Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 21
සින්දුවේ නම : Kehta Hai Pal Pal (කියනවා විටින් විට)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය : 1998
නව නිර්මාණය සිදුවූ වර්ෂය : 2017
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් තවත් ලස්සනම ලස්සන ගීතයක් අරගෙන ආවා මම. හින්දි ගීත අතරේ තියන ලස්සනම ලස්සන ආදර ගීතයක් මේක.
ඔයාලට මේ ගීතය පළමුව දක්නට ලැබෙන්නේ Pyar Kiya Toh Nibhana ලෙස 1998 තිරගත වෙච්ච Major Saab හින්දි චිත්‍රපටයේ. ගීතය අනුරදා පොඩ්වාල් එක්ක උදිත් නාරායන් තමා ගායනා කරලා තියෙන්නේ. සංගීතය ආනන්ද් රාජ් ආනන්ද් සපයල තියන අතරේ පදවැල් දෙව් කෝලි ගෙන්. මෙම ගීතයට රඟපෑමෙන් අජේ දේව්ගන් එක්ක සොනාලි බෙන්ද්‍රේ එකතු වෙනවා. ගිතයේ හිමිකම T-Series ආයතනය සතු වෙනවා.
මේ ගිතය ඔයාලට අලුතෙන් දකින්න ලැබෙන්නේ T-Series ආයතනය අලුතෙන්ම එලි දැක්වූ වීඩියෝවෙන්. නව ගීතයට රඟපෑමෙන් එකතු වෙන්නේ නවක නිරුපන ශිල්පින් දෙදෙනක් වන සචින් ජෝෂි සමග අන්කිතා ශායි. නව සංගීතය ගෞරව රෝෂින් ගෙන්. ගීතය ගායනය කරන්නේ ජනප්‍රිය ගායක යුවලක් වෙන අර්මාන් මලික් සමග සෘති පටක්. පදවැල් වල වෙනසක් කුමාර් කියන පද රචකයා කරලා තියනවා.
ඉතින් මේවගේ ගීතයක් අරගෙන ඉක්මනටම ආපහු එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
බුදු සරණයි…!
මෙන්න2017 දී Kehta Hai Pal Pal ලෙස එළිදැක්වූ අලුත් ගීතය
මෙන්න 1998 දී Major Saab චිත්‍රපටයට ඇතුලත් පරණ ගීතය