ට්‍රේලර්වීඩියෝසියල්ල

Non-Stop (2014) – [ගුවන් කොල්ලය…]

මේ බයිස්කෝප් එක තිරගත වෙන්නේ නම් 2014 පෙබරවාරි 28 වෙනිදා. අපි කවුරුත් හොඳින් දන්න Liam Neeson තමයි මේකේ ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ. ගොඩක්ම Liam Neeson ගේ Taken, Taken 2, Unknown කියන චිත්‍ර පටි ටික එහෙම බලලා තියෙනවනම් මනුස්සයාගේ රගේ දන්නවනේ. මේ බයිස්කෝප් එක  Jaume Collet-Serra ගේ අධ්‍යක්ෂණයක්. මේ අධ්‍යක්ෂකයාම තමයි 2011 වර්ෂයේදී Unknown කියන චිත්‍රපටියත් කරේ. කතාව ලියලා තියෙන්නේ Christopher Roach සහ John W. Richardson  විසින්.

Non-Stop (2014)

මේ චිත්‍රපටිය තිරගත කරන්න පටං ගෙන තියෙන්නේ 2012 නොවැම්බර් 1 වෙනිදානිව්යෝක් නගරයේ තියෙන York Studios කියන ස්ථානයේදී. ඒ වගේම 2012 දෙසැම්බර් 7 වෙනිදා JFK ගුවන් තොටුපලේදී සහ  Long Island MacArthur ගුවන්තොටුපලේදී රූපගත කිරීම් ආරම්භ කරලා තියෙනවා. මේ කතාවේ බජට් එක එහෙමත් නැත්නම් අයවැය මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් තමයි ගණං බලලනම් තියෙන්නේ. කතාව පොඩියට හැඳින්වීමක් කරොත් එහෙම…

Non-Stop (2014) 1

මේ චිත්‍රපටිය ඇඳී යන්නේ නිව්යෝක් නගරයේ ඉදන් ලන්ඩන් වලට යන ජාත්‍යන්තර ගුවන් යානයක් සම්භන්ධවයි. ගුවන්යානය පියාසර කරන අතරතුර ඇමරිකානු FBI නියෝජිත ගුවන් මාර්ෂල් බිල් මාර්ක්ස්ට කෙටි පණිවිඩයක් ලැබෙනවා තර්ජනය කරමින්. ඒ ‘හැම විනාඩි විස්සකටම වරක් ගුවන් මඟියෙක්ව ඝාතණය කරනවා’ කියලා ඩොලර් මිලියන 150ක් බැංකු ගිණුමකට බැර කරනකම්. හැබැයි ඒ ගිණුම් අංකය පිළිබඳ විස්තර හොයද්දී මේ මාර්ක්ගේ නමට තමයි ගිණුම තියෙන්නේ. ඒ වගේම ගුවන් යානය තුල තිබිලා බෝම්බයක් හොයාගන්නවා. මාර්ක්ස්ව ගුවන්යානය කොල්ලකන්නෙක් ලෙස හංවඩු ගහනවා. ඉතින් ඇත්තටම කවුද මේ දේවල් කරන්නේ, මාර්ක්ස්ට මොනව වෙයිද, ඒ වගේම රජයෙන් මේ පිළිබඳව මොන විදිහේ තීරණයක් ගනීවිද?!

ඊලඟ අවුරුද්දේ පෙබරවාරි 28 වෙනකම් ඉවසලා ඉන්න 😀

Author

One thought on “Non-Stop (2014) – [ගුවන් කොල්ලය…]

  • පට්ටයි ආ මේකනම් බලන්නම ඕනා
    කිනත් මන්සලට ගොඩ බැහැලා
    එලම තමා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *