන නත්තල් ශිත කාලය ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන ලද්දකි.
සුපිරියා…
එලම තමා 😀
patta pahara
😀 patta