ගීතදමිළදැනුමටවගතුගවිචාරවීඩියෝසියල්ලහින්දි

S. Shankar : The Genius of Song Picturisation

ගීත නිර්මාණය(Song Making) කියන්නේ චිත්‍රපට කර්මාන්තයේ අතිශය වැදගත් මෙවලමක්. අවමය එක හොඳ ගීතයක් වත් චිත්‍රපටයක අඩංගු වනවා නම් චිත්‍රපටියක් මිනිසුන් අතරට අරගෙන යන මගට කාපට් ඇතිරුවා වගේ වෙනවා. ඉන්දියානු සිනමා කර්මාන්තය සැලකූ විට හොඳ ගීත නිර්මාණයන් මිනිසුන් අතරට ලඟාවීමේ සීඝ්‍රතාවය ට්‍රේලර්/ටීසර් වැනි පූර්ව ප්‍රචාරක පටයන් මිනිසුන් අතරට යෑමේ වේගය මෙන් දහදොළොස් ගුණයක් වැඩියි. (මෑත කාලයේ උදාහරණයක් පෙන්නුවොත් – Aashiqui2, Ala Vaikunthapurramuloo වැනි චිත්‍රපට සඳහා ගීත ඇල්බමය කල බලපෑම). ගීත රූපකරණය ගැන සලකා බැලුවහොත් ශංකර් ශම්මුගම් එහි පිකාසෝ කෙනෙක් ලෙස හැඳින්විය හැකියි. (ඔව් 2.0, I ශංකර්) මේ කතාබහ ශංකර්ගේ ගීත රූපකරණය පිලිබඳවයි. ගොඩක් නිෂ්පාදකවරුන්, විචාරකයින්, සිනමා විශේෂඥයින් පවසන දෙයක් තමයි ශංකර් චිත්‍රපටිවලට වැඩිය සිංදු වලට බජට් එක කනවා කියන එක. නමුත් ඔහු සිනමාවට ගෙනා ගීත රූපකරණ කලාවේ වෙනස ඒවා අද මිනිසුන්ගේ හිත්වල රැඳී තිබෙන විදිහ දෙස බලු විට තේරුම් ගත හැකියි. ශංකර් සිනමා අධ්‍යක්ෂණයට අත ගහන්නේ 90 දශකයේ මුල් බාගයේ. ඉන්දීය සිනමා සංගීතයේ මහා පෙරළිකාරයා A.R. රහමාන් හරි හරියට වැඩ දමමින් සිටින කාලයේදී තමයි ශංකර් කියන දක්ෂයාද ක්ෂේත්‍රයට එකතු වෙන්නේ.
ශංකර් මුලින්ම අධ්‍යක්ෂණය කල චිත්‍රපටය තමයි Gentleman චිත්‍රපටය. ඒ 1993 දී අර්ජුන් සමග මධු සමගින්. ඒ චිත්‍රපටයෙන් පටන් ගමු එහෙනං. ශංකර් ක්ෂේත්‍රයට පය තබා මුලින්ම නිර්මාණය කරන ගීතය වන්නේ “Chikku Bukku Rayile” ගීතයයි.
රහමාන්ගේ සංගීතයෙන් හැඩවුණු ඒ ගීතයට එවකට සිනමාවේ පෙරළිකාර රූපකරණයක් එක්කරන්නට ශංකර් සමත් වෙනවා. ගීතය සඳහා නර්ථනයේ යෙදෙන්නේ ප්‍රභුදේවා. ආයේ ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ. ශංකර්-රහමාන්-ප්‍රභූදේවා… රිදී තිරයට බෝම්බයක් ගැහුවා වගෙයි මේ තුන්කට්ටුව එකතු උනා කියන්නේ. බොහෝ සංගීතඥන්, නර්ථනශිලිපීන්, නර්ථන නිර්මාණකරුවන් රැසකට බඩේ පහර ගැසූ සංයෝජනයක් තමයි ඒ. නර්ථනය Choreograph කරන්නේ ප්‍රභූදේවා විසින්. ප්‍රභුදේවාගේ සහෝදරයා රාජු සුන්දරම්, රාඝවා ලෝරන්ස්, දෙපලම ප්‍රබුදේවා සමග මේ ගීතයේ නර්ථනයේ යෙදෙනවා. එවකට ඔවුන් මහ ලොකුවට පොරවල් ලෙසින් ලේබල්ගත නොවුනත් අද ඒ Crew එක දෙස බලද්දී සිනමාවේ වැඩිම ජීනියස්වරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් හැදුනු ගීත වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. ශංකර්ගේ රූපකරණයට ගියොත් ප්‍රභුදෙවාගේ නර්ථනය හයිලයිට් කරලා අරගන්න ඔහු සමත් වෙනවා. ප්‍රභුදේවාගේ නර්ථන ඉරියව් Capture කරගන්න එකල ඊට ගැලපෙන Frame Rate තියෙන කැමරා පවා ගෙන්නන්න වෙලා තියෙනවා කියල මං අහල තියෙනවා. (ඒ මේකටද කියල විස්වාසයක් නැහැ.) කෙසේ වෙතත් කෙල්ලෙක්ට flirt කරන්න එහෙමත් නැත්නම් උසුළු විසුළු කරන්න දඟලන කොල්ලෙක් තමයි මේ ගීතය පුරාම පෙන්වන්නේ. මෙහි පොඩි පොඩි ඇනිමේෂන් කෑලි වගයක් යොදාගෙන තිබුනා. ඒ කාලේ ගීතයක නොදැකපු ගොඩක් දේවල් එම ගීතයෙන් එලියට ආවා. අද කාලේ බැලුවම අපිට නෝමල් ගතියක් තේරුනාට 1993 දී මේ ගීතය නිකුත් වූ පසු ඒ කාලේ ලොකු සෙන්සේෂන් එකක් ඇති කරලා තියෙනවා. මේ ගීතය අදටත් ජනප්‍රියයි වගේම අදටත් ඕනම නර්ථන වැඩසටහනක, වේදිකාවක බාවිතයට ගන්නා ගීතයක්. හොඳට මතක තියාගන්න. තාමත් මේ පලවෙනි චිත්‍රපටියේ පළමුවෙන් වැඩකරපු ගීතය.
ඊළඟ චිත්‍රපටියෙන් ශංකර් දෙයියන්ටම ඔප්පු වෙච්චාවී කියල ගීතයක් දුන්නා. ඒ මුක්ඛලා මුඛාබලා ගීතය. ඒ කාදලන් 1994 චිත්‍රපටයෙන්…
Street Dancer වලට මේක රීමේක් කරද්දී ඇතිවෙච්ච දැඟලිල්ල කොහොමද මතක ඇතිනේ. ඒ කාලේ මේක නිකුත් උනහම කොහොම තත්වයක් තියෙන්න ඇත්ද කියල හිතල බලන්න. මේ ගීතය පැමිණීමත් සමග ගොඩක් නර්ථන නිර්මාණකරුවන්ට ඇඟිල්ල කටේ ගහගන්න උනා කියලයි එවකට ක්ෂේත්‍රයේ ඉහලපෙලේ නර්ථන නිර්මාණකරුවන් පවසන්නේ. 1994 දී මේ ගීතයේ හදන්න ආපු අදහස් ටික ශංකර්ට සහ මෙහි Choreographer ප්‍රභූදේවට කොහෙන් ආවද කියලයි හිතාගන්න බැරි. සුදු ඇඳුමක්, නොපෙනෙන මිනිහෙක්, Etc Etc… දාහක් දේවල්.. මේ ගීතය නරඹන්න විතරක් ඒ කාලේ ආයේ ආයේ ටිකට් අරන් චිත්‍රපටිය බලන්න මිනිස්සු ගියා කියලයි සඳහන් වෙන්නේ. ශංකර්-ප්‍රභූදේවා-රහමාන් සුසංයෝගය මේ ගීතය ගෙනියන්න තියෙන ඉහලම තැනට අරගෙන ගියා කියල කියන්න පුළුවන්.
මේ ගීතයට අමතරව Urvashi Urvashi ගීතයත්, Kadhalikum Pennin, ඇතුළු අනිත් ගීත සෙට් එකත් ඒ හා සමානවම මිනිසුන් අතරට ගියා. මේ හැම එකකම රූපකරණය අති විශිෂ්ඨ අයුරින් සූක්ෂමව නිර්මාණය කරන්නට ශංකර් වගබලාගෙන තිබෙනවා කියල කියන්න පුළුවන්. මෙහිදීද භාවිතා කල ගොඩක් Effects එකල කිසිවෙකු භාවිතයට නොගත් අරුම පුදුම ඒවා වෙනවා.
Mukkabla
Kadhalikum Pennin
Urvasi Urvasi Song
Ennavale Adi Ennavale 
සැ.යු. – මේ හැම ගීතයක්ම Multilingual නිසා හින්දි, තෙලුගු බාශාවලිනද මීට සමාන්තරවම නිර්මාණය කොට තිබෙනවා. සමහරවිට ඔබ දැක ඇත්තේ වෙනත් භාෂාවක ඒවා වෙන්නට පුළුවන. මං ලිපියේ සඳහන් කරේ මුල් නිර්මාණය පමණි.
ප්‍රභූදේවාගේ නර්ථන හැකියාව සමග තිරය දෙවනත් කරන්නට ශංකර් කාදලන් චිත්‍රපටයෙන් සමත් වුවත් සමගම ඔහුගේ මීළඟ ප්‍රොජෙට් සම්බන්ධව මිනිසුන් දැඩි බලාපොරොත්තු ගොන්නක් සමගිනුයි බලා සිටියේ. ඉතින් මීළඟට ශංකර් රිදී තිරය ආක්‍රමණයට පැමිණෙන්නේ ශ්‍රේෂ්ඨ රංගධර කමල් හසන් සමගින් Indian චිත්‍රපටයත් රැගෙන. එක තිරයක කමල් හසන්වරු දෙදෙනෙකු දැකගන්න ලැබීම ප්‍රේක්ෂකයින්ට දිවාලි සැමරුමක් වගේ තිබුනලු ඒ කාලේ. Pachai Kiligal ගීතය ගත් විට කමල් හසන්වරු දෙදෙනාම මෙහි තම තමන්ගේ චරිත සමගින් රංගනයේ නිරත වෙනවා. පදරචනයට ගැලපෙන රූපකරණයද සමගින් මෙම ගීතයේ නිර්මාණශීලීත්වය විස්තරකර නිම කල නොහැකියි. කමල්හසන් චරිත දෙකම මේ විදිහට දකින්න ලැබීම කමල්-ෆෑන්ස්ලට ලොකු ආශ්චර්යයක් වුනා.
Pachai Kiligal
මීළඟට Maya Machindra ගීතය ගත්තොත් ශංකර් සුපුරුදු පරිදි සිනමාවට නවතම දෙයක් එක්කරපු ගීතය වුවා. කලින් චිත්‍රපට දෙකේම මං විශේෂයෙන් කතා කල ගීත දේකටම ශංකර් අලුතින් කුමක් හෝ තාක්ෂණයක් එක්කොට තිබුනා. එය මින් පෙර කිසිදිනක රිදී තිරයේ දැක නොමැති අද්දැකීමක් වුවා. ඉතින් ඉන්දියන් චිත්‍රපටයේ ඒ ටයිප් එකේ සින්දුව විදිහට Maya Machindra ගීතය හඳුන්වන්න පුළුවන්. මේකේ පොඩි ග්‍රැෆික් වැඩ කෑලි ටිකක් තියෙනවා. අද ගිහින් මේක නැරඹුවත් ඒ ග්‍රැෆික් හරිම නීට් විදිහට තියෙනවා දකින්න පුළුවන්. ඒ වගේම ඒ ගීතය පුරාම තැනින් තැනින් මාරුවෙන රාජකීය Costumes එහෙම දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වී තිබෙනවා.
Maya Machindra
Akadanu Naanga ගීතය ගත්තොත් එහි ආරම්භය විශේශිහ එකක් වුවා. එක විදිහේ පච්ච කොටාගත් සරාගී තරුණියන් පිරිසක් සමග ඇරඹෙන එම ගීතය Indian චිත්‍රපටයේ තරුණ කමල් හසන්ගේ චරිතය වෙනුවෙන් නිර්මාණය වූවක්. මෙහි නර්ථන වින්‍යාසය භරත නාට්‍යම් සමග නවීන විෂුවල් එක්කර නිර්මාණය වී තිබීම විශේෂිතම කාරණයක්. සාමාන්‍යයෙන් හිපොප් සමග නවීන විෂුවල් සහිත ගීත අප දැක තිබෙනවා. ඊට අමතරව සංස්කෘතික නර්ථන අංග සහ සංස්කෘතික නර්ථන පසුබිමක් සහිත විෂුවල් සහිත ගීත අප දැක තිබෙනවා. නමුත් සංස්කෘතික නර්ථන වින්‍යාසයන් සඳහා නවීන විෂුවල් යොදාගෙන ගීතයක් රූපකරණය කර තිබෙනු දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්.
Akadanu Naanga Video
මීළඟට Telephone Manipol ගීතය ගත්තම මෙය ලෝකයේ සුන්දර ස්ථාන කිහිපයකම රූගත කරන ලද ගීතයක් ලෙසින් හඳුන්වනු ලැබිය හැකියි. අති දැවැන්ත යකඩ පාලමක් මත නර්තනයේ යෙදෙන දර්ශනයක් පවා මෙහි දකින්නට ලැබෙනවා. ඒ කාලයේ VFX කියන තාක්ෂණය නොතිබූ හෙයින් කොළ තිරය ඉදිරියට ගොස් රංගනය පටිගත කර පසුබිම පස්සේ Replace කිරීමේ හැකියාව ඉන්දියානු සිනමාවේ තිබුනේ නැහැ. ඒ නිසා මේ බොහෝ දර්ශනයන් සැබෑ දර්ශනතල වලට ගොස් රූපගත කිරීම් සිදු කිරීමට සිදුවී තිබෙනවා. Telephone Manipol ගීතය ඒ කාලයේ නිකුත් වූ ගීත වලින් වෙනස්ම වූ රූපකරණයක් සහ පසුබිම් දර්ශන තල සමූහයක් හිමි ගීතයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.
Telephone Manipol Video
මීළඟට Kappaleri Poyaachu ගීතය ගත්තම අති විශාල පිරිසක් යොදාගෙන රූපගත කරන ලද ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැකියි. මෙය දේශාභිමානී පසුබිමක් සමග නිර්මාණයක් වූ ගීතයක් ලෙසින් නම් කල හැකියි.
Kappaleri Poyaachu
මං ඉහතදීත් සඳහන් කරානේ ශංකර්ට ගොඩක් අය කරන චෝදනාවක් තමයි චිත්‍රපටියට වඩා සිංදු වලට බජට් එක කනවා කියන එක. ඔය කතාව මුලින්ම පටන් ගන්නේ Jeans චිත්‍රපටයෙන්. මෙහි එන Poovukkul ගීතය ලෝක පුදුම හත පසුතලය කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කාලේ Jeans චිත්‍රපටිය බලන්න ටිකට් එක දකුණු ඉන්දියාවෙ ඉන්දියානු රුපියල් 5 ලු. ඉතින් රුපියල් පහට මුළු ලෝක පුදුම හතම බලන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන්ම චිත්‍රපටිය බලන්න ගිය මිනිස්සුත් ඉන්නවා කියල සඳහන් වෙනවා. ටිකට් එකට ගෙවන මුදලට වඩා බලන අපිට විෂුවල් වලින් බලන්න ලැබෙන දේවල් වැඩි නිසාවෙන් රිපීටඩ් ඕඩියන්ස් එකක් මේ චිත්‍රපටියට ඇවිල්ල තියෙනවා. ඉන්ටවීව් එකකදී ශංකර්ගෙන් ඇත්තට පුදුම හත පෙන්නුවේ මොකද ඒකත් එච්චර බජට් එකක් යට කරලා කියල ඇහුවම එයා දීපු උත්තරය තමයි ” සාමාන්‍යයෙන් අපේ ප්‍රධාන නළුවා ඉන්දියාවේ ඉන්නවනම් Dream Song පිට රටක රූගත කරනවා. එහෙව් එකේ අපේ චිත්‍රපටියේ වීරයා පිටරට කෙනෙක්, ඉතින් Dream Song එකක් උනහම ඔය මට්ටමේවත් තියෙන්න ඕනනේ. ඒ නිසයි පුදුම හත තියෙන ස්ථානවලම රූගත කරේ” කියල කිව්වලු. ලෝකේ වටේම කිලෝමීටර් දහස් ගණනක් ශංකර් ඇතුළු ජීන්ස් කණ්ඩායම මේ ගීතය පමණක් වෙනුවෙන් ට්‍රැවල් කරලා තියෙනවා මේක රූගත කරන්න. ඒක විෂුවල් ට්‍රීට්මන්ට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්.
Poovukkul
මීළඟ ගීතය ටිපිකල් ශංකර් ටයිප් ගීතයක්. කලින් ඉන්දියන් එකේ සඳහන් කර පරිදි සිනමාවට අලුත් ටෙක්නික් ගේන ගීතයක්. Kannodu Kaanbadhellam තමයි භාණ්ඩේ. Motion Captured කියන තාක්ෂණය 2000ටත් පෙර ශංකර් සිනමාවට ගෙනත් තියෙනවා කියන සාක්ෂියක් තමයි මේක. තිරයේ එක අයිශ්වර්යා රායි කෙනෙක් හිටියමත් බලන අයගේ ඇස්වලට ලොකු ආනන්දයක් එන එකේ අයිශ්චර්යලා දෙන්නෙක් හිටියම කොහොමට තියෙන්න ඇත්ද? මේ ගීතයෙත් ග්‍රැෆික් වලින් සෙල්ලං ගොඩක් දාන්න ශංකර් සමත් වෙනවා. ඇටසැකිලි නර්තනයක් එහෙමත් මේ ගීතයේ බලාගන්න පුළුවන්. මේ වගේ අලුත් අලුත් වැඩ කෑලි ශංකර්ගේ ගීත වලින්ම පමණයි.
Kannodu Kaanbadhellam
ඉතිරි ගීත කිහිපයත් ඉතාමත් ගුණාත්මක රූපකරණ මට්ටමක පැවතුනා.. සමස්ථයක් වශයෙන් ගත්කල Jeans චිත්‍රපටයේ ගීත සියල්ලම Visual Treatment එකක් ලෙසින් හැඳින්විය හැකියි. මෙහි ගීත රූපකරණයෙහි සාර්ථකත්වය කොතරම්ද කියනවනම් ගීත නැරඹීම වෙනුවෙන්ම නැවත නැවත ප්‍රේක්ෂකයින් සිනමාහල් වෙත ඇදී ආ බව සඳහන් වනවා.
Enakke Enakkaa Video –
Columbus Columbus Video
Varayo Varayo video
Anbae Anbae Video
මීළඟට අපි යන්නේ අර්ජුන් රඟපෑ Mudhalvan චිත්‍රපටියට. අනිල් කපූර් රඟපෑ Nayak චිත්‍රපටියද මෙහි Frame To Frame රීමේක් නිසාමත් එයද ශංකර් විසින්ම කල එකක් වීම නිසාවෙනුත් මං එකක් ගැන කතා කරන්නම්. මේකෙත් අර කලින් කිව්වා වගේ ටිපිකල් ශංකර් ටයිප් ගීතයක් තියෙනවා. ඒ Mudhalvanae ගීතය. සිංදුවේ පසුබිම වෙන්නේ මනීෂා කොයිරාල අර්ජුන්ට කෝල් කරනවා අර්ජුන් අන්ස්වර් කරන් නැහැ. ඉතින් මනීෂාගේ බය තමයි සින්දුවෙ තීම් එක. මේකටත් අලුත් අලුත් ග්‍රැෆික් වැඩකෑලි රැසක් ශංකර් පාවිච්චි කරලා තියෙනව දකින්න පුළුවන්. නායක් චිත්‍රපටිය බලපු අයට නම් මතක ඇති අර දාර සර්පයින් එහෙම ඇවිල්ල කරදර කරන සින්දුවක් තියෙන්නේ ඒකෙ. අන්න ඒ සින්දුව ගැනයි මේ. ඔය සර්ප කන්සෙප්ට් එකට අමතරව සින්දුව පටන් ගද්දිම මනීෂාගේ ඇඳුම දිහා පොඩ්ඩක් බලන්න. තනිකර සූරියකාන්ත මල් වලින් ඩිසයින් කරපු ඇඳුමක්. මේ වගේ අයිඩියා ශංකර්ගෙන් විතරයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. සර්ප සෙට් එකෙත් එක එක කොමික් ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එහෙමත් දැකගන්න තියෙනවා. අති විශිෂ්ඨ කන්සෙප්ට් එකක්.
Mudhalvanae
ඊට අමතරව Kurukku Chiruththavaleඑහෙමත් නැත්නම් අනිල් කපුර්ගේ නායක් එකෙන් Chalo Chale Mitwa ඉතාමත් ලස්සනට නිර්මාණය කල ගීතයක්. ඒ වගේම ඔබ අසා ඇති ඉස්සර ටීවී එකේ නිතරම යන ගීතයක්… “ශකලක බේබි, ශකලක බේබි ” කියලා. අන්න ඒ ගීතයකත් මේ චිත්‍රපටයේ ගීතයක්.
Kurukku Chiruththavale
shakalaka baby
ඊළඟ චිත්‍රපට Boys චිත්‍රපටයයි. එහි එනGirlfriend ගීතය සමහරවිට ඔබ නරඹා ඇති. මේකත් කලින් වගේම ශංකර් ටයිප් ගීතයක්. මේකෙදි ඔබට දකින්න ලැබෙනවා 3D කැරැක්ටර් එකක්. සිද්ධාර්ත් මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕන කිය කියා 3D Girlfriend කෙනෙක් එක්ක නටන ඇවිදින දර්ශන රැසක් දකින්න ලැබෙනවා. ඒ වගේම 3D කැරැක්ටර් එකක් එක්ක ලිප් කිස් එකකුත් මේ ගීතයේ දකින්න ලැබෙනවා. මේ වගේ අමුතු අමුතු අයිඩියා ශංකර් ලොක්කගෙන් විතරයි දකින්න හම්බවෙන්නේ. ගීතයක් වෙනුවෙන්ම විතරක් 3D චරිතයක් නිර්මාණය කරපු පොරක්. මේ ගීතයට ගොඩ තරුණ පිරිස ආකර්ෂණය වූවා.
Girlfriend
ඊළඟ ගීතය Ale Ale ගීතය. පළමු වතාවට එක ගීතයක් වෙනුවෙන් කැමරා 62ක් මේ ගීතයට යොදාගෙන තිබෙනවා මැට්‍රික්ස් ඉෆෙක්ට් වෙනුවෙන් තමයි කැමරා යුනිට් 62ක් පාවිච්චි කරලා තියෙන්නේ. Time Freeze Technique එකද මේ ගීතයේ යොදාගෙන තියෙනව දකින්න පුළුවන්. ඒක ටිකක් Hyperlapse techniques වලට සමානයි. ඒකත් භාවිතා වෙන්නේ පලවෙනි වතාවට. ලොකේෂනුත් ගොඩක් ආකර්ශනීය මට්ටමේ තිබුනා. Ravi K Chandran තමයි මේකේ කැමරා අධ්‍යක්ෂක විදිහට කටයුතු කලේ.
Ale Ale
 
මීළඟ ගීතය Boom Boom ගීතය. මේකෙදි නළුවයි නිළියයි ඇර අනිත් යාළුවො ඔක්කොම කෑන්, යකඩ බඩු, වගේ Garbage Waste විදිහට පෙන්නුම් කරලා තියෙනවා. යට ලින්ක් එකෙන් බලලම එන්න. ශංකර්ගේ නිර්මාණශීලීත්වයේ අමුතුම පැත්තක් මේ ගීතයෙන් බලාගන්න පුළුවන්.
Boom Boom
Boys චිත්‍රපටයෙන් අනතුරුව ශංකර් යලි රිදී තිරය ආක්‍රමණයට පැමිණෙන්නේ දමිල සිනමාවේ අතිදක්ෂ රංගන ශිල්පී වික්‍රම් සමගින්. ඒ Anniyan චිත්‍රපටයෙන් මේකේ ගීත ගැන විශ්ලේෂණය කරන එකත් අපහසු කාර්යයක්. හැරිස් ජයරාජ් මොනතරම් විශිෂ්ඨ සංගීතයක් මෙයට සැපයුවාද කියනවා නම් මෙහි හැම ගීතයක්ම ඉතාමත් ජනප්‍රිය වුවා මෙන්ම රූපකරණය අතින් ඉහල මට්ටමක තිබුනා. මෙහි එන ගීත සියල්ලම ඔබ අනිවාරයෙන්ම එක් වරක් හෝ නරඹා ඇති. එකින් එක වෙන වෙනම කියන්න දෙයක් නැහැ පොදුවේ හැම ගීතයම විෂුවල් ට්‍රීට්මන්ට් එකක් විදිහට කරලා තියෙනවා. ශංකර් ඉස් ද බෙස්ට් කියන්න මේ මුළු ඇල්බම් එකම හොඳ නිදසුනක්. මේ ගීත හැම එකකටම මින් පෙර ගීත රූපකරණයක නොදැකපු අලුත් විෂුවල් ඉෆෙට් රැසක් අඩංගුයි.
 
O Sukumari
Iyengaaru Veetu
Kadhal yaanai
Kannum Kannum
Andangkaka
ශංකර්ගේ තරම දැනගන්න පුළුවන් තවත් හොඳම උදාහරණයක් තමයි ඊළඟට කතා කරන්න යන්නේ. මේක අහද්දී ඔබ අනිවාරෙන්ම පුදුම වේවි. මේ රජිනිකාන්ත් රඟපෑ ශිවාජි චිත්‍රපටියේ Style කියන ගීතය ගැන ඔබ නොදන්නා තොරතුරක්. චිත්‍රපටය නරඹා ඇත්නම් ඔබට මතක ඇති ශ්‍රේයා සරන් රජිනිට හමේ පාට මදියි කියල මොකද්ද එකක් කියනවා. ඉන් පස්සේ සිවාජි සුදුවෙන්න නානාප්‍රකාර දේවල් කරලා කොහොමහරි සුදුවෙලා ශ්‍රියා ගාවට යනවනේ. එපාර යන සිංදුවේ තොරතුරක් තමයි මේ. ඔබට මතක ඇති ඒ ගීතයේ රජ්නි සුදුවට සුදුවේ ඉන්නවා. සාමාන්‍යයෙන් කළු පැහැති සමක් තියෙන රජ්නි මෙච්චර සුදු කරන්න මේකප් කරන්න ඇති කියල තමයි හැමෝම හිතාගෙන ඇත්තේ. නමුත් ඒක එහෙම නෙමෙයි. ඒක Digital Skin Grafting කියන අලුත් ටෙක්නික් එකක්. ඒක මෙහෙමයි වෙලා තියෙන්නේ. රජිනිකාන්ත්ගේ දර්ශන සියල්ලම මුලින්ම වෙනමම රූගත කරලා තියෙනවා කැමරා අධ්‍යක්ෂක K.V. ආනන්ද් විසින්. ඊට පස්සේ ඒ දර්ශන ඔක්කොම ආයේ ජැකී කියල ඉංගිරිසි සුදු ජාතික කාන්තාවක් යොදාගනිමින් රූගත කරලා තියෙනවා. ඉතින් ඒ ගෑල් ළමයගේ සුදු සමේ සියලුම skin texture පස්සේ රජිනිකාන්ත්ට Digital Grafting කරලා තියෙනවා. මේ මිනිත්තු හයේ ගීතය වෙනුවෙන් විතරක් අවුරුද්දක කාලයක් ගිහිල්ල තියෙනවා CGI කරන්න. CGI ශිල්පීන් 25දෙනෙක් මේ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ලෝකයේ CGI සමාගම් සියල්ලම එකවර ශංකර්ගේ මේ වැඩ කෑල්ල ගැන අවධානය යොමු කරලා තියෙනවා. අදටත් විස්වාස නොකරන තරමේ කාරණයක් තමයි මේ ගීතය CGI වලින් කළාය කියන එක. මේ වගේ වැඩකෑලි ශංකර්ගෙන් විතරයි.!
Style Song from Sivaji
Sivaji චිත්‍රපටයේ ඉතුරු ගීත ගොන්නත් අති විශිෂ්ඨයි. ඒවත් නරඹන්න කියල ආරාධනා කරනවා.
මීළඟට මං යොමුවෙන්නේ Enthiran වෙත. වැඩිය චිත්‍රපටය ගැන විස්තර කරන්න යන් නැහැ. ඒක visual wonder එකක් කිව්වොත් නිවැරදියි. හැම ගීතයකින්ම සිනමාහල් දෙදරවන්න සමත් වුනා. මේකෙත් හැම ගීතයක්ම අලුත් අලුත් දර්ශන තල, තාක්ෂණික ප්‍රයෝග ආදී නොයෙක් නොයෙක් වලින් පරිපූර්ණයි. විශේෂම දේ ඉලෙක්ට්‍රොනික උපාංගයකට සුරූපී අයිශ්වර්යා කෙරෙහි ආදරයක් ඇති වීම සහ එය තේමාව කරගෙන නිර්මාණය කෙරුණු Irumbile Oru Idhaiyam ගීතය. මේ වගේ අයිඩියා ශංකර්ට මොන ලෝකෙන් එනවද කියන එකයි හිතාගන්න බැරි. ඊටත් හරියන්න A.R. රහමාන් ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පසුබිම් කොටගෙන සපයා තිබුණු සංගීතය. රිදී තිරයේ මේ දර්ශන නරඹන ගමන් හතර වටෙන් ඇහෙන රහමාන්ගේ සංගීතය විඳින එක අමුතුම ලෙවල් එකක තියෙන්නට ඇති. ගීත සෙට් එකම අති විශිෂ්ඨයි.
Irumbile Oru Idhaiyam
Kadhal Anukkal  (මනරම් දර්ශන තල රැසක් බාවිතා කරමින් නිර්මාණය කරන ලද ගීතය)
Kilimanjaro (අමුතුම කන්සෙප්ට් එකක්/ ගෝත්‍රික පසුබිමක් සමගින්)
මීළඟට මං යන්නේ Nanban චිත්‍රපටයට. එක ෂොට් එකක් තියෙනවා ඒක ඇති හොඳටම. Asku lasku ගීතය අනිවාරෙන්ම ඔබ නරඹන්න. මේක පටන් ගන්නකොටම ඉලියානාගේ ඇඟට සමනල්ලු වහලා ඉඳලා උන් පියාඹලා ගියහම මල් පිපෙන දර්ශණය සිනමාවේ ගීත රූපරචනයන්හි අති විශිෂ්ඨ දර්ශනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේක Dream Song එකක්. ඉතින් එහෙම සින්දුවක තියෙන්න ඕන මට්ටම ඕනෑවටත් වඩා ඉහලින් ඒ ගීතයේ දැකබලාගන්න පුළුවන්. මුළු ගීතය පුරාවටම මනරම් දර්ශනතල රැසක් බලාගන්න පුළුවන්
Nanban – Asku lasku
මීළඟට මං යොමුවෙන්නේ I (අයි) චිත්‍රපටයට. මේක මමත් පුළුල් තිරයක රසවිඳි චිත්‍රපටයක්. වික්‍රම්ගේ රංගනයත්, සුරූපී එමී ජැක්සන්ගේ සුන්දරත්වයත් රිදී තිරයට නවමු වර්ණයක් එක්කරන්නට අයි චිත්‍රපටය සමත් වුවා. ශංකර්ගේ ගීත වල විස්තරාත්මක බව ගැඹුරටම පෙන්නුම් කරන ගීත සමූහයක්ම මේ චිත්‍රපටයේ අඩංගුයි. ගීත මොනතරම් හොඳ උනත් කතාවත් ආකර්ශනීය මට්ටමේ තියෙන්න ඕනනේ. I එකේ කතාව ඉතින් දැන් හැමෝම දන්නවා ඇතිනේ. ආකර්ශනීය මට්ටමක නැහැයි කියන එකෙක් ඉන්නවනම් කණට දෙකක් ගහනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. I චිත්‍රපටයේ ප්‍රචාරණය ගොඩක් ඉහල මට්ටමක තිබුනා. චිත්‍රපටය නිකුත් වෙන්න මත්තෙන් ගීත සෙට් එකේ Promo එහෙමත් වේලාසනම නිකුත් කෙරුනා. හැම එකම Visual Wonders කියල හඳුන්වන්න ඇහැකි. මේකේනම් ගීත එකින් එක විස්තර කර යුතුයි. මොකද මේකේ ගීත සෙට් එකක අමුතුම ලෙවල් එකක තිබුණු නිසාවෙන්.
I – Aila Aila Video
අයිලා අයිලා ගීතය ගත්තොත් මේක තනිකරම වෙළඳ දැන්වීම් වලින් පිරිච්ච ගීතයක්. හිතන්න මේකේ පෙන්නුම් කරන වෙළඳ නාමයන් (Brands) මොනතරම් වාසනාවන්තද කියලා. රූපකරණයේ ජීනියස්වරයා ශංකර් අතින් මේ ඇඩ් නිර්මාණය වීමත් සිනමාවේ Dedicated Actor වික්‍රම් සහ සුරූපී එමී ජැක්සන්ගේ රංගනයෙන් ඒ වෙළඳ දැන්වීම් හැඩ වීමත් A.R.රහමන්ගේ පසුබිම් සංගීතයෙන් ඒ ඇඩ් පෝෂණය වීමත් මොනතරම් දුර්ලභ සහ ආශ්චර්යජනක දෙයක්ද කියල. බොහෝවිට කීයක් වියදම් කරත් ඔය ශංකර්-රහ්මාන්-වික්‍රම්-එමී ඇතුළු කණ්ඩායම ඒ වෙළඳ නාමයන්හි ඇඩ් එකක් සඳහා මේ ආත්මෙට එක්කහු කරන්න ඔය සමාගම් එකකටවත් පුළුවන් වෙයි කියල මම නම් හිතන්නේ නැහැ. ඒ අයගේ වාසනාවට ශංකර්ගේ චිත්‍රපටයේ කන්ටෙන්ට් එකට එයාලගේ වෙළඳ නාම අවශ්‍ය වූ නිසා නිරායාසයෙන්ම ඔවුනට ඉහල ගුණාත්මක මට්ටමේ ප්‍රචාරණයක් හිමි වුවා. (ගණුදෙනු ගැන මං දන්නේ නැහැ)
I – Aila Aila Video

Pookkalae Sattru Oyivedungal ගීතය සුපුරුදු පරිදි ශංකර්ගේ මැජික් එකෙන් හැඩවුණු මනරම් Visual wonder එකක්. ශංකර්ගේ ගීත රූපකරණයන්ගේ තවත් පොදු ලක්ෂණයක් විදිහට මල් පසුබිම් කරගත්තු ගීත එකක් හෝ චිත්‍රපටයකට ඇතුලත් වීම කැපී පෙනෙනවා. මේක අතිශය සුන්දර දර්ශන තල විශාල සංඛ්‍යාවක් පසුබිම් කරගෙන නිර්මාණය කරලා තියෙනවා. රිදී තිරයේ මේක නරඹනවිටදී නම් කටවල් ඇරගෙන ප්‍රේක්ෂකාගාරය ගල් කරන්නට මේ මිනිත්තු කිහිපය සමත් වෙනවා. ඊට නොදෙවෙනි සංගීතය කණට මී පැණි වත් කරනවා වගේ තියෙනවා. ශංකර් මොනතරම් එක සමාන ගීත මොනතරම් නිර්මාණය කලත් ඒ හැම එකකින්ම වෙනස් හැඟීමක් දනවන එක විශිෂ්ඨ දෙයක්.
I – Ennodu Nee Irundhaal

Beauti And Beast කන්සෙප්ට් එකක් කිව්වොත් නිවැරදියි. මේ ගීතය වෙනුවෙන් පමණක් වික්‍රම් තමන්ගේ ශරීරයේ බර වැඩි කරලා තියෙනවා. මේකත් හිතෙන් මවාගත් දෙයක් මත යන කතාවක් තමයි යන්නේ. සිද් ශ්‍රීරාම් ගායනා කරන මේ ගීතය පුරාම ආදරය අහිමි වීමේ වේදනාව කියා පානවා. වික්‍රම් වඳුරෙක් වගේ ගෙටප් එකකින් සැරසිලා වේදනාකාරීව ගීතය පුරාම රංගනයේ යෙදෙනවා.
I – Ennodu Nee Irundhaal
I – Mersalaayitten

ඔන්න එනවා ආයේ ටිපිකල් ශංකර් ටයිප් එකට නිර්මාණය කරපු ගීතයක්. සුපුරුදු පරිදි ග්‍රැෆිකල් ඉෆෙට් වලින් හොඳට සෙල්ලම් දාන්න ශංකර් මේ ගීතයේ සමත් වෙනවා. ඔයාලට මතක ඇතිනේ වික්‍රම් මේ ගීතයේ ඉන්නේ අර අයෝමය පුර්ශයා චරිතේ. ඉතින් එයා පාවිච්චි කරන හැම දේම නිළිය බවට පරිවර්තනය වෙන මනෝ දැක්ම තමයි ගීතය පුරාම යන්නේ. බයිසිකලය, ෆෝන් එක. කන කෑම. ජිම් එකේ පාවිච්චි කරන භාණ්ඩ, වගේ හැමදේම නිළිය බවට පරිවර්තනය වෙනවා මේ ගීතයේ පුරාම. එක Frame එකක්වත් මිස්ටේක් එකක් නොවෙන්න අති සූක්ෂම අයුරින් නිර්මාණය කරන්න ශංකර් සමත් වෙනවා.
අයි චිත්‍රපටයේ ගීත සියල්ලම අති විශිෂ්ඨ අන්දමේ කියල කියන්න පුළුවන්. මෑත කාලේ ආව චිත්‍රපටයක් නිසා නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙනවා මෙන්ම ප්ලේලිස්ට් එකෙත් තියෙන ගීත සෙට් එකක් කියල හඳුන්වන්න පුළුවන්.
I – Mersalaayitten
මීළඟට මං යන්නේ 2.0 චිත්‍රපටයට. කතා දෙකක් නැහැ 3D නිසා විෂුවල් අතින් සුපිරිම භාණ්ඩයක්. මේකත් 3D රිදී තිරයේ අද්දැකීම ලබන්න මම වාසනාවන්ත උනා. මේ චිත්‍රපටයත් සමගින් ශංකර් ඉන්දීය සිනමා කර්මාන්තයට අලුත් තාක්ෂණික හඳුන්වාදීම් රැසක්ම සිදු කරනු ලැබුවා. සාමාන්‍යයෙන් 2D සිනමාකරණය කර ඉන්පසු සංස්කරණයෙදී 3D කරන එක තමයි 3D චිත්‍රපට වල ක්‍රියාදාමය. නමුත් ශංකර් මේ සඳහා 3D Motion Capture කැමරා යොදාගෙන සම්පූර්ණ සිනමාකරණය සිදුකොට තිබෙනවා. Making Videos වල ඔබට ඒ ගැන බලාගන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටය ගැන විස්තරාත්මක ලිපියක් අවශ්‍ය නම් https://www.baiscopelk.com/2-0-2018-sinhala-subtitles/ මේ ලින්ක් එකට පිවිසිලා ඒ ලිපියෙන් දැනුම රාශියක් ලබාගන්න ඔබට අවස්ථාව තියෙනවා.
 
අපි යමු සුපුරුදු වැඩේට. මෙහි පළමු වන චිත්‍රපටය වූ Enthiran චිත්‍රපටයේදී මං සඳහන් කලා ඉලෙක්ට්‍රොනික් උපාංගයක් සහ මනුෂ්‍යයෙක් අතර ඇතිවන ආදරයක් සම්බන්ධව නිර්මාණය වූ ගීතයක් ගැන. ඉතින් 2.0 චිත්‍රපටයේදී එහි ඊළඟ ලෙවල් එක, ඉලෙක්ට්‍රොනික් උපාංග දෙකක් අතර ඇතිවන ආදරයක් තෙමාවූ ගීතයක් ශංකර්-රහ්මාන් විසින් නිර්මාණය කරනු ලබනවා. ඒකත් 3D තාක්ෂණයෙන්. කතා කරන්න දෙයක් නැහැ රිදී තිරය ගිනිබත් වෙන්න මේ ගීතය තිබුනා. මේ ගීතය තියෙන්නේ චිත්‍රපටය ඉවරවෙනකොටම නිසා ගොඩක් අය නැගිටලා යන්න සැරසෙනවා. ඒත් ආයේ නිකමට 3D කණ්නාඩිය දාල බලලා එතනම වාඩිවෙලා ඉවර වෙනකන් බලල ගියපු අයත් සිනමාශාලා වල හිටියා.
Endhira Logathu Sundariye
මීළඟ ගීතය Pullinangal ගීතය. මේක ශංකර්ගේ වෘත්තීය දිවියේ වැඩියෙන්ම අවතක්සේරු උන ගීතය විදිහට හඳුන්වන්න පුළුවන්. මේක ගැන වැඩිය කතාබහක් උන් නැති උනාට සජීවීව 3D තාක්ෂණයෙන් මේ ගීතය නරඹනවිට අමුතුම ලෙවල් එකක තිබුනා. කුරුල්ලන්ගේ චලන රටා මේ තරම් ලස්සනට කිසිම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තිරයට අරගෙන තිබෙනවා මම මින් පෙර දැක තිබුනේ නැහැ.
Pullinangal
ඉතින් අවුරුදු විසි පහකට පස්සේ ආයෙත් INDIAN චිත්‍රපටයේ දෙවන කොටස ලබන වසරේ නිකුත් වෙන්නට නියමිතයි. ශංකර් ගැන දන්නා අය බලාපොරොත්තු දහස් ගණනින් පොදි බැඳගෙන මෙය එනතුරු බලා සිටිනවා. ඉතින් එහි ගීත ඇල්බමය ගැනත් අපිට බලාපොරොත්තු තියාගන්නට වෙනවා. මොකද සාමාන්‍යයෙන් සිනමාශාලාවේ චිත්‍රපටයක් නරඹන්නට ගියාම සිංදු යන වෙලාවට ෆෝන් එක අරගෙන වෙලාව බලන එකයි, ෆේස්බුක් රවුමක් යන එකයි, වටපිටාවේ ලස්සන කෙල්ලෙක් එහෙම ඉන්නවද කියන එකයි, වගේ ටයිම් පාස් ඇක්ටිවිටි ටිකක් තමයි මිනිස්සු කරන්නේ. ඒත් ශංකර් ඒ සංස්කෘතිය වෙනස් කරමින් ගීතයක් පුරාවට වුවද ඇස් ඉවතට නොගෙන බලා සිටිය හැකි මට්ටමක් ගීත රූපකරණ කලාවට ඔහු එක්කර තිබෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හොඳ, ඇස් පිනවන, මොලේ කල්පනා කර නිර්මාණය කරපු ගීත කිහිපයක් තිබේ නම් ඇවරේජ් කන්ටෙන්ට් මූවි එකක් උනත් බ්ලොක්බස්ටර් කරන්න පුළුවන්.
ජය!

Author

3 thoughts on “S. Shankar : The Genius of Song Picturisation

  • අම්මෝ මේ ලිපිය ලියන්න නම් සෑහෙන කට්ටක් කන්න ඇති.
    බොහොම ස්තුතියි
    දිගටම මෙහෙම හරබර ලිපි දෙමු…
    ජය ✌

    Reply
  • මාර මහන්සියක් අරගෙන ලියලා තියෙනවා නියමයි ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *