ගීතදැනුමටපුවත්වගතුගවීඩියෝසියල්ලහින්දි

Hindi Songs Now And Then (08) – හින්දි සින්දු එදා සහ අද – (08)

Dil-Mein-Chhupa-Loonga-Song
සින්දුවේ නම                                : Dil Mein Chhupa Lunga (හදවතේ සඟවා ගන්නවා)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 1977
නව නිර්මාණය සිදුවූ වර්ෂය          : 2016
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් ඉතින් මේ සතියේ ඔයාලට හඳුන්වාදෙන ගීතය අරගෙන ආවා. ඉන්දියානු සිනමාවේ නිර්මාණය වෙච්ච ලස්සනම ආදර ගීතයක් වෙච්ච මෙම ගීතය  නව නිර්මාණයක් විදියට ඇවිත් තියන හින්ද මම හිතුවා ඔයාලට සින්දු දෙකම බලන්න අවස්තාව අරගෙන දුන්නොත් හොඳයි කියල.
 
මේ ගීතය ඇතුලත් වෙන්නේ 2016 වසරේ දෙසැම්බර් මස දෙවන දින තිරගත වෙන්න පටන් ගත්ත Wajah Tum Ho කියන හින්දි චිත්‍රපටයේ. ලස්සන ආදර ගීත ගායනා කරන අර්මාන් මලික් සමග සුන්දර කටහඩක් තියන තුල්සි කුමාර් තමා මේ ගීතය ගායනා කරන්නේ. Meet Bros කියන සංගීත නිර්මාණ ශිල්පින් දෙපල තමා මෙම නව ගීතයට සංගීත නිර්මාණය කරන්නේ. පදවැල් වල සුළු වෙනසක් කුමාර් කියන පද රචකයා විසින් කරලා තියනවා. රන්ජේෂ් දුග්ගල් සහ සනා කාන් කියන නව රංගන ශිල්පින් යුවල රංගනයෙන් දායක වෙනවා.
 
පැරණි ගීතය ඇතුලත් වෙන්නේ 1977 වර්ෂයේ තිරගත වෙච්ච Darling Darling කියන චිත්‍රපටයේ. කිෂෝ කුමාර් කියන අසහාය ගායන ශිල්පියා විසින් ගායනා කරන මෙම ගීතය ආර් ඩි බර්මන් කියන සුප්‍රසිද්ධ සංගීත නිර්මාණ ශිල්පියා විසින් සංගීත නිර්මාණය කරලා තියනවා. පදවැල් ලියල තියෙන්නේ ආනන්ද් බක්ෂි කියන රචකයා. දේව් ආනන්ද් සහ සිනත් අමාන් තමා රඟපෑමෙන් එකතු වෙන්නේ.
 
සින්දු දෙක එකම උනත් රූපරාමු දෙකේ ලොකු වෙනසක් තියනවා. පැරණි ගීතය තුල ලස්සනට ආදරය මතුකරන අතරේ නව  ගීතයේ ලිංගිකත්වය පොඩ්ඩක් වැඩිපුර පෙන්නනවා කියල කියන්න ඕන. කොටින්ම යු ටියුබ් එකේ ඔයාගේ වයස දහ අටට වැඩියි කියල ඔප්පු කරනකම් ඔයාලට නව වීඩියෝ පටය බලන්න දෙන්නේ නැ. පැරණි සංගීත ඇල්බමය Universal Music ආයතනය සතුවෙන අතරේ නව සංගීත ඇල්බමය T-Series ආයතනය සතු වෙනවා.
 
ඉතින් මෙම ගීත දෙකම රසවිඳින්න කියල ආරාධනය කරන ගමන් සමුගන්නම්. තවත් ගීතයකින් ලබන සතියේ හමුවෙන්න එන්නම්.
 
බුදු සරණයි.
 
මෙන්න 2016 දී Wajah Tum Ho චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය
[youtube]https://www.youtube.com/watch?v=58kOTj-Fe1E[/youtube]
මෙන්න 1977 වසරේ දී Aise Na Mujhe Tum Dekho නමින් Darling Darling චිත්‍රපටයට නිර්මාණය වූ පැරණි ගීතය
[youtube]https://www.youtube.com/watch?v=AnqVCh_P_YQ[/youtube]

Author

One thought on “Hindi Songs Now And Then (08) – හින්දි සින්දු එදා සහ අද – (08)

  • සහෝ, ඔයා සුපිරි වීරයන් ගැන ලිපි දෙන එක නැවත්තුවද? කාලෙකින් එහෙම ලිපියක් හම්බුනේ නෑ.පුළුවන්නම් Flash ගැනත් ලිපියක් දෙමු…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *