Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 23

මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය : 1970
නව නිර්මාණය සිදුවූ වර්ෂය : 2017
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් තවත් ලස්සනම ලස්සන ගීතයක් අරගෙන ආවා මම. හින්දි සිනමාවේ ලස්සනම ලස්සන ආදර ගීත කිහිපයෙන් එකක් තමා මේ.
මෙම Gulabi Aankhen Jo Teri Dekhi ඉස්සවෙලාම දකින්න ලැබෙන්නේ 1970 තිරගත වෙච්ච The Train කියන හින්දි චිත්‍රපටයේ. රාජේශ් කන්නා සමග නන්දා රඟපෑමෙන් එකතු වෙන මෙම ගීතය මොහොමඩ් රාෆි ගායනා කරනවා. සංගීත නිර්මාණය ආර් ඩි බර්මන් ගෙන් වන අතරේ පද රචනය ආනන්ද් බක්ෂි ගෙන්.
මෙම ගීතය දැන් ඔයාලට දක්නට ලැබෙන්නේ 2017 වසරේ තිරගත වෙන Noor කියන හින්දි චිත්‍රපටයේ. ගීතය ගායනා කරන්නේ අමාල් මලික් සමග තුල්සි. ගීතයට රඟපෑමෙන් සොනක්ෂි සිංහා එකතු වෙනවා. නව පදවැල් කුමාර් විසින් ලියල තියන අතරේ අබිජිත් විගලානි නව සංගීත නිර්මාණය කරලා තියනවා. මෙම ගීතයේ අයිතිය T-Series ආයතනය සතු වෙනවා.
ඉතින් මේවගේ ගීතයක් අරගෙන ඉක්මනටම ආපහු එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
බුදු සරණයි.
මෙන්න 2017 දී Noor චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය
මෙන්න 1970 දී The Train චිත්‍රපටයේ ඇතුලත් පැරණි ගීතය
thank you