වීඩියෝසියල්ල

Mortal Kombat: Legacy දෙවන අදියරත් දැන් අන්තර්ජාලයේ…..

Mortal Kombat කියන නම කී දෙනෙක් දන්නවා ද? දැන් ගොඩ දෙනෙක් කියාවි මේ මිනිහට පිස්සු දෙයියනේ, ඔය නම අහලා නැති මිනිස්සු කොහෙද ඉන්නේ කියලා…. ඇත්තනේ… ලේසි නැහැ 1992 ඔක්තෝබර් මාසේ 08 වැනිදා ලෝකේ මුලින්ම දැක්ක මේ පරිගණක ක්‍රීඩාව තවමත් Mortal Kombat  පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර හිමි කරගෙන තියෙන්නේ අමරණිය ස්ථානයක්. 2011 තමයි අචසාන වතාවට මේ කියන පරිගණක ක්‍රීඩාවේ නව සංස්කරණයක් ආවේ. මම හිතන්නේ ඒ දැනට ආව අවසාන එක වෙන්න ඕනේ මම පරිගණක ක්‍රීඩා ගැන නම් ඒ තරම් දන්නේ නැහැ නේ. 😉 

ඉතින් ඔන්න ඔය සාර්ථක බව ඔවුන් සිනමාවටත් ගෙනාවා.  Mortal Kombat (1995) හා  Mortal Kombat: Annihilation (1997) සලරූ ලෙසින්… නරක නැහැ ඒකත්! 1995 චිත්‍රපටිය මුල් සතියේ මිලියන 23 වගේ හොයලා අති සාර්ථක වුණා. ඉතින් කොහොමෙන් කොහොම හරි මෙයාලා ආපහු ආවා 2011 වසරේ Mortal Kombat: Legacy නමින්, අනතර්ජාලයේ කෙටි-කතාමාලා විකාශයක් හැටියට. ඔක්කොම චරිත ගැන වෙන වෙනම ගියා නෙව කොටස් 9 පුරාවට. විනාඩි 10 වගේ වුණේ එක කොටසක්. මතකද දන්නේ නැහැ? බලන්න ඇති සමහරු නම්, හැබැයි නොබැලු අය ගැන සතුටු වෙනවා, හේතුව දැනගන්න ලැබේවි. 

අනේ ඉතින් ගිය දේවල් ගියාවේ කියලා ඔන්න කියන්න ආව කතාව කියන්නම්. අර 2011 තිරගත වූ ලෙගසිය ඔන්න ආයේ එනවා කියන්නේ. එනවා කිව්වට ආවා වගේ තමා ඉතින් මේ 26 තමයි මුල් කතාව එන්නේ. පළමු සමයට වඩා සුපිරි කියලා තමයි ආරංචි. මොකෝ මේකේ තියනවලු, –‘ඔය අපි කියන්නේ අසාමාන්‍ය දේවල් කියලා…’ ඒ වගේ භූත ස්වරුපයක් තියන බව තමා කියවෙන්නේ. හිතන්නකෝ සුපිරි ඇක්ෂන් එක්ක ඒවත් එකතු වෙනකොට ආයේ පිස්සු හැදෙන්න ඇති නේ… පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ එහෙනම්. බලමු වැඩිය දේ කියන්නේ නැහැ මොකෝ එකක් කතාව පොඩියි. අනික අපේ මව් අඩවියෙන් උපසිරැස එක්ක ලබා දේවි ද?!! ඔන්න ඒක මුල් කතා සමය ලබා දෙන අයියා එක්ක බලාගන්න හොදේ….

Author

6 thoughts on “Mortal Kombat: Legacy දෙවන අදියරත් දැන් අන්තර්ජාලයේ…..

  • ah machnla me video eke tiak wenas kam thiye ela ela,kalin eke thibbe nathi ewa meke thiye,,uda post eka gana awulk gnna epa sryy aa 😀 ela ela

    Reply
  • Machnla ME video eka koi kaleda bn dala thibe, edaws walama bluwane trielr eka,,season 2 gana search kara kara iddi me video eka hmbawela bluwa ela ::)

    Reply
  • මචෝ mortal kombat komplete edition එක ආව බන් 2013 එක හින්දා අන්තිමටම අවේ එක .

    Reply
  • මේ කරපු වැඩේට මම උබට අභියෝග කරනවා මාත් එක්ක මේ මාරාන්තික ලෙගසියට වරෙන් අමම් මගේ මේ දෑතින්ම උබේ බෙල්ල කඩනවා
    (මම කියන්නෙ ගේම් එකේ හොදේ අනේ මම අහිංසකයි උබල වගේ වලි කාරයො නෙමේ) 😉 😛

    Reply
    • කනගාටුයි බන් මම ගේම් ගැහුවා කාලේ ගියා දැන් ඔක්කොම ටීවී ටික හිර වෙලා තියෙන්නේ බලන්න. ටීවී සිරිස් අඩු වුන කාලෙක (එහෙම වෙන්න එපා දෙවියනේ) ඕක ගහලා බලමු.

      Reply
      • බොලාව දීයම කාපිය

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *