Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 1)
The Hobbit: නිෂ්පාදනය කරන හැටි ගැන එහි අධ්‍යක්ෂකවරයා ඇතුළු කාර්ය පිරිවර THE HOBBIT: Production Diaries නමින් යුතු දිසිරූ පෙළක් ජාලගත කළා. අපි මේ සූදානම, එකිනෙක ඒ දිසිරූ දිනපොතෙන් මේ තාක් නිකුත් කර තිබෙන පිටු ටික ඔබ හමුවේ තබන්නටයි. සිනමාවට ආදරය කරන අය විදිහට කොතෙක් ආශා කළත් අපට කිසිදිනෙක දක්නට නොලැබෙන මැදලොව සහ එහි වැසියන්ගේ අරුම පුදුම විස්තර අපේ නෙතට සමීප කරන්නට ඔවුන් කටයුතු කරන හැටි දකින එකත් හරියට අරුම පුදුම ලොවකට යාමකට දෙවැනි වෙන්නෙ නෑ. එනිසා හැබැහින් දැක නැති ඒ කටයුතු, මෙහෙමවත් දැකගන්න දිගටම අපි එක්ක දිනපතා ඉවසීමෙන් එක්වෙමු නේද?
මේ දිනපොතේ පළමු පිටුවෙහි සටහන් වන්නේ The Hobbit චිත්‍රපටියේ පෙර-නිපැයුම් කාලයෙහි වැඩ කටයුතු කෙරෙන ආකාරය. පුහුණුවීම්, සැලසුම්, එකිනෙක කාර්යාංශයන්හි වැඩ කටයුතු, සමාරම්භක උත්සවය ආදී නිෂ්පාදන ඇරඹීමට ප්‍රථමයෙන් ඉටු කෙරෙන වැඩ කටයුතු ගැන සුළු හැදින්වීමක් සමග මේ නිර්මාණ කර්තව්‍යයේ ගොඩනැගීම සිදුවන අයුරු පිළිබද විශාල අවබෝධයක් ලබාගැනීමට මෙමගින් ඔබට හැකිවෙයි. ඔවුනගේ සිනමා නිර්මාණයක ගුණත්වය උසස් මට්ටමක තබාගන්නට කරන කැපවීම විදින වෙහෙස කෙතරම්දැයි විතරක් නොවෙයි, ඔවුනගේ සිනමා නිර්මාණ ආදායම්වාර්තා අලුත් කරන හේතුවත් ඔබට අරුමයක් වෙන එකක් නෑ මේ දසුන් ටික දුටුවායින් පස්සෙ… එහෙමනම් මෙන්න දිනපොතේ පළමුවෙනි පිටුව.
ela bn patta
එළ…