කොමික්වගතුගසියල්ල

Stan Lee’s Cameos

මාවෙල් රසිකයන් සුපිරි විරයන්ටත් වඩා වැඩි පුරම කැමති චරිතයක් තමයි ස්ටෑන් ලී කියන්නේ. මාවෙල් සමාගම විසින් ඉදිරිපත් කරපු බහුතරයක් චරිත නිර්මාණය වුනේ ස්ටෑන් ලී මහත්තයාගේ අතින්. මේ කොමික් චරිත පස්සේ ෆිල්ම් විදිහට එකතු උණාට පස්සේ ස්ටෑන් ලී මහත්තයාට ගෞරවයක් විදිහට ඒ ෆිල්ම් එකේ සැඟවුණු චරිතයක් එහෙමත් නැතිනම් cameo එකක් දෙනවා. ගොඩක් අය මේ කාරණය දන්නවා උණාට අපේ පේජ් එකෙන් කතා කෙරුවේ නැතිනම් මේක ලොකු අඩු පාඩුවක් වෙනවා. වැඩි විස්තර කතා කරන්න දෙයක් නෑ අපි බලමු මේ ලිස්ට් එක පොඩ්ඩක්

1) The Trial of The Incredible Hulk
2) X-Men
3) Spider-Man
4) Daredevil
5) Hulk
6) Spider-Man 2
7) Fantastic Four
8) X-Men: The Last Stand
9) Spider-Man 3
10) Fantastic Four: Rise of the Silver Surfer
11) Iron Man
12) The Incredible Hulk
13) Iron Man 2
14) Thor
15) Captain America: The First Avengers
16) The Avengers
17) The Amazing Spider-Man
18) Iron Man 3
19) Thor: The Dark World
20) Agents of S.H.I.E.L.D., Season One
21) Captain America: The Winter Soldier
22) The Amazing Spider-Man 2
23) Guardians of the Galaxy
24) Big Hero 6
25) Marvel’s Agent Carter

මෙතනින් Big Hero 6 වල කැමියෝ එක ගොඩක් විශේෂයි. එතන දී ස්ටෑන් ලී ඇනිමේෂන් එකක් විදිහට තමයි එන්නේ.
කට්ටිය ගොඩාක් බලාගෙන හිටියා X-Men, DOFP ඒකෙත් ස්ටෑන් ලී මහත්තයා ඉදියි කියලා. ඒත් එකේ දී නම් ස්ටෑන් ලී මහත්තයා දැක ගන්න හම්බුනේ නෑ. එයාගෙන් ඒ ගැන අහපුවාම කිව්වේ ඒ ෆිල්ම් එක බලපු අයට එලියට ආවට පස්සේ හිතෙනවා ලු මම ස්ටෑන් ලී කැමියෝ එක දැක්කේ නෑ. මඟ ඇරිලා ඇති කියලා ආපහු බලනවා ලු. දෙපාරක් බලන හින්දා වැඩිපුර ආදයමයක් ගන්න පුළුවන් ලු.

මේ ස්ටෑන් ලී ගේ චරිතය ගැන ප්‍රධාන මත දෙකක් තියනවා. එකක් තමයි මේ සේරගේම ස්ටෑන් ලී මහත්තයා ඉන්නේ Uatu the Watcher කියන චරිතය කියන එක (#26). ඒත් කොමික් වලට අනුව නම් මේ චරිතය කරන්නේ අපේ ක්‍රියා කාරකම් බලාගෙන ඉන්න එක. මොනම විදිහකින් වත් මැදිහත් වෙන්නේ නෑ. ඒත් ස්ටෑන් ලී කැමියෝ වලදී පොඩි පොඩි මැදිහත් වීම් වෙනවා. අනික මේ ළඟ දී ආපු පෙරළි කාර මතයකට අනුව මාවෙල් ෆිල්ම් බලන, කොමික් කියවන අපි තමයි ලු Watcher ලා වෙන්නේ. මොකද අපිට කිසිම ආකරයකින් මැදිහත් වෙන්න බෑ සිද්ද වෙන සිදුවීම් වලට. ඒත් අපි ඕනා කමින් මේ දිහා බලාගෙන ඉන්නවා.

ඒ හින්දා දැන් පිළිගන්න මතය තමයි ස්ටෑන් ලී මහත්තයා මේ නිරුපනය කරන්නේ One-Above-All කියන චරිතය කියන එක (#27). මෙයා තමයි සියල්ලේම නිර්මාර්තෘ සහ සියල්ලගේම පැවැත්ම තීරණය කරන කෙනා. ඉතින් මාවෙල් කොමික් වලට අනුව නම් මේ චරිතය ස්ටෑන් ලී මහත්තයාට හැර වෙන කාටවත් ගැලපෙන්නේ නෑ තමයි.
මේ චරිත වලින් වැඩි හරියක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

https://movies.yahoo.com/video/every-stan-lee-marvel-movie-231207827.html

#‎Amadeus_chO‬

10985521_1553108401638833_372179019629619391_n

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *