Justice League (2017) 2nd Trailer – පෘතුවියට තර්ජනයක්… තර්ජනයට ලීගයක්….[with Sinhala Subtitles]
කොමික් පිපාසාවෙන් පෙලෙන සුවදහසක් වූ කොමික් රසිකයන්ට ඔන්න වසන්ත සාමය උදා උනා. මේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ සැන් ඩියාගෝ කොමික් කොන් එක ඇරඹිලා දවස් කීපයයි ගත උනේ. ඒ වගේම ඊයේ එනම් ජුලි 22 සෙනසුරාදා මාවල් DC රසිකයෝ හැමෝටම බලාපොරොත්තු මල් ඵල ගන්වන සුවිශේෂී දවසක් උනා. ඉතින් මේ ද්වන්දයෝ දෙගොල්ලොම ලොකු තරඟයක කාටද පුළුවන් එයාලගේ රසිකයන්ව වැඩියෙන්ම සතුටු කරන්න. ඔන්න ඊයේ දවස ජය ගත්තේ DC කණ්ඩායම කිව්වොත් නිවැරදියි. විනාඩි හතරක පූර්ව ප්‍රචාරක පටයක් ! ඒකත් Justice League චිත්‍රපටයේ?! තවත් මොනවද ඉතින් කොමික් රසිකයෙක්ට ඕනේ කරන්නේ. ඒ වගේම අපිට මාවල් කොමික් රසිකයන් සඳහා Thor: Ragnarok චිත්‍රපටයේ දෙවන පූර්ව ප්‍රචාරක පටය නිකුත් උනා. දැන් මේ කියන්න යන්නේ ඒ ගැන නෙමේ DC සිනමා විශ්වයේ දැනට සිදු වූ නිර්මාණ අතරින් සිදුවන දැවැන්තම නිර්මාණය වන Justice League චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අවස්ථාවෙන් අවස්තාව පෙළගස්වන්න. ඊට අමතරව ඔයාලට ඒ ප්‍රචාරක පටය සිංහල උපසිරසි සහිතව පහලින් බලාගන්න පුළුවන්. ඒක බැලුවා නම් පූර්ව ප්‍රචාරක පටයෙ තියෙන ගැටළු ටික පහලින් ලෙහාගන්න පුළුවන් වේවි.
ලන්ඩන් වල සිදුවන සිදුවීමක්…..
මේ සිදුවීම ලන්ඩන් වල වෙනවා කියල අනුමාන කරන්නේ එහි සිදුවන කතා බහ බ්‍රිතාන්‍ය ආරකට හුරු නිසා. ඔබට එහි වෙනස වටහා ගන්න පුළුවන් එයට සවන් දීමෙන් මෙය සිදු වන්නේ ඇමෙරිකාව තුල නොවන බව. පෙනෙන විදිහට ආයුධ සන්නද්ධ පිරිසක් ආරක්‍ෂාව සහිත ස්ථානයකට කඩා වදිනවා නීතියෙන් පිට යමකට අර අදින්න.
මේ ස්ථානය යම් පාසල් ගොඩනැගිල්ලක් වැනි තැනක්. ඔවුන් ඇතුල් වෙන්නේ එහි ආරක්‍ෂකයන් මරා දමමින්. මෙසේ අපරාධ වැඩි වෙන්න සහ මහා දවාලේ අපරාධ වලට පෙළඹෙන්න ඇති ආසන්නතම හේතුව තමයි සුපර්මෑන් මිය යෑම. මීට කලින් සිදුවූ Doomsday සමග ඇතිවූ සටන අහවර උනේ ක්‍රිප්ටෝනියන් බලවතුන් දෙදෙනාගේම අවසන් හුස්ම අහසට යොමු කරලා. ඉතින් ලෝකයේ අපරාධ මැඩලන්න සුපිරි වීරයෙක් නොමැති වීමෙන් අපරාධකරුවන්ට සුභ කාලයක් උදා වෙලා. මේ ගෙවෙන්නේ ඒ වගේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න සැරසෙන කණ්ඩායමක් සිදු කරන්න යන අපරාධයක අවස්ථාවක්.
බලාපොරොත්තු නොවූ දෙයක්. තෙමිස්කිරාවේ කුමරිය හෙවත් වොන්ඩර්වුමන් එතනට පැමිණෙන්නේ අනපේක්‍ෂිත මොහොතක. මේ අවස්තාව බොහෝ දුරට මේ චිත්‍රපටයේ මූලික අවස්ථාවක් විය හැකියි. ඒනම් යුක්තියේ ලීගය ඇරඹෙන්න පෙරාතුව ලෝකයේ අපරාධ මැඩලන්න ඔවුන් තනියම ක්‍රියාත්මක වෙන තවත් එක අවතාවක් විය හැකියි. මෙහිදී වොන්ඩර්වුමන් හැරෙන්න ඔබට වෙන කිසිම වීරයෙක් දකින්න ලැබෙන්නේ නැහැ.
මේ ඔබ දකින්නේ ඇය සතු සුපිරි හැකියාවන්ගෙන් එකක්. උණ්ඩයට වැඩ වේගයෙන් ඇයට ක්‍රියාත්මක වීමේ හැකියාව සහ මෙහිදී ඇය විසින් වොන්ඩර්වුමන් චිත්‍රපටයේ දකින්න ලැබුන ආකාරයට උණ්ඩ වලින් මිදීමට ඇය විසින් පළඳන අත් පළඳනාව භාවිත කරන්නේ නැහැ. එසේ කලා නම් එහි සිටින ප්‍රාණ ඇපකරුවන්ට හානියක් එමගින් සිදුවීමට තිබෙන අවස්ථාව වළක්වාලන්න ඇයගේ මේ සුපිරි වේගවත් බව මෙහිදී උපයෝගී කරගන්න ඇති. ඒ වගේම ඇය ගැන නොදැනුවත් කෙනෙකු විසින් ඇයට තුවක්කු බඳෙන් හිසට පහර දෙන අවස්ථාවක් දක්නට ලැබෙනවා. ආධුනිකයෙක් විසින් සිදු කරන තවත් මෝඩ ක්‍රියාවක් එහිදී පෙන්නුම් කරනවා.
මේ දැක්වෙන්නේ ලන්ඩන් වල ඉහලින් ලබාගත් ඡායාරූපයක්. ඔබට මේ පෙනෙන්නේ ලන්ඩන් වල තිබෙන සුප්‍රසිද්ධ තේම්ස් නදිය සහ ඊට ඉහලින් නිර්මාණය ඉදිකර ඇති කුළුණු පාලමයි (Tower Bridge). අමෙරිකාවෙන් පිට උවත් තවමත් මිනිසුන් සුපර්මෑන් වෙනුවෙන් දුක්වන සහ ගරු සම්මාන කරන බවට සාධකයක් ඔබට දකින්න තිබෙනවා. ඒ තමයිපාලමට ඉහලින් දකින්න තිබෙන විශාල සුපර්මෑන් සලකුණ. මෙවර කළු ඇඳුමකින් සුපර්මෑන් දකින්න ලැබේවි කියන්න මේ සලකුණ තවත් එක ඉඟියක් වෙන්න පුළුවන්.
නැවතත් ඇමෙරිකාවේ මෙට්‍රොපොලිස් නගරයට…..
මේ දකින්නේ BvS චිත්‍රපටය අවසානයේදී විනාශයට ලක්වූ සුපර්මෑන් ස්මාරකය. ඔබට බිම පතිත වී තිබෙන සුපර්මෑන්ගේ හිස සහ තැන තැන විසිර ගොස් තිබෙන සුන්බුන් කැබලි. ඒ වගේම මෙහිදී ඔබට යම් සැඟවුන දෙයක් හඳුනා ගන්න තියෙනවා. ඒ තමයි කෙනෙක් ඒ ස්මාරකය දෙස බලා සිටිනවා. බොහෝදුරට පෙනුමෙන් නම් මේ කාන්තාවක් විය හැකියි. සුපර්මෑන් ගැන වඩාත්ම දුක් වෙන්නේ වෙන කවුරුත් නෙමේ ඒ තමයි ලොයිස් ලේන් හෙවත් ඔහුගේ පෙම්වතිය. බොහෝදුරට කුඩයක් ඉහලාගෙන මේ සිටින්නේ පෙම්වතාගේ වියෝ දුකෙන් පසුවන ලොයිස් ලේන් විය හැකියි.
මේ දකින්න ලැබෙන්නේ කෙන්ට් ක්ලාක් ලොයිස් ලේන් දෙදෙනාම රැකියාව කරන ඒ වගේම බෘස් වේන් හට අයිති ඩේලි ප්ලැනට් පුවත් පතක්. එහි සටහන් වෙන්නේ “World without Hope” ලෙසින් එනම් “බලාපොරොත්තුවකින් තොර වූ ලෝකයක්” ලෙසින්. මෙයින් පෙන්නුම් කරන්නේද සුපර්මෑන්ගේ වියෝව පුවත් පත් වල ප්‍රධාන මාතෘකාවක් වීමට තරම් ලෝකයට තදින්ම බලපෑ ඇති බවකි. කලින් චිත්‍රපටයේදී නම් මෙට්‍රොපොලිස් ජනතාවට අවශ්‍ය උනේ ඔහුව මේ ලෝකයෙන්ම එලවා දැමීමටයි. නමුත් දැන් ඒ තත්වය හාත්පසින්ම වෙනස් වී ඔහි ලෝකයටම අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වී අවසානයි.
ගෝතම් නගරයත් නොසන්සුන්…
මේ දකින්නේ ගෝතම් පොලිස් දෙපාර්තුමේන්තු කොමසාරිස්වරයා. එත් එක්කම ඔබ දකින විශාල ආලෝකය සහිත සලකුණ හැමෝම දන්න එකක්. ඒ තමයි ගෝර්ඩන් සහ බැට් මෑන් අතර සන්නිවේදන මාධ්‍යය. මේ ආලෝකය ඔහු විසින් දල්වන්නේ ගෝතම් වල ආරක්‍ෂකයාගේ සේවය ඔහුට අවශ්‍ය විටදී පමණයි. මෙයින් පෙන්වන්නේ ගෝතම් නගර පොලිස් දෙපාර්තමේන්තුවට විසඳිය නොහැකි ගැටළුවක් පැනනැගී ඇති බවක්. එත් සමඟම ඔබට ඇසෙනවා ප්‍රවෘත්ති නිවේදකයන් විසින් කරන නිවේදනයන්. ලන්ඩන් වල සිදු වූ කොල්ල කෑමක් ගැන, බැට්මෑන් ගෙන් කිසිඳු ප්‍රතිරෝධයක් මේ අපරාධ වලටඑල්ල නොවෙන බවක්… මේ සමඟින් පෙන්නුම් කරන්නේ සුපර්මෑන් මියගිය පසු ගෝතම් වල ආරක්ෂකයා ඔහුගේ නගරයේ ආරක්ෂාවද අමතක කර ඇති බවකි. එහෙත් ඊට ආසන්නතම හේතුව යුක්තියේ ලීගය එක්රැස් කිරීම ඊටත් වඩා වැදගත් බව ඔහු සලකන බැවිනි.
ඒ සමගින් ඔබ මේ දකින්නේ ගෝතම් ආරක්ෂකයා යම් ස්ථානයක් දෙස විමසිලිමත්ව ඉන්න අකාරයක්. මෙය බොහෝදුරට ලෙක්ස් ලූතර් හට අයිති යම් පර්යේෂණාගාරයක් විය හැකියි. මොකද ලෙක්ස් ලූතර්ගෙන් මේ ලෝකයට තියෙන තර්ජනය අවසන් වී නැති බැවින්. ඔබට මතක ඇති BvS අවසානයේ ලෙක්ස් ලූතර් විසින් බැට්මෑන් හට පැවසු දේවල්. එමනිසා තවමත් ඔහුගැන විමසිල්ලෙන් පසුවන බවක් මෙයින් පෙන්නුම් කරනවා විය හැකියි.
ඒ සමගින් දකින්න ලැබෙනවා බැට් කේව් තුල වොන්ඩර් වුමන් සහ බෘස් වේන් අතර සිදුවන කතාබහක්. ඔවුන්ට අවශ්‍ය වෙනවා කණ්ඩායමක් නිර්මාණය කරන්න. තනියම වැඩකරන්න කැමති බෘස් වේන් පවා ඉදිරියේ හමුවන්නට නියමිත අනතුර සුළුකොට සලකලා නැහැ. ඔවුන් පවසන්නේ වීරයන් ඉක්මනින් එක්රැස් කලයුතු බවත් ඒ සඳහා වැඩි කාලයක් නොමැති බවත්ය.
තෙමිස්කිරා දූපතටත් අනතුරක්…
මේ ඔබ දකින්නේ වොන්ඩර්වුමන්ගේ උපන් බිම හෙවත් තෙමිස්කිරා දූපත. මිනිස් වාසයෙන් ඉතාමත් දුරක සැඟවී පවතින මේ ස්ථානය ගැන ඔබට වොන්ඩර් වුමන් චිත්‍රපටයෙන් දැකගන්න ලැබෙන්න ඇති. ඊළඟට සිදුවන්නේ ලොවටම රහසක් උන මේ දූපත තුල තියෙන තවත් රහසක් නිසා දූපතට ඇතිවෙන්න යන දෙයක්.
මොකද්ද මේ අමුතු දේ? ඒ තමයි Justice League චිත්‍රපටයට පාදක උන දේ. DC කොමික් බලන කෙනෙක් නම් දන්නවා ඇති Apokolips කියල ලෝකයක් තියෙනවා කියල. මේක අයිති වෙන කාටවත් නෙමේ ඒ තමයි Darkseid. DC කොමික් විශ්වයේ දරුණුතම සතුරා. මාවල් විශ්වයේ Thanos වගේම වඩාත්ම බලවතා තමයි ඩාක්සයිඩ් කියන්නේ. එයාලගේ ලෝකයේ තියෙනවා අධි සංවේදී පරිඝනක වර්ගයක්. මේවා ඉතාමත් බල සම්පන්නයි. හඳුන්වන්නේ Mother Box ලෙසින්. ඉතින් මෙවැනි පරිඝනක තුනක් පෘතුවියට ලැබී තිබෙනවා. ඒ ඉතිහාසයේදී සිදුවූ සටනකින් පසුවයි. ඒ ගැන වෙනම විස්තරයක් කරන්නම්. ඉතින් මේ Mother Box තුන පෘතුවිය තුලත් පවතින්නේ එකිනෙකට වෙනස් ස්ථාන තුනක. එකක් තමයි මේ ඉහලින් දකින්නේ එය තිබෙන්නේ තෙමිස්කිරා දූපතේ ඇමසෝන් කාන්තාවන් සන්තකයේ. වොන්ඩර්වුමන් චිත්‍රපටයේ ඔබට මේ ගැන කිසි දෙයක් දකින්නවත් සඳහනක් වත් වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ එක තියෙන්නේ ඇක්වාමෑන්ගේ රාජධානිය වන ජලයෙන් පිරුන ඇට්ලන්ටාව තුල. එහි හිමිකාරිත්වය සතු වන්නේ ඇක්වාමෑන් ප්‍රමුඛ ඇට්ලන්ටික් ජනතාවට. ඒ වගෙම තෙවැන්න හිමිවන්නේ සාමාන්‍ය මිනිස් ජනතාවටයි. ඒ වගේම මිනිසුන්ට ලැබුන Mother Box එක නිසා තමයි සයිබෝර්ග් නමැති අපුරු මිනිස් රොබෝ වරයා නිර්මාණය වෙන්නෙත්. ඒ වගේම තවත් දෙයක් ඔබ දකිනවා ඇති සිලින්ඩරාකාර යමක් ඉහලින් දිස් වෙනවා. මේ තමයි Darkseid වෙනස් ලෝක හරහා ගමන් කරන්න භාවිත කරන ගමන් මාධ්‍යය. එය හඳුන්වන නම තමයි Boom Tube. මෙය විවිධ ස්ථාන වලට ගමන් කරන්න ඔවුන් භාවිතා කරනු ලබන එක්තරා විදිහක ඉක්මන් ගමන් ක්‍රමයක්. මෙය ටියුබ් එකක් එසේ නැතිනම් නලාකාර හැඩයක් නිසයි ඔබට එය සිලින්ඩරාකාර ලෙසින් පෙනෙන්නේ.
Mother Box කතාව මෙතනින් ඉවර කරන්නම් එහෙනම්…
මේ දකින්නේ තෙමිස්කිරා දූපතේ නායිකාව හෙවත් ඩයනා කුමරියගේ මව වන Hippolyta රැජිණයි. ඔවුන් මේ බලාපොරොත්තු වන්නේ අහසින් පැමිණෙන අනපේක්‍ෂිත දෙයක්.
මේ තමයි Justice League චිත්‍රපටයේ ප්‍රධාන සතුරාගේ පෘතුවි ආගමනය. මේ තමයි Darkseid ගේ දකුණු අත වගේ ඉන්න පුද්ගලයා. ඩාක්සයිඩ් විසින් ලෝක ග්‍රහණය කරගන්න යවන එක පුද්ගලයෙක් තමයි මේ ඔහු නමින් Steppenwolf. BvS චිත්‍රපටයේ ඉවත් කරන ලද දර්ශන වල ඔහුව අපට දක්නට ලැබුනා. නමුත් මේ චිත්‍රපටයේදී අපිට ඔහුව වඩාත් සමීපව දකින්න ලැබෙනවා. ඩාක්සයිඩ් හා සමාන බලයකින් හිමි ඔහුගේ චරිතය වෙනුවෙන් මෙහිදී චරිත නිරුපනය කරන්නේ Game of Thrones නළුවෙක් වූ Ciaran Hinds විසින්. Steppenwolf පෘතුවිය වෙත එවා තිබෙන්නේ පෘතුවිය තුල තිබෙන Mother Box තුන අත්පත් කරගෙන පෘතුවියත් Darkseid ග්‍රහණයට නතු කරගැනීමටයි.
මේ දකින්නේ Steppenwolf සතු ආයුධයේ සමීප දසුනක්. මේ තමයි ඔහු භාවිත කරන පොරව. ග්‍රහලෝකයක් කාන්තාරයක් බවට හරවන්න පුළුවන් හැකියාවක් මෙයට තිබෙනවා.
ඇට්ලන්ටාව දෙසට….
මේ රූපය එතරම් පැහැදිලි බවක් පෙනුනේ නැති උනාට ඉහලින් සිටින්නේ මුහුදට අධිපති දෙවියන් වන Poseidon බවක් පෙන්නුම් කරනවා. එසේ නැති නම් Steppenwolf විසින් ඔහුගේ වෙස්ගෙන මෙහි සිටිනවාද කියල සැකයකුත් තිබෙනවා. ඒ සමඟින් පසුබිමෙන් ඇසෙනවා “මෙහි කිසිම ආරක්ෂකයෙක් නැහැ” කියා. ඒ කට හඬ සමාන වෙන්නේ ඊට පසුව Steppenwolf විසින් කරන ප්‍රකාශ වලට සමාන හඬක් බැවින් මේ සිටින්නේ ඔහුම විය හැකියි.
ගෝතම් දෙසට නැවතත්….
මෙහිදී පසුබිමෙන් ඇහෙන්න ලැබෙනවා “ලැන්ටර්න්වරු නැහැ” කියා. මෙහිදී අනුමාන කරන්න පුළුවන් දෙයක් වෙන්නේ තවමත් පෘතුවියට ලැන්ටර්න් සහය ලැබී නැතිකම හෝ විශ්වයේ පොලිස් බලකාය මුළුමනින්ම විශ්වයෙන් උපුටා දැමීමක් සිදුවෙලාද යන කාරණා. ඉතින් අපිට චිත්‍රපටය බලන අතරතුරේ දැනගන්න ලැබේවි ඇත්තටම හැල් ජෝර්ඩන්, ජෝන් ස්ටුවට් සහ ගයි ගාඩ්නර් කියන ග්‍රීන් ලැන්ටර්න් සාමාජිකයන්ට කුමක්ද සිදු උනේ කියල. මෙතන අප දකින්නේ සයිබෝර්ග් බිඳී ගිය ජනේලයකින් පිටත බලා සිටිනවා. සමහරවිට මේ ඔහුගේ රොබෝ මිනිස් දිවියේ ආරම්භය විය හැකියි.
මේ දකින්නේ බෘස් වේන් ඔහුගේ බැට් කේව් එක තුල හොලෝග්‍රෑමයක් දෙස බලා සිටිනවා. ඒ සමඟින් පසුබිමින් Steppenwolf පවසනවා ක්‍රිප්ටෝන්වරුත් නැහැ කියා. එමගින් ඔහු අදහස් කරන්නේ සුපර්මෑන්ගේ අභාවය විය හැකියි. කෙසේ නමුත් ඩාක්සයිඩ් ප්‍රමුඛ ඔහුගේ හමුදාවට සිටින ලොකුම අභියෝගය තමයි සුපර්මෑන් කියන්නේ. ඔහුගේ අභාවය මේ සතුරු හමුදාවට ලොකු අස්වැසිල්ලක් විය හැකියි.
මේ දකින්නේ බැරි ඇලන් යම් දෙයක් දෙසට යොමු වෙනවා. ඔබට පෙනෙනවා ඇති මේ ඡායා රූපයේ වම් දෙසින් කාන්තා රූපයක්. බොහෝ දුරට මෙය බැරි ඇලන්ගේ පෙම්වතිය වන අයිරිස් වෙස්ට්ගේ (Kiersey Clemons) හෝ ඔහුගේ මවගේ පැරණි මතකයක් විය හැකියි. ඔහු වීදුරුවක් තුලින් ඉතාමත් ඉක්මනින් ගමන් කරන්න උත්සහ කරන බවක් පෙන්නුම් කරන්නේ. බොහෝවිට අයිරිස්ව අනතුරකින් මුදවා ගන්න දරණ උත්සහයක් විය හැකියි. එසේ නැති නම් මෙය ඉදිරියේ තිරගත වීමට නියමිත ෆ්ලෑෂ් පොයින්ට් චිත්‍රපටයේ අවස්ථාවක් විය හැකියි. Flashpoint මුලික වෙන්නේ බැරි ඇලන්ගේ මව නිසා මේ සිටින්නේ ඔහුගේ මව වීමේ සම්භාවිතාව තරමක් වැඩියි.
මෙයින් දැක්වෙන්නේ Steppenwolf විසින් ඔහුගේ පොරව පොරවෙන් යම් බිමකට වේගයෙන් පහර දෙන අකාරයක්. කලින් කිව්වා වගේ ඔහුට සහ මේ පෝරාවට පුළුවන් කමක් තියෙනවා සාරවත් බිමක් මුඩු බිමක් බවට හරවන්න. මේ දර්ශණය තෙමිස්කිරාව තුල සිදුවන යමක් විය හැකියි. මොකද මේ දර්ශනයෙන් පසුව ඇමසොනියානු හමුදාව ගිනි ජාලාවක් හරහා ගමන් කරන්න දරණ උත්සාහයක් අපට දකින්න ලැබෙනවා.
මේ දකින්නේ බෘස් වේන් සහ ඇල්ෆ්‍රඩ් දෙදෙනා කතාබහක යෙදෙන අවස්ථාවක්. මෙහිදී ඇල්ෆ්‍රඩ් පවසන්නේ පෙන්ගුයින්ලා එක්ක සටන් වැදුන කාලය දැන් මතක් වෙනවා ඇති කියල. මෙය හාස්‍ය මුසු ප්‍රකාශයක් ලෙසට බෘස් වේන් හට පවසන්නේ බෘස් වේන් මේතාක් කාලයකට මුණ ගැසෙන්න යන භයානකම සතුරා දැන් පෘතුවිය ආක්‍රමණය කරන්න සැරසෙන බැවිනි. මේ අවස්ථාව බොහෝ දුරට Steppenwolf විසින් පෘථිවිය ආක්‍රමණය ආරම්භ කල පළමු දිනයේ සිදු වුවක් විය හැකිය.
මේ දකින්නේ පිටසක්වල හමුදාවේ යානය තුල දර්ශනයි. පෘතුවිය වෙතට එන Steppenwolf ප්‍රමුඛ හමුදාව මේ යානය තුල සටින බව පෙනෙනවා. ඔහුගේ සෙබළුන් වන පියාසර කල හැකින් පැරාඩීමන් සෙබළුන් ඒ අවට සිටිනවා දකින්න ලැබෙනවා.
සයිබෝග් විසින් මෙහිදී කණ්ඩායම අමතා කියන්නේ සැවොම කණ්ඩායමක් ලෙසින් ක්‍රියාත්මක විය යුතු බවයි. මේ තනි තනිව දිනිය හැකි සටනක් නොවන බව ඔහු කණ්ඩායමට පැහැදිලි කරමින් සිටින අවස්ථාවකි. පසුව බැරි ඇලන් හෙවත් ෆ්ලෑෂ් ඔහුගේ සුපුරුදු කවටකම් මෙතනදීත් පෙන්නුම් කරනවා. ඔහු කියා සිටින්නේ මම මිනිස්සු එහාට මෙහාට තල්ලු කලා මිසක කෙදිනකවත් සටන් කර නැති බවකි.
ඉහලින් පැමිණි ප්‍රහාරයක් නිසා බැට්මොබයිල් හෙවත් බැට් මෑන්ගේ රථයේ පාලනය සයිබෝග් විසින් නතු කරගන්නවා. ඔහුගේ යාන්ත්‍රික අත යානයේ පරිඝනක පද්ධතිය වෙත යොමු කර එය ඔහුගේ අනසකට නතු කරගන්න අයුරු දකින්න ලැබෙනවා. එත් සමගම ඇල්ෆ්‍රඩ් සහ සයිබෝග් පළමු හමුවීම සන්නිවේදන මාර්ග හරහා සිදු වෙනවා දකින්නත් ලැබෙනවා.
පසුව අපි දකින්නේ මුහුද යට ඇක්වාමෑන් සහ ස්ටෙපන්වුල්ෆ් අතර සිදුවෙන සටනකදී ඇක්වාමෑන් විසින් ස්ටෙපන්වුල්ෆ්ගේ පොරෝ පහරක් මග අරින අයුරු සහ පසුව බැට්මෑන්, වොන්ඩර්වුමන් සහ ෆ්ලෑෂ් වරින් වර ස්ටෙපන්වුල්ෆ් සමඟින් සටන් වදින අකාරයකි.
මෙය අතීතයේ මදර්බොක්ස් තුන පෘතුවියට හිමි වීමට හේතු වූ සටනේ දර්ශනයක් විය හැකිය. පෘතුවි ආක්‍රමණයට පසුව අහසේ ස්වභාවය මීට හාත්පසින්ම වෙන වෙන නිසා එම රතු පැහැය නොමැති අහස තුලින් මේ සටන පුරාණයේ සිදු වුවක මතක සටහනක් විය හැකිය.පසුව වොන්ඩර්වුමන් සහ ෆ්ලෑෂ් දෙදෙනා එකිනෙකාට උදවු කරගනිමින් සටනක නිරත වෙනවා දකින්න ලැබෙනවා. ඒ වගේම බැට්මුබයිල් එකට සමාන යානයකින් අහසට දැඩි පහර දීමක් කරන බව දක්නට ලැබෙනවා. මෙය බොහෝ දුරට අහසින් පැමිණෙන පැරාඩීමන් හමුදාව එල්ලකර කරන පහර දීමක් විය හැකියි.
මෙම පුරවා ප්‍රචාරක පටය තුල දැකපු සිත්ගන්නා දර්ශණය එහෙම නැත්තන් අපේ භාෂාවෙන් කියනවා නම් පට්ටම සීන් එක තමයි මේ. ඇක්වාමෑන් විසින් මරා දමන පැරාඩීමන් කෙනෙකුගේ ඇඟ මත සිටගෙන මුහුදේ සර්ෆ් කරන අකාරයකින් ඔහු ගොඩනැගිල්ලක් හරහා එලියට පැමිණෙන අකාරය ඉතාමත් ආකර්ශනීයයි. බොහෝ දුරට මේ චිත්‍රපටය තුලින් ඇක්වාමෑන් වැඩි ප්‍රේක්ෂක කැමැත්තක් හිමිකරගන්නවා නොඅනුමානයි.
පසුව ගෝතම් පොලිස් දෙපාර්තමේන්තු ගොඩ නැගිල්ල ඉහල සිට යුක්තියේ ලීගයෙ සාමාජිකයන් කොමසාරිස් ජිම් ගෝර්ඩන් සමග කතාබහක යෙදෙනවා දකින්න ලැබෙනවා. එහිදී ෆ්ලෑෂ් නැවතත් උන්නැහේගේ පුරසාරං වලට වැඩි අවස්ථාවක් දෙනවා දකින්න ලැබේවි.
මේ තමයි මේ විනාඩි හතර තුල තිබෙන හොඳම තප්පර කීපය. ඔයාලට පෙනේවි ඇල්ෆ්‍රඩ් යම් වාහනයක් අලුත්වැඩියා කරනවා. ඒ සමඟම ඔහුට පෙනෙනවා ඔහුගේ විස්කි වීදුරුව තුල කම්පන ඇති වෙනවා. එත් එක්කම ඈතින් ඇති වෙන තරමක විශාල හඬක්. එතන කතාබහ වෙන දෙබස තුල යමක් සැඟවිලා තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි.
ඇල්ෆ්‍රඩ් : එයා කිව්වා ඔබ නැවත පැමිණේවි කියල. අපි බලාපොරොත්තු වෙමු ඔබතුමා ප්‍රමාද නැහැ කියලා…
හිතාගන්න පුළුවන් නේ කවුරු එක්කද මේ කතාව කියලා 😉 . මෙතන ඇල්ෆ්‍රඩ් hope කියන වචනයම යොදා ගන්න හේතුව ඔයාල දන්නවා ඇති. සමහරු මෙතන ඉන්නේ Martian Manhunter කියලත් නිර්වචනය කරනවා. තවත් අය ඇල්ෆ්‍රඩ්ගේ ඇස් කණ්නාඩි වල ඇති කොළ පැහැති ලකුණු නිසා මේ ග්‍රීන් ලැන්ටර්න් බවට අර්ථකථනය කර තියෙනවා. එත් මගේ විශ්වාසය අපි කවුරුත් බලාපොරොත්තු වෙන කෙනාමයි කියලා. එහෙනම් ඒ කවුද කියලා අපි නොවැම්බර් 17 වෙනිදට තහවුරු කරගමු. ආයේ බොහෝදුරට මේ ගැන මම කියන්නේ මේ චිත්‍රපටයේ උපසිරසත් එක්කමයි. හමුවෙමු නොවැම්බර් මාසයෙන් පස්සේ….. හැමෝටම ජය !!!!
Supiri wadak ayye
niyama lipiyaka sahooo..elama.justice league eka apu gman thawa lipiyak danna.thanx mewage lipiyak karata
බොහොම ස්තූතියි ලිපියට.මේකට green lantern එන්න ඉඩක් නැද්ද ?wonder women ගෙ කඩුවෙයි ඇඟෙයි කොල පාට එලියක් පේනවා.ඒ වගේම අහසේ ගහගන්න තැනත් කොල පාට එලියක් යානයත් එක්ක යනවා පේනවා.
එතකොට අර හොලොග්‍රෑම් එකේ පේන කෙනාගෙ කකුලේ තියෙන පච්චයක් වගේ එක මොකක්ද?
පැහැදිලි කරන්න පුලුවන් නම් පට්ට.
ලිපියට ගොඩක් ස්තූතියි සහෝ
බොහෝම ස්තුතියි හසන්ත අයියේ.. ලිපිය ගැන කියන්න වචන නෑ..බොරු කියන්න ඔනී නෑනේ. ට්‍රේලර් එක බලද්දී අර අන්තිම ටික ඇරෙන්න වෙන මෙලෝ දෙයක් මීටර් උනේ නෑ. කොහේ මීටර් වෙන්නද ඉතිං කට ඇරන් බලන් ඉන්නකොට! :-D:-D..තවත් ලිපියක් දෙන්න පුලුවන්නම් පට්ට… අහ්..තව දෙයක්.මේක මගේ ඉල්ලීමක්… ලීග් එකත් එකතු වෙන එකේ බයිස්කෝප් එකේ අපේ සහෝලා කීප දෙනෙක් එකතු වෙලාම මේකට සබ් එක කලොත් ඒකත් ගොඩක් විශේෂ දෙයක් වේවී..අමතක නොවෙන දෙයක් වේවී!
lokka meke superman innava me film eke cast list eke balanna eke innava superman thava hena set ekak innava
1080 කොලිටි එකෙන්ම ට්‍රේලර් එක බාලා හෝ ගාල බලනවා මේ. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ. බැලුවට මේකෙ තියෙන කරුණු නම් ගොඩක් ඒවා ක්ලික් උනේ නෑ. පට්ටම පට්ට ලිපියක්. ඒත් හසන්ත මාමෙ ඕවා දැම්මා වගේ නෙවෙයි අපි නොවැම්බර් වෙනකන් ඉවසන් ඉන්න ඕනි. අද දවසනම් පට්ට දවසක්. ටුමාරොලන්ඩ් ලයිව් බලලා පිස්සු හැදිලා ඉන්නකොට JL ට්‍රේලර් එක. ඊටත් වඩා මේ ලිපිය :-O :-O
සිරාවටම බොහොම ස්තුතියි බයිස්කෝප් එකෙන් මේ කරන සමාජ සත්කාරයට. දිගටම කරගෙන යමු. එල 🙂
wonder woman
එළ ලිපිය ටේලරේ දැක්කෙ නැති තැන් පෙන්නල තියනවා. ඔහොම පට්ට ලිපි දෙන්න එපා අපි නොවැම්බර් වෙනකං ඉන්න එපැයි.ඒ ටේලරේ බලල මේ ලිපිය කියෙවුවහම නිකන් පිස්සු වගේ…. ලිපිය නං එළ ඈ…
Pattama lipiyak aiyye.dc pissk widihata mecchchara kal balan hitapu hine sabe wenna yanne .. tawath iwasan inna be .superman natuwanam hena his bawak danuna habai antimata alfred kata karana tena konema lawata boda wela supermange aduma penawa..supiri .
ඒකනම් පට්ටම ලිපිය ඈ.
සුපිරියටම තියෙනවා.
වෙන කවුද ඉතින් සුපර් මෑන් අයියා තමා එන්නේ.
එල එල ඈ..
හසානේ
ඩීසිනෙ,
ලිපිය සුපිරිනේ.
දැක්කනේ දෙයක් කරද්දී හරි මිනිස්සු ඒක කලාම තියෙන ලස්සන. ලිපිය නම් නම් ගින්දර හොදේ.
නලීන් අයියා කිව්වත් වගේ මේක කට්ටියම බලමු නෙහ්.
“හීරෝස් යුනයිටඩ්, බයිස්කෝපියන්ස් රී යුනයිටඩ්”
එළමයි… හසන්ත අයියා… ඕකවත් අපි සැට් එක එකට බලමු හා ද ? 😀 😀
හම්මට.. සුප්පා මාමේ ලිපිය නම්….