Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 15

මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය : 1975
නව නිර්මාණය සිදුවූ වර්ෂය : 2017
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. සතියකින් එන්නම් කිව්වත් ඉතින් ඔන්න ආවා ඉක්මනටම. මේ පාරනම් මම හඳුන්වා දෙන්නේ ඉන්දියානු සිනමාවේ තියන ලස්සනම ලස්සන ආදර ගීතයක්. කොටින්ම හින්දි සින්දු රසිකයෙක් එකපාරක් වත් මෙම ගීතය අහල නැ කිව්වොත් ඒක වෙන්න බැරි දෙයක්.
ඉතින් මේ ගීතය මුලින්ම ඇතුලත් වෙන්නේ Dil Kya Kare නමින් 1975 තිරගත වෙච්ච Julie චිත්‍රපටයේ. එච්චර ජනප්‍රිය නළු නිලියන් නොවන වික්‍රම් සමග ලක්ෂ්මි නාරායන් රඟපෑමෙන් එකතුවෙච්ච මෙම චිත්‍රපටයේ ගීත අතිශය ජනප්‍රිය උනා. ආනන්ද බක්ෂි ගේ පද රචනයට කිෂෝර් කුමාර් ගේ ගායනය එකතු වීමෙන් ලස්සන උන මෙම ගීතය රාජේශ් රොෂාන් කියන සංගීත නිර්මාණය ශිල්පියා තමා සංගීතවත් කරලා තියෙන්නේ. එයා ඔයාල කවුරුත් දන්නා රිතික් රොෂාන් ගේ මාමා. ඉතින් Ultra කියන චිත්‍රපට බෙදාහැරීම් ආයතනය සංගීත ඇල්බමයට හිමිකාරත්වය දරනවා.
එදායින් පසු විවිද සංගීත නිර්මාණ ශිල්පින් විවිද ආකාරයෙන් සංගීතය නිර්මාණය කරන ලද මෙම ගීතය රැප්, පොප්, ක්ලැසික් මෙන්ම රිමික්ස් වර්ෂන් වලින් අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා. නමුත් මෙම ගීතය නැවත කතාබහට ලක්වෙන්නේ 2017 වසරේ තිරගත වෙන රිතික් රොෂාන් රඟපාන Kaabil චිත්‍රපටයට ඇතුලත් වීම හින්ද. මේ වනවිට යුටියුබ් නැරඹුම් ලක්ෂ පහලවකට වඩා ඇති මෙම ගීතය මෙම චිත්‍රපටයටත් රාජේශ් රොෂාන් තමා සංගීතවත් කරන්නේ. රිමිස්ක් කොටස් ගවුරව් රෝෂින් විසින් නිර්මාණය කරලා තියන අතරේ පදවැල් කුමාර් විසින් සුලු වෙනස් කිරීමක් කරලා තියනවා. ගීතය ගායනය ජුබිල් නවුට්ටියාල් තමා කරන්නේ. සංගීත ඇල්බමය T-Series ආයතනය සතුවෙනවා.
ඉතින් මේවගේ ගීතයක් අරගෙන ඉක්මනටම ආපහු එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
බුදු සරණයි.
මෙන්න 2017 දී Kaabil චිත්‍රපටයට ඇතුලත් වීමට නියමිත අලුත් ගීතය
මෙන්න 1975 දී Julie චිත්‍රපටයට ඇතුලත් පරණ ගීතය
Good work..
Thanks..