පුවත්වගතුගසියල්ලහින්දි

Super 30 | රිතික් රෝෂන් ආයෙත් රිදී තිරයේ..

මේ එන්නේ තවත් සුපිරි බඩ්ඩක් ගැන පූර්ව දැනුම් දීමක් කරගෙන යන්න. රිතික් රෝෂන්ගේ කාබිල් චිත්‍රපටියෙන් පස්සේ ආයේ රිතික්ගේ එකක් කවදා එයිද, කවදා එයිද කියල බලාගෙන සිටි රිතික්ගේ ආදරණිය ප්‍රේක්ෂකයින්හට ඔන්න සුභ ආරංචියක්. රිතික් රෝෂන්ගේ මීළඟ චිත්‍රපටිය Super 30 2019 තිරගතවන දිනය පහුගියදා නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.
ඉහත පෝස්ටර් එකේ තිබෙන පරිදි ජනවාරි 25 දින තිරගතවීම ආරම්භ කිරීමට නියමිතව තිබු ඉහත චිත්‍රපටිය මේ වසරේ ජූලි 29 වන දින දක්වා තිරගතවන දිනය කල් යවන්නට Super 30 නිෂ්පාදන කණ්ඩායම තීරණය කරනු ලබනවා.
ගණිතඥයෙකු පිලිබඳ ගෙතුණු කතාවක් සමගින් ගොඩනැගෙන මේ චිත්‍රපටිය සඳහා සීරෝ චිත්‍රපටියේ සංගීතය නිර්මාණය කල අජේ-රතුල් විසින් තමයි සංගීතය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ.
රිතික් සමගින් මුර්නාල් තාකුර් රංගනයේ නිරතවෙන මේ චිත්‍රපටිය පිලිබන තවදුරටත් තොරතුරු ඔබ හා බෙදාහදාගන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.


ඉතින් එහෙනම් දිගටම රැඳී ඉන්න සිනමාවේ නෙක තතු සොයා යන බයිස්කෝප් මංසල සමගින්. සිනමාවේ වෙන දේවල් විස්තරාත්මකව ඔබ හා බෙදාහදාගන්න අප කණ්ඩායම නිරතුරුවම සූදානමින් ඉන්නවා.
ඉතින් එහෙනම් ආයෙත් ඉක්මනට හමුවෙන බලාපොරොත්තුවෙන් මං අදට විසි වෙනවා..
සැමට ජයෙන් ජය!!!!

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *