ටීවී කතා මාලාදැනුමටසියල්ල

Nina Dobrev Confirms She’s Leaving The Vampire Diaries

ඉංග්‍රීසි රුපවාහිනි කතාමාලාවන් අතුරින් තරුණ තරුණියන්ගේ සිත් ඩැහැගත් කතාමාලාක් ලෙස “ද වැම්පයර් ඩයරීස්”(TVD) හැදින්විය හැකිය.
මෙහි ඉතාමත් ප්‍රධාන චරිත ත්‍රිත්වයක් තිබෙනවා. ඒ තමා සැල්වටෝර් සහෝදරයන් දෙදෙනා වන “ස්ටෙෆන් හා ඩේමන්” යන දෙදෙනා. ඒ වගේම මේ දෙදෙනාගේම ප්‍රේම වන්තිය වන “එලේනා ගිල්බර්ට්”. මොවුන් තිදෙනා වටා තමා මේ කතාමාලාව මෙතෙක් දුරක් පැමිනියේ. එනම් විකාශනය වූ කතා සමයන් 5ක් හා දැනට විකාශනය වෙමින් පවතින 6වන කතා සමය.
මා කියන්නට පැමියේ, මේ විකාශනය වන 6 වන කතා සමයත් සමග මෙහි ප්‍රධානම චරිතයක් වන එලේනා නොහොත් “නීනා ඩොබ්‍රව්” මේ කතා මාලාවෙන් ඉවත් වන බව පසුගියදා පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ  කර සිටීමයි. මේ ප්‍රකාශයත් සමග TVD රසික රසිකාවියන් විශ්මයට පත් උනේ නැ කිව්වොත් එය බොරුවකි.(පෞද්ගලිකවම මාත් ගොඩාක් විශ්මයට පත් උනා. මොකද මාත් ආසාවෙන් නරඹන කතාවක් මෙන්ම නීනා ඩොබ්‍රව්ටත් ආසාවක් තියෙන නිසා. 😀 ) පහතින් දැක්වෙන්නේ ඇය මේ සම්බන්ධව නිකුත් කල පණිවිඩයේ සිංහල පරිවර්තනයයි.
Nina-Dobrev-the-vampire-diaries-roleplay-21059068-1024-768_0ආදරනීය TVD පවුලට,
මම මගේම TVD පවුල සමග ගොඩාක් සුන්දර සති අන්තයක් ජෝර්ජියාවේ පිහිටි ලැනියර් විලේදී ගත කලා. මම මුලින්ම කියන්න ඕනේ, එය නිවාඩු සැමරුමක් විතරක් නොවේ, එය සමුගැනීමේ උත්සවයකුත් කියලා. මම හැම වෙලේම දැන සිටියා මට එලේනාගේ කතාව කතා සමයන් 6ක ඇති වික්‍රමාන්විතයක් අවශ්‍ය කර තිබූ බව. එය වසර 6ක ජීවිත ගමනකි.
එහිදී මම මනුෂ්‍යයෙකු වී සිටියා, වැම්පයර් කෙනෙක්ව වී සිටියා, ඩපල්ගෑන්ගර් කෙනෙක්ව වී සිටියා, මනුෂ්‍යයෙකු බව හගවමින් සිටියා, මනුෂ්‍යයෙකු ඩපල්ගෑන්ගර් කෙනෙක් බව හගවමින් සිටියා, මාව පැහැරගනු ලැබුවා, මරනු ලැබුවා, වද දෙනු ලැබුවා, ශාප ලැබුවා, ශරීරයෙන් වෙන්ව සිටියා, විකාර අමරනීය කෙනෙක්ව වී සිටියා, මැරුනා, නොමැරුනා, ඒ වගේ තවත් ගොඩාක් ඒවා කතා සමය අවසන් වීමට පෙර පැමිනෙයි. එලේනා වතාවක් නොව දෙවතාවක් ආදරයෙන් බැදුනා, ආත්මීය සහකරුවන් දෙදෙනෙකු සමග. ඒ වගේම මම හොද මිතුරන් රැසක් ඇතිකර ගත්තා පවුලක් ලෙස සදා කාලයටම ආදරය කරන අන්දමේ.

මෙය ඉවර වන්නට මත්තෙන් තව ගොඩාරියක් පැමිනෙන්නට තිබෙනවා. ඒ වගේම මම පොරොන්දු වෙනවා, ඔයාලට මගේ සියලු අත්දැකීම් පිලිබඳ අහන්නට ලැබෙයි ලබන මාසයේ අප කතා සමයේ අවසානය උදා වෙද්දි. එතකන් මම ඔයාලට ආරාධනා කරනවා එලේනා ගිල්බර්ට්ගේ ජීවිතය නැමති රෝලර් කෝස්ටරය පදවගෙන යන්න කියලා.එමෙන්ම මා හා එක්වන ලෙසට ඇරයුම් කරනවා ඇයට හා ඇගේ පවුලට සමුදෙන්නට හා මාගේ ජීවිතයේ නව පරිච්ඡේදයට සුබ පතන්නට.

මට ඕනේ කරන්නේ මේ සමුගැනීම ඔයාලා සැම එක්ක බෙදාගන්නටය. ඔයාලා තමා ගොඩාක් ආදරය දැක්වූයේ, සහය දැක්වූයේ වගේම උද්‍යෝගිමත් කලේ කාටවත් කිසිදා හිතාගන්නවත් නොහැකි ආකාරයෙන්, අවුරුදු 7කට පෙර කැනඩාවේ සිට ලොස් ඇන්ජලිස් වල තිබූ “ට්වයිලයිට්” රූපවාහිනී කතාමාලාවකට තිබූ රංගන පරීක්ෂණයකට පෙනී සිටීමට පැමිනි තරුණ කෙල්ල වෙනුවෙන්. මං ඔයාලා සැමට ආදරෙයි. ඔයාලගේ ආසන පටි තද කර ගන්න. ඔයාලා හිතනවා නම් ඉස්සරහට මොකද වෙන්න යන්නේ කියලා, ඒක ඔයාලා දන්නේ නෑ.

ආදරනීය නීනා.
S
ඔන්න ඔහොමයි ඇය පණිවිඩය දිලා තිබ්බේ. ඇත්තටම ඇය නොමැතිව ඉදිරියට මේ කතා මාලාව කොයි ආකාරයට ගෙන යන්න සැලසුම් කරයිද යන වගට යම් ඉගියක් අනිවාර්යයෙන්ම මේ 6වැනි කතා සමය අවසානයේදී ලබා දේවී. ඒකෙන් අපිට යම් නිගමනයකට එලබිය හැකිය.

එහෙනම් මම ගියා. තවත් ලිපියක් ලගදීම අරන් එන්නම්. ජයෙන් ජයම වේවා!!

Author

5 thoughts on “Nina Dobrev Confirms She’s Leaving The Vampire Diaries

  • Ane kawuruhari tvd ekata sub thennako.pinsiddawei.me kathawa hugathenek balanna asawen inne.eth sub nethinisa baluwe ne.plzzz…

    Reply
  • Vampire Diaries Tv Series සිංහල උපසිරැසි දෙන්නකො ………:D

    Reply
    • සබ් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.
      ඇත්තටම මාත් කතාව දැන් බලාගෙන යනවා.
      හැබැයි උපසිරැසි දෙන කෙනාට ලොකු මහන්සියක් දරන්න වෙනවා කියලා කියන්න වෙනවා.

      හැබැයි ඒකට හැමෝගෙන්ම ලොකු ඉල්ලීමක් තියේවි කියලා හිතෙනවා.
      කට්ටිය වැඩේ අතාරින්නේ නැතිනම් බෙදා හදාගෙන මේක කරන්න පුළුවන්.
      හැබැයි ශුවර් කට්ටියක් සෙට් වෙන්නත් ඕනේ. නැතුව මේක තනියම කරන්න ගොඩක් අමාරු වේවි.

      Reply
      • අනිවා සහෝ.
        තනියම කරන්න ගියොත් ඇඩෙන කට්ටක් කන්න ඕනේ.
        මොකද මේකේ වැම්පයර්ලා හා වෙයාර්වූල්ෆ් ලා පිලිබඳ යන කතාවක් බැවින්.
        මොකද ඒ තුල බාවිතා වන බාශා ශෛලිය ගොඩාක් වෙනස් නිසා.
        ගැබුරු අර්ථයන් වචන් තුල ගැබ්ව තියෙන නිසා.

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *