Out of the Furnace (2013) – [සහෝදර ප්‍රේමය….]
ඔන්න එහෙනම් මං මංසල ටත් හා හා පුරා කියලා ගොඩ උණා..අපේ සමීර කරුණාරත්න සහෝ තමයි මේ සොදුරු තෝතැන්නට එන්න ඉඩ හසර පාදලා දුන්නේ..මුලින්ම ඔහුට ස්තුති කරන්න ඕනේ..ඔයාලට උපසිරැසි දෙන අතරතුර මේ පැත්තට ඉදලා හිටලා හරි එන්න බලාපොරොත්තු වෙනවා.මුලින්ම නම් ආවේ මේ දෙසැම්බර් හය වැනිදා නිකුත් වෙන්න තියෙන ත්‍රාසයජනක ෆිල්ම් එකක ටේලරයක් කරේ තියාගෙන…Christian Bale තමයි මේ ෆිල්ම් එකේ වැඩ කාරයා..මෙයා ගැන නම් කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ..ඔයාලා The Dark Knight Rises, Terminator Salvation, The Dark Knight,Batman Begins වගේ ෆිල්ම් වල මෙයාගේ වැඩ බලා ඇතිනේ..තව Star Trek Into Darkness, Colombiana වගේ ෆිල්ම්වල හිටිය Zoe Saldana කියන නිළියත් ඉන්නවා..ඉතින් මේකත් සුපිරි සලරුවක් වෙයි කියලා අනුමාන කරන්න පුළුවන්…
එහෙනම් දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..රසල් (Christian Bale) සහ ඔහුගේ බාල සහෝදරයා රොඩ්නි (Casey Affleck) සල්ලි නැතුව ගොඩක් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ.මෙයාලට ඕනේ වෙනවා මේ ජිවිතෙන් මිදිලා හොද ජිවිතයක් ගත කරන්න.ඔවුන් එකම එක වැරද්දක් කරනවා.කොහොම නමුත් රසල්ට හිරේට යන්න වෙනවා..නමුත් ඔහුගේ සහෝදරයාට ගොඩාක්ම භයානක වූත් කුරිරු අනුකම්පා විරහිත අපරාධකාරයන්ගෙන් පිරුණු තරග වළල්ලකට මුහුණ දෙන්න වෙනවා.මේ සිදුවූ වැරැද්ද නිසා ඔවුන්ට හැමදෙයකින්ම වන්දි ගෙවන්න සිදුවෙනවා.රසල් නිදහස් උනාට පස්සේ,ඔහුට තීරණයකට එන්න වෙනවා ඔහු මේ ඔක්කොම අතැරලා දානවද එහෙම නැත්නම් මල්ලි වෙනුවෙන් සටන් කරනවද කියන එක…ඔයාලා හිතන්නේ කුමක් වේවිද?? ඔහොම තමයි කතාව තියෙන්නේ..එහෙනම් මං තව එකක් අරන් එන්නම්.හැමෝටම ජය..
Out of the Furnace (2013)
116 min – Drama | Thriller – 6 December 2013 (USA)
Director:
Scott Cooper
Writers:
Brad Ingelsby, Scott Cooper
Stars:
Christian Bale, Casey Affleck, Zoe Saldana, Woody Harrelson, Forest Whitaker
Out of the Furnace meke sub eka dalada thiyenne…?