ට්‍රේලර්පුවත්වගතුගසිංහල උපසිරසසියල්ලහින්දි

Kick (2014) – පූර්ව ප්‍රචාරකපටය සිංහල උපසිරසි සමඟ

මේ වන විට ඇති සාර්ථකව තිරගත වන සල්මන් ඛාන් ගේ නවතම සිනමාපටය වන කික් මේ වසරේ වැඩිම අදායම ලැබූ සිනමාපටය බවට පත්ව ඇත. එය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 375 ක් ලබාගෙන ඇත. මෙහි ප්‍රධාන චරිත ලෙස සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්නෑන්ඩේස් රංගනයෙන් දායක වේ.

Kick Salman Khan 2014 Movie Poster Wallpaper

එමෙන්ම එය මේ වන විට ඉන්දීය ඉතිහාසයේ වැඩිම ආදායම ලැබූ සිනමාපට අතර හතරවන ස්ථානය (4) හිමිකරගන්නට සමත්ව ඇත. ඒ එම ස්ථානයේ තිබූ ක්‍රිෂ් 3 සිනමාපටය 5වන තැනට ඇද දමමින්ය. එමෙන්ම ඉන්දීය රුපියල් කෝටි 392 ක් ලබාගෙන තුන්වන තැන ලබාගෙන තිබෙන 3 Idiots සිනමාපටය ලද ආදායමද පසුකරනු ඇති බව මේ වන විට පෙනී යමින් ඇත.

Latest-Poster-of-Kick-2014-Movie

මේ සිනමාපටයේ සාර්ථකත්වය නිසාම මේ වන විට ශාරුක් ඛාන් හට හිමිව තිබූ බොලිවුඩ් කිරුල මේ වන විට සල්මන් හට හිමිව තිබේ. ඒ ඔහු රඟපෑ සිනමාපට රාශියක්ම ඒක දිගට රුපියල් කෝටි 100 ඉක්මවූ ආදායම් ලද නිසාය.

image

  1. අධ්‍යක්ෂණය: Sajid Nadiadwala
  2. ධාවන කාලය: 150 minutes
  3. සංගීතය: Julius Packiam, Manmeet Meet, Anjjan Meet,more
  4. තිර රචනය: Chetan Bhagat, Rajat Arora, Sajid Nadiadwala, Keith Gomes 
    latest-poster-of-salman-khan-bolywood-film-kick
    මෙහි ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට එක්වූ සැනින් සිංහල උපසිරසි හා රසවිඳින්නට www.baiscopelk.com හා රැඳී සිටින්න.

Author

One thought on “Kick (2014) – පූර්ව ප්‍රචාරකපටය සිංහල උපසිරසි සමඟ

  • aniwa dennakoo ikmanatama..jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *