කොමික්චිත්‍ර කතාජපන් කොමික්ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

One Piece සොයා යන චාරිකාව.

වචනයේ අර්ථයෙන්ම මෝඩයෙකි…

එක තැනක තත්පර කිහිපයක් ඉන්න බැරි කලබල කාරයෙකි…

දෙයක් තේරුම් කල නොහැකි පිස්සෙකි…

තේරුම් ගත නොහැකි අඩු මොලකාරයෙකි…

රාත්තල් ගණන් බර නැති හීනි කොට ගැටවරයෙකි..

 

නමුත්….

 

ඔහු තුල අද්භූත ආකාර්ශණයකි…

ඔබ මොන විදියෙ කෙනෙක් වුනත් කතා කරන වචනයකින් දෙකකින් ඔහුට ගෞරව කිරීමට පටන් ගනියි….

ඔහු තුළ විශ්වාසය තබයි….

එය නොදැනුවත්වම සිදුවෙයි….

මේ ලෝකෙ මොන තරම් භයානක හැකියාවන් තිබෙන මිනිසුන් සිටියත් මොහු ළඟ කාටත් වඩා දරුණු බලයක් ඇත………:

ඔබ සතුරෙක් මිතුරෙක්ද යන වග කම් නැත, සියල්ලන්ම දැනීමකින් තොරව ඔහු වෙත හරවා ගනියි.

 

“It’s not some cheap trick, One by One he turns the people around him into his allies, MORE THAN ANYONE SAILING IN THE SEAS, THAT MAN PROCESS THE MOST TERRIFYING POWER.”


මේ කියන්න යන්නෙ ලංකාවෙ ගොඩක් අය නොදන්න සුළුම සුළු පිරිසක් දන්න (වාසනාවන්ත අය), ඒත් ලෝකෙම දන්න කතාවක් ගැන. ඇනිමේ වචනය අයින් කරලා මේක ගැන කියන්නම්. මොකද ඇනිමේ කිව්වම මොන ජරාවක්ද මන්දා කියලා හිතන අය මේ දිහා නොබලන නිසා.

1997 දී අවුරු 20ක් වගේ වයස තරුණ කොලුවෙක් අතින් සිතුවමට නැගෙන One Piece අද වන විට  ලෝකයේ වැඩිම වාරයක් අලෙවි වුන කොමික්/චිත්‍රකතාව බවට පත් වෙලා තියෙනවා. මේ චිත්රකතාවට ලැබෙන අසීමිත ප්රතිචාර නිසාම සජීවීකරණ කතා මාලාවක් මේ නමින්ම 2003 දී රසික හදවත් තව තවත් ප්රීතියට පත් කරමින්එළි දකිනවා. ෂෝනෙන්, එහෙමත් නැත්නම් තරුණ පිරිමි ක්රියාදාම ගණයට වැටෙන මේ කතාව ඇත්තටම …… කියන්න වචන එන්නෙ නැති තරම් විශිෂ්ඨයි. One Piece නිර්මාතෘ එයිචිරෝ ඕදාට අනුව තවමත් කතාව නිමා වී ඇත්තෙ 65%ක් විතරයි. නිසා තාමත් පරක්කු නෑ මේක බලන්න හරි කියවන්න හරි ගන්නවනම්. කියවන්න පොත් සල්ලි දීලම ගන්න ඕනෙ නෑ, මැන්ගා යෙදවුමක් දුරකථනයට දාලා ඕන තරමට නොමිලේම චිත්රකතා කියවන්න පුළුවන්. මේ කතාව තවත් ෆැන්ටසි නිර්මාණයක්ම නෙවෙයි කියලා තේරෙයි මොකද මේ කතාවෙ සිද්ධ වෙන හැම දේකටම විද්යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. හැම දේටම….!!! ඇටසැකිල්ලක් කතාකරනවනම්, එ්කටත් විද්යාත්මකව හේතුවක් තියෙනවා කොහොමද කතා කරන්නෙ කියලා. කිසිම තැනක ප්ලොට් එක එහෙම නැත්නම් කතාවෙ වැරදීම් නෑ, සංකීර්ණයි වගේම ගලායාම ඉතාම විශිෂ්ඨයි. සියුම් ඉඟි හැමතැනම, හින්දි මෙගා නාට්ටි වගේ හේතුවක් නැතුව දික් ගස්සන කතා අතර මුල ඉඳන්ම කතාව හිතේ තියාගෙන නිර්මාණය කරපු සති පතා නිකුත් වෙන One Piece වල සියළුම චරිත නිර්මාණය වෙලා තියෙන්නෙ සැබෑ චරිත සහා ඔවුන්ගෙ ඉතිහාස කතා පදනම් කරගෙන. වගේම නූතන විවිධ හොලිවුඩ් නළු නිළියන්ගෙ රූප චරිත වල හැඩයට පාදක වෙලා තියෙන්නෙ. කතාව තේරුම් කරනවට වඩා බැලුවොත් හරි කියෙව්වොත් හරි උඩ කිව්වා වගේ හැමෝම මේකේ ප්රධාන චරිතයට ආදරය කරන්න පටන් ගනීවි.

තාව සිද්ධ වෙන්නෙ මෙහෙමයි.

මේකත් වෙනමම විශ්වයක්..

මේ ලෝකෙ සමාන කොටස් 4කට බෙදිලා තියෙන්නෙ. මහද්වීප නොමැති පුංචි පුංචි දූපත් වලින් විතරක් සමන්විත මේ ලෝකයෙ නීතිය ක්රියාත්මක වෙන්නෙ Marines එහෙමත් නැත්නම් නාවික හමුදාව යටතේ. ලෝකය පාලනය කරන්නෙ World Government කියන සංවිධානය මගින්. Marinesලා වැඩ කරන්නෙ එයාලා යටතේ. මේ ලෝකයෙ මුහුදු මංකොල්ලකරුවන් ගහණය වුනු තැනක්. මංකොල්ලකරුවන් කියන්නෙ හොඳ පිරිසක් නෙවෙයිනෙ. එයාලා නගර,දේපල විනාෂ කරනවා, නිධන් හාරනවා, නිධන් හොරකම් කරනවා. කතාව ආරම්භ වෙන මොහොතෙ ඓතිහාසික සිදුවීමක් වෙනවා. මුහුදු මංකොල්ලකරුවන්ගෙ රජු ලෙස හඳුන්වන Gold Roger නාවික හමුදාව විසින් ප්රසිද්ධියෙම ඔහුගෙ උපන් නගරය වන Louge Town වලදි මරා දැමීම. අනිත් අයටත් පාඩමක් උගන්නන්න. නමුත් Roger එයාගෙ අවසාන තත්පර කිහිපය අනාගතය උඩු යටිකුරු වෙන විදියෙ තැනක් බවට පත් කරන්න යොදාගන්නවා. මරණ දඬුවම නැරඹීමට ඇවිත් ඉන්න කෙනෙක් අහන ප්රශ්නෙකට උත්තර දීලා. අර පුද්ගලා අහනවා ඔබ මංකොල්ලකරුවන්ගේ රජු නම් ඔබ මේ ජීවිත කාලයටම එකතු කල ධනයක් ඇති නේද?, ඒවා කොහෙද කියලා. රොජර් හිනා වෙලා කියනවා….

“ඔව් මට නිධානයක් තියෙනවා, ඒක තියෙන්නෙ ලෝකය අවසානයෙ. ඒක හොයාගන්න ඕනෙ කෙනෙක්ට ඒක අයිති කරගන්න පුළුවන්” මේ නිධානයට තමයි One Piece කියන්නෙ.

එදා මංකොල්ලකරුවන්ට පාඩමක් ඉගැන්වීම සඳහා නාවිකයන් ගන්නා උත්සහය වතුරේ යවමින් දහස් ගණන් අළුත් මංකොල්ලකරුවන් One Piece සොයා මුහුදට යෑම ආරම්භ කරනවා. එදා තමයි Great Pirate Era නැත්නම් මංකොල්ලකරුවන්ගේ ශ්රේෂ්ඨ යුගය ආරම්භ වෙන්නෙ.

එම යුගය ආරම්භ වෙලා අවුරුදු 22ක් ගෙවෙන තැන දවසක ලෝකෙ මුහුදු 4න් දුර්වලම මුහුදෙ පුංචි බැරල් එකක් පාවෙනවාඑතනින් යන නාවික හමුදාවෙ සෙබලු දෙන්නෙක් වයින් බැරල් එකක් කියලා හිතලා ඒක ගොඩට අරගත්තත් ඒකෙන් එලියට එන්නෙ වයින් නෙවෙයි, හරිම හීන්දෑරි කොලු ගැටයෙක්. තමයි අපේ ප්රධාන චරිතෙ Monkey D. Luffy.

එයාට අවුරුදු 17ක් වුනත් ගොඩක් බාල පෙනුමක් තියෙන්නෙ. මේ බැරල් එකේ හොඳ නින්දක් දාන් ඉන්න ලූෆි එක අවස්ථාවක එතන ඉන්න හැමෝවම පුදුම කරමින් අත් දෙකඈතට දික් කරනවා. හරියට රබර් වගේ. ඔව් මේ කතාවෙ ප්රධාන චරිතෙ රබර් කොල්ලෙක්. ඒක අසාමාන්යයි. ඒත් කලින් කිව්වා වගේ හේතුවක් තියෙනවා. කෙනෙක්ට බලයක් ලැබෙනවනම් ඒක බලයක් වෙන්නෙ ලැබෙන ප්රයෝජන අනුව. ඒත් ලෝකෙ තියෙන වැඩකටම නැති බලයක් තියෙවනම් රබර් කියන්නෙත් ඒවලින් එකක්. ඒත් මේ ළමයා විශේෂයි. ඒක බලන හැමෝම දන්නවා. ගැන මං කියන්න යන්නෙ නෑ. මොකද ලිපිය ඉවර කරගන්න බැරි නිසා. ලූෆි කියන්නෙත් One piece හොයාගෙන මුහුදට ආපු කෙනෙක්. එයාගෙ අරමුණ තමයි 10ක් වත් ඉන්න නැවක කැප්ටන් වෙන එක. ඒත් මෙයාට නැවක් තියා බෝට්ටුවක් වත් නෑ. ඒත් මෙයාගෙ උඩ කිව්ව විශේෂ හැකියාව නිසා එයාට මේ සේරම කාලයක් යනකොට ලැබෙනවා.

මුලින්ම චාරිකාව පටන් ගත්ත විදිය :


දැන් ලූෆි යටතේ ඉන්න පිරිස :


ලූෆී සටන් අතර තුර රබර් ඇඟ යොදාගෙන වෙනස් වෙන ආකාරය. මේ පරිවර්ථන වලටත් හේතු තියෙනවා.



ෆයිට් වලට කැමති හැමෝටම One Piece කියන්නෙ දිව්‍ය ලෝකයක් වගේ.

වගේම රොජර් කියපු නිධානෙ සල්ලිමද කියලත් තේරුම් යයි කතාව නරඹනකොට. කලින් ලිපියෙන් පොරොන්දු වුන නිසා එකින් එක ලෝකෙ ප්‍රසිද්ධම චිත්‍ර කතා/ ඇනිමේ ගැන ලියන ලිපි වල පලවෙනි ලිපිය තමයි මේක. පුළුවන්නම් දවසට එකක් බලන්න, මං හිතන්නෙ නෑ දවසට එකක් බලලා නවතියි කියලා කතාවට ආදරේ කරන්න ගත්තට පස්සෙ. 😉

 

“This is one hell of a Story, You must never missed it and worth watching it”

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

10 thoughts on “One Piece සොයා යන චාරිකාව.

  • සුපිරි කතාව

    Reply
  • manga ekath ekka anime series ekath balanna ona ayata torrent eka horriblesubs.info eken ganna puluwang
    episode 1-700 wenakan thani batch ekakk thiyenawa .

    Reply
  • Puluwanda episode tika danna
    Mama ude 1 ta nagitila episode tika balanne
    Please let me know …..

    Reply
  • අපිට පිස්සු වට්ටල සතුටින් ඉන්නකො

    Reply
  • Manga app කියලා සර්ච් කරන්න එතකොට එනවා.. මංනම් කියවන්නෙ මැන්ගාසෝන් කියන ඇප් එකෙන්

    Reply
  • ela., sis mn anime nisa thamai manga kiyawanna patan gaththe., eth mn wadiya kiyola ne., meka nm nobala innama be. 😉 niyama wadak thanks jaya..,!!

    Reply
  • Gamma Digatama Liyamu
    Obeta jaya…!!!

    Reply
  • Tnx bro. Aththatama dawasata akak balala inna ba dan. A tharamata one peace ake kathawa danakan hdaissi. Ara kiwwa katha kiyawana app ake nama kiyahanko

    Reply
  • ඒක ටික දවසක් කියවනකොට හරියනවා, ඉංග්‍රීසි වුනත් නිකන්ම හැදෙනවා, අමාරු වචන වල තේරුම බල බල කියෙව්වොත් අවුලක් වෙන්නෙ නෑ, කියනවට කියනවා නෙවෙයි ඇත්තටම ටික දවසක් යනකොට තේරුම් ගන්න පුළුවන්..

    Reply
  • ලිපිය නියමයි
    වැඩේ කියන්නේ
    ඇප් එක ගන්da පුළුවන් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ නේ ඉන් ග්‍රීසි නිසා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *