දැනුමටසියල්ල

IMDb ගැන විස්තර ටිකක් දැනගමු.


වාණිජමය:                    ඔව්
ස්වරූපය:                      සිනමා, රූපවාහිනී සහ දිසිරූ ක්‍රීඩාවන් (Video Game)
                                    සඳහා වෙන් වූ ජාලවුම් (Online) දත්ත නිධියකි.
ලියාපදිංචිය:                  සාකච්ඡාවන්, කියමන්(Comments), ඇගයීම් සහ මනාපදීම් වලට
                                    සහභාගීවීම සඳහා සාමාජිකයන් හට ලියාපදිංචිය අනිවාර්යය නොවේ.
පිවිසුම් භාෂා:                 ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ, ඉතාලි සහ පෘතුගීසි
හිමිකාරත්වය:                Amazone.com
නිර්මාණශිල්පී:               Colin Needham (Col Needham)
නිකුත්කිරීම:                  1990 ඔක්තෝබර් 17
Alexa ඇගයුම:              47 (2012 අගෝස්තු)
වත්මන් ස්වභාවය:           ක්‍රියාත්මක
ජාලගත සිනමා දත්ත සමූහය (Internet Movie Database – IMDb) යනු අන්තර්ජාලයේ දක්නට ලැබෙන සිනමාව ආශ්‍රිත තොරතුරු අඩංගු ජාලවුම්(Online) දත්ත ගබඩාවකි.  සිනමා දත්ත සමූහය ලෙස හැඳින්වූවද සිනමාවට අමතරව රූපවාහිනී වැඩසටහන්, රංගවේදීන්, නිෂ්පාදන කාර්ය පුද්ගලයන්,  දිසිරූ ක්‍රීඩාවන්(Video Games) සහ දෘශ්‍ය සන්තර්පණ මාධ්‍යයන්හි හමුවන මනකල්පිත චරිතයන් පිළිබඳ තොරතුරුද මේ තුළ අන්තර්ගතව පවතී.
මෙය වඩාත් ජනප්‍රියම ජාලවුම් සන්තර්පණ (Online Entertainment) ගමනාන්තයක්  වන අතර සෑම මසකම මිලියන 100කට අධික පරිශීලකයන් පිරිසකගේ ආකර්ශනය දිනා ගනියි. එමෙන්ම ජංගම පිවීසුම්(Mobile Presence) අතින් ශක්තිමත් සහ යුහු වර්ධනයක් පෙන්නුම් කරන මෙය 1990 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනි දින ආරම්භ කර තිබුණ ද, 1998 වර්ෂයේදී Amazone.com බහුජාතිකය විසින් අත්පත් කරගන්නා ලදී. මේ වන විට; එනම් 2012 ඔක්තෝබර් 12වන දින වන විට IMDb සතුව ඇති මාතෘකා ගණන 2, 425, 902ක් සහ පුද්ගල නාම ගණන 5, 325, 404ක් වේ.

Author

7 thoughts on “IMDb ගැන විස්තර ටිකක් දැනගමු.

  • අම්මෝ මම බැලුවා කවුද ලිපිය ලියලා තියෙන්නේ කියලා.
    මම හිතුවේ ලොවෙත් පත්තර වාර්ථාකාරයෙක් කියලා.
    බැලින්නං විකියා අයියා නෙව.
    නියම අදහස් රචනයක්.

    Reply
  • මොනවද මේ………. “දෘශ්‍ය සන්තර්පණ මාධ්‍යයන්හි හමුවන මනකල්පිත චරිතයන්”

    Reply
  • I’ve been surfing on-line greater than three hours nowadays, yet I never discovered any fascinating article like yours. It is beautiful value sufficient for me. In my view, if all web owners and bloggers made excellent content material as you did, the web will probably be much more useful than ever before.

    Reply
  • ඇත්තටම හරිම ප්‍රයෝජනවත් ලිපියක්…. මම මේ ගැන තොරතුරු හොය හොය හිටියේ.

    Reply
  • Thanks for any other fantastic post. Where else may anybody get that type of information in such a perfect method of writing? I have a presentation next week, and I’m on the look for such information.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *