කොමික්ටීවී කතා මාලාවගතුගසියල්ල

Gotham – 01×22 – All Happy Families Are Alike **Spoilers**

කතා මාලාවක් සාර්ථක වෙන්න චරිත මොන තරම් බලපානවාද කියලා පෙන්වන මෑත කාලයේ ආපු හොදම උදාහරණයක් විදිහට ගෝතම් කතාව හදුන්වන්න පුළුවන්. ආරම්භයේ ඉදන්ම චරිත නිරුපනය අතින් ගෝතම් කතා මාලාව ඉස්සරහින් හිටියා. ඒ මට්ටමට ආවේ කොමික් තේමාවක් ගත්ත කතා මාලා අතරින් ඩෙයාඩෙවිල් කතා ව විතරයි. ඒ හින්දාම ආරම්බයේ සුළු සුළු අඩු පාඩු තිබුනත් ගෝතම් කතා මාලාව අවසානයේ දී ගොඩක් ජනප්‍රිය උනා. ඉතින් වැඩිපුර කතා කරන්න යන්නේ නැතුව අපි බලමු මේ සතියේ ගෝතම් කතාවේ අපිට දැක ගන්න හම්බුනේ මොනවාද කියලා.

1. කතාවේ ප්‍රධාන තේමාව සැල් මැරෝනී සහ ෆැල්කෝනි අතර සිවිල් යුද්ධය මත තමයි ගොඩ නැගුනේ. ගෝතම් නගරය හැම වෙලාවෙම අපරාධ වලට තෝ තැන්නක් වෙලා තිබුන තැනක්. බැට් මෑන් වගේ චරිතයක් ගෝතම් වලින් මතු වෙන්නේ ඒ අවශ්‍යතාවය මත. එතකල් ගෝතම් නගරය විවිධ අපරාධ කල්ලි වලට ගොදුරු වෙලා තිබ්බේ. හැබයි ගෝර්ඩන් ම කියන විදිහට ෆැල්කෝනි යටතේ තියන කොට නගරයේ අපරාධ වල පාලනයක් තිබ්බා. හැබයි මේ තත්ත්වය වෙනස් උනොත් ඒක ගොඩක් භයානක වෙනවා නගරයේ පැවැත්මට. ඒ හින්දාම එයා ෆැල්කොනි එක්ක එකතු වෙනවා තාවකාලිකව

2. පහුගිය සති දෙකේම අපිට ෆිෂ් මුනි ගේ චරිතය දකින්න හම්බුනේ නෑ. ඒ කට හේතුව අවසාන සටනට ෆිෂ් මුනි ඉතුරු කර ගන්න අවශ්‍ය හින්දා. ඇහැක් අලුතෙන් දැම්ම මොහොතේ ඉදන් ෆිෂ් ට තිබ්බේ භයානක පෙනුමක්. හැබයි ඒක ගොඩක් ම වැඩි උනේ එයාගේ අලුත් විලාසිතාව හින්දා. ගෝතම් කතාමාලාවේ ඉන්න දක්ෂ නිලියක් තමයි Jada Pinkett Smith. හැබයි අවාසනාවකට වගේ මේ චරිතය දෙවෙනි සීසන් එකට ගෙනියන්නේ නෑ. හැබයි මේ සීසන් එක තුල කරපු දේ හින්දා මේ චරිතය අපිට ලේසියෙන් අමතක වෙන්නේ නෑ.

3. ගෝතම් නගරයේ බලය අල්ලා ගන්න එක තමයි පෙන්ගුවින් ගේ එකම අරමුණ උනේ. ගෝතම් කතා මාලව ඇතුලේ දී අපිට පෙන්ගුවින් ගේ නැගී සිටීම හොදටම දැක ගන්න පුළුවන් උනා. ඒ වෙනුවෙන් පෙන්ගුවින් මහන්සි උන විදිහ ඇත්තටම පුදුමාකාරයි. ෆැල්කෝනි ස්වකැමැත්තෙන් විශ්‍රාම ගැනීමත් එක්ක (ඒ නැතත් ෆැල්කෝනි ගේ අධිරාජ්‍ය දෙදරලා ගිහින් තිබ්බේ) පෙන්ගුවින් නිකම්ම ගෝතම් නගරයේ අපරාධ කල්ලියේ නායකයා උනා. අවසානේ දී පෙන්ගුවින් එයාගේ සිහිනය සැබෑ කර ගත්තා

4. පෙන්ගුවින් එයාගේ සිහිනය සැබෑ කරගද්දී ෆිෂ් මුනි සහ සැල් මැරෝනී දෙන්නා නම් එච්චර වාසනාවන්ත උනේ නෑ. අතටම ආපු අවස්තාව මඟ හැරුනා දෙන්නටම. ෆිෂ් ගේ චරිතය ගොඩ නැගුනු විදිහත් එක්ක බලපුවාම එයා ඇත්තටම නායකත්වයට සුදුසු යි. ඒත් අවසාන මොහොතේ දී වාසනාව පෙන්ගුවින් අතට ගියා.

5. කතාවේ දකින්න ලැබුණු අමුතුම සිදුවීම තමයි සෙලිනා ගේ වෙනස් වීම. සෙලිනා තමන් අතින් කෙනෙක් මැරුණා කියන කාරණය ගැන පසුතැවිලි වෙන්නේ නෑ. ඒත් මේ කාරණය එයා අයහපත් මාර්ගයට ඇදලා දාන්න තරම් බරපතල ද කියන සැකය තියනවා. ඒත් අපිට කොමික් වල කරුණු සම්පුර්ණයෙන්ම අමතක කරන්න බෑ. මොකද කොමික් වල දී කැට් වුමන් කියන්නේ බැට් මෑන් ට එරෙහිව ක්‍රියා කරන කෙනෙක්. අඩු ගානේ මුල් කාලයේ දී. ඒ හින්දා මේ සිදුවීම අපි බලාපොරොත්තු විය යුතු දෙයක්.

6. ඩොක්ටර් ලෙස්ලි සහ බාබරා අතර දර්ශනය ඇත්තටම කතාවේ තේමාවෙන් පිට ගිය එකක් විදිහට ගන්න පුලුවන්. පලවෙනි සීසන් එක ඉවර උනත් අපිට බාබරා ගේ චරිතය මොන විදිහට සකස් වෙයිද කියන්න බෑ. හැබයි දැන් තියන තත්ත්වය අනුව නම් ගෝර්ඩන් සහ බාබරා අතර සම්බන්ධයක් ගැන හිතන්න අමාරුයි.

7. නිග්මා ගේ චරිතය ගොඩ නැගුනු ආකාරය අපි මුල ඉදන්ම බලාගෙන හිටියා. ඒ වගේම තමන්ගේ අපරාධය එක්ක හෝඩුවාවක් ඉතුරු කරන පුරුද්ද පටන් ගත්ත මුල් කාලයේ දී නම් එයාට යහපත් ප්‍රතිපල නෙවෙයි වගේ ගෙනත් තියෙන්නේ. මේ සීසන් එකේ දී රිඩ්ලර් විදිහට අපිට නිග්මා දකින්න බැරි උණාට අද කතාවත් එක්ක බලනකොට නම් දෙවෙනි සීසන් එකේ දී රිඩ්ලර් ව පැහැදිලිවම හදුන්වා දෙන්න වෙනවා.

8. ගෝතම් කතාවේ ආරම්භයේ ඉදන්ම කියපු කතාවක් තමයි මේ සීසන් එක ඉවර වෙන්නේ බ්රුස් බැට් කේව් එක හොයාගෙන කියලා. අපිට දකින්න හම්බුනු රහස් මාර්ගය පැහැදිලිවම බැට් කේව් එකට යන පඩි පෙළ. අපිට ගෝතම් කතා මාලාවේ බැට් මෑන් දකින්න බැරි උනත් ඒ පසුබිම දකින්න පුළුවන් වෙනවා. වැදගත්ම කාරනය තමයි බ්රුස් ගේ තාත්තා බැට් කේව් එක ඇතුලේ ඉදන් මොකක්ද කෙරුවේ කියන එක. අපි මේ වෙද්දී ෆ්ලෑෂ් පොයින්ට් කතා මාලාවේ දී සහ Earth 2 යුනිවර්ස් එකේ දී තෝමස් වේන් බැට් මෑන් විදිහට ඉන්නවා දැකලා තියනවා. ගෝතම් කතා වේ දී අපිට මේ කාරණය දකින්න බැරි උණාට පැහැදිලිවම තෝමස් වේන් මේ රහස් කුටිය භාවිතා කරන්න නම් ලොකු හේතුවක් තියෙන්නම ඕනේ.

හැබයි අපිට මේ සේරටම උත්තර බලා ගන්න වෙන්නේ සැප්තැම්බර් නිකුත් වෙන ගෝතම් දෙවෙනි සීසන් එකේ දී. ඇත්තටම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ පෙන්ගුවින් ගේ නායකත්වයෙන් යුතු අලුත් ගෝතම් නගරයක්. ඒ ඇතුලේ අපිට නිග්මා වගේ චරිත වල නැගී සිටීම වගේම ජෝකර් වගේ චරිත වල බිහිවීමත් දැක ගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මේ කතා මාලාව පුරා අපිට මුණ ගැහුණු ගොඩක් චරිත ඊළඟ සීසන් එක ඇතුලේ දැක ගන්න පුළුවන් වෙයි. දෙවෙනි සීසන් එකට Court of Owls කතා මාලාව බලපාන්න ඉඩ තියනවා කියලා මතයක් තිබ්බත් අපිට ඒ ගැන නම් අදහසක් තියා ගන්න අමාරුයි. හැබයි පැහැදිලිවම පෙන්ගුවින් සහ බ්රුස් නගරයේ යහපත වෙනුවෙන් කැප වෙන (ආකාර දෙකක යහපත, ඇත්තටම පෙන්ගුවින් ගෝතම් නගරය ඇතුලේ පිළිවෙලක් සකස් කෙරුවා) විදිහ දැක ගන්න පුළුවන්.
එහෙනම් ආයෙමත් අලුත් සීසන් එක නිකුත් වුනු දවසට අපි මේ විදිහටම ඒ කොටස් ගැන කතා කරමු.

මීට පෙර ලිපිය
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1587507168198956/?type=1&permPage=1

#attila_THE_hun

11196237_1590628794553460_5726950253126891551_n

 

Author

3 thoughts on “Gotham – 01×22 – All Happy Families Are Alike **Spoilers**

Leave a Reply

Your email address will not be published. Required fields are marked *