පුවත්සියල්ල

Skyfall බොන්ඩ් වාර්තා පසුකරමින් ඉහලටම…..

පසුගිය දා තිරගත වීම ඇරඹූ 23 වැනි බොන්ඩ් කතාංගය වූ skyfall ගැන බලාපොරොත්තු සඵල කරවමින් එහි හතර වන සතිය අවසානයේ දැන් ඇමරිකානු ඩොලර් මිලියන 669.2 ක් ලබා එහි කලින් වාර්තාව හෙබවූ  Casino Royale හී ඇමරිකානු ඩොලර් මිලියන 599.2 සමඟින් 2006 දී පිහිටවූ වාර්තාව පසුකිරීමට සමත් වී ඇත.

එසේන එමඟින් Sony Pictures Entertainment හී 2012 හී ඉහලම වාර්ෂික ආදායම ලබමින් ළොව වටා ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4 පසුකිරීමට සමත්වී ඇත. 2012 වර්ෂයේදී ඔවුන් යම් තරමක් අසාර්ථකත්වයක් ලැබූ Total Recall වැනි චිත්‍රපට සමඟ අඩුවූ ඔවුන්ගේ මෙම කාර්තුවේ අදායමට මෙම චිත්‍රපටයෙන් යම් තල්ලුවක් ලැබෙනු ඇති බව විශ්වාසයයි.

ඉදිරියේදී අපි බලමු Skyfall පහලට නොව කොපමන නැග්මක් ගනීවිද කියා.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *