**** Spoilers *** Gotham – 01×02 – Selina Kyle
පලවෙනි එපිසෝඩ් එක වගේ වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. විශේෂ සිද්දි විතරක් කතා කරන්න තමයි හිතන් ඉන්නේ.
• මුලින්ම බ්රුස් වේන් වයසට වඩා පරිනත විදිහට හැසිරෙන එක. ඒ වගේම බ්රුස් ගේ බය නැති කරගන්න දරණ උත්සාහය වැඩිපුර පෙන්වන්න හදලා තියනවා කියලා තමයි මට හිතෙන්නේ.
• ඊට පස්සේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙන ළමයි පැහැරගෙන යන සිද්දිය අපිට හම්බෙනවා. මේකේ මොළ කාරයා එලියට ආවේ නැති උණාට ඩෝල් මේකර් කියන නම එලියට එනවා. මෙයා ගැන මම පස්සේ කතා කරන්නම්. මෙතන දී අපිට පැහදිලි වෙනවා මොන වෙනස් කම් තිබ්බත් ගෝර්ඩන් සහ බුලොක් කියන්නේ එකට ගැලපෙන දෙන්නෙක් කියලා. දෙන්නාගේ තියෙන්නේ වෙනස් ක්‍රම වේද දෙකක්. බුලොක් කියන්නේ ගෝතම් නගරයේ පදම් වුනු කෙනෙක්. ඒ හින්දා එයාගේ ක්‍රම වේදය ගෝර්ඩන් ට වඩා වෙනස් උණාට ප්‍රතිපල දායක නෑ කියලා නම් කියන්න බෑ අපිට.
• ඊට පස්සේ මම ආසම කරන චරිතය ගැන යන්නේ. ඒ කියන්නේ ඔස්වල්ඩ් ගැන. අපි දන්නවා ඔස්වල්ඩ් කියන්නේ අනාගත පෙන්ගුවින් කියලා. මේ කතාව වෙද්දී එයාට පෙන්ගුවින් ගේ ගමන චරිතෙට එකතු වෙලා. ඔයාලා කතාව හොදට බැලුවා නම් තේරෙයි මේ පෙන්ගුවින් කියන චරිතය ගොඩ නැගෙන්න සමාජයේ බලපෑම ගොඩක් බලපානවා කියලා. ඒ හින්දාම දෙපාරක් හිතන්නේ නැතුව කෙනෙක් මරන්න පුළුවන් වෙනවා.
• ගෝතම් පොලිසියේ උණුසුම් තත්ත්වයයි, නිග්මා යි අමතක කලොත් අපිට ෆිෂ් මුනිගේ සහ ෆැල්කොනි ගේ හමුවීම ගැන කතා කරන්න පුළුවන්. අපරාද කණ්ඩායමක තියන බලපුලුවන් කාරකම, උඩට හිත හොඳ පෙන්නුම් කරන අතරේ යටින් යන ඊර්ශ්‍යාව මෙතනින් හොදට හොයා ගන්න පුළුවන්. ෆිෂ් මුනි කියන චරිතය කැමති පිරිමි අභිබවා ඉහලට එන්න. එයාගේ ගැනු කම අඩුපාඩුවක් කරගන්න කැමති නෑ. ඒ හින්දා එයා කැමති එයාට යටත් වෙලා ඉන්න අයට. ෆැල්කොනිගේ කට්ටිය එයාගේ සේවකයාට ගහපු එකට තරහා ගියේ ගොඩක්ම ඒ හින්දා වෙන්න පුළුවන්. හිත ඇතුලේ තිබ්බ ලොකු තරහක් මේකෙන් පස්සේ එලියට ආවා.
• එතනින් එහාට ගියාම අපිට පෙන්ගුවින් ගේ අම්මා ගැන පොඩි දෙයක් කතා කරන්න ඕනේ. මේ වගේ අම්මා කෙනෙක් යටතේ ඔස්වල්ඩ් වගේ චරිතයක් ගොඩ නැගෙන එක වෙන්න පුළුවන් දෙයක් කියලා යි මට හිතෙන්නේ.
• වැදගත් උනත් අකමැත්තෙන් හරි පොඩි පොඩි සිද්දි මඟ හැරලා ගියාම බුලොක්, ගෝර්ඩන් දෙන්නා ෆිෂ් මුනි හම්බෙන්න යන එක ගැන පොඩි වචනයක් කතා කරන්න පුළුවන්. ගෝතම් වල අපිට කෙනෙක් හොයා ගන්න නම් අපි යන්න ඕන තැන දැන් අපිට හොදටම පැහැදිලියි. මොකද මේක දෙවනි අවස්ථාව බුලොක් මෙහෙම කරපු.
• මම කලින් සැරේ කිව්වා බාර්බරා කියන්නේ ගෝර්ඩන් ගේ පළමු බිරිඳ කියලා. ඇත්තටම දෙන්නා ගේ නොගැලපීමක් ගැන අපිට පොඩි ඉඟි දැන් ඉදන්ම හම්බෙනවා. අනවශය විදිහට රාජකාරියට මැදිහත් වීම එකේ සංකේතයක් වෙන්න ඉඩ තියනවා.
• එතනින් එහාට සාමන්‍ය පොලිස් රාජකාරී වැඩක්. අපරාධ කාරයෝ පස්සේ ගිහිල්ලා ළමයි ටික බේරනවා. ඔන්න ඊට පස්සේ තමයි අපිට ගෝතම් කියන්නේ මේ ලංකාවේ තියන නගරයක් කියලා හිතෙන්නේ. මොකද පාලකයෝ කියන කට්ටිය ඒ විදිහේ සිද්දියක් හරි භාවිතා කරලා තමන්ගේ ප්‍රති රුපය හදා ගන්න උත්සහා කරනවා.
• ඊට පස්සේ ළමයි පහර ගැනීමේ මංකොල්ලය අංක දෙක. ළමයි ගෙනියන බස් එක ආපහු අර ජෝඩුව බාරෙට ගන්නවා. මේ අවස්ථාව නම් මට පොඩි ගැටලුවක් තියනවා. මොකද මෙච්චර අවධානය ට යොමු වෙච්ච කාරනයක් වෙලත් හරිම පහසුවෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. සමහරක් විට ඊනියා ළමා සුරකීමේ වැඩ සටහනට ගෝතම් වල හම්බෙන තැන ගැන අපිට කියන්න උත්සහා කරනවා වෙන්න පුළුවන්නේ.
• අද කතාවේ ප්‍රධාන චරිතය වෙන සෙලීනා ගේ හැකියාවන්, සහජ ඉව ගැන අපිට කතාව පුරාම දකින්න පුළුවන්. ඔස්වල්ඩ් අපේ ඇස් ඉස්සරාහම පෙන්ගුවින් වෙනවා වගේ කැට් වුමන් චරිතයත් අපි ඉස්සරහාම ගොඩ නැගෙනවා. තව දෙයක් පලවෙනි වතාවට අපිට බළල් නිය පහුරු ගැන අදහසක් දෙනවා මේ කතාවෙන්. මොකද කැට් වුමන් ගේ ප්‍රධානම සටන් උපක්‍රමයක් ඒක.
• සාර්ථක මෙහෙයුමකින් පස්සේ ළමයි ටික බේරා ගත්තට පස්සේ අපිට ඕනාවට වඩා පැහිච්ච බ්රුස් ගේ දර්ශනයක් දකින්න පුළුවන් වෙනවා. හැබැයි ඒකෙන් අපිට ඔලුව අවුල් කරගන්න දෙන්නේ නැතුව සෙලිනා කියන චරිතයේ තවත් පැතිකඩක් දෙන්න නිෂ්පාදකයා අමතක කරන්නේ නෑ. මම කතාවේ ආසම කරපු කොටස තමයි ගෝර්ඩන් ව හම්බෙන්න සෙලිනා යොදන උපක්‍රමය.
එහෙනම් අදට කතාව ගැන විග්‍රහය මෙතනින් නවත්තනවා. වේන් යුවල ඝාතනය ගැන සෙලිනා කියන්න යන කතාව සහ ඔස්වල්ඩ් ගේ දියුණුව ගැන කතා කරන්නම් මහන්සි වෙන්නේ නැත්තේ ඊලඟ කතාවකින් අපිට ඒවා හම්බෙන හින්දා.
අද අලුතෙන් එකතු වුනු චරිත ගැන මුලින් කියලා ඉන්නම්.
• ඩෝල් මේකර් (බාර්ටන් මැතිස්) – අපිට නම විතරයි අහන්න හම්බුනේ. ඒ කියන්නේ තව ඉස්සරහට මෙයාව අපිට හම්බෙන්න ඉඩ තියනවා කියන එක. මෙයා ගෝතම් නගරයේ ඉන්න දුෂ්ටයෙක්. එයාගේ විනෝදාංශය තමයි මිනිස් සමෙන් බෝනික්කෝ හදන එක. තවත් කතාවක තියෙන්නේ මිනිස්සු කෙලින්ම බෝනික්කෝ බවට හරවනවා කියලා.
• ආර්කම් ඇසයිලම් – මේක නම් තැනක්. හැම බැට් මෑන් කතාවකම අපිට මේක ගැන අහන්න පුළුවන්. මේක හදලා තියෙන්නේ මානසික විකෘතිතා තියන අපරාධ කාර්යන් ව රඳවා තියන්න. මේක ගැන කතාව ඇතුලේම අපිට හම්බෙනවා ගොඩක් විස්තර.
අලුතෙන් විස්තර කියන්න තියෙන්නේ නම් මෙච්චරයි වගේ.
එහෙනම් අන්තිමේට අද කතාවේ අපිට එක පාරටම අහු නොවෙන දේවල් සහ රසමුසු තැන් ගැන කතා කරමු.
• ගෝතම් ගැසට් (#1 පින්තුරය) – කොමික් වලට අනුව නම් ගෝතම් නගරයේ ප්‍රධාන පුවත් පත. අපිට මේ කතා මාලාවේ දීත් ඒක හම්බෙනවා
• කෝල් මී කැට් – අපිට සෙලීනා කියන්නේ කැට් වුමන් නෙවේ කියන එක අමතක උනොත් එහෙම.
• ප්‍රොෆෙසර් ෆිග් – ෆිෂ් මුනිගේ හැන්ඩි සේවකයාට (#2 පින්තුරය) කතා කරන්නේ ලාස්ලෝ කියලා. අපිට කොමික් ලෝකේ හම්බෙනවා චරිතයක් ලාස්ලෝ වැලෙන්ටින් කියලා. එයා ඉන්නෙත් ගෝතම් නගරයේ ම තමයි. (#3 පින්තුරය)
• බ්රුස් වේන් ගේ චිත්‍රය (#5 පින්තුරය) – බ්රුස් වේන් ගේ ළමා කාලයේ තියන ලොකුම බය තමයි වවුලා. ඒක වක්‍රව පෙන්නුම් කරනවා අපිට.
• මේ කතා මාලවේ හැම කතාවකින්ම අපිට ජෝකර් කියන චරිතය හරි ඊට සම්බන්ද දෙයක් හරි එලියට දානවා. ගිය පාර අපිට හම්බුනේ කිලින් ජෝක්. මේ සැරේ අපිට ක්ලොව්න් කියන වචනය හම්බෙනවා, “Watch the shoes, clown” (#4 පින්තුරය). නිෂ්පාදක වරු කියන විදිහට මේ චරිත අතරින් එක්කෙනෙක් තමයි ජෝකර් වෙන්නේ. අපිට බලාගෙන ඉන්න වෙනවා ඒ කවුද කියලා.
super
thank you