කොමික්පුවත්වගතුගසියල්ල

Marvel Movie Stars’ Contracts

ඉදිරි අවුරුදු කිහිපය කියන්නේ කොමික් වලට ආදරේ කරන අපි හැමෝටම ගොඩක් සුභ දායක කාලයක් නේ. ඒ අතරින් මාවල් සිනෙමැටික් යුනිවර්ස් එක ගොඩක් අයගේ අවධානය දිනා ගත්ත එකක්. ඉදිරියට මාවල් සමාගම ෆිල්ම් විශාල ප්‍රමාණයක් නිකුත් කරන්න නියමිත උණාට මේ දක්වා අපේ ආදරය දිනා ගත්ත චරිත ඒ ෆිල්ම් අතරින් කීයක දී දකින්න ලැබෙයිද කියන එක නම් ගැටලුවක්. මොකද අපි දන්න කියන චරිත වලටම වෙනුවුණු ෆිල්ම් තියෙන්නේ දෙකක් විතරයි. ඒ Captain America: Civil War සහ Thor: Ragnarok කියන ෆිල්ම් එක. එතනින් එහාට අපිට තියෙන්නේ අනුමාන කිරීම් විතරයි. මේ අනුමාන කිරීම් සාර්ථක කරගන්න උපකාරී වෙන ප්‍රධානම දත්තයක් තමයි එක් එක් චරිතය රඟපාන පුද්ගලයා මාවල් සමාගම සමඟ එකඟ වෙලා තියන ගිවිසුමේ සඳහන් වන ෆිල්ම් ගාන. ඒ සාධකය මත අපි බලමු අපි දන්න කියන චරිත වලට තව ෆිල්ම් කීයක් රඟපාන්න අවස්තාව තියනවා ද කියලා.

• Robert Downey, Jr. – Tony Stark/Iron Man

ගිවිසුමේ ස්වභාවය – 07
දායක වි ඇති ගණන – 05 (Iron Man, Iron Man 2, The Avengers, Iron Man 3, Avengers: Age of Ultron)
තහවුරු වි ඇති ගණන – 01 (Captain America: Civil War)

විශේෂ කරුණු – Robert Downey, Jr. කියන්නේ සුවිශේෂී චරිතයක්. මුලින් 4ක් විදිහට තිබුණු සංඛ්‍යාව පස්සේ 7ක් දක්වා වැඩි උනා. හැබයි මෙයා මාවල් සමාගමට බලපෑමක් ඇති කරන්න පුළුවන් කෙනෙක්. උදාහරණයක් විදිහට සුළු චරිතයක් හම්බෙලා තිබුණු කැප්ටන් ඇමරිකා 3 වෙනි ෆිල්ම් එකේ කතාව පවා වෙනස් කරලා ප්‍රධාන චරිතයක් මෙයා ලබා ගත්තා. සිවිල් වෝර් ෆිල්ම් එක ඇතුළුව තවත් එක ෆිල්ම් එකක් විදිහට ගිවිසුම් ගහලා තිබ්බත් Infinity War ෆිල්ම් දෙකටම සහභාගී වෙනවා කියලා තමයි ආරංචිය)

• Chris Evans – Steve Rogers/Captain America

ගිවිසුමේ ස්වභාවය – 06
දායක වි ඇති ගණන – 04 (Captain America: The First Avenger, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron). Thor: The Dark World වල cameo එක ගණන් ගන්නේ නෑ.
තහවුරු වි ඇති ගණන – 01 (Captain America: Civil War)

විශේෂ කරුණු – ගිවිසුම් ගත කරුණු අනුව ලොකුම භයක් තියෙන්නේ කැප්ටන් ඇමරිකා ගැන. සිවිල් වෝර් ෆිල්ම් එකෙන් පස්සේ Chris Evans ට තව තියෙන්නේ එක ෆිල්ම් එකක් විතරයි. ඒ කියන්නේ Infinity War ෆිල්ම් දෙකෙන් එකක විතරයි දැක ගන්න පුළුවන්. දැනට තියන ආරංචි හැටියට නම් ඉඩ තියෙන්නේ සිවිල් වෝර් ෆිල්ම් එකෙන් පස්සේ අවසාන ෆිල්ම් එකට ඒ කියන්නේ Infinity War – Part 2 වලට එන්න. මේකට පැහැදිලි කිරීමක් නම් දෙන්න පුළුවන් උණත් සිවිල් වෝර් එක එනකල් ම හිටියා නම් වඩා හොදයි කියලා හිතෙනවා.

• Chris Hemsworth – Thor

ගිවිසුමේ ස්වභාවය – 06
දායක වි ඇති ගණන – 04 (Thor, The Avengers, Thor: The Dark World, Avengers: Age of Ultron)
තහවුරු වි ඇති ගණන – 01 (Thor: Ragnarok)

විශේෂ කරුණු – සිවිල් වෝර් එකට තෝර් සහභාගී වෙන්නේ නෑ කියන ආරංචිය මේ දක්වාම වෙනස් වෙලා නෑ. එතකොට තෝර් ඉන්ෆිනිටි වෝර් ෆිල්ම් දෙකෙන් එකකට තමයි සහභාගි වෙන්නේ. හැබයි සමහරක් විට තෝර් සම්බන්ධයෙනුත් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩක් තියනවා.

• Mark Ruffalo – Bruce Banner/Hulk

ගිවිසුමේ ස්වභාවය – 06
දායක වි ඇති ගණන – 02 (The Avengers , Avengers: Age of Ultron)
තහවුරු වි ඇති ගණන – 01 (Captain America: Civil War)

විශේෂ කරුණු – සිවිල් වෝර් එකේ දී ප්‍රධාන චරිතයක් නොවුනත් cameo එකකට හරි ඉන්නවා කියන කාරණය මේ වෙද්දී තහවුරු වෙලා තියනවා. හැබයි එතනින් එහාට දායකත්වය ඇත්තටම ගැටලුවක්. ඉනිෆිනිටී වෝර් ෆිල්ම් දෙකටම සම්බ්න්ධ උනත් තවත් එක ෆිල්ම් එකක් ඉතුරුයි. දැනට මතයක් තියනවා Guardians of the Galaxy 2 එකේ දී දැක ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මේක මතයක් විතරයි. ගොඩක් වෙලාවට ෆේස් 3 වලින් පස්සෙත් මේ චරිතය ඉස්සරහට යන්න ඉඩ තියනවා.

• Scarlet Johansson – Natasha Romanoff/Black Widow

ගිවිසුමේ ස්වභාවය – ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට අලුත් කරනු ලැබේ
දායක වි ඇති ගණන – 04 (Iron Man 2, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron)
තහවුරු වි ඇති ගණන – 01 (Captain America: Civil War)

විශේෂ කරුණු – ගොඩක් දුරට ඉන්ෆිනිටි වෝර් ෆිල්ම් දෙකටම සභාගි වෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ෆේස් 3 වලින් පස්සේ තනි ෆිල්ම් එකක් හිමි වෙයි කියලා කට කතාවක් තියනවා. හැබයි මේක ත් තවම තහවුරු වෙලා නෑ.

• Jeremy Renner – Clint Barton/Hawkeye

ගිවිසුමේ ස්වභාවය – 04
දායක වි ඇති ගණන – 02 (The Avengers, Avengers: Age of Ultron)
තහවුරු වි ඇති ගණන – 01 (Captain America: Civil War)

විශේෂ කරුණු – ඉන්ෆිනිටි වෝර් කතා මාලාවේ එක කොටසකට සහභාගී වෙනවා කියන එක පැහැදිලි උනත් කොටස් දෙකටම ඉන්නවා කියන කාරණය සැක සහිතයි. ඒ වගේම ෆේස් 3 න් පස්සේ තනි ෆිල්ම් එකක් හම්බෙන්න අවස්ථාවකුත් තියනවා.

අපි මෙතන දී කතා කෙරුවේ මුල් ඇවෙන්ජර්ස් ලා 6 දෙනා ගැන විතරයි. හැබයි සිනෙමැටික් යුනිවර්ස් එකේ මිට අමතරව තව විශාල පිරිසක් ඉන්නවා. ඉදිරියට අපි අනිත් චරිත ගැනත් කතා කරන්න අපි සුදානම්.

#Amadeus_chO

https://www.facebook.com/slcomicscript

1607130_1610546085895064_907637713245324803_n

Author

One thought on “Marvel Movie Stars’ Contracts

  • ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මේක AVENGERS කථාව එක්ක සමගාමීව දැන් මේක යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා මම දැන් හිතාගෙන ඉන්නේ AVENGERS ෆ්ල්ම් එකේ කැමරා කොපියක් හරි බලන්න. Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එක ගැනත් ලිපියක්‌ ලියන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *