Q A Session | 08/13 දින වනතුරු ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු
හුඟක් අය හුඟක් ප්‍රශ්න අහනවා. මගෙ Inbox එකත් මේ දවස් වල Game of Throne ප්‍රශ්න වලින් පිරිලා. ඒක නියමයි. හැමෝම අහන ප්‍රශ්න වලට පොඩි Q A session එකක් කරන්න හිතුවා. දැනට මම පිළිතුරු දීලා නැති ප්‍රශ්න ටික තෝර ගන්න අතරෙ, හිතුවා මංසලේ සහෝලා අහපු ප්‍රශ්න ටිකට ප්‍රමුඛතාවයක් දෙන්න. අපි හැම වෙලාවෙම මංසලේ සෙට් එකට තමයි එක දෙන්නෙ. නමින් නමට ලියන්නෙ නෑ. ප්‍රශ්නයි උත්තරයි කියන්නං. එවගේම තව දෙයක්, ඔයාලා ලියන හැම කමෙන්ට් එකක්ම මාර ආසාවෙන් කියවන්නෙ. ඒවාට එක එක්කෙනාට ගාණෙ ස්තූති කරන්න ආසයි. ඒත් ඒකට ගියොත් ඒ වෙලාවෙත් මොනා හරි හොයලා ඔයාලාට කියන්න තියෙන කාලෙ නාස්ති කරගන්න බෑනෙ. ඉතිං යාලුවො අපි වැඩේ පටන් ගමු.
1.වින්ටර්ෆෙල් වල මැරුණ යෝධයාමද මල හමුදාව එක්ක එන්නෙ?
නෑ. ඒ මල හමුදාව එක්ක එන්නෙ හාඩ් හෝම් එකේදි මැරුණු යෝධයො. යෝධයො කියන්නෙ වෙස්ටරෝස් හී චිල්ඩ්රන් හා සමාන මුල් පදිංචිකාරයො. එයාලා රූපෙන් ගොඩක් එක සමානයි. චිල්ඩ්රන් ලා වුණත් රූපෙන් එක සමානයිනෙ.
- ටිරියන් සහ ටාගේරියන් ජිල්මාට් එක කුමක්ද?
ටයිවින් හා විවාහයට පෙර ජොවැන්නා ලැනිස්ටර් සහ ඒරිස් ටාගේරියන් අතර පෙම් පළහිලව්වක් තියෙනවා. ඒත් ඒරිස් රාජ්‍යත්වයට අවශ්‍ය ලෙස රහේලා සරණපාවා ගන්නවා. ජොවැන්නා තමන්ගෙ මස්සිනා වූ ටයිවින් ව සරණ ගන්නවා. ඉතිහාස කතාව කියෙව්වා නම්, ටයිවින් ඒරිස්ගෙ සහයකයා ලෙස කින්ග්ස් ලෑන්ඩිං ආපු කාලෙ ආයෙ පරණ සම්බන්ධෙ අලුත් වෙනවා කියලා කියන්නෙ. ඉතිං ඒ කාලෙ වුණ දරු උපතක් සහ විකෘති දරුවෙක් නිසා තමයි කට්ටිය එහෙම සැක කරන්නෙ. ජොවැන්නා දරු උපතෙදි මිය ගිය නිසා ප්‍රශ්නය දුර දිග ගියෙත් නෑ.
- Game of Throne හා Lord Of Rings කතා සමානද?
එක් වේදිකාවක තිබ්බොත් කතා දල වශයෙන් වෙනස් ඒත් ඉතා සමානකම් තියෙන කතා දෙකක්. නපුරට එරෙහි වීමේ ආශාව, යම් දෙයක් නිසා උපන් තරඟය, නිරන්තරයෙන් අපි සහය දක්වන කණ්ඩායමක් සිටීම, මායාවල් තිබීම ආදී කාරණා එක්ක, අපේ හිතේ ඉන්න hunter ව අවුස්සන මේ කතා දෙකම එක් තලයක් මත අති සමානයි.
- Some one else යනු කුමක්ද?
මේ no one ධර්මය හා සම්බන්ධ එක තියරියක්. යම් කෙනෙක්ට ඒ many face god දහම තුළ no one කෙනෙක් බවට පත්වීම හෝ some one කෙනෙක් බවට පත්වීම තෝරාගන්න පුළුවන්. ආර්යා මුලින් තෝරාගත්තෙ someone වෙන්න. ඒත් එයා ඒ වැඩේදි, ඒක භාවිතා කරලා කෙනෙක්ව මරපු නිසා තවමත් එයා තුළ ආර්යා ඉන්න බව දැන ගන්න ජැකන් සහ වෙයිෆ් දක්ෂ වුණා. ඇයට දඬුවමක් ලෙස ඇයව අන්ධ කළා. ඉන්පස්සෙ නැවත ඇයට පූජනීය ජලය දුන්නා. එයින් ඈ සුවපත් වුණා. එහෙම සුවපත් වෙන්නෙ no one කෙනෙක්ව විතරයි. ඒනිසා තමයි ඇය ලව්වා මිනී මරන්න ඒ අය පටන් ගත්තෙ. ඒත් ආර්යා කියන්නෙ අසාධාරණ ලෙස දෙවියන්ගෙ කීමට සලකා මිනී මරණ කෙනෙක් නෙවෙයි. ඈ එයට එරෙහි වුණා. ඉතිං ඈව මරා දමන්න මේ අය සැරසුණා. මතකනෙ බැරිවුණා. හැබෑවටම ආර්යා කියන්නෙ ආර්යා..වින්ටර්ෆෙල් වල ආර්යා..none කෙනෙක්ටත් වඩා තමන් ප්‍රබල බව තමයි ආර්යා අන්තිමේ පෙන්නුවෙ. මෙතන තියෙන්නෙ මානසික රීතියක්. හැමවිටම අපි හිතනවා වඩා ප්‍රබල වෙනත් පෞරුෂයකට යාම කියලා. ඊටත් වඩා ප්‍රබල කිසි කෙනෙක් නොවී, සෑම කෙනෙක්ම වීමට ඇති හැකියාව කියලා. හැබැයි අමාරුම දේ තමන් තමන් වීම. ඒ දේ තමා ආර්යා හරහා අපිට උගන්වන්නෙ.
- දැනට හමුදාව කොහොමද?
විනාශය තාම ගණං බැලුවෙ නෑ.. හැමෝටම ආපදා වුණා. ලැනිස්ටර්ලාට සහ ටාර්ලි ලාට ගොඩක් ආපදා වුණ හැටියක් තමයි තියෙන්නෙ. ඒත් ඒ හා සමානවම ඩෝර්න් සහ ග්‍රේජෝයි හමුදා ඩැනීට නැති වුණා. උතුරු හමුදා බාස්ටර්ඩ්ලා ගෙ යුද්ධෙන් විනාශ වුණා සෑහෙන. හැමෝම එකතු වුණේ නැතොත්, ජීවත් වෙලා ඉන්න ගාණට වඩා නයිට් කිං ගෙ මැරුණු හමුදාව වැඩිවෙයි. හැමෝම ඉන්නෙ අවදානම් අඩියක. කාටවත් දිනීම ලේසි නෑ. සර්සි ගෝල්ඩන් කම්පැනිය ගෙන්නුවොත්, එතනින් එහාට ඩැනී අමාරුවක වැටෙනවා. එක්කො ඩැනීට ආයෙ ඩාරියෝ නහාරිස් ගෙන්වන්න වෙනවා. ඒත් මේ අයන් ත්‍රෝන් ප්‍රශ්නෙට එහා ප්‍රශ්නයක් හැමෝටම තියෙනවානෙ.
- කවුද මේ NIGHT’s KING? ඔහුට වෙස්ටරෝස් වංශ වලට නෑකමක් තියෙනවාද?
ස්ටාර්ක් වරයෙක් කියලා කියන්නෙ. දහතුන්වෙනි ලෝර්ඩ්කමාන්ඩර් වරයා තමයි NIGHT’s KING වුණා කියන්නෙ. ඔහු ගැන කතා කිරීම තහනම් කරලා තියෙන්නෙ.
- ජොන් ගාව තියෙන්නෙ ජෝරා ගෙ කඩුවද?
මෙහෙමයි කඩුවක් කියන්නෙ, කෙනෙක් තව කෙනෙක්ට පාවා දෙන දෙයක්. ඒක වංශයක එකක් වුණත්, ජෙයෝ මෝමන්ට් ඒක ජොන්ට පාවා දුන්නා නං ජෝරාට අයිතියක් කියන්නම බෑ. හැබැයි ජොන්ට ආසා නම් දෙන්න පුළුවන් ජෝරාට. වැලේරියන් කඩු හැම තැනම තියෙන නිසා දෙයි හැබැයි 😀
8.ගෙන්ඩ්‍රි වැලේරියන් කඩු හදන්න ඉගෙන ගනීද?
කඩුව හදන්න ට්‍රයල් කරන්න තරම් වැලේරියන් වානේ තිබුණා නම් ඔහු ඉගෙන ගනීවි. අවුල දැන් වැලේරියන් වානේ නැති එකනෙ.
- බ්‍රැන්ට මකරෙක් පාලනය කළ හැකිද?
පවතින විදිහ අනුව, පුළුවන් වෙන්න ඕනෙ. හැබැයි මකරා කියන්නෙ මායා සතෙක් නම් ඒක බ්‍රැන්ට සාර්ථක ව කළ හැකිද කියන එක ගැටුමක්. බ්‍රැන් දැනට ආවේශ වෙන සත්තු සාමාන්‍ය සත්තු, මැජිකල් ක්‍රීචර්ස්ලා නෙවී.
- බ්‍රැන් ආර්යාට කිණිස්ස දුන්නෙ හේතුවක් ඇතුවද?
ඔව්. ඔහු දන්නවා සියල්ල. පෙර සිදුවූ සෑම දේම. ඔහු ඒ කිණිස්සෙන් ආර්යා ඉස්සරහට කරන දේ පවා දන්නවා. ඔහු ආර්යාට කිණිස්ස දෙද්දි ගැස්සෙනවා. ඉස්සරහට අපි දකී ආර්යා කිණිස්සෙන් කරන වැඩ.
- ස්ටාර්ක් පරපුර ට කුමක් වෙයිද?
බ්‍රැන්ට වුවමනා වුණත්, පවතින තත්වය යටතේ දරුවො හදන්න බැරි වෙයි. සන්සා සහ ආර්යා කාන්තාවො. ජොන් ටාගේරියන් කෙනෙක් නම්, ගැටලුවක් තියෙනවා. ඒත් ස්ටාර්ක් පරපුර කොහොම වෙතත්, ස්ටාර්ක් රුධිරය තියේවි. ස්ටාර්ක් ටාගේරියන් රුධිරයේ එකතුවෙන් දරුවෙක් සමහරවිට උපදීවි. ජොන් සහ ආර්යා හෝ ජෝන් සහ සන්සා දරුවෙක් හැදුවොත්, ටලී 25% යි, ටාගේරියන් 25% ස්ටාර්ක් 50% ක දරුවෙක් ඉපදෙනවා. 😀 ජෝන් ඩැනී දරුවෙක් හැදුවොත් 75% ටාගේරියන් 25% ස්ටාර්ක් දරුවෙක් උපදිනවා. පිස්සු වගේ නේ.
- ස්ටැනිස් බ්‍රැතියන් ජීවත් වෙනවාද?
ඒ ගැන නම් පැහැදිළිව කියන්න දැනට කරුණු නෑ. එයාගෙ සිජිල් එක එයා පස්සෙ හදාගත්තෙ. බ්‍රැතියන් වරුන්ට තිබ්බෙ එක සිජිල් එකයි. බ්‍රැතියන්ලා තුන්දෙනෙක් සටන් කරද්දි, තුන් දෙනා තුන් පැත්තකට ගියා. සිජිල් තුනකින් . එපමණයි.
13. ඇයි බ්‍රොන් රත්තරං මල්ල ආයෙම අහුලා නොගත්තෙ?
බ්‍රොන් කියන්නෙ ඉතාම තීක්ෂණ මිනිහෙක්. ඒ වෙලාවෙ රත්තරං නෙවෙයි වටින්නෙ ජීවිතය කියලා ඔහු දන්නවා. ඊටත් වඩා ඉස්සරහට එන්න නියමිත දරුණු ප්‍රශ්නයට රත්තරං වැඩක් නෑ කියලා බ්‍රොන් දැනං හිටියා. හෙට රැයින් පස්සෙ, අපි සාකච්ඡා කරමු ඒ දරුණු ප්‍රශ්නය ගැන.
අපි එක්ක රැඳී සිටින හැමෝටම ගොඩක් ස්තූතියි.
pissu hedenawa aa. oyala neththan game of thrones wedak ne affa….$$$$
Supirima me karan yane wade.. hithaganne bari kohoma kalayak kapa kalada kiyala me dewal serama hoyaganna. kathawa lassanatama terune me reviews me post nisa.. thnx saha pin dekama labenna one akkatai tarindu aiyatai royly saho athulu baiscope set ekatai. sri lankawe api patta lacky eka thanakin sub ekai me wage post ganne tiyana ekata.. ekata mansalatath baiscope set ekatath pin sidda wenna one. natthan wena ratawala unta wage site 10 ka 15waka withara reviews spoilers kiyawala oluwa wikara wenawa..
බොහෝම ස්තුතියි. කතාව ගැන ගොඩක් තේරෙනවා මේ ලිපි නිසා.
Thanks Akke Great!!
as always GREAT! Akke
ඇයි බ්‍රොන් රත්තරං මල්ල ආයෙම අහුලා නොගත්තෙ?
bonna one prashnayak me welawe 😀
thnqu so much akki
ඇත්තටම ඔයාල මේකර දේ නිසා තමයි, මේ රිවීව්ස් ලිපි මේ ඔක්කොම නිසා තමයි අපිට කතාව හරියට තේරුනේ. නැත්නම් සමහරු වගේ අපිත් කතා මාලාව ඔහේ බලයි තවත් එක ටීවී සීරීස් එකක් විතරක් වගේ… කතාව බලනව වගේම රිවීව්ස් බලල ලිපි කියවල පට්ටම රසවින්දනයක් ලබනවා..කියන්න වචන නෑ.. සුපිරියි කරන වැඩේ.. ජය වේවා.. තවත් හොඳට මේ වැඩේ කරන්න.. තෙරුවන් සරණයි !!!
බොහෝම ස්තුතියි
niyamai akki.patta A Q Session eka.thanks.
Q & A kiyanne man asama article set ekak.hithuwata wada prashna thiyenawa ape ayata..godak thanks hode sis.digatama liyamu..Jayen jaya…
Niyamai akke..
ටාගේරියන් කෙනෙක් වයිට් වොකර් කෙනෙක් වුනොත් මරන්න බැහැ නේ? මොකද ටාගේරියන්ලා පිච්චෙන්නේ නැති නිසා. Dragon glass වලින් විතරයි මරන්න පුලුවන් වෙන්නේ. මට හිතුනු දෙයක් මොකද්ද මේ ගැන අදහස. ලිපි වලට ගොඩාක් ස්තුතීයි !!! 🙂
ඇයි ස්ටැනිස් බ්‍රැරැතියන් තාම ඉන්නවද අහන්නේ? මරනවා පෙන්නුවෙ නැතුවට බ්‍රියෙන් පස්සෙ මැලිසැන්ඩ්‍රේටයි, ළුණූ නයිට්වරයටයි කිව්වනේ එයා මැරුව බව.
bohoma pin me karana sewayata 😀 ewagema mage question ekatath answer karata thank you… digatama liyanna ….
එලම අක්කෙ
බොහොම ස්තූතියි……
You are the best reviewer..
Last time azorai une kawda
Ela ela heta kotasin passe patta lipiyak denna akke thanxx ithin hamadama wage niyamai
one word ” wow “