Ghost Rider නැවතත් මහ ගෙදරට…
Ghost Rider එහෙම නැතිනම් Johnny Blaze සිනමා රසිකයන් හට අලුත් චරිතයක් නෙමෙයි, Marvel චිත්‍ර කතා චරිතයක් වන මොහු මේ වන විට දෙවරක් රිදී තිරයට පැමිණිලා තියනවා. ‘Ghost Rider (2007)’ හා ‘Ghost Rider: Spirit of Vengeance (2011)’ ලෙසින් නමුත් ඒ Marvel විශ්වය තුළින් නම් නෙමෙයි, ඒ Sony හා Columbia ආයතන වලින්. එහෙම වෙන්නෙ කොහොමද? මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නෙ, දැන් The Marvel විශ්වය හිමි Disney සමාගමට! නමුත් අතීතයේ තම චිත්‍රකතා වීරයන් ඒ තරම් හොදින් තිරයට ගේන්න Marvel සමාගම සමත් නොවීම නිසා, ඒ වැනි වීරයන් වෙනත් සමාගම් වලට කුලියට දුන්නා. ඒ සමාගමක් තමයි චිත්‍රපට නිෂ්පාදනය කරල ආදායම් උපයා ගත්තෙ. Marvel සමාගමට ලැබුනේ පුරස්කාර ආදායම පමණයි. උදාහරණ විදිහට ‘Blade’ චිත්‍රපට ත්‍රිත්වය හා ‘Daredevil (2003)’, ‘The Punisher (2004)’, ‘Punisher: War Zone (2008)’ පෙන්වා දෙන්න පුලුවන්.
Sony හා Columbia සමාගම් එකමුතුවට අනුව නම් ජොනී බ්ලේස් තමගේ සිහින සැබෑ නොකරපු තාරකාවක්, එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යන්තම් පිරිමැහෙන්න උපයපු Box office ආදායම. පළමු Ghost Rider චිත්‍රපටය $228,738,393 ලෙසත් දෙවන Ghost Rider: Spirit of Vengeance චිත්‍රපටය $132,563,930 ලෙසත් Box office ආදායම් උපයාගෙන තියනවා.
මාර්වල් සභාපති Kevin Feige පවසන අන්දමට නම්;
“අපේ සමාගමෙන් කලකට පෙර ඔවුන්ට ලබා දුන්නත් මේවා නියම ලෙස අයිති අපටයි, ඒ වාගේම ඒවා නිසි ලෙස ජනතාව අතරට නොගියේ චරිතයේ වැරැද්දෙන් නෙමෙයි, අපි ළගට ඒවා නැවත් පැමිණියා කියලා අපි එය යොදාගෙන යමක් කරනවා කියන්නෙත් නැහැ නොකරනවා කියන්නෙත් නැහැ.”
ඔහුගේ කතාවට අනුව පේන්නේ ‘තමන්ලගේ විනාසකාරී මාර පුත්තරයා නම් හොදයි අනික් උදවියට හරියට පණ දීගන්න බැරි වුණාට’ වගේ දෙයක් නේ…?
මුල් චිත්‍රපට දෙකේම ඇටසැකිලි ධාවකයා වුණේ Nicolas Cage. ඔහු හොලිවුඩයෙ සුපිරි නළුවෙක් විත්තිය කවුද නොදන්නේ? හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව නම් තුන්වැන්නක් නිර්මාණය වේවි. දැනට ප්‍රේක්ෂකයන් අතරට එන හා එන්න තියෙන Marvel සුපිරි වීරයන් ලැයිස්තුවට Johnny Blaze නමත් එකතු වුණ බව තමා ආරංචිය. එහෙනම් අපි බලමු නුදුරු අනාගතයේදී Johnny Blaze හට කවුරු පණ පොවයි ද? එය කොහොම වෙයිද? කියල. තොරතුරු ලැබෙන පරිදී ඔබ වෙත ගෙන ඒමට මංසල සූදානම්.