Jean Aka Phoenix – ජින් නොහොත් ෆීනික්ස් කෙල්ල
මාවල් විශ්වය තුල චරිත වල සමහර අවස්ථාවල එකිනෙකටපරස්පරතා අදාළ කතා අනුව තිබෙන බව අපිට හදුනාගන්න පුළුවන්. චරිතයේ විකාශනය වීමේදී මේවා ඇත්තටම අපිට ගොඩක් පැටලිලි සහිත වෙනවා. එයට බොහෝ විට හේතුව වන්නේ අදාල චරිතය කොමික් කතා බොහෝ ගණනකට සම්බන්දව තිබීමයි. මා මේ පවසනුයේ චිත්‍රපට වල නොව කොමික් චිත්‍රකතා වලට අනුවයි. අපැහැදිලි තැන් තිබුනත් චිත්‍රපට වල ටයිම් ලයින් දෙක තුනකට බෙදීයාම යම්තාක් දුරට අපට හදුනා ගන්න පුළුවන්. මම මේ අද ඔබට ඉදිරිපත් කරන සුපිරි වීර චරිතය අන්න ඒවගේ ඉතාමත් පැටලිලි සහිත චරිතයක්. මාවල් විශ්වයේ දෙතුන්පාරක් මිය ගිය ඒවගේම අනුරු කිපයක් තියෙන ප්‍රධාන පෙලේ චිත්‍රපට වලත් ටයිම් ලයින් කිහිපයක් තියෙන චරිතයක් තමා මේ ජින් නැතිනම් ෆීනික්ස් කියන චරිතය. කාටත් පැහැදිලිවෙන්න අපි මේ එක්ස් මෑන් සුපිරි තරුවගේ ජිවිත කතාව සරලව තේරුම් ගන්න බලමු.
පළමුවම කියන්න ඕනා ජින් කියන්නේ එක්ස් මෑන් කණ්ඩායමේ ප්‍රබල චරිතයක්. එක්සේවියර්ට පසුව ටෙලිපති නැතිනම් වෙන අයගේ සිත් කියවීමේ හැකියාව තිබෙන ප්‍රධානම එක්ස් මෙන් සාමාජිකයා තමා ජින් කියන්නේ. එග්සෙවියර් නොමැති තැන ඇය මෙම හැකියාව බාවිතා කරනවා අපිට චිත්‍රකතා වල මෙන්ම චිත්‍රපට වලත් දැක ගන්න පුළුවන්. ඒවගේම එක්ස් මෙන් මෙහෙයුම් කටයුතුවලදී ස්ටෝම් ප්‍රධානත්වය ගන්නා අතරේ රෝග් සහ එකතුව ඇයට මනා සහයක් දෙන්නේ ජින්. ඒවගේම චාර්ල්ස් එග්සෙවියර්ට පස්සේ සේරෙබෝ යන්ත්‍රය මෙහෙයවීමට නිල වශයෙන් අවසර දුන්න එකම කෙනාත් ජින්ම තමා. ඒවගේම ස්කොට් සමර්ස් අපි කවුරුත් දන්නා නමින් කියනවා නම් සයික්ලොප්ස්ගේ පෙම්වතිය මෙන්ම බිරිද මෙන්ම ලෝගන් ගේ සිහින පෙම්වතියත් වෙන්නේ මේ ජින් තමා. අපට හුරුපුරුදු ජින් ගේ සරල හැදින්වීම තමා මේ.
1992-1997 ජනප්‍රිය වූ X Man කාර්ටුන් සිරිස් එකේ ජින් ග්‍රේ සහ සයික්ලොප්ස්
ජින් සතු හැකියාවන්
• මනසින් භෞතික දේවල් පාලනය කිරීමට ඇති හැකියාව. (ඇය බොහෝ වැඩ ගන්නා ඇයගේ ශක්තියක් තමා මේක. ඇයට අවශ්‍ය නම් ගෙදරක බඩු මුට්ටු ඉඳන් ස්විව් බෝඩ් එකක ස්විච් පවා අතින් අල්ලන්නේ නැතුව මනසින් පාලනය කරන්න පුලුවන්)
• වෙනත් කෙනෙකුන් සමග මනසින් පණිවිඩ හුවමාරු කිරීමට ඇති හැකියාව. (ඇත්තට ඇයට මේ හැකියාව හේතුවෙන් මහාචාර්ය චාර්ල්ස් වගේම බොහෝ කටයුතු කරගන්න හැකි උනත් ගොඩක් වෙලාවට ඇයට මේ ශක්තිය හේතුවෙන්ම සතුරු උපද්‍රව වලටත් මුහුණ පාන්න සිද්ද වෙනවා. හොදම උදාහරණය ෆීනික්ස් ෆොස් හා සම්බන්ද කටයුතු)
• මනෝකාය (අපි කවුරුත් දන්නා නමින් කියන) පාලනය කිරීමේ හැකියාව. (තමන්ගේ ශරීරයෙන් වගේම මනෝකාය පිටතට ගෙන එමගින් අවශ්‍ය කාර්යයයන් කරගැනීමට ඇති හැකියාව තමා මේ)
ඇයගේ මේ ප්‍රධාන හැකියාවන්ට අමතරව ෆීනික්ස් ෆෝර්ස් බලපෑම හේතුවෙන් තවත් විශාල ශක්තින් ප්‍රමාණයක් හිමිවෙනවා. එමගින් ඇයට ඉහත කියන ලද ශක්තින් වඩාත් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
දැන් අපි ජින්ගේ බයෝඩේටා එක බලමු.
සම්පුර්ණ නම – ජින් එලයින් ග්‍රේ ( විවාහයට පෙර ), ජින් ග්‍රේ සමර්ස් ( සයික්ලොප්ස් සමග විවාහයෙන් පසු )
උපන් වර්ෂය – නිවැරදි සඳහනක් නැත
උපන් ස්ථානය – ඇන්නාඩෙල්, නිව්යෝක්, ඇමරිකාව
උස – අඩි 5 අඟල් 6 යි
වෙනත් නම් – මාවල් ගර්ල්, ෆීනික්ස්
මව/පියා – ජෝන් ග්‍රේ සහ එලයින් ග්‍රේ
විවාහක අවිවාහක බව – විවාහක (ස්කොට් සමර්ස් සයික්ලොප්ස්) සමග
සම්බන්ද කණ්ඩායම් – එක්ස් මෑන්, එක්ස් ෆෝර්ස්, ෆීනික්ස් ෆෝර්ස්
හොදයි. ඔන්න අපි ජින් ගේ ජීව දත්ත ගැනත් එයාගේ හැකියාවන් ගැනත්, එයාගේ ප්‍රසිද්ද වෙලා තියෙන ජිවිතේ ගැනත් සරලව තේරුම් ගත්තා. අපි එහෙනම් බලමු එයාගේ ජිවිත කතාව ගැන. ඒත් කලින් කිවා වගේ ටයිම් ලයින් කීපයක් වගේම අවතාර කිහිපයක් තියෙන හින්ද වඩා සුදුසු සහ ලේසියෙන්ම ලිහාගන්න පුළුවන් වෙන ජිවිත කතාව තමා මම ඉදිරිපත් කරන්නේ.
ජින් ගේ ශක්තින් ගැන එයාගේ දෙමව්පියන්ට දැනගන්න ලැබෙන්නේ එයාට වයස 10 ක් වගේ වෙනකොට. ඒ එයාගේ යෙහෙළියකගේ හදිසි අබාවයකදී තම වේදනාව පිට කිරීම තම ශක්තියෙන් සිදුකිරීම හින්දා. ඉතින් මේ අවස්ථාවේදී එයාගේ දෙමව්පියෝ එයාව චාර්ල්ස් එග්සෙවියර්ට මුණ ගස්වනවා. මොකද චාර්ල්ස් මේවගේ විශේෂ ශක්තින් නැතිනම් විපරිත දරුවන්වෙනුවෙන් පාසැලක් පවත්වාගෙන යනවනේ. ඒ පාසල තමා එක්ස් මෑන් මුලස්ථානය. ඒක ගැන ඉතින් විශේෂ පැහැදිලි කිරීමක් අනවශ්‍යයි කියල හිතනවා. කොහොම හරි පාසලට ඇතුලත් වෙන ජින් තමාගේ ශක්තින් පාලනය කිරීමටත් ඒවා සුදුසු පරිදි බාවිතා කිරීමටත් පුහුණු වෙනවා. මෙතැනදී තමා අපිට ජින් නොහොත් මාවල් ගර්ල් චරිතය හමුවෙන්නේ. පුහුණු වෙන එක්ස් මෑන් කණ්ඩායමේ ඉඳන් වැඩිහිටි එක්ස්මෑන් කණ්ඩායම දක්වා ඇය ලොවට වැඩදායක වෙමින් සහ එක්ස් මෑන් ප්‍රබල චරිතයක් වෙමින් ජිවත් වෙනවා. ඔය අතරේ තමා ඇයසයික්ලොප්ස් එක්ක ආදර සම්බන්දෙ පටන් ගන්නේ. ඒවගේම පස්සෙන් පහු එක්ස් මෑන් කණ්ඩායමට එකතු වෙන වුල්වරින් පවා ජින් ගැන පිලිබඳ සිතක් ඇතිකරගන්න එක ඉතින් මාවල් විශ්වයට රහසක් නෙවිනේ. කොහොමහරි ජින් ගේ ජිවිතේ ප්‍රධාන විපර්යාසයක් වෙන්නේ මේ කාලේ තමා. ඒ පිටසක්වල ශක්ති සම්පන්න කණ්ඩායමක් වන ෆීනික්ස් ෆෝර්ස් හා ජින්ගේ සම්බන්දය.
සිදුවීම සරලව පැහැදිලි කරනවා නම් ජින් සතු හැකියාව ගැන මෙම ෆීනික්ස් ෆෝර්ස් කණ්ඩායම අවදානයෙන් ඉන්නවා. ඔවුන්ට නිසි අවස්ථාව ලැබෙන්නේ ජින් ඇතුළු කණ්ඩායම සහබාහි වෙන අභ්‍යවකාශ මෙහෙයුමක් අතරදී. සෙන්ටනල් කියන රොබෝ හමුදාව ඔවුන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එක්ස් මෑන් කණ්ඩායම එක අවස්ථාවක හිර කරනවා. ජින් ඇතුළු පිරිස එකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. එම මෙහෙයුමේදී එක්ස් මෑන් කණ්ඩායම දැඩි සුර්ය සුළඟකට මුහුණ දෙනවා. ඉතින් එහිදී තම කණ්ඩායම බේරා ගැනීමට යාමේදී ජින් මෙම ශක්තියට නිරාවරණය වෙනවා.ෆීනික්ස් ෆොස් මේ අවස්ථාවේදී ජින් වගේම වෙනත් කෙනෙක් නිර්මාණය කරනවා ජින්ගේ මතකය සහ රුපයම තිබෙන. ඒ තමා පස්සේ අපි ෆීනික්ස් කියල හදුන්වන චරිතය.මේ අතරේ සැබෑ ජින් අභ්‍යවකාශ යානය කඩාවැටෙන ජැමයිකා මුහුදේ ආරක්ෂිත කවචයක තැම්පත් කරන්න ෆීනික්ස් ෆෝර්ස් සමත්වෙනවා. ඊටපස්සේ මෙම ෆීනික්ස් ශක්ති ප්‍රබවය හින්ද මානසික කඩාවැටීම හින්දා හෝ මාස්ටර්මයින්ඩ් කියන දුෂ්ටයාගේ බලපෑම හින්දා ඇය ඩාක් ෆීනික්ස් බවට පත්වෙනවා.
සැබෑ ජින් සොයා ගැනීම පෙන්නුම් කෙරෙන කොමික් කවරය
නමුත් ජින් ගේ ආත්මීය බලපෑමත් එක්ක ඩාක් ෆිනික්ස්ට ලොව විනාශකිරීමේ උත්සාහය නිසි පරිදි කරගන්න බැරිවෙනවා. මොකද ජින් නොහොත් ෆීනික්ස් තමන්ම විනාශ කරගන්නවා. මේ අවස්ථාවේදී ෆීනික්ස් කියන ශක්ති ප්රභවය නැවත සැබෑ ජින් තවම සිටින ස්ථානය වන ජැමයිකා මුහුදු පතුලට ගමන් කරනවා. නමුත් සැබෑ ජින්ගේ ශරීරයට සම්බන්ද වීමට නොහැකිවෙනවා. එතැනදී නිර්මාණය වෙනවා තවත් ජින් අනුරුවක් වෙන මැඩ්ලයින් ප්‍රේයර්. ඉතින් මෙන්න මේ මැඩ්ලයින් තමා ස්කොට් නොහොත් සයික්ලොප්ස් එක්ක පළමුව විවාහ වෙන්නේ. එක කොමික් සිරිස් එකක ඔවුනට දරුවෙක් පවා සිටිනවා. එහෙත් ප්‍රසිද්ද ප්‍රධාන කතා ධාරාව තුල මෙම පුත්‍රයා කුඩා අවදියේම මිය යනවා. එතනින් සිදුවන සිතේ වෙනස් වීමත් එක්ක ඇය තවත් ප්‍රභල සතුරෙක් වෙන මිස්ටර් සිනිස්ටර් හා සම්බන්දව නැවත අඳුරු චරිතයක් බවට පත්වෙනවා. මේ අතරේදී ඵන්ටාස්ටින් ෆොර් කණ්ඩායම සහ ඇවෙන්ජර් සාමාජිකයින් ඇය ජැමෙයිකා මුහුදු පතුලෙන් සොයාගෙන සිහිය ලබාදෙනවා. ඊටපස්සේ මැඩ්ලයින් හා ඇතිවෙන සටනින් මැඩ්ලයින් විනාශ කලත් ඇයගේම කොටසක් වෙන හින්දම මැඩ්ලයින් මෙන්ම ඩාක් ෆීනික්ස් ගේ මතකයන් සියල්ල ලැබෙනවා. ඒ හින්දා ස්කොට් සමග විවාහය ඇය දිගටම පවත්වාගෙන එනවා. පසු කලෙක මැගීන්ටෝ, අපොකිල්ප්ස් වැනි එක්ස් මෑන් ප්‍රසිද්ද සතුරන් ගනනාවක් සමග සටන් සඳහා ජින් දායක වෙනවා. මෙහිදී මාවල් විශ්වය තුල වයිට් ෆීනික්ස් ලෙස හඳුන්වන ජින් ගේ මෙම අනුවර්තනය අපට හමුවෙනවා.
ඔන්න ඔහොමයි සරලවම ජින් ගේ ජිවිත කතාව. දැන් අපිට ඉදිරියේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරසි ගෙන ඒමට නියමිත ඩාක් ෆීනික්ස් චිත්‍රපටයේ කතාව ගැන කියන්න අවස්ථාව. මොකද මම ඉහත පැහැදිලි කරන ලද කතාවට පොඩ්ඩක් වෙනස් ආකාරයට තමා මෙම චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ.
ජින් ගේ මාවල් විශ්වයේ චරිතය හා ඩාක් ෆීනික්ස් කතාව වෙනස් වෙන්නේ කොහොමද?
(කරුණාකර මෙම චේදය ඩාක් ෆීනික්ස් චිත්‍රපටය බලන කම් නොබලා හිටියොත් හොදා. මොකද ස්පොයිලර් එකක්)
පළමුවෙන්ම කියන්න ඕනා ඩාක් ෆීනික්ස් චිත්‍රපටය බලනවා නම් කලින් ආව එක්ස් මෑන් චිත්‍රපට කිහිපයක කතාවන් නොසලකා හරින්න වෙනවා. X Man, X2, X Man Last Stand, Wolverine 1 හා 2 කියන චිත්‍රපට වල ටයිම් ලයින් එක්ක නම් ඩාක් ෆීනික්ස් ගලපන්න යන එක හෙනම අවුල් වෙනවා. X Man First Class, X Man Day Future Past හි අතීත සිදුවීම්, X Man Apocalypse යන චිත්‍රපට හා මෙම ඩාක් ෆීනික්ස් ටයිම් ලයින් ගැලපෙනවා. ලෝගන් විසින් Day Future Past චිත්‍රපටය තුල අතීතය වෙනස් කිරීම හේතුවක් වෙනවා ඇති. කොහොමින් හෝ මෙම ඩාක් ෆීනික්ස් චිත්‍රපටයේ ජින් ගේ සහ චාර්ල්ස් එග්සෙවියර් ගේ හමුවීම මෙන්ම ෆීනික්ස් ෆොස් සහ ජින්ගේ හමුවත් ගොඩක් වෙනස්. මෙම චිත්‍රපටයේ හැටියට ජිනව එග්සෙවියර්ගේ පාසලට යන්නේ ජින් ගේ දෙමාපියන්ගේ මරණය හින්දා. එම අනතුරත් වෙන්නේ කුඩා ජින්ට තම බලය පාලනය කරගැනීමට නොහැකි වීමෙන්. ඒවගේම චිත්‍රපටයේ අනවශ්‍ය පරිදි සැබෑ ලෝකයට සම්බන්ද කිරීමක් වෙච්ච එන්ඩේවර් ෂටල අනතුර හරහා තමා ෆීනික්ස් ෆොස් හා ජින් ගේ සම්බන්දය සිදු වෙන්නේ. චිත්‍රපටය බැලීමෙන් ඔබට එය කොතරම් අනවශ්‍යද පැහැදිලි වේවි. වැඩි විස්තර ඉතින් උපසිරැසිය ආවම චිත්‍රපටය බලලම ලබා ගන්න.
ජින් චරිතය ගැන.
ජින්, මාවල් ගර්ල් නැතහොත් ෆීනික්ස් (ඩාක් හෝ වයිට්) මුලින්ම අපට දක්නට ලැබෙන්නේ The X-Men #1 (September 1963) කලාපයෙන්. එතැනදී තමා ඔය මම මුලින් කිව විදියට කුඩා ජින් මාවල් ගර්ල් වෙලා ඊට පස්සේ එක්ස් මෑන් හි ප්‍රධාන චරිතයක් බවට පත්වෙන්නේ. ස්ටේන් ලි මහතාගේ මනස් දරුවෙක් වෙන මේ ජින්ට රූපකාය ජැක් කර්බිගේ පින්සලෙන් ලැබෙනවා. ඉන්පසු (X-Men #101) පොත් පෙලින් ඩාක් ෆීනික්ස් බවට පත්වෙන ඇය Uncanny X-Men #334, New X-Men #128 යන පොත් පෙළවල් හරහා මැඩ්ලයින් සහ සැබෑ ජින් බවට පත්වෙනවා. ඉන්පසු පලවෙන කතා බොහෝ ගණනකින් ඇය කොමික් ලෝකයේ අප දන්නා ජින් බවට පත්වෙනවා.
The X-Men #1 (September 1963) කවරය
ඉතින් ඔන්න අපි දන්නා ජින්. මේවගේ තවත් චරිතයක් එක්ක අනාගතයේ නැවත අපි හමුවෙන්න බලමු. ගිහින් එන්නම්.
බුදු සරණයි.