Man on Fire ටෙලි කතා මාලාවක් ලෙසින් රුපවාහිනියට….
මේ සුදානම අලුතෙන් එන්න යන ටෙලි කතා මාලාවක් ගැන ඔබට කියන්න. චිත්‍රපටි ගැන යස අගේට අපේ උදා සහෝ කියාගෙන යන එකේ අපි ඒකට අත දාන්න හොද නැහැ නෙව. ඒ නිසා මම රුපවාහිනි ප්රවෘත්ති පැත්තට යොමු වුණා.
දන්නවද Tony Scott දන්නා අයත් ඇති. නමුත් නොදන්නා අය වැඩි නෙව. අපි ගොඩක් දෙනා දන්නේ මේ උදවිය කළ නිර්මාණවල නම් නේ. Man on Fire (2004), Top Gun (1986), Unstoppable (2010), The A-Team (2010), Stoker (2013) මේ කිව්වේ කිහිපයයි. මේ වගේ ලොව පතල සිනමා නිර්මාණ රැසක් හැඩ කළ ටෝනි පහුගිය 2012 වසරේ මෙලොවින් සමු ගත්තා. ඔහු මිය ගියාට මිය නොගිය ඔහුගේ වැඩක් ගැන තමයි ඔන්න මේ කියන්නේ.
ඔහුගේ අතිශය සාර්ථකම නිර්මාණය වෙන්නේ Man on Fire (2004) චිත්‍රපටය. IMDB 7.7 ක අගයක් වගේම ඩොලර් මිලියන 130 කට අධික ආදායමක් ලබාගෙන අති සාර්ථක වුණ නිර්මාණය ඔන්න රූපවාහිනියට ගේන්න වැඩ කටයුතු නැවත පටන් අරගෙන. නමුත් ගේන්න හදන්නේ චිත්‍රපටයේ කතාවම නෙමෙයි. එතනින් එහාට සිද්ධවෙන දෙයක්.
දැනට ආරංචි හැටියට කතාව මෙහෙමයි, මතක ඇතිනේ අර පුංචි කෙල්ලෙක් පැහැර ගත්තා චිත්‍රපටයේ. ඉතින් ඒ දැරිවි බේරාගන්න නේ විශ්‍රාමික CIA නිලධාරියා ජෝන් වෙහෙස වුණේ. සෑහෙන බාධක මැද්දේ ඔහු ජය ගත්තා. කුඩා දැරිවි බේරා ගත්තා. දැන් වසර 18 ගතවෙලා ගිහින්. පුංචි දැරිවි ලොකු මහත් වෙලා. එයා ජෝන් එක්ක එකතු වෙනවලු පොඩි කාලේ එයාව පැහැරගත්ත මුළු පාතාල කල්ලියම ඉවරයක් කරන්න. ලේසි නැහැ මේ වතාවේ ඔක්කොම සුන් වේවි වගේ. ඔය තමයි ආරංචි හැටියට කතාව.
ටෙලි කතා මාලාව ලිය වෙන්නේ හා නිෂ්පාදනය වෙන්නේ David DiGilio අතින් කියලයි කියන්නේ. තවම විකාශය වෙන දිනක් හෝ රංගන තරු ගැන කිසිවක් එළියට ඇවිත් නැහැ. නමුත් මේ කාලේ බොහොම ජයට නැගලා යන සුපිරි චිත්‍රපට, ටෙලි නාට්‍ය බවට පත්වන රැල්ලේ තවත් සුපිරි පුරුකක් වේවි කියලයි දැනටම මත පළ වෙලා තියෙන්නේ.
බලමු කොහොම වේවිද කියලා. ඒ කාලේ වෙනකොට චිත්රපයට උපසිරැස කළ රුමේෂා ජයසේකර අක්කගෙන්ම මේකටත් උපසිරැස ලැබේවි කියලා හිතමු. 😉 එහෙනම් දැනට මම යනවා. තවත් මේ වගේම එන්න තියන ටෙලි කතා මාලාවක් ගැන තොරතුරු එක්ක හමු වෙමුකෝ.
දැන් බලන් යනකොට සමියත් අමාරුවේ දාන වැඩ පටන් අරගෙනනෙ
අනේ පව් අර අක්කා 😛