ගීතවගතුගවීඩියෝසියල්ලහින්දි

Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 5

සින්දුවේ නම                                       : Resham Ka Roomal (සිල්ක් ලේන්සුවක් ගෙලවටා පැළඳගෙන)

මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය     : 2000

නව නිර්මාණය සිදුවූ වර්ෂය         : 2016

 maxresdefault

ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් මේ සතියේ ඔයාලට හඳුන්වාදෙන ගීතය තමා මේ රෙෂම්කා රුමාල් කියන සින්දුව. මේ නව ගිතය නම් ඔයාල හොදටම දන්නවා ඇති. ඒ උනත් ඒ සින්දුවට පදනම් වෙච්ච පැරණි සින්දුව ගැන දන්නේ නැතුව ඇති. ඔන්න ඉතින් මම හදන්නේ ඒක ඔයාලට ඉදිරිපත් කරන්න.

 

මේ සින්දුව ඇත්තටම ඉන්දියානු රාජස්තාන් ප්‍රාන්තයේ ගැමි ගීයක්. ඉතින් සැහෙන පරණයි කියල කිවුවොත් හරි. ඉතින් මේ ගීතය ජනප්‍රිය මාධ්‍යට ගෙනාවේ ඉලා අරුන් කියන ගායිකාව. එයා ගැන ඔයාල හොන්දටම දන්නවා අර කල් නායක් කියන හින්දි චිත්‍රපටයේ චෝලිකේ පිචේ ක්යාහේ කියන සින්දුව එහෙම කියන්නේ. කොහොම හරි ඉලා අරුන් විසින් මේලා කියන සින්දු ඇල්බමයට 2000 වසරේ තමා පළමුවෙන්ම ගායනා කරන්නේ. ඉන්පසු සෝනම්, කන්චන්,පිනකි, නිශාන්ත්, බොබී සහ ප්‍රතම් කියන රාජස්තාන් ගායක ගායිකාවන් එක්ක Nigodi Kaisi Jawani Hai නමින් නව සංගීත සංයෝජනයට අනුව එම වසරේම වීඩියෝවකුත් එළිදක්වනවා. T-Series තමා සංගීත ඇල්බමයට හිමිකම් කියන්නේ.

 

මේ ගීතයේ නව නිර්මාණය ඔයාලට දකින්න ලැබෙන්නේ 2016 වසරේ තිරගත වෙච්ච Great Grand Masti චිත්‍රපටයේ. රිතේෂ් දේශ්මුක්, විවෙක් ඔබරෝයි, අෆ්ටාබ් සිද්දසානි සහ සුරූපී උර්වෂි රෝටෙලා තමා රඟපෑමේ නිරතවෙන්නේ. නව පදවැල් මනෝජ් යාදෙව් විසින් ලියල තියන අතරේ සංගීතය ශරිබ් සහ ටෝෂි කියන සංගීත නිර්මාණ ශිල්පින් දෙදෙනා විසින් තමා නිර්මාණය කරලා තියෙන්නේ. ටෝෂි ශර්බි සහ සෝනියා ශර්මා තමා නව ගීතය ගායනා කරන්නේ. නව ගීතය ඇතුලත් සංගීත ඇල්බමය Zee Music Company ආයතනය සතු වෙනවා.

 

ඔන්න ඉතින් අලුත් සහ පැරණි ගීත දෙකම ඔයාලට බලන්න පුළුවන්. ලබන සතියෙන් මේ විදියට අලුත් ගීතයක් හඳුන්වා දෙන්න එනවා කියන පොරොන්දුව දෙන ගමන් සමු ගන්නම්.

 

බුදු සරණයි.


 මෙන්න 2016 දී ග්‍රේට් ග්‍රෑන්ඩ් මස්ති චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය

 [youtube]https://www.youtube.com/watch?v=YK5ft2xmyaM[/youtube]


මෙන්න 2000 වසරේ දී Nigodi Kaisi Jawani Hai නමින් නිර්මාණය වූ පැරණි ගීතය

[youtube]https://www.youtube.com/watch?v=wTm9dOBAOXs[/youtube]

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *