ගීතදැනුමටපුවත්වගතුගවීඩියෝසියල්ලහින්දි

Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 3

 

maxresdefaultසින්දුවේ නම                              : Hawa Hawaii (හවායි වලින් හමා ආ සුළං පොද)

මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 1987

නව නිර්මාණය සිදුවූ වර්ෂය          : 2011

 

ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් මේ සතියේ ඔයාලට හඳුන්වාදෙන ගීතයත් අරගෙන ආව. සින්දුව ඉතින් ඔයාල හොඳටම දන්නා එකක් කියල මම හිතනවා. ඒත් මේ අලුත් විදියේ ගීතය ගැන නම් ඔයාල එච්චර දන්නවද කියල මම හරියටම දන්නේ නැ. කමක් නැ ඉතින් ඔන්න දැන් ඔයාලට අලුත් සහ පරණ ආකාර දෙකෙන්ම ගීතය දැන් එකම තැනකින් බලන්න පුළුවන්.

 

මෙම ගීතය පළමුවරට ඔයාලට දකින්න ලැබුනේ 1987 තිරගතවෙච්ච මිස්ටර් ඉන්දියා කියන අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයේ. අනිල් කපුර් සහ ශ්‍රී දේවි රඟපෑමෙන් එකතුවෙන මේ චිත්‍රපටය අදටද බොලිවුඩයේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපට ලිස්ට් එකේ උඩින්ම තියනවා. මේ චිත්‍රපටයේ ශ්‍රී දේවි උත්සවයක නැටුම් ශිල්පිනියක් විදියට වෙස්වලාගෙන ගිහින් සින්දුවක් කියන දර්ශනයේ තියන සින්දුව තමා මේ. ජාවෙඩ් අක්තාර් කියන ගීත රචකයා විසින් රචනාකරන ලද මේ ගීතය ලක්ශ්මිකාන්ත් ප්යාරෙලාල් කියන සංගීත අධ්‍යක්ෂක යුවල තමා  සංගීතවත් කලේ. ඒවගේම කවිතා ක්‍රිශ්නමුර්ති කියන ගායිකාව තමා මේ ගීතය ගායනා කලේ.

 

මෙම Hawa Hawaii ගීතයේ නව නිර්මාණය දකින්න තියෙන්නේ 2011 වර්ෂයේ තිරගත වෙච්ච Shaitan හින්දි චිත්‍රපටයේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ලද කල්කි කොචින් තමා මේ ගීතයට පෙනී සිටින්නේ. චිත්‍රපටය සම්බාව්‍ය ගනයේ එකක්. ඒ හින්ද මේ ගීතයේ මෙන්ම මුළු චිත්‍රපටයේම දර්ශන ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තිබ්බා. ඔයාල ගීතය නැරඹුවම තේරෙයි ඒක. ඒ මොනවා උනත් 2011 වර්ෂයේ සම්මාන බොහෝ ගණනකට මේ චිත්‍රපටය නිර්දේශ උනා. ඒ අතරට හොඳම ගායනයට වෙනුවෙන් වන සම්මානයට පවා මේ ගීතය නිර්දේශ උනා. ජාවෙඩ් අක්තාර් ගේ මුල් ගීතයේ පද ඒ ආකාරයෙන්ම බාවිතා උනත් නව ගීතය වෙනස් ආකාරයේ සංගීත රටාවකට යන්නේ. ටිකක් විතර රෙගේ වගේ. Mikey McCleary කියන රිමික්ස් සංගීත ශිල්පියා තමා නව සංගීත සංයෝජනය කරලා තියෙන්නේ. සුමන් ශ්‍රීධර් කියන ගායිකාව සහ ප්‍රශාන්ත් පිල්ලේ කියන ගායකයා තමා නව ගීතය ගායනා කරන්නේ. පැරණි සහ අලුත් ගීත ඇල්බම් දෙකටම T-Series කියන සංගීත නිෂ්පාදන ආයතනය හිමිකම් කියනවා.

 

ඉතින් මේ ගීත දෙකත් බලලා අතීතය සහ වර්තමානය අත් විඳින්න. ලබන සතියෙන් මේ විදියට අලුත් ගීතයක් හඳුන්වා දෙන්න එනවා කියන පොරොන්දුව දෙන ගමන් සමු ගන්නම්.

බුදු සරණයි.

 

 

මෙන්න 2011 දී ශේතාන් චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය

 

 

මෙන්න 1987 දී මිස්ටර් ඉන්දියා චිත්‍රපටයට ඇතුලත් ව තිබු පැරණි ගීතය

 

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *