පුවත්සියල්ල

Pacific Rim 2 වෙනුවෙන් කල්තියාම වැඩ පටන් අරං…

හෙහ්! හෙහ්! ඔන්න බලහල්ලකො වැඩේ… තවම Pacific Rim නිකුත් වෙලාවත් නැහැ. ඒ වුණාට මෙන්න කියනවා 2ත් හදනවලු. වැරදිලාවත් ද? නෑ, නෑ, වැරදුණේ නෑ. කොහෙ වරදින්ඩද? නිෂ්පාදන සමාගම’ම (Legendary Pictures) එහෙම කියනකොට. 😛 

ආරංචිය ඇත්තයි. තවම ‘Pacific Rim (2013)’ සිනමාහල් කරා නිකුත් වුණේ නැතත්; මෙහි අඩංගු කතාව අලෙවි වාර්තා පහරක් ලෙස ඔවුන් දැනටමත් සලකන්නට අරගෙන හමාරයි. ජපාන අනු ෂෝනරයක් වන “කයිජු” (Kaiju) නමැති දැවැන්ත මෘගයන් හා බැඳුණු තේමාවක් ඇසුරින් මෙය නිමවා තිබෙනවා. Godzilla කියන්නෙත් මෙන්න මේ ජපාන කයිජු අනු-ප්‍රභේදයට වැටෙන කතාවක්. පැසි‍ෆික් මුහුද පත්ළේ විවර වූ ද්වාරයකින් මෙලොවට පැමිණෙන මහා දැවැන්ත පිටසක්වල මෘගයින් පිරිසක් හා සටන් වදිමින් තම මව්ලොව බේරා ගන්නට මිනිසා දරන වෑයමක් ගැනයි මෙහි අඩංගු වනුයේ.  එකිනෙකා හා මනසින් සබැදුණු නියමුවන් දෙදෙනෙකු විසින් මෙහෙයවෙන දැවැන්ත රොබෝවන් පිරිසක් මෙම මෘගයන් හා සටනට එළඹෙන බවයි කියැවෙන්නේ.  ඒ සඳහා චිත්‍රපටයෙහි දක්වා ඇති ප්‍රචාරක පාඨය “මෘගයන් හා සටන් වැදීමට අපි මෘගයන් තැනුවෙමු” ලෙසයි සටහන් වෙන්නේ. නිසැකවම මංසලෙන් ගෙන ආ සිංහල උපසි‍රැසි යෙදූ පෙරපටය ඔබ නරඹන්නට ඇති. එහෙමනම් වැඩිමනත් විස්තර ඕනි නෑනෙ චිත්‍රපටියේ තිබෙන දේ ගැන. නේද? 😀  

Pacific Rim පිටපත් රචක Travis Beacham හට මෙහි දෙවැන්නක් සඳහා Del Toro එක්ක පිටපතක් ලියන්ඩ දැනටමත් භාර කරල ඉවරයි. අධ්‍යක්ෂක සහ කතා සංකල්පයේ නිර්මාතෲවරයා වන Del Toro කියලා තියෙන්නෙ මේ ගැන මෙන්න මෙහෙමයි.

“ආයෙත් අහලා. පළවෙනි එක හදනකොටත් අපට ඇතැම් දර්ශන සහමුලින්ම ඉවත් කරන්නට වුණා රිද්මය තියාගන්නට සහ කතාවේ කාලය අවකාශය හසුරුවන්නට අවශ්‍ය වූ නිසා. ඉතින් ඒ වගේ වෙලාවල හිතුණෙ හරියට ටිකක් අපෙන් මගෑරෙනවා වගේ. ඒ නිසා දෙවැන්නක් ගැන අහපුවම, ඒකෙ දෙපාරක් හිතන්ඩ දෙයක් තිබුණෙ නෑ.”

කෙසේ වුවත් ඔහු මේ අනුබැඳිය අධ්‍යක්ෂණයට එක්වෙයිද නොවෙයිද කියන එක තවමත් පැහැදිලිව හෙළි කරලා නැහැ. හේතුව ඉදිරියේදී ඔහුගේ දායකත්වය පතන නිර්මාණ පෝළිමක් මග බලාගෙන ඉන්න එක.කොහොම නමුත් මේඅනුබැඳිය මෑත අනාවේනම් නොකෙරෙණු ඇතිලු. තවමත් මේ අනුබැඳිය සදහා කතාවක් සකසමින් යන බවයි සඳහන් වන්නේ. කොහොම වුණත් මේක කොයි විදිහකට වේවිද කියලා කියන්ඩ විදිහක් නැත්තෙ Toro කියන්නෙ සංකල්ප මැවීමේ රජෙකු වන නිසා. බාගවිට කයිජු මෘගයන් ගේ මව්ලොව සොයා හඹා යන්නට හෝ ලොවින් ලොවට යමින් ආක්‍රමණයන්ට එරෙහිව අනිකුත් තර්ජනයට පත් ලෝකවල වැසියන් හා එක්ව සටන් වැදීමට පවා බැරි නැහැ. ඇතැම්විට ඒ දෙකම වන්නටත් බැරි නැහැ. ඒ මොක වෙන්ඩත් කලින් පළමුවැන්න බලලා කියලා ඉන්ඩ එපායැ! නැද්ද?

පළමු වැන්න තිරගත වෙන්නෙනම් 2013 ජුලි 12 දා ඉඳලා බවයි දැනගන්ඩ තියෙන්නෙ. පළමු වැන්න තිරගත වන්නටත් ඉස්සරින් දෙවැන්නකට සූදානම් වෙන්නට තරම් මේ කෙරෙහි රඳවා ඇති විශ්වාසයත් බලාපොත්තුවත් සඵල කරන මුදල් ඉල්ලමක් මින් පාදා දේවිද කියලා නිෂ්පාදකයන්ටත් බලාගන්ඩ වෙන්නෙ එදායින් පස්සෙ තමයි. ඒ කොහොම වෙතත් මෙහි දෙවැන්න ගැන නව තොරතුරු පිටකළ සැණින් හැකි ඉක්මනින් ඔබ වෙත ගෙන එන්නට අප උත්සාහ කරනවා. ඒ තාක්කල් ටිකක් විමසිල්ලෙන් හිටියානම් හරි! 😉

Author

4 thoughts on “Pacific Rim 2 වෙනුවෙන් කල්තියාම වැඩ පටන් අරං…

  • එළ එළ!

    අනේ මන්දා ඇමරිකානුවෝ බයිස්කෝප් ගහාන්නේ

    හරියට බෝංචි කඩනවා වගේ නෙව..
    😀 😀

    Reply
  • තෑන්ක්ස් දවස ගානේ දැන් අලුත් විස්තර දාලා අපිව දැනුවත් කරන එකට

    Reply
  • පට පට්ට ලිපි දිගටම දාහන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *