පුවත්සියල්ල

How To Train Your Dragon 2 අදහගන්නත් බැරි වෙනවලු…..

 

මේ කියන්න යන්නේ තවත් අපි අසාවෙන් බලපු ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටියක දෙවැන්න සම්බන්ධව. නමින් How To Train Your Dragon. මෙහි නිෂ්පාදන කර්තව්‍ය කරට අරගෙන තියෙන්නේ Dream Works Animation සමාගමයි. එයාලගේ මීළඟ අවුරුදු වල  චිත්‍රපට පෙළගැස්ම තුල තවත් අද්විතීය ස්ථානයක් ලබා ගන්නා සලරුවක් තමයි මේ මකර පුහුණුකරන්නන්ගේ සහ ඔහුගේ මකරාගේ කතාව.  ආරංචි මාර්ග වල හැටියට මෙහි පළමු වැන්නේ ලබපු අදායම සහ දිනාගත් ඔස්කාර් සම්මාන මෙහි දෙවැන්න සඳහා බලපාන ලද ප්‍රධාන සාධක වෙලා තියෙනවා.

2012 වසරේදී  තිරගත් වූ මේ චිත්‍රපටියෙහි සිටි වයිකින්ග් කොළුවා හිකප් සහ ඔහුගේ මකරා  මේ වතාවෙත් යම් දේකට සූදානම් කරවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා යැයි අධ්‍යක්ෂක Baruchel පවසනවා. මේ දින වල ඔහු යම් තරමක කාර්යබහුල වෙලා තියෙනවා තවත් චිත්‍රපට දෙකකට. This is the End සහ Slash Movie  චිත්‍රපට පිළිබඳ පවත්වපු එක මාද්‍ය සාකච්ඡාවකදී ඔහු මේ ත්‍රිමාණ සලරුව ගැන මෙසේ අදහස් ප්‍රකාශ කර තිබුනා.

“මෙහි පළමු වැන්න කරන්න අපිට අවුරුදු දෙකක් ගියා ටිකෙන් ටික කරන්න උන නිසා. මට මේ කතාවේ දෙවැන්නට වැය කරන්න උනා පහුගිය වසරේ බාගයකුත්මේ වසරේ  තවත් බාගයකුත් වැය කරන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම මම මෙහි පළමු වැන්නට කැමතියි. මොකද ඒක ඒ කාලේ හැටියට හොඳ ජනප්‍රියතාවක් ලැබුවා. අනික ඒ චිත්‍රපටය මට ආඩම්බර වීමට හේතුවක්. ඉතින් මම අතිශෝක්තියෙන් ඒ ගැන මතක් නොකරම බැහැ දෙවැන්න ගැන කතා කරනකොට.

චිත්‍රපටය ගැන කියනවා නම්, ඒක හැම පැත්තකින්ම ඇදහිය නොහැකි මට්ටමක තියේවි. භාවාත්මක  අන්තරගතය  එතකොට ක්‍රියාදාම අනුපිලිවෙල අතින් ගන්නකොට එහි සෑම දෙයක්ම බලන කෙනාට විශ්වාස කල නොහැකි මට්ටමක තියේවි. මේ චිත්‍රපටය බලන්න ප්‍රවේශ පත්‍ර මිලට ගන්න ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාව තුලට ගිහින් යන්න හදන්නේ ජිවිතයේ කවදාවත් ගිහින් නැති ගමනක්. ඒ තරම් මේ චිත්‍රපටය විශ්මයජනක වේවි.”

තවමත් සංවර්ධිත මට්ටමේ පවතින මෙහි කතා වස්තුව ගැන තාමත් හරිම විස්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙත් අපිට නිසැකවම කියන්න පුළුවන් කලින් වතාවේ හඬ කැවීම් ශිල්පීන් සමඟ Jay Baruchel මේ වතාවේ චිත්‍රපට ලෝලී  ඔබ අප හැමෝවම මවිත කරන්නයි හැම වෙර වෑයමක්ම දරන්න යන්නේ. අන්තර්ගතය කෙසේ වෙතත් අපිට ඇඟිලි ගනින්න දවසක් නම් ලබා දීල තියෙනවා ඒ 2014 ජුනි 20 වෙනිදා,  ඒ තමයි  මේ චිත්‍රපටයේ ආරම්භක දර්ශණය  තිරගත වන දිනය. එහෙනම් තවත් මෙවැනි නැවුම් ආරංචියක් සමඟ ඔබව දැනුවත් කරන තුරාවට හැමෝටම සුබ දවසක් !!!

Author

6 thoughts on “How To Train Your Dragon 2 අදහගන්නත් බැරි වෙනවලු…..

  • නියමයි ele

    Reply
  • කොළුවගේ නම තමයි හිකප් , මකරාගේ නම නෙවෙයි. මකරාගේ නම ToothLess

    Reply
    • නිවැරදි කලා සහෝ. ස්තුතියි දැනුවත් කිරීමට.

      Reply
  • නියමයි…
    නියමයි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *