ට්‍රේලර්වගතුගවීඩියෝසියල්ලහින්දි Shaandaar(2015) August 17, 2015December 2, 2023 තාරක නුවන් දිල්හාර 1367 Views 6 Comments ඔන්න අදත් බයිස්කෝප් මංසල වෙත මම ගොඩවෙන්නේ ඉදිරියේදී නිකුත් වෙන්නට තියෙන තවත් බොලිවුඩ් චිත්‍රපටියක් ගැන ඔයාලව යම් දැනුවත් කිරීමක් කරලා යන්න. නම තමයි ” ශාන්දාර් ” රොමෑන්ටික් කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටියක් කියලා තමයි අපට දැනගන්නට ලැබුනේ. සහිඩ් කපූර් සමගින් ආලියා භාත් තමයි මේකේ ප්‍රධාන භූමිකා හොබවන්නේ. ඒ වගේම සහිඩ් කපූර්ගේ සොයුරිය සානා කපූර් මේ චිත්‍රපටියෙන් බොලිවුඩ් සිනමාවට පා තබනවා කියලා සඳහන් වෙලා තියෙනවා. චිත්‍රපටියේ කතාව විවාහයක් වටා ගෙතුන එකක් වගේ තමා පේන්නේ, විශේෂ සිද්ධිය තමයි මේ චිත්‍රපටිය සඳහා ආලියා භාත්ට බිකිණියකින් සැරසී ඉන්න දර්ශනයකට පෙනී ඉන්න සිද්ධවෙලා තියෙනවා. ආලියා ඒ දර්ශන කිහිපය රඟපෑවේ බොහොම අමාරුවෙන් කියලා ඇය පවසා සිටිනවා. කතාව, තිර රචනය සහ දෙබස් සඳහා අන්විතා දත් ගුප්තා දායක වෙලා තියෙනවා, මීට පෙර ක්වීන්, බචනා ඒ හසීනෝ, දොස්තානා, චිත්‍රපටි වලට එයාගේ දායකත්වය ලැබිලා තියෙනවා චිත්‍රපටිය අධ්‍යක්ෂණය විකාස් බාල් විසින් සිදු කරනු ලබනවා. මීට පෙර සම්මාන රැසක් දිනූ ක්වීන් චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ මොහු විසින් ඒකට හම්බවුන සම්මාන වල නම් කියන්න ගියොත් මේක ක්වීන් චිත්‍රපටිය ගැන ලියවුන ලිපියක් වෙනවා. නිෂ්පාදනය අනුරාග් කාශ්‍යප්, කරන් ජොහාර් ඇතුළු කණ්ඩායමක් විසින් සහ සංගීත අධ්‍යක්ෂණය අමිත් ත්‍රිවේදී විසින් සිදු කරනු ලබනවා. ඉන්දියානු රුපියල් කෝටි 130ක් වැය කර තැනූ මේ චිත්‍රපටය ඔක්තෝම්බර් 22 නිකුත් කිරීමට සැලසුම් කරලා තියෙනවා කියලා ආරංචියි, ඉතින් පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමගින් ඔයාලට අරගෙන ඇවිත් තියෙනවා ඔන්න. පූර්ව ප්‍රචාරක පටය සඳහා නිර්ලෝභී සිංහල උපසිරැසි දායකත්වය අපේ හින්දි හේවා මහතා විසින්. අපරාදේ කියන්න ඉතින් කිව්ව ගමන් කරලා දුන්නා ඈලි මෑලි නොකර. බොහොම ස්තුතියි. හැබැයි චිත්‍රපටියකට සබක් ගන්න නම්….(ඒ ගැන අපි කතා නොකර ඉමු, 😉 ) සැමට ජයෙන් ජය…!! Author තාරක නුවන් දිල්හාර View all posts
ඉක්මනට දෙන්ඩෝ !!
thank you
ස්තුතියි තාරක/හේවා සහෝ! ජයවේවා!
පට්ට පහරක් වගේ
තැන්කු වේවා සහො පොස්ටි එකට….
ස්තූතියි තාරක සහෝ ලිපියට..
හේවටත් තුති…. (යෑ සබක් ගන්න එක ගැන කතා නොකර ඉමු)
ජයවේවා