ඉදිරි දිගහැරුමකොමික්පුවත්වගතුගසියල්ල

ඉදිරි දිගහැරුම CIII | Godzilla: King of the Monsters

ටික කාලෙකට පස්සේ තමා ලිපියක් අරන් ආවේ.. ඒ වගේම කාලෙකට පස්සේ තමා ඉදිරි දිගහැරුම ලිපි පෙලට අලුත් ලිපියක් එකතු කරන්නේ. ඉතින් මේ අරගෙන ආවේ ලබන වසරේ පැමිණෙන තවත් දැවැන්ත සිනමාපටයක තොරතුරුයි.  ඉතින් ඊට කලින් මේ පහල විශේෂ කරපු කොටස කියවලා ඉන්නකෝ.

මුහුද කියන්නේ අමුතුම ලෝකයක්. මතුපිටින් ලොකු ජල කඳක් දැක්කට ඒ ඇතුලේ වෙනස් සහ අපි මේ පය ගහලා ඉන්න ඉඩට වඩා වැඩි ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් ආවරණය කරගෙන තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පෘතුවි මතුපිටෙන් 71% ප්‍රමාණයක් ජලය මගින් ආවරණය කරගෙන තියෙනවා. ඉතිරි 29% වගේ පොඩි ඉඩක තමයි මිනිසා කියන සත්වයා සේරම සෙල්ලම් දාන්නේ. ඉතින් මේ මෙච්චර විශාල භූමියක් ආවරණය කරගෙන තියෙන මේ අමුතු ලෝකය ඇතුලේ මොනවගේ පුදුම තියෙනවද කියලා අපිට තවම නිශ්චිතවම කියන්න බැහැ. මොකද විවිධ විවිධ සාගර වල වෙනස් වෙනස් තත්වයන් තියෙන්නේ ඒවාගේ ඉන්න ජීවිනුත් විවිධාකාරයි. ඒ ඒ ස්ථානයට සෑම ජීවියෙක්ම හැඩගැහිලා තියෙන්නේ. මේ කිව්වේ මුදුද යට ලෝකය ගැන.

දැන් කියන්නේ අපිට කලින් පෘතුවිය රජ කරා කියන සත්ව කොට්ඨාශයක් ගැන. හැමෝම දැනට හිතාගෙන ඉන්නේ ඩයිනෝසර යුගය අවසන් වීමට හේතුව විශාල උල්කාවක් කියලා. ඒක එහෙමයි කියමුකෝ එත් මේ ප්‍රාග් ඓතිහාසික යුගය තුල පෘතුවිය තුල හිටපු භීමරූපියන් වාසය කලේ ගොඩ බිම පමණක්ද? මේ සත්වයන් ජලය තුලත් වාසය කලා. ඒ වගේම ඒ කාලය වෙනකොට පෘතුවිය කියන්නේ එතරම් සුන්දර පරිසරයක් නෙමේ ජීවය පවත්වා ගැනීමට. මේ ගැන ටිකක් දැනගන්න තිබ්බා මම මීට කලින් උපසිරැසි යෙදු “පෘතුවියේ විකසනය” සම්බන්ධ වැඩසටහන බැලුවා නම්. ජීවයට හිතකර නැහැ කිව්වේ මේ සත්වයන් වාසය කල කාලය තුල පෘතුවිය කියන්නේ ඉතාමත් උණුසුම් තැනක්. ඒ වගේම විවිධ විකිරණ ශීලී ද්‍රව්‍ය බහුල තැනක්. ඉතින් ඒ වගේ තැනක ජිවත් වෙන කෙනෙක් නම් ඒ පාරිසරික සාධක වලට ඒ සතුන් අනුරූප වෙන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මෙහෙම අය ගොඩ බිම වගේම ජලයේත් වෙසෙන්න ඇති. මේ කිව්වේ අද මේ ඉදිරිපත් කරන චිත්‍රපටය ගැන පූර්ව පැහැදිලි කිරීමක්. මේ චිත්‍රපටය පාදක වෙන්නේ මෙසේ වසර මිලියන ගාණක් වෙසෙන සත්වයෙක් ගැනයි. මෙයා අර කලින් කිව්වා වගේම පෘතුවි ගර්භය තුල තියෙන විකිරණ තම අහාර ප්‍රභවය බවට පත් කරගෙන ජිවත් වෙන්නේ. නමින් “ගොඩ්සිලා”. ඒ උනාට මිනිසුන්ට හානියක් නැති සත්වයෙක්. තමන්ගේ පාඩුවේ තියෙන දෙයක් කාලා ඉන්න කෙනෙක් 😉 මේ සත්වයා ගැන විස්තර දන්නේ මෑතකදී නෙමේ. මීට වසර ගානකට පෙරාතුව මුහුද තුල කල පරමාණු බෝම්බ හෙලීම් වලට මූලික හේතුව මේ ගොඩ්සිලා. මිනිසුන්ට කරදරයක් නැති උනාට අපරාදේ කියන්න බැහැ මේ පාඩුවේ ඉන්න කෙනාට අපේ උන්දලා ඉන්න දීලා නැහැ 😛 ලෝකයට බෝම්බ පරීක්ෂාවක් කිව්වට මේ අය කරලා තියෙන්නේ ගොඩ්සිලා දඩයම.

ඔන්න ඔහොමයි හසන්ත සහෝ 2014 ගොඩ්සිලා සිංහල සබ් එක දෙනවිට මේ ගැන පැවසුවේ. ඉතින් හැමෝම 2014 පැමිණි සිනමාපටය නරඹලා ඇතිනේ. ඉතින් ඒ දිනවලමයි එහි දෙවැන්න පිළිඹඳ තහවරු කරේ. නමුත් දින යොදා තිබුනේ 2018 ජූනි මාසයට වුවත් මේ වනවිට එය 2019 දක්වා කල් දමා තිබෙනවා.

හැමෝටම මතක ඇති 2017 පැමිණි කොංග් ස්කල් අයිලන්ඩ් සිනමාපටය. ඉතින් මේ කොංග් වගේම ගොඩ්සිලා අයිතිවන්නේ මොන්ස්ටර්වර්ස් MonsterVerse- නම් විශ්වයටයි. මාර්වල් සිනමා විශ්වය, dc වල DCEU, යුනිවර්වල්ලාගේ ඩාර්ක් යුනිවර්ස් මෙන් තවත් සිනමා විශ්වයක් තමයි මේ Legendary Pictures හි  MonsterVerse කියන්නේ. ඇති දැවැන්ත සතුන්ගේ විශ්වයක් තමා මේ විශ්වය. 2014 පැමිණි ගොඩ්සිලා, 2017 පැමිණි කොංග් සහ ඉදිරියේ පැමිණෙන ගොඩ්සිලා 2 සහ ගොඩ්සිලා vs කොංග් ලෙසින් සිනමාපට 4 ක් දැනට මේ විශ්වයට අයත් වෙනවා.

ඉතින් ගොඩ්සිලා දෙවැන්න සහ මොන්ස්ටර්වර්ස් හි තෙවන සිනමාපටය වන්නේ Godzilla: King of the Monsters සිනමාපටයයි. පළමු ගොඩ්සිලා සිනමාපටය අද්ග්‍යක්ෂණය කල ගැරත් එඩ්වර්ඩ්ස් වෙනුවට මෙවර අධ්‍යක්ෂණය හිමිවී තිබෙන්නේ Michael Dougherty හටයි. Legendary Pictures නිෂ්පාදනය කරන මෙය වෝනර් බ්‍රදර්ස් හි බෙදාහැරීමක් වනවා. Legendary Pictures ආයතනය වෝනර් බ්‍රදර්ස් වෙතින් යුනිවර්සල් වෙත මිලදීගත් නිසා මෙයට පසුව පැමිණෙන 2020 සිනමාපටය යුනිවර්සල් සහ වෝනර් බ්‍රදර්ස් එකතුවක් ලෙස බොහෝ දුරට පැමිණේවි.

පසුගියදා මේ සිනමාපටයේ මුල්ම හෙළිදරව්ව ලෙසින් ගොඩ්සිලාගේ atomic breath හි පින්තූරයක් අන්තර්ජාලයට මුදාහරියා.

අධ්‍යක්ෂණය
නිෂ්පාදනය
තිර පිටපත

පදනම් කරගනු

ලබන්නේ

Godzilla
by Toho
රංගන දායකත්වය
සිනමාරූපිකරණය
සංස්කරණය
නිෂ්පාදන ආයතනය
බෙදාහැරීම
තිරගතවන දිනය
  • 2019 මැයි 31

ඉතින් මේ සිනමාපටයට පාදක වෙන්නේ ගොඩ්සිලා විසින් මෝත්‍රා (Mothra), රොඩාන් (Rodan) සහ ඔළු තුනේ මොන්ස්ටර් රජු ගයිඩොරා (Ghidorah) සමඟ ගැටීම නිසා  මිනිස් වර්ගයා මුහුණදෙන තත්වයන් සමඟයි.

රොඩාන් (Rodan)
මෝත්‍රා (Mothra)
ඔළු තුනේ මොන්ස්ටර් රජු ගයිඩොරා (Ghidorah)

ඉතින් මේ සියල්ල දැකගන්න ලබන අව්රුද්ද වෙනකල් ඉන්නට වෙනවා. හැබැයි මැයි මාසයේ මේ සිනමාපටය තිරගත වන එකනම් බොහෝ දුරට මෙහි ආදායමට බලපාන්න ඉඩ තිබෙනවා. ඒ මාර්වල් ස්ටුඩියෝවේ ඉරිදියේ පැමිණෙන දැවැන්තම සිනමාපටය වන ඇවෙන්ජර් 4 සිනමාපටය මැයි 3 තිරගත වීමට නියමිතව තිබෙන නිසා. එම නිසා මෙහි ආදායමට හානියක් වන බව පැහැදිලියි.  කෙසේ වෙතත් සාර්ථක ගමනක් යන සිනමාපටයක් වේ යැයි බලාපොරොත්තු වන්නට පුළුවන්.


UPDATE

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *