ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

Game oF Throne පිළිබඳ හත්වැනි මාලාවේ, හත්වැනි විවරණය හෙවත් අවසානය

බොහෝවිට GAME OF THRONE සම්බන්ධ මගේ අවසාන ඌණ පූර්ණය මෙය වේවි. ඒ නිසාම එය සිනමා විචාරයක් විදිහට කරන්න ආසාවක් තියෙනවා. ඒත් ඔයාලා ආසා විදිහ ගැන හිතලා ඒ විදිහටම ලියන්න හිතුවා.



අද කතාංගය තුළ ප්‍රධාන චරිත බහුතරයක් දැක්කා. ජොන් ඩැනී සර්සි එකම වේදිකාවක අසුන් ගත්තා. ඊට පෙර දර්ශන ටික ගැන හිතුවොත් , ඩැනී තමන්ගෙ බලය පෙන්වන්න උත්සාහ කළා වගේම. සර්සි තමන්ගෙ බලය පෙන්වන්නත් උත්සාහ කළා. ලස්සනම දේ තමයි. මේ ගෑණු දෙන්නා මැද්දෙ ජොන් හිටගන්නෙ සේනාවක් තියා හරිහමං ආරක්ෂාවත් නැතුව. අන්න එතනදි ජොන් පෙන්වන්නෙ පිරිමිකම. අද මේ කතාවෙ වැදගත්ම කෙනා ඩ්‍රැගන් සහ වුල්ෆ් කියන දෙන්නාම හිමි පුද්ගලයා. ඒ නිසා ජොන් මෙහිදි විශේෂයි. ඔහු සියල්ල ලස්සනට ගළපලා පෙන්වනවා. ඔහු අවංක ලෙස තමන්ගෙ රැජිණ ඩැනී කියලා කියන නිසා සර්සි යන්න යනවා. මෙතන ඉතාම විශේෂ තැනක්. ජොන් මෙතනදි කළේ අවංක වීම ම නෙවෙයි. ඩැනීව එක් විදිහකින් සවිබල ගැන්වීම. මොකද ඔහුට උතුර ගැන විශාල සැලැස්මක් නැතිවම නෙවෙයි. සර්සි ගෙ හිත රිදීම ජොන්ට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. සර්සි හමුදාව වුණත් උතුර විශාල බලපෑමක් කරන්නෙ නෑ මේ වෙලාවෙ. ජොන්ට මේ සටන් විරාමෙ අවශ්‍ය මේ කාන්තාවො දෙන්නා දෙපැත්තක ඉන්දවලා.. සටන නවත්වන්න විතරයි. සර්සිට වඩා ජොන් අභ්‍යන්තරයෙනුත් බාහිරවත්, බලපුලුවන්කාර පැත්තෙනුත් වඩා  කැමති සහ ආශා කරන්නෙ ඩැනී ට . ඉතිං ජොන් ඩැනීව රිද්දන්නෙ නෑ. ඔහු අවංක වෙන්නෙ ඒකයි. නැත්තං ජොන් ඔයිට වඩා දාර බොරු කියපු කෙනෙක්. හොඳම උදාහරණය තමන්ට ආදරය කරපු යීග්‍රට් ව පවා බොරුවෙන් මුලා කළා ජොන්, පවුර සම්බන්ධ කාරණේදි.

කොහොම වුණත් ටිරියන් ගහන්නෙ වෙනමම ප්ලෑනක්.  ඒ සර්සි ගෙ දරුවා ඩැනීට පස්සෙ රජ කරවන්න. මෙතන ටිරියන් තමයි නියමම ලැනිස්ටර්. “ මම හැමවෙලාවෙම ඔයාගෙ පුතා වෙලා හිටියා.“ ටිරියන්  ටයිවින්ට අන්තිම ඊතලය විදලා කියන්නෙ ඒක.  ටිරියන් තමන්ගෙ පැත්තට, තමන්ගෙ පරපුරට වැඩේ අදිනවා. තියරි කොච්චර තිබ්බත් ජොන් ගෙ වගේ පිරිසිදු විදිහට ඒ තියරි ඔපුපු වෙන රේඛාවක කවදාවත් පැවතියෙ නෑ. ඒ නිසා ටිරියන් සීසන් 8 දිත් ලැනිස්ටර් කෙනෙක්. මේ නිසාම තමයි ටිරියන් අනුප්‍රාප්තිකයො ගැන වද වෙන්නෙ. ටිරියන් තමයි නිතරම ඩැනීගෙ ඔලුවට දාන්නෙ ඩැනීට ළමයි හැදිය නොහැකි බව. ජෝරා ඔය ගැන කතා කළේ නෑ. මිසැන්ඩෙ ඔය ගැන හිතුවෙ නෑ. කොටින්ම අනෙක් උදව්කාර කිසි පාර්ශවයකට අනුප්‍රාප්තික හෝ උරුමක්කාර ප්‍රශ්නෙ ආවෙ නෑ. ටිරියන්ට ම විතරයි. ටිරියන් ඩැනීගෙ පරම්පරාවට බයයි. ඒ පරපුර ඉදිරියට එනවාට බයයි. ඩ්‍රොගොන් මකරා බැලේරියන් බිහිසුණු මකරා තරම් ලොකු වන දවසට ටාගේරියන් ලේ ඇති කෙනෙක් රට කරවනවාට ටිරියන් බයයි. ඔහු තමන්ගෙ පවුලට ආදරෙයි. මං ඔයාලාට හයවෙනි කතාංග විවරණයෙදි කිව්වා. ජොන් ඩැනී ගෙ කුස දිහා බැලුවා කියලා. ඔහු ඩැනීගෙ මනස්ගාත පිළිගන්නෙ නෑ කියලා. මං කිව්වා හරි නේද? මං ස්ක්‍රිප්ට් ස්පොයිල් කියවලා විචාර කරන්නෙ නෑ. මං හැම වෙලාවෙම කතා කරන්නෙ දර්ශන එක්ක. මං විශ්වාස කරන්නෙ මෙතෙක් පෙන්වූ සිනමාව සහ ඒ ඔස්සේ කෙරෙන සංකල්ප විග්‍රහ පමණයි. අද ඩැනීගෙ දරු ඵල නැති කතාව, මැහැල්ල ගේ ශාපය ජොන් එක වචනෙකින් ප්‍රතික්ෂේප කළා. ටිරියන් ගෙ පැමිණීමේ සංඥාවෙන්  ජොන් ඉදිරියෙන් එද්දි, ඩැනී එන්නෙ පිටිපස්සෙන්. ජොන් පහුගිය කාලෙම ඔය විදිහට  කළා  .  මේ විචාරෙ අපි තවත් ඉදිරියට ගෙන යමු. ජෙමී බ්‍රියන් ට කන් දුන්නා. ඔහු ටිරියන් සර්සි හා එකඟ කරවීමක් නොවුණත් අනිවාර්යෙන්ම උතුරට යන තත්වයක් තිබුණා. සර්සි සහ බ්‍රියන් දෙන්නාගෙන් සර්සිට වඩා බ්‍රියන්ට ජෙමිව පාලනය කරන්න පුළුවන්. බ්‍රොන් අනිවා ජේමිට හෙමින් එකතු වෙයි.

මං සති ගාණකට කලින් කියපු විදිහටම ලිට්ල් ෆින්ගර් මැරුවා. ඔය ස්ක්‍රිප්ට් කියවලා හිතපු දෙයක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ගෙසිං. නෙඩ් ස්ටාර්ක් ට කළ දේ තමයි ලිට්ල්ෆින්ගර් කරපු දේවල් වලින් අති අසාධාරණම දේ. අනික්වා ඉතා වැරදියි. නමුත් අර වැඩේ ඉතාම රුදුරුයි. ඔහු නෙඩ් වෙනුවෙන් කතා කරන්න හිටි සියලු දෙනා නිහඬ කළා. ඒ විදිහටම ඔහුටත් වැඩේ පත්තු වුණා. මං ඔය මරණය පළමුවැනි සීසන් එකේ ඉඳලා ඔය විදිහටම ප්‍රාර්ථනා කළා. දණ ගහලා අඬද්දි මරු. ඒත් ඉතිං ඔය මිනිහා නැත්තං කතාවත් නෑ. එයාගෙ කාර්ය ඉවරයි. ඒ නිසා එයා ගියා.

සන්සා සහ ආර්යා නැවත යම් තරමක් සමාදාන වුණා. ඒක හොඳයි. ඒත් අනාගතය සංකාකූලයි. ජොන් සහ තියොන් අතර කතා බහේදි ජොන් ඉතාම හොඳ සහෝදරයෙක් බව පෙන්නුවා. ඒ වගේම තේරුම් ගත් පාලකයෙක්. තවදුරටත්, ජොන් තමන්ට නැති ස්ටාර්ක් ගෞරවය තියොන්ට දෙනවා. ඔබ ස්ටාර්ක් කෙනෙක්. ඔබ ග්‍රේජොයි කෙනෙක් කියලා. ජොන් ස්ටාර්ක් කෙනෙක් වගේම ටාගේරියන් කෙනෙක් වෙන්නෙත් අන්න ඒ වගේමයි. මකර ලේ තිබ්බාට හැදුණෙ වැඩුණෙ වෘකයො අතර. වෘකයෙක් වගේ. ඔහු මකරා වගේම වෘකයාත් වෙනවා.

සෑම් සහ බ්‍රැන් ඉතිහාසය තහවුරු කරපු හැටි, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරංගනා කතාවක් වගේ වුණත්, ඒ ෂොට්ස් ටික බරට වැදගත්. එකක් ඒ විවාහය සිදුවූ හැටි. ඒක සම්පූර්ණයෙන්ම රොබ් ටලීසා විවාහයට සමානයි. ඒ වගේම ඒ වෙලාවෙත් රේගාර් ගාව වැලේරියන් ඩ්‍රැගර් එක තියනවා. කොහොම වුණත් රොබට් රෙබලියන් එක පවා මුලාවක් කියලා බ්‍රැන් පිළිගන්නවා. රේගාර් ලියානාගෙ විවාහය රහස්ව සිදුවුණත්, එය සෑහෙන දුරට රහසක්ව තිබුණෙ නැති බව පේනවා. ලිට්ල් ෆින්ගර් පවා ඔය ගැන දැනුවත්. ඔහු ජොන් ගැනත් දන්නවා. කොහොම වුණත් වඩා අවදානම් සහගත අවස්ථාව එනතුරු බලා සිටියා වෙන්න පුළුවන්. හැබැයි රොබට් හෝ ලැනිස්ටර් හෝ නෙඩ් හැර අනෙක් ස්ටාර්ක් වරු  ඔහු ගැන දැන හිටියෙ නෑ. ඔහු එගොන් ටාගේරියන්. අපි මේ නම Guess කළා, ස්ක්‍රිප්ට් එකට කලින්. ඒ නමේ වැදගත්කම සලකලා. සියල්ලෝ දණ නමපු වෙස්ටරෝස් වල පළවෙනියා පළවෙනි එගොන්. ඉතින් මේ හය වැනි එගොන්. ඒ දර්ශන ටික සංස්කාරක තිරපිටපතත් එක්ක ලස්සනට එකතු කළා. හැබැයි සුරංගනා කතාව බලා හිටපු කාට හරි දර්ශනයෙ වැදගත් කම මඟ හැරෙන්න පුළුවන් නිසා මං විග්‍රහ කරන්නම්.

එගොන් ටාගේරියන් එන්නෙ ඩැනේරිස් ගෙ කුටියට. දොර අරින්නෙ ඩැනේරිස් වුණත් දොර වහන්නෙ එගොන්. ඩැනී කාල් ඩ්‍රෝගෝ ට යටත් වුණා නොදැනුවත්කමට. ඒක එක්තරා කෙළසීමක තත්වයේ තිබූ එක් වීමක්. හැබැයි ඔහුව යටත් කරගන්න හැටි ඈ ඉගෙන ගත්තා. ඔහුව යටත් කර ගත්තා. දෙවැනියා වූ ඩාරියෝ ඇයට යටත් වෙලාමයි හිටියෙ… ඇයව තමන්ගෙ රූපයෙන් හා ආකර්ෂණයෙන් පොළඹවා ගත්තත්, ඩාරියෝ වහල් තත්වයක තමයි ඩැනී තියා ගත්තෙ. ආදරය කළා. නමුත් සම තත්වයට ඉඩක් දුන්නෙ නෑ. අපි දර්ශන වලදි දැක්කෙ නෑ. ඒ දර්ශන ඉතා වැදගත්. ලිංගිකත්වය තුළින් හෙළිවන දේශපාලනය සිනමාවෙ බොහොම ඉහළින් කතා කෙරෙන පැත්තක්. හැබැයි එගොන් ටාගේරියන් එක්ක ඩැනීට ලේසි නෑ. ආදරයෙදි ඩැනී එගොන්ව යටත් කරනවා. හැබැයි පුරුෂාධිපත්‍ය තුළ ජොන් ඩැනීව යටත් කරනවා. ඔහු උරුමක්කාරයා කියන තැනදි, එගොන් ඉහළට ඇවිත් පුරුෂ කාර්යය සිදු කරන්නෙ. බොහෝවිට, මිය යන්න හරි උරුමක්කාරයෙක් ඩැනීගෙ කුස පිළිසෙඳෙන්නත් බැරි කමක් නෑ. He needs to know මේ දර්ශනය බ්‍රැන් කියන්නෙ සෑම්ට  එගොන් වෙනුවෙන් වුණත්, එය ටිරියන්ට අදාළයි. ටිරියන් දැන ගත යුතුයි. ඔහු හිතන දේ ඒ විදිහටම වෙන්න ඉඩ අඩුයි.


ඉතින් තාත්පය බිඳ වැටුණා. Eastwatch එක පැත්තෙන් තමයි මල හමුදාව එන්නෙ. එගොන් ටාගේරියන් ප්‍රමුඛ උතුරු හමුදා සහ ඩැනේරිස් ටාගේරියන් ප්‍රමුඛ ඩොත්‍රැකි, අන්සලීඩ් හමුදා හා ජේමි ලැනිස්ටර් සමඟින් මතු දිනෙක හමු වෙමු. මෙතෙක් ඔබ හා රැඳී සිටි මගේ Game of Throne රසවින්දන මෙතකින් අවසන් වෙනවා. සෑම අදහසකටම ගොඩක් ස්තූතියි. රොයිලි, තිසර, චාමර සම්පත් සහ තරිඳු සහෝදරයන්ට වගේම බයිස්කෝප් සිංහලෙන් සහෝදරත්වයට ස්තූතියි.

සියලු මිනිසුන් සේවය කළ යුතුයි.

Author

35 thoughts on “Game oF Throne පිළිබඳ හත්වැනි මාලාවේ, හත්වැනි විවරණය හෙවත් අවසානය

  • GOT බලල ඉවර උනේ දැනුයි.. හැම එපියම බලල ඉවර වෙලා තරිඳු සහෝගේ youtube review video ටික බැලුව, අද තමා මේ review දැක්කේ මේක නිකන් නවකතාවක් කියෙව්වා වගේ තරහ වෙන්න එපා අක්කේ ලියල තියෙන ව්දියෙන් කතාව එපා වෙනවා. මේ ලියන ඉස්ටයිල් එක මේවගේ කතාවකට ගැලපෙන්නේ නෑ.. tv සිරිස් එකේ අපි දකින ටිකම ආයේ කියල වැඩක් නෑ පොත නොකියවපු අයට දැනගන්න පසුබිම් විස්තර එක්ක ලිව්වා නං (තරිදු සහෝ කරනවා වගේ) වටිනාකම කියල වැඩක් නෑ

    Reply
  • Can you tell us about Golden Company.pleeeeeez

    Reply
  • Thank You Very Much…

    Methanin iwarai kiuwe ai review karanne nadda akke?

    Reply
  • Good work……..

    Reply
  • Thank u very much

    Reply
  • Superb work sis.. Thanks

    Reply
  • GOT best army 1ka gana liyanna puluwanda ?
    Unsullied
    Dothraki
    Golden Company
    army of death
    just listed few

    Reply
  • Can’t wait for 2019.lonely 2 years without GOT.Thanks sis. I wish you good fortune.

    Reply
  • බොහෝම ස්තුතියි මෙතෙක් කල් ලබා දුන් සියලුම ලිපි වලට. ඒ ලිපි වලින් අපි ගොඩක් කතාව තේරුම් ගත්තා. නැවතත් ඊලග කතා සමයේදි හමුවෙමු.

    Reply
  • thnx neranji
    aluth deyak denagaththu gaman lipiyak danna
    api balan innawa

    Reply
  • thank a lot sis..!!

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • Thank You Akki

    Reply
  • Niyamay akke. Hemadama wagema godak rasawath harawath lipiyak. Me season eka purawatama oyage lipi godak asawen kiyewwa. Oyage lipiya enne koiweleda kiyala balagena hitiya hema epiyak balala iwara weddima. Apita denuma sathuta beda dunnu oyata godak pin. Season 8 dith aniwaryenma akkage reviews onimay. Jaya wewa. Oyage hema wedakma sarthaka wewa!

    Reply
  • “ඔහු අවංක වෙන්නෙ ඒකයි. නැත්තං ජොන් ඔයිට වඩා දාර බොරු කියපු කෙනෙක්. හොඳම උදාහරණය තමන්ට ආදරය කරපු යීග්‍රට් ව පවා බොරුවෙන් මුලා කළා ජොන්, පවුර සම්බන්ධ කාරණේදි. ”
    මෝඩ කතා කියන්න එපා. ජොන් යීග්‍රට් හමුවෙද්දී ඔහු Spy කෙනෙක් විදියට බොරු කරන්නේ, spy කෙනෙක් ගේ ජොබ් එක බොරු කියල හතුරා සමග මිතුරු වෙලා අවශ්‍ය දේවල් ලබාගන්න එක. මෙහෙදී ඔහු රජෙක්. ඔහු තේරුම් ගන්නවා බොරු කියල යුද්ද කරන්න බැහැ කියල.

    Reply
  • බොහෝම ස්තූතියි අක්කෙ රිවීව් එකට

    Reply
  • ගොඩාක් ස්තූතියි අක්කේ…….❤️️❤️️
    ලියපු හැම ලිපියක්ම ආසාවෙන් කියෙව්වා
    අවුරුදු 2 ක් කොහොමද ඉවසන්නේ කියලත් ලිපියක් ලියලා දාන්නකෝ
    සීසන් 8 එකටත් අනිවා අක්කගේ ලිපි ඕනේ.

    (දුක ඉවසන්න බැහෑ අනේව්)

    Reply
  • ස්තූතියි සහෝදරී , ජයම වේවා

    Reply
  • thank you akke..hama epiyakatama review ekk ikmanatama karala dunnata..

    Reply
  • Thanks akke hamadama episode akak awa gaman ake wadagath Kama gana kiyala letters liyala danuwath kalata!!ilaga season akedith me wagema reviews karanna!!Jaya wewa!!!!!!!

    Reply
  • thawa awuruddak balagena inna wenawane

    Reply
  • Thank you….

    Reply
  • මේ එපිය ගැන මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු උනා… Anyway ලස්සන වැඩක්… සීසන් 8 එනකන් අපි හැමෝම ජීවත් වේවි කියලා හිතමු

    Reply
  • ගොඩක් ස්තුති අක්කේ, මේ එපි ටික පුදුම ආසාවකින් බැලුව වගේම රොයිලි සහෝගේ,තරිඳු සහෝගේ සහ නෙරන්ජි අක්කගේ මේ උත්සාහයන් හදවතින්ම අගය කරනවා. ගොඩක් සතුටින් අසාවෙන් බැලුවේ කියෙව්වේ, ඇත්තටම මේ කතාව හදවතටම අරන් ගියේ ඔයාල.. එත් එකක්ම හරිම දුකයි 2019 වෙනකන් බලන් ඉන්න වෙන එක ගැන. බයිස්කෝපේ සෙට් එකටමත් ඔබල සැමදෙනාටම. ජයෙන් ජය…

    Reply
  • ගොඩක් ස්තූති අක්කෙ මෙච්චර දවසක් අපේ රසවින්දනයට කරපු මේ සේවය වෙනුවෙන් කොහොම උනුත් ඊලග සීසන් එකෙනුත් මේවාගේම අපිට ලිපි ලබාදෙන්න කියල ඉල්ලනව. ඒ වගේම සබ් දුන්න බයිකෝප් සෙට් එකටත් ගොඩක් ස්තූතී.

    Reply
  • Oya aththatama loku deyak kale

    Reply
  • ස්තූතියි අක්කේ…………. ලියපු හැම ලිපියක්ම වගේ මේකත් ආසාවෙන් කියෙව්වා……. ඊළඟ සීසන් එකේදිත් මේ වගේම හමුවෙමු… ජයවේවා….

    Reply
  • Thanks mechchara kal karapu hamadekatama…
    2019th api balaporoththu wenawa ada wagema oyage review eka

    Reply
  • Ekak wath maga nohara godak asawenma baluwa lipi oyage ewa witharamai.. godaakk thanks akke..

    Reply
  • THANK YOU SO MUCH FOR YOUR VALUABLE REVIEWS..
    HOPE TO READ MUCH MORE FROM YOU WHEN THE FINAL SEASON RELEASES………

    Reply
  • බොහොම ස්තූතියි…… මේ ලිපියටත්….GOT සියලුම ලිපි වලටත්……

    Reply
  • thanks sis mechchcra kalayak review dunnata.pattama reviews tika.S08 eketh me wagema one

    Reply
  • මරේ මරු, පට්ටම පට්ට. ඊළඟ සීසන් එක කවද්ද කියලත් කියන්නකො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *