Simmba | සිම්බා චිත්‍රපටය සාර්ථක ගමනක…
මේ දිනවල ඇති සාර්ථක ගමනක නිරතවෙමින් සිටින දැවැන්ත සිනමා සිතුවමක් ගැන කතා කරන්නයි මේ අද මංසලට ගොඩවන්නේ. 2018 වසරේ හොඳම ආරම්භය ලෙසින් එක් දිනකින් ඉන්දියානු රුපියල් කෝටි 20කටත් වැඩි මුදල් කන්දරාවකින් සාර්ථක ගමනක පලමු පියවර ඇරඹු මෙම චිත්‍රපටිය සිනමා විචාරකයින්ගේ ධනාත්මක ප්‍රසාදය සමගින් IMDB 6.5/10 ක අගයක් ගැනීමට මේ වෙද්දී සමත් වෙලා තියෙනවා.
ඉන්දියානු රුපියල් කෝටි අසූවක බජට් එකකින් නිමවූ මෙම චිත්‍රපටය මේ වනවිටත් නොදැවී ඉන්දියානු රුපියල් කෝටි 377 ක දැවැන්ත ආදායමක් ලබා බ්ලොක්බස්ටර් ගොන්නට එකතුවන්නට සමත් වී තිබෙනවා.
රෝහිත් ශෙට්ටි අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය රෝහිත් ශෙට්ටිගේ පිට පිටම කෝටි 100 ආදායම ඉක්මවූ 8 වන චිත්‍රපටය බවට පත්වන්නට සමත් වන අතර එම වසරේ වැඩිම ආදායම් ලැබූ හින්දි චිත්‍රපට ගොන්න අතරට රන්වීර් සිංගේ නම දෙවන වතාවටත් රැගෙන යන්නට මේ චිත්‍රපටය සමත් වනවා.
රන්වීර් සිං සමගින් මේ සඳහා රංගන දායකත්වය එකතු කරලා තියෙන්නේ සයිෆ් අලි කාන්ගේ දූ සිඟිත්ත සාරා අලි කාන්, ඒ වගේම සෝනු සූඩ් Ashutosh Rana Siddhartha Jadhav ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක්.
ඒ වගේම ආරාධිත රංගනයන්ගෙන් අජේ දේව්ගන් සහ අක්ශේ කුමාර් මේ සඳහා එක්ව තිබෙන අතර තවත් ජනප්‍රිය නළු නිලියන් කිහිපයක් මේ සඳහා ආරාධිත රංගනයෙන් එක්වනවා. රන්වීර් සිං මේ චිත්‍රපටියේ දූෂිත පොලිස් නිලධාරියෙකු ලෙසින් රංගනයේ නිරත වන අතර මේ චිත්‍රපටය NTR රඟපෑ Temper 2015 චිත්‍රපටයේ රීමේක් එකක්ද වනවා.

ඉතින් නුදුරු අනාගතයේම පැමිණෙන හොඳ පිටපතක් සඳහා හැකි ඉක්මනින් උපසිරැසි ගන්වා ගෙනෙන බලාපොරොත්තුව ඔබ මත ඉතිරි කරමින් අදට මා සමුගන්නවා. ඊට කලින් මතක් කරන්න ඕන අපගේ මව් අඩවියේ සිම්බා චිත්‍රපටය වෙනුවෙන් ඔබ කැමතිම උපසිරසිකරුවා තේරීමේ මනාප විමසීමෙන් මා හට වැඩිම මනාප එක් කරමින් එහි වගකීම මා හට පවරා තිබෙනවා. ඉතින් බයිස්කෝප් සිංහලෙන් එක්ක රැඳිලා ඉන්න සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තුතිය මේ වෙලාවේ පිරිනමන ගමන් ඔබ තබා ඇති ඒ විශ්වාසයට උපරිම වගකීමෙන් කැප වෙන පොරොන්දුව තබමින් අදට මා සමුගන්නවා.
ඒ වගේම පහලින් ඔබට නරඹන්න පුළුවන් අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයා උපසිරැසි ගැන්වූ පූර්ව ප්‍රචාරක පටය. ඉතින් දිගටම රැඳෙන්න කියා ඉල්ලමින් මං අදට විසි වෙනවා. සැමට ජයෙන් ජය…!!!