කොමික්ටීවී කතා මාලාසියල්ල

***Spoilers*** Gotham – 01×03 – The Balloonman

ගෝතම් කතා මාලාවේ තුන්වෙනි කොටස තමයි “The Balloonman” කියන්නේ. DC කොමික් චරිත ගැන හොදටම දන්න කෙනෙක් නම් මේ නම අහපු ගමන් ම නොමඟ යන්න ඉඩ තියනවා. ඒ මොකද කියලා මම දෙවෙනි කොටසේ දී විස්තර කරන්නම්. එතකල් අපි යමු මේ සතියේ කතාව ඇතුලේ දී අපිට හම්බුනු දේවල් ගැන ටිකක් හොයලා බලන්න.

• කතාව පටන් ගන්නේ අපි ආසම චරිතය ඔස්වල්ඩ් ආපහු ගෝතම් වලට පැමිණීමත් එක්ක. ගෝතම් නගරයේ විදී වල දකින්න තියන අවනීතිය ඉතාම සාමාන්‍ය දෙයක් කියන එක අපිට ඔස්වල්ඩ් මතක් කරලා දෙනවා හරිම සරල විදිහට.
• එතනින් එහාට අපිට අසාමන්‍ය ආකාරෙයේ ඝාතනයක් දකින්න ලැබෙනවා. කාලගුණ බැලුනයක එල්ලා උඩ යවනවා කියන්නේ කෙනෙක්ට ලේසියෙන් හිතෙන්නේ නැති ක්‍රමයක්. හැබැයි ගෝතම් නගරයට නම් ඒක අස්වාභාවික නෑ . අද කතාවේ සතියේ දුෂ්ටයා ගෝතම් වල වංචනික ව්‍යාපාරිකයෙක් විනාශ කරන්න හදනවා. නිතිය හරියට ඉෂ්ට වෙන්නේ නැති උනාම මිනිස්සු නිතිය තමන්ගේ අතට ගන්න වා. ඒක අනුමත කරන්න බැරි දෙයක් උනත් වලක්වන්න පුළුවන් දෙයක් නෙවේ.
• සාමන්‍ය විමර්ශන කටයුතු වලින් පස්සේ අපිට කතාවේ අලුත් චරිතයක් හම්බෙනවා. ඒ තමයි බිල් ක්‍රැන්ස්ටන්. මේ කතාව පුරාවටම මෙයා හම්බෙන හින්දා අපි දැනට මේ ඉන්නේ පොලිසියේ ඉදන් පදම් වෙච්චි මනුස්සයෙක් කියලා විතරක් මතක තියා ගමු. අපි දන්නවා මේ වෙද්දී ගෝර්ඩන් කියන්නේ හොඳ එක්කෙනා, එතකොට බුලොක් කියන්නේ හොඳ සහ නරක දෙකම තියන මනුස්සයා කියලා. ඒක තහවුරු වෙනවා රොනල්ඩ් ඩැන්සර් ඝාතනයට බුලොක් ගේ ප්‍රතිචාරය. හැබැයි මගේ නම් පුද්ගලික අදහස ගෝර්ඩන් ගේ සර්ව සාධාරණ ක්‍රමයට වඩා බුලොක් ගේ ක්‍රම ගෝතම් වගේ නගරයකට ගැලපෙනවා කියලා. අඩු ගානේ බැට් මෑන් ඇවිත් වෙනසක් කරන කල්වත්.
• එතනින් එහාට කතාවේ රසවත් කොටසක් තමයි තියෙන්නේ. සෙලිනා කයිල් කියන්නේ වේන් ඝාතනයේ එකම ඇහින් දුටු සාක්ෂි කාරයා කියන එක තහවුරු වෙනවා වගේම සෙලිනාගේ අනාගත හැකියාවන් ගැන අපිට තවදුරටත් පැහැදිලි වෙනවා. ඇස් ඉදිරිපිටම මේ චරිත අපි දන්න කියන අය බවට පත්වෙන්න පටන් අරගෙන තියන්නේ. ඒ හින්දා මම තෝරා ගත්ත චරිත කිහිපයක් අරගෙන මේ දක්වා ඒ අයගෙන් අපිට දැකගන්න හම්බුනු දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
• මොන්ටයා සහ ඇලන් දෙන්නා ටිකෙන් ටික ගෝර්ඩන් ට ළං වෙනවා කියන එක අමතක කරලා ඔස්වල්ඩ් ගේ හැසිරීම ගැන ඊලඟ කොටසින් කතා කලොත් අපිට බ්රුස් සහ ඇල්ෆ්‍රඩ් දෙන්නා හම්බෙන්න යන්න පුළුවන්. මම කලින් කොටසක කිව්වා මතක ඇති ගෝතම් වලට අරන් තියන්නේ කොමික් එකේ ඇල්ෆඩ් ගේ විශ්‍රාමික හමුදා නිලධාරියා කියන කොටස කියලා. පක්ෂ පාති සේවකයාට වඩා ආවේගශීලි ස්වරුපයක් තමයි අපේ ඇල්ෆ්‍රඩ් ට තියන්නේ. අනාගත බැට් මෑන් බිහිකිරීමේ වගකීම ගොඩක්ම ඇල්ෆ්‍රඩ් ට භාර දෙන්න තීරණය කරපු එක තමයි මේකට හේතුව.
• ගෝතම් නගරය ඇතුලේ පැවැත්මක් තියා ගන්න ගෝර්ඩන්ට ඔස්වල්ඩ් සම්බන්ධයෙන් ගන්න සිද්ද වුනු ක්‍රියා මාර්ගය මේ වෙද්දී ගොඩක් පැති වලින් පන්න පන්නා පහර දෙනවා. පෙම්වතිය මාර්ගයෙන්, එතකොට මොන්ටයා-ඇලන් දෙන්නා ගෙන් වගේම ඔස්වල්ඩ් මැරුවේ නෑ කියලා එලි උනොත් බුලොක් සහ ෆැල්කොනි ගෙනුත් ගෝර්ඩන් හිරවෙනවා. හැබයි ගෝර්ඩන් ඔස්වල්ඩ් මැරුවා කියන මතයේ බුලොක් ඉන්න තාක් කල් බුලොක් උත්සහා කරනවා ගෝර්ඩන් ව බේරගන්න. ඒත් ඒ මොනවා උණත් මේ දෙන්නා අපරාද විමර්ශනයට හොදට ගැලපෙන දෙන්නෙක්. හෝඩුවාවන් පස්සේ ගිහිල්ලා මෙයාලට හෙමිට මේ ගැටලුව ලිහා ගන්න ඉඩ දීලා අපි ක්‍රැන්ස්ටන් ගේ ඝාතනය ට ගියොත් අපිට හම්බෙනවා වෙනස් විදිහකට වෙස් වලා ගත්තු අපරාධ කාරයා ක්‍රැන්ස්ටන් ට අවසන් ඉරණම ලියලා දෙන විදිහ. හැබයි ඒ එතකොට අපි දන්නවා ක්‍රැන්ස්ටන් කියන්නෙත් ගෝතම් වල ඉන්න තවත් එක දූෂිත නිලධාරියෙක් විතරයි කියලා.
• ක්‍රැන්ස්ටන් ඝාතනය ලොකු බලපෑමක් ඇති කරනවා. සාමන්‍ය ජනතාවට ඒක වීරයෙක් ගේ අගමනයක්. එතකොට ගෝතම් පොලිස් දෙපාර්තුමේන්තුවට ඒක ලැජ්ජාවට කාරනයක්. කලින් බුලොක් ට හොඳ මිනිහෙක් උණු ඝාතකයා ම දැන් නරක මිනිමරුවෙක් වෙනවා. ඊටත් වඩා වැදගත් දෙයක් තමයි ඒ සිද්දිය බ්රුස් ව ලොකු මිනිහෙක් කියලා පෙන්නුම් කරන්න හේතුවක් වෙනවා. මොකද පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව බ්රුස්ටත් ඕන වෙනවා මේකට යන්තමින් හරි ඔලුව දාන්න. මේ කතාව බලද්දී මට හිතෙන දෙයක් තමයි නියම කාලයට කලින් අර පොඩි එකාව බැට් මෑන් කරන්න ඕන කමක් නිෂ්පාදකයින්ට තියනවා වගේ කියලා. ගෝර්ඩන්-බුලොක් දෙන්නා බැලුන් මිනිසා පස්සේ පන්නන්න අතරේ ඔස්වල්ඩ් ඉතාම සාර්ථක විදිහට ගෝතම් නගරය ඇතුලේ තැනක් හදා ගන්නවා. එකට ඔහු දරණ උපක්‍රම පුදුමාකාරයි. ෆැල්කොනිට පස්සේ ගෝතම් නගරයේ අපරාධ නායකයා වෙන සැල් මැරෝනි ට කිට්ටු වෙන්න ගන්න උත්සාහයෙන්ම ඒක හොදටම තේරෙනවා. මුළු ගෝතම් කතාවෙන්ම මම ආසම චරිතය ඔස්වල්ඩ් වෙලා ඉවරයි දැන්නම්.
• කාර්ඩිනල් කුයින් ගේ ඝාතනයේ ඉදලා ගෝර්ඩන්-බුලොක් දෙන්නා නියම අපරාධ කාරයා අල්ලන එක කොච්චර හොදට කරනවා ද කියනවා නම් අපිට අලුතෙන් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ එතන. ඒ හින්දා ෆිෂ් මුනිගේ සහ ෆැල්කෝනිගේ හමුවීම නිකම්ම හමු වීමක් නෙවේ කියලා විතරක් මතකේ තියා ගෙනම අපි ඊලඟ කොටසට යමු එහනම්.
අලුතෙන් අපිට හම්බුන චරිත කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. ඒවා කොහොමද කොමික් ලෝකේ හැසිරුනේ කියලා.
• බැලුන් මෑන් – මේ කතාවේ ඉන්න බැලුන් මෑන් නම් නෙවේ. ඒත් DC කොමික් වල ඇත්තටම ඉන්නවා බැලුන් මෑන් කෙනෙක්. වැඩිය විස්තර නම් සඳහන් වෙන්නේ නෑ. මෙටල් මෑන් කියන චරිතයේ ප්‍රධාන හතුරෙක් කියලා තමයි සඳහන් වෙන්නේ.
• බිල් ක්‍රැන්ස්ටන් – අපිට DC කොමික් වල හම්බෙනවා ක්‍රැන්ස්ටන් කෙනෙක්. හැබයි එයා ලාර්මොන්ට් ක්‍රැන්ස්ටන්. shadow කියන අන්වර්ථ නාමයෙන් තමයි මෙයා හදුන්වන්නේ. වැදගත්ම දේ මේ කතාවේ ක්‍රැන්ස්ටන් මරන්නේ ලාමෝන්ඩ් කියලා කෙනෙක්.
• සැල් මැරෝනි – ගෝතම් වල ඉන්න දෙවෙනි විශාලම අපරාධ කල්ලියේ නායකයා තමයි සැල්වට්‍රෝ වින්සන්ට් මැරෝනි කියන්නේ. කට්ටිය මෙයාට කතා කරන්නේ බොස් නැතිනම් බොස් මැරෝනි කියලා. මෙයා වැදගත් වෙන්නේ අපිට මෙයා හින්දා තමයි බැට් මෑන් ගේ හතුරෙක් වෙන ටු-ෆේස් චරිතය බිහිවෙන්නේ. මම හිතනවා අපිට කතාව ඇතුලේම මේ සිද්දිය දැක ගන්න හම්බෙයි කියලා.
අද ඉදලා කතාවේ ප්‍රධාන චරිත කොහොමද කොමික් වල අපි දන්න කියන චරිත වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් කතා කරමු.
• බ්රුස් වේන් – මේ දක්වා අපි දැක්කා බ්රුස් බය නැති කරන්න උත්සහ කරන හැටි, ඒ වගේම වවුලන් ගැන හිත ඇතුලේ තැම්පත් වෙලා තියන මතකය. මට කලින් සඳහන් කරන්න අමතක උණු තවත් දෙයක් තමයි බැට් මෑන් ගේ හොරෙන් හැංගිලා ඉදලා ඇහුම් කන් දීමේ හැකියාවත් අපිට හම්බෙලා . අද කතාවේ දී අපිට දැක ගන්න පුළුවන් බ්රුස් ගේ සහජ ගති ගුණයක් වෙන ඝාතක කාරී අදහස ගැන ඇතුලාන්තය. මොකද
• සෙලිනා කයිල් – අපි මේ වෙද්දී දන්නවා සෙලිනා කයිල් බළලුන්ට ආදරෙයි, නගරයේ විදී වලින් පැනලා දුවන්න පුළුවන්, ගොගල්ස් දෙකක් තියනවා (මේක පලවෙනි එකේ දී කියන්න බැරි උණා), කැට් කියලා කතා කරනවාට කැමති, හොරකම් කරන්න දක්ෂයි, නිය පහුරු වලින් සටන් කරන්න පුළුවන්. මේවා සේරම අපි දන්න කැට් වුමන් ගේ ලක්ෂණ. මේ ගොඩට අද එකතු වෙනවා අදුරේ පේනවා කියන කාරණය ත්
• ඔස්වල්ඩ් – අපි ඔස්වල්ඩ් සහ කුඩය ගැන දැක්කා, ඒ වගේම පෙන්ගුවින් කියන නම වැටෙන්න හේතුවක් උණු ඇවිදීම ගැන දන්නවා. ඒ ගොඩට එකතු වෙනවා තව දෙයක් තමයි පෙන්ගුවින් ගේ කෑම රුචිකත්වය. කොමික් ලෝකේ පෙන්ගුවින් කියන්නේ තරබාරු කෙනෙක්. අපි දන්න ඔස්වල්ඩ් කෙට්ටු කෙනෙක්. ඒ හින්දා කෙට්ටු හාදයා මහත් කරලා ගන්න වෙනවා. ඒ වගේම තමයි ඔස්වල්ඩ් ඉල්ලන්නේ ටුනා සැන්ඩ්විච් එකක්. අපි දන්න පෙන්ගුවින් මාළු කන්න කෑදරයි (#1 පින්තුරය).
අන්තිමට අපි බලමු කතාව ඇතුලේ හැංගිලා තියන කාරනා මොනවාද කියලා.
• ගිය සතියේ වගේම මේ සතියේ ත් අපිට ප්‍රොෆෙසර් ෆිග් ගේ සංකේතයක් දකින්න හම්බෙනවා. ඒ තමයි බැලුන් මෑන් මුලින් ම දාගෙන එන වෙස් මුණ (#2 පින්තුරය)
• ක්‍රැන්ස්ටන් හෙවත් shadow ගේ ඇදුම තමයි ස්කාර්ෆ් එකයි ෆෙඩෝරා එකයි (#3 පින්තුරය). ක්‍රැන්ස්ටන් මරන්න එද්දී බැලුන් මෑන් ඇදගෙන එන්නෙත් එහෙමයි (#4 පින්තුරය)
• කතාවේ එක තැනක දී රහස් පරීක්ෂක අල්වාරෙස් කියලා සඳහනක් එනවා. මට මතක විදිහට කාඩිනල් කුයින් ඝාතනය වෙලාවේ. බැට් මෑන් කොමික් වල ගෝතම් පොලිසියේ ඉන්නවා Carlos Alvarez කියලා කෙනෙක්. මේ දෙන්නා එක්කෙනෙක් වෙන්න ඉඩ තියනවා.
• අන්තිමට කතාවේ හැංගිලා තියන ජෝකර් ඊස්ටර් එග් එක. මේක නම් ටිකක් පැටලිලි සහගතයි. ඒත් ගොඩක් අයට අනුව නම් ජෝකර් ඊස්ටර් එග් එක හැංගිලා තියන්නේ රුපවාහිනී වාර්තා වැඩසටහන අතර තුර. එතන පිටිපස්සේ ඉදන් මුණ ඇද කරන කෙනෙක් ඉන්නවා (#5 පින්තුරය)

1469758_1523023901313950_8940773841184029991_n

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434)

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *