කොමික්ටීවී කතා මාලාසියල්ල

Gotham – Plot 11

අපි අද කතා කරන්නේ ගෝතම් කතා මාලාවේ 13,14 සහ 15 කොටස් ගැන. මතකනේ කලින් ලිපියක කිව්වා අපි මේ කොටස් ගැන කතා කරන්නේ ගොඩක් විශේෂ සිදුවීම් ගැන විතරයි කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ කොටස් තුන තමයි ගෝතම් කතා මාලාවේ ඊස්ටර් එග් අඩුවෙන්ම සඳහන් කොටස්.

1. ගෝර්ඩන් ආපහු ගෝතම් පොලිසියට අනුයුක්ත කරනවා. ඒ කියන්නේ ආපහු ගෝර්ඩන් ගේ මෙහෙයුම ඉස්සරහට යනවා.

2. ගෝර්ඩන් විතරක් නෙවේ අලුතෙන් හදුන්වා දුන් ඩොක්ටර් ලෙස්ලි ගෝතම් පොලිසියේ රාජකාරියට එනවා. කොමික් වල තිබ්බේ නැති උණාට අපිට මේ දෙන්නා අතර ආදරයක් ඇතිවෙන තත්ත්වයක් තමයි තියන්නේ දැන්.

3. කතාවේ දී අපිට හම්බෙනවා දුෂිත පොලිස් නිලධාරියෙක්. මෙයා ගේ නම තමයි Arnold Flass. අපිට මීට කලින් මෙයාගේ නම ඇහුනට මේ කොටසින් තමයි මෙයා දැක ගන්න පුළුවන් උනේ. කොමික් වල දීත් මෙයා මේ විදිහටම නරක කෙනෙක්. ඒ වගේම TDK ෆිල්ම් සිරිස් වලත් මෙයා ඉන්නවා.

4. ගෝතම් කතා මාලාවේ අපි ආදරය කරන චරිත දෙකක් වන ෆිෂ් මුනි ගේ සහ පෙන්ගුයින් ගේ නැගීම, බැසීම හොදටම තිබ්බා මේ කොටස් තුනේ. ගෝතම් වලින් පලායන ෆිෂ් මුනි අන්තිමේ දී නතර වෙන්නේ ශරීර අවයව ලබා ගන්න මිනිස්සු සිර කරලා තියා ගන්න තැනක. එතකොට පෙන්ගුයින් සහ සැල් මැරෝනී අතර සම්බන්ධය බිඳ වැටිලා ජිවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන තැනට එනවා. අන්තිමේ ෆැල්කෝනි ගේ මැදිහත් වීමෙන් තමයි පෙන්ගුවින් බේරෙන්නේ. ඒකත් හැබයි තාවකාලික සහනයක් විතරයි.

5. 14 සහ 15 කොටස් දෙක වෙන්වුණේ ක්‍රේන් පවුල සහ ස්කෙයාක්‍රෝ වෙනුවෙන්. ස්කෙයාක්‍රෝ කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බැටාට ඉන්න විශිෂ්ටතම දුෂ්ටයෙක්. මිනිස්සුන්ට බය ඇති කරවන එක තමයි මෙයාගේ හැකියාව. අපිට ජොනතන් ක්‍රේන් වගේම එයාගේ තාත්තා ජෙරාල්ඩ් ක්‍රේන් වත් දැක ගන්න හම්බුනා. කොමික් වල දීත් ජොනතන් ක්‍රේන් කියන්නේ එයාගේ තාත්තා කරපු පරීක්ෂණ හින්දා දුක් විදපු අහිංසක ළමයෙක්. එයා ස්කෙයාක්‍රෝ වෙන්නේ තාත්තා කරන දේවල් හින්දා.

ගෝතම් කතා මාලාව ආපහු එන්න කලින් අපිට තව කොටස් 3ක් ගැන කතා කරන්න ඕනේ. අපි ඒ කොටස් ගැන ඊලඟ ලිපියෙන් කතා කරමු.
‪#‎attila_THE_hun‬

11040962_1577188595897480_8189373984754783632_n

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *